තල්පේ පදිංචි නිවන්ත තත්සර (6), රෂ්මික මධුෂාන් (11 ) නැමැති අසල්වැසි මිතුරන් දෙදෙනකු තල්පේ පනන්දූව අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී රජරට රැජණ දුම්රියේ හැපී මිය ගිය බව පොලීසිය කියයි. රෂ්මිකගේ රට සිටිනා මව එවූ මුදලින් ඔහුගේ සීයා අද ගෙනැවිත් දුන් බයිසිකලයෙන් යද්දී මෙම අනතුර සිදුවී ඇත.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පව් කිය කියා අඩන එක විතරයි අපිට තියෙන්නේ . මේවට පිළියම් තවම නෑ.. ඒ වුණාට චන්ද්‍රිකානම් යවනවා (ස)
අසරණ ළමයි ආණ්ඩුව වගකීමෙන් කටයුතු කරන්නැති නිසානේ මේ ඔක්කොම (අ)
අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයට උණබම්බු ගේටුවක් දාන්න වත්කමක් නැත්ද රටට?(ස)
හරිම දුකයි!. අහිංසක දරුවන්ගේ ජීවිත මිල කරන්න බෑ. එත් බසිකලය මිල කරන්න් පුළුවන්. උණගහක් රු200 යි. (ස)
මෙවන් අකල් මරණයක් නොවේවා .......(ස)
අහිංසක දරුවන්ට නිවන් සුවය පතමු. එත් එක්කම කිව යුතු දෙයක් ඇත. මෙවැනි අනාරක්ෂිත දුම්රිය හරස් මං වලට උනබම්බු ගේට්ටු සවිකිරීමට වත් දෙපාර්තමේන්තුවට සල්ලි නැතිව තිබියදී තමයි බිලියන ගණනින් පාඩු ලබන මිහින් ලංකා එකට කුලී පදනම මත තව තවත් යානා ගෙන්වන්නේ, (ඒ ගෙන්වපු ඒවායින් එන ආදායම එහි බදු මුදලට වත් ප්‍රමාණවත් නැත) චන්ද්‍රිකා මෙහෙයුම් මධ්‍යස්ථාන හදන්න කොටි ගණන් වියදම් කරන්නේ. රටේ දියුණුව තියෙන්නේ ඉහල ආකාසේ කියා හිතන මෝඩ දේශප්‍රේමීන්ට ඕවා හරි ලොකුයි . මෙහෙ පොලවේ පොඩි උන් මැරෙන්නේ තිබිය යුතු අවම පහසුකම් නැතිවයි (දී)
අනවශ්‍ය ලෙස වියදම් කරන මුදල් නවත්තලා ඒ මුදල් වලින් දුම්රිය ගේට්ටු දාන්න (දී)
දෛවයේ සරදම් (දී)
අම්මා කොහොම ඉවසන්නද ? (ස)
දෛවය කියන්නේ මෙන්න මේකට තමයි (දී)
ගොඩක් දුකයි..ආරක්ෂාව වැඩි කරොත් හොඳයි නේද ? (ස)
පව්...වෙලාව තමයි (ස)
කනගාටුයි
රේස්වලට පාරවල් කාර්පට් කරන්න සල්ලි තියෙන, රොකට් යවන්න සල්ලි තියෙන අපේ රටේ, රේල් පාරකට ගේට්ටුවක් දාන්න සල්ලි නෑ. (ස)
ඇත්තටම දුකයි මට (දී)
වගකීමෙන් තොර වීම තමයි මේ මරණයට හේතුව (දී)
මම කියන්නේ අපරාදේ ව්යදම් කරන සල්ලි නවත්තලා ආරක්‍ෂිත ගේට්ටු දාන්න (දී)
කවුද දැන් මේ මරණයට වග කියන්නේ (දී)
ළමයි හරියට බලාගන්න කෙනෙක් නැති වුණාම මෙවැනි අකල් මරණ සිදුවේවා (ස)
අනේ කාලේ , වනේ වාසේ (ස)
පව් දෙමාපියන්ට කොච්චර දුක ඇත්ද? (ත)
පව් අහිංසකයා. අර අම්මාට කොච්චර දුක ඇත්ද? යළි හොද තැනක ඉපදේවා කියා ප්‍රාර්ථනා කරනවා. (ත)