තේකොළ ටින් 12ක සඟවා වැහිලිහිනි කූඩු කිලෝ පහක් චීනයේ ගුවන්ෂෝ වෙත ගෙන යෑමට තැත් කළ චීන ජාතිකයකු (44) සැකපිට අත්අඩංගුවට ගත් බව රේගුව කියයි.
ඒවායේ වටිනාකම රුපියල් ලක්ෂ විස්සක් පමණ වෙතියි රේගුව පවසයි.
චීනයේ සුප් වර්ගයක් සෑදීමට වැහිලිහිනි කූඩු ගන්නා බව කියති.
ලංකාවේ වැහිලිහිනි කූඩු කිලෝවක් රුපියල් ලක්ෂ හතරක් පමණ වන අතර එය විදේශ රටවලදී කිලෝවක් ඩොලර් දස දහසකට පමණ (රුපියල් 1320000) පමණ අලෙවි කරන බව පැවසේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චීන්නුන්ව වඩම්ම ගන්නකොට වාසි පැත්ත විතරනේ අපේ කට්ටිය බලන්නේ. අවාසි පැත්ත තේරෙනකොට පෙරහැර ගිහිල්ලා. (නදී)
කැලෑවල විනාශ වෙලා යන වැහැ ලිහිණි කූඩු රට යවන ව්‍යාපෘතියක් පටන් ගත්තොත් කෝටි ගනන් සල්ලි හොයන්න පුලුවන් (නදී)
මෙයාව පෙන්නන්න තිබුනේ චීන ජනාධිපති තුමාට. (ස)
රටේ අධ්‍යාපනයට අරක් ගත්ත කුම්භාණ්ඩ යෙකුත් කලකට ඉහතදී හොර රහසේ වැහි ලිහිණි කූඩු පිට රට යවා හොඳට හම්බ කළා. (නදී)