
(අංජුල මහික වීරරත්න)
තාක්ෂණික දෝෂය නිවැරදි කර රජය ඥානසාර හිමියන්ට පූර්ණ ජනපති සමාවක් ලබා දිය යුතු බව ඒකාබද්ධ විපක්ෂයේ කැඳවුම්කරු මහාචාර්ය ජී. එල් පීරිස් මහතා මාධ්ය හමුවකදී පැවසීය.
එම සමාව ප්රදානය කිරීම සඳහා ජනපතිට පූර්ණ බලය තිබෙන බවද ජී.එල් පීරිස් මහතා කීය.
කොළඹ මල් පාර දේශපාලන කාර්යාලයේ පැවති මාධ්ය හමුව අමතමින් ජී.එල් පීරිස් මහතා මෙසේද සඳහන් කළේය.
දැන් අපේ ප්රධාන මාතෘකාව තමයි, ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේගේ සමාවදීම පිළිබඳ ගැටළුව. උන්වහන්සේට හිටපු ජනාධිපති මෛත්රීපාල සිරිසේන ජනාධිපතිතුමා සමාව ලබා දුන්නා.
ඒ පියවර එතුමා ගත්තේ මේ රටේ මහානායක ස්වාමීන් වහන්සේලාගේ, අනුනායක ස්වාමීන් වහන්සේලාගේ, මේ රටේ මහා සංඝයාගේ ඉල්ලීම පරිදිය. ඒකට ප්රතිචාරයක් දක්වමින් තමයි මෛත්රීපාල සිරිසේන ජනාධිපතිතුමා ගලගොඩඅත්තේ ඥානසාර ස්වාමීන් වහන්සේට සමාව ලබා දුන්නේ.
ජනාධිපතිවරයාට පැහැදිලි චේතනාවක් තිබුණා. පැහැදිලි අධිෂ්ඨානයක් තිබුණා එම සමාව ලබාදීමට. එතුමා සියලු කරුණු සලකා බලා ඥානසාර ස්වාමීන් වහන්සේට ඒ සමාව ලබා දුන්නා.
නමුත් වර්තමාන ආණ්ඩුව එම කාරණාව නැවත කරළියට ගෙනත් උන් වහන්සේව නැවත බන්ධනාගාර ගත කර තිබෙනවා. එම තීන්දුවේ තාක්ෂණික දෝෂයක් තිබෙන බව පවසමින්.
ඒ තාක්ෂණික දෝශය සිරිසේන ජනාධිපතිතුමාගේ වරදක් නෙමෙයි, ඒ ජනාධිපති කාර්යාලය විසින් කෙරුණු පටිපාටගත තාක්ෂණික දෝෂයක්. එවැනි දෝෂයක් පිළිබඳ කිසිසේත් වගකීම පවරන්න පුළුවන්කමක් නෑ, ඒ සමාව ලබපු පුද්ගලයාට යනුවෙන් ද ජී.එල් පීරිස් මහතා පැවැසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd