IMG-LOGO

2024 ඔක්තෝබර් මස 10 වන බ්‍රහස්පතින්දා


තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ගයි

පහ ශ්‍රේණියේ ශිෂ්‍යත්ව විභාගයෙන් ලකුණු 196 ක් ලබා ඉහළින්ම සමත්වූ අංජලී උපේක්ෂා මධුවන්ති රත්නායක තලාතුඔය කනිටු විදුහලේ ශිෂ්‍යාවට ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයේදී අද තෑගි බෝග පිරිනැමිණි. මේ ශිෂ්‍යාව ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලයට කැඳවීමට මුල්වූයේ රිච්මන්ඩ් විදුහලේ කිසර සදලුක කොඩිතුවක්කු ශිෂ්‍යයා ද ලකුණු 196 ක් ලබා මධුවන්ති සමග සම තත්තවයට පැමිණීමයි. රිච්මන්ඩ් ආදි ශිෂ්‍ය සංගමය සිය අධ්‍යාපනයෙන් විශිෂ්ඨයන් වන සිය පාසල් සිසුන්ට පිරිනමන රුපියල් ලක්ෂයක මුදල කිසරගේ සහ ඔහුගේ දෙමාපියන්ගේ ද අදහසකට අනුව තලාතුඔය ශිෂ්‍යාවට පිරිනැමීය. රිච්මන්ඩ් විදුහලේ සහෝදර පාසලක් වන මහින්ද විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය ද මේ සිසුවියගේ සරසවි අධ්‍යාපනය අවසන්වනතුරු ශිෂ්‍යත්වයක් ද පිරිනැමීය. නිදහස් අධ්‍යාපනයේ පියා ලෙස සැළකෙන රිච්මන්ඩ් ආදි ශිෂ්‍ය ආචාර්ය සී.ඩබ්ලිව්.ඩබ්ලිව්.කන්නන්ගර මහතා අනුස්මරණය කරමින් පැවැති උත්සවයක් අතරතුර මෙම ත්‍යාග ප්‍රධානය කැරිණි. මහාචාර්ය ටී.කේ.එන්.පී. ද සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන්, දකුණු පළාත් ප්‍රධාන අමාත්‍ය ශාන් විජයලාල් ද සිල්වා මහතාගේ සහභාගීත්වයෙන් පැවැති මෙම උත්සවය සඳහා රිච්මන්ඩ් විදුහල්පති කර්නල් ඊ.එම්.එස්.ඒකනායක මහතා තලාතුඔය කනිටු විදුහලේ විදුහල්පති වයි.එම්.ඒ.ජී.මුතුබණ්ඩා මහතා ඇත්‍රුඑ විශාල පිරිසක් සහභාගී වී සිටිති.



අදහස් (0)

තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ගයි

පතිරණ Friday, 12 October 2012 02:53 PM

අති විශිෂ්ටයී! සියලු දේශපාලකයින්ට මෙය ලොකු ආදර්ශයක්! (ස)

:       0       0

ඉන්ද්‍රජිත් Saturday, 13 October 2012 11:43 AM

කිසර පුතේ, ඔබත් ඔබ යහමග යැවූ උතුම් දෙමාපියන්වත් ඉමහත් ගෞරවයෙන් අගය කරනවා. ඔබ ලොකු මහත් වූ දවසක මේ රටේ දහස් ගණන් සිසු සිසුවියන් පෙලන අධ්‍යාපනයේ සම්පත් බෙදී යාමේ විෂමතාව දුරලීමට ඔබෙන් මීටත් වඩා මෙහෙයක් ඉටු වෙතයි සිතමි. ඒ වගේම මහින්ද විදුහලත් තම සදාකාලික සහෝදර ප්‍රතිවාදියාගේ ජයග්‍රහණයේදී එක්වීමත්, අංජලී දුවණිය කෙරෙහි දක්වූ අනුග්‍රහයත් ගැන ආදී මහින්දීයයෙක් ලෙස ආඩම්බරයි. ඊළඟ වතාවේ ජය ලබන දරුවා ඩිස්නිලන්තයේ යැවීමට වඩා, පළාත තුල සම්පත් අහිමි පාසල් නගාසිටුවා තවත් ජයග්‍රාහකයින් බිහි කිරීමට ප්‍රඥාව පහල වේවා.! (ස)

:       0       0

රසික Friday, 12 October 2012 02:57 PM

බලන්න මගේ යාළුවනේ මෙයාගේ තියෙන පින් පාට. ඔයා‍ට දළඳා සමිදු පිහිටයි පුතා (ස)

:       0       0

ඒකනායක Friday, 12 October 2012 03:05 PM

සුබ පතනවා දෙන්නාටම (ස)

:       0       0

ලක්මාල් Friday, 12 October 2012 03:06 PM

අන්න ඒකයි රිච්මන්ඩ්ලාගේ වෙනස. (නි)

:       0       0

ජයී තිසර Friday, 12 October 2012 03:10 PM

කැලයට පිපුන මලකට පර වෙන්න නොදී රැකගෙන තිබෙන හැටි පැසසුම් කරල මදී අනෙකුගෙ දුගී බාවය හද තුලට වැදී උත්තම තෑග්ගක් රිච්මන්ඩ් වෙතින් ලදී (ස)

:       0       0

රුක්ෂලා Friday, 12 October 2012 03:06 PM

පුතේ ඔයා ගොඩක් වටිනා දෙයක් ඔයාගේ මේ පොඩි වයසට කරේ.... ඔයාට තෙරුවන් සරණයි (ස)

:       0       0

රුක්ෂලා Friday, 12 October 2012 03:13 PM

පුතේ, ඔයාගේ ජීවිතයේ මේ පොඩි වයසෙදි ඔයා කළේ හුගක් වටින දෙයක්. තෙරුවන් සරණයි ඔයාට. (නි)

:       0       0

අමරා අයිරංගනී Friday, 12 October 2012 09:41 PM

ඇති හැකි අය දුප්පත් අයට උදව් කිරීම යුතුතකකි.. ඔබසැමට ජය වේවා..!(නු)

:       0       0

නිර්මාල් Friday, 12 October 2012 09:39 PM

විශිෂ්ටයි මල්ලී! ඔයාගේ අම්මා තාත්තා ලොකු හදවත් ඇති මිනිස්සු වෙන්න ඕනෑ. දෙන්නටම ලස්සන අනාගතයක් ප්‍රාර්ථනා කරනවා! රිච්මන්ඩ් අම්මා ආඩම්බර වෙන විදියට ඉදිරි වැඩ කටයුතු කරන්න. (බඩ ගැන හිතන,බලාගෙන හිටපු අයට නම් අමාරු වෙන්න ඇති. (නි)

:       0       0

සමිත් Friday, 12 October 2012 03:13 PM

උතුම් පුතෙක් සහ දෙමවුපියන්. දියණියට සහ පුතාට යන දෙදෙනාටම තෙරුවන් සරණයි!

:       0       0

විතාන චන්ද්‍රසේන Sunday, 14 September 2014 05:18 AM

මේ දියනිය අධ්‍යාපනය ලබන්නේ මා අධ්‍යාපනය ලැබු පාසලේයි. මෙවන් දරුවන් මුළු ලොවටම ආදර්ශයක් (නදී)

:       0       0

විතාන චන්ද්‍රදාස Sunday, 14 September 2014 05:18 AM

මම අධ්‍යාපනය පටන්ගත්තේ තලාතු ඔය කනිටු විදුහලෙන්. මෙවැනි දු පුතුන් වාසනාවන් මගේ රටට (නදී)

:       0       0

නිරාන් Saturday, 13 October 2012 12:40 PM

මගේ දෙනෙතට කදුලු ආවා. ඔයාට රත්තරන් අනාගතයක්. (නි)

:       0       0

චමිලා Friday, 12 October 2012 03:18 PM

ඉතාමත් විශිෂ්ඨ වැඩක්. අපි දෙන්නාගේම අනාගතය සාර්ථක වේවායැයි සුබ පතනවා. (නි)

:       0       0

රත්න Saturday, 13 October 2012 12:49 PM

පුතේ , දුවේ ඔබ දෙපලට සුබ අනාගතයක් (ස)

:       0       0

සචිත් Friday, 12 October 2012 10:08 PM

කන්නන්ගරවරුන් බිහි වූ පින්බිමට දැන් පින්බර පුතුන් ජය බබලයි ලොවට දුන්නෙන් පෙර පිනෙන් ලද දෙය අනුන්හට කන්නන්ගර පුතුන් බව සිහිවුණි සැමට... ප.ලි. නිදහස් අධ්‍යාපනයේ පියා රිච්මන්ඩ් විද්‍යාලයේ කීර්තිමත් ආදි ශිෂ්‍යයෙකි. (නි)

:       0       0

ලලිත් - කටාර් Saturday, 13 October 2012 06:46 PM

වල්වැදුණූ අපේ රට යහමගට ගැනීමට ඔබ වැනි ගුණගරුක දරුවන් අවශ්‍යයි. (නි)

:       0       0

ලලිත් - කටාර් Saturday, 13 October 2012 06:43 PM

ඇයි මෙහෙම වැඩවලට දේශපාලනය ගාවගන්නේ? (නි)

:       0       0

චන්ද්‍රසිරි Friday, 12 October 2012 03:44 PM

පුතා ඕයා හරිම වාසනාවන්තයි.හොඳ දෙමව්පියෝ , හොඳ ගුරුවරු ,හොඳ ආධි ශිෂ්‍ය‍යෝ (ස)

:       0       0

සුරංග Friday, 12 October 2012 03:47 PM

නියම වැඩක්. (නි)

:       0       0

හේමන්ත Friday, 12 October 2012 03:57 PM

පෙම්බර රිච්මන්ඩ් මෑණියණේ ගයෙනෙමු ඔබෙ ගුණ භක්තියෙනී ඔබ සේ යා අප හදෙහි රැදී !!! පුන්සඳ විලස දිලේ !!! මම රිච්මන්ඩ් නෙමෙයි....මගේ අයියා රිච්මන්ඩ් ..එයාගේ විදුහල් ගීතය මට තාම මතකයි..අපි පාසලෙන් ඉවත් වුණේ 1976 දී (ස)

:       0       0

එරංග Monday, 15 October 2012 01:55 PM

කතාව ඇත්ත

:       0       0

අනුර Friday, 12 October 2012 10:54 PM

විශිෂ්ටයි.. ඔබ වැනි අය මගේ පාසලටත් සම්පතකි..!(නු)

:       0       0

දමිත් Monday, 15 October 2012 02:09 PM

අයියෝ සල්ලි

:       0       0

චරිත Friday, 12 October 2012 04:14 PM

හොර බොරු නැති ඇද කුද නැති අත්හි යුත්තේ හි අතේ රිච්මන්ඩ් පොඩ්ඩෝ.... ආදරණීය මල්ලි මේ කවිය ඔබට පාඩම් ඇතයි සිතමි. අපි පොඩි කාලේ ඉදන් හැදෙන්නේ වැඩෙන්නේ මේ කවිය එක්ක. ඔබ අපිට ආඩම්බරයක්. ජයෙන් ජයම වේවා !!! මේ ගෞරවය විදුහල්පතිතුමා ඇතුලු සියලු ගුරු මෑනිවරු පියවරුන්ට ද අත් වේවා! නුඹ වන් පුතෙක් ලද මවක් නිවුනා වේ. ඔබවන් පුතෙක් ලද පියෙක් නිවුනා වේ. සදා ජය! (නි)

:       0       0

ජයසිංහ රංජනි Tuesday, 16 October 2012 11:35 PM

බෙදා හදාගෙන කෑමේ හෙළයාගේ උතුම් ගුණාංගයෙන් හෙබි පොඩිහිටියා රටටම ආඩම්බරයකි. (නි)

:       0       0

ජයසිංහ රංජනි Tuesday, 16 October 2012 11:37 PM

මගේ දෙනෙතට කදුලු ආවා. ඔයාට රත්තරන් අනාගතයක්(දී)

:       0       0

දුමින්ද Friday, 12 October 2012 04:26 PM

පුලුවන් නම් තලාතුඔය දුවගේ ලිපිනය හෝ දුරකතන අංකය පළ කරන්න. ලොකු උදවුවක්. (නි)

:       0       0

ශෂිමාල් Friday, 12 October 2012 12:11 PM

ඉතාමත් විශිෂ්ඨ වැඩක්. අපි දෙන්නාගේම අනාගතය සාර්ථක වේවායැයි සුබ පතනවා. (ස)

:       0       0

ඔස්ටින් Saturday, 13 October 2012 12:29 AM

නියමයි පුතා. මේ රිච්මන්ඩ් ආභාෂයයි. (නි)

:       0       0

සංජය Friday, 12 October 2012 12:27 PM

හොද වැඩක්. (නි)

:       0       0

සමන් Friday, 12 October 2012 12:29 PM

රිච්මන්ඩ් කිවුවොත් කොහේගියත් හොද වැඩක් තමයි. (නි)

:       0       0

සුරංග Monday, 15 October 2012 09:41 AM

සන්තෝසයි

:       0       0

බන්දු Friday, 12 October 2012 12:29 PM

යහගුණ දන්නා පොඩි දරුවන්ට සුභ අනාගතයක්! (නි)

:       0       0

අරෝෂ් Friday, 12 October 2012 12:23 PM

බොහොම හොද ක්‍රියාවක්. සුභ අනාගතයක් ඔබ දෙපළට. (නි)

:       0       0

චන්දිම Thursday, 01 November 2012 07:00 AM

නියමයි පුතා. මේ රිච්මන්ඩ් ආභාෂයයි.රිච්මන්ඩ් අම්මා ආඩම්බර වෙන විදියට ඉදිරි වැඩ කටයුතු කරන්න.ඒ වගේම මහින්ද විදුහලත් තම සදාකාලික හිතිවාදියාගේ ජයග්‍රහණයේදී එක්වීමත්, දැක්වූ අනුග්‍රහයත් ගැනත් ආඩම්බරයි. මෙම දරුවා එම පරිත්‍යාගය සඳහා යොමුකළ ඔහුගේ දෙමාපියන් හා දිරිමත් කළ සියලුදෙනාත් විශිෂ්ට මිනිසුන්. (නි)

:       0       0

ඔසන් සලාම් - දෝහා Friday, 12 October 2012 12:31 PM

දුවේ පුතේ, ඔබ ‍දෙදෙනාටම තෑගි ලැබීම පිළිබදව අපිද මෙහි සිට ඉමහත් සතුටට පත්වන්නෙමු. ඒ වගේම ඔබගේ පාසලෙන්ම අර කකුලෙන් විභාගය ලියා සමත්වූ දැරණියගල රෂ්මි නිමාෂා ශූර දුවටත් තෑගි ලබාදෙන්න පුළුවන් වූවා නම් එහි වටිනාකම කියා නිමකළ නොහැකිව තිබුණා. ඇයද ඔබලා වගේම දක්ෂ සිසුවියකි. කෙසේවෙතත් ඔබ සියල්ලන්ට ඉසුරුමත් අනාගතයකට අපි සුභ පතමු. (නි)

:       0       0

වරුණ Friday, 12 October 2012 12:35 PM

අසනීපෙට ගන්න බෙහෙත් පෙත්තෙනුත් ගසා කන යුගයක ඔබ වැනි පුතෙක් රටේ වගකිය යුතු නායකත්වයට හොද ආදර්ශයක්.. ඔබ දෙදෙනාගේ අනාගතය සාර්ථක වෙන්න කියා පතනවා.!(නු)

:       0       0

රිස්වාන් - සවුදි Friday, 12 October 2012 12:37 PM

ඉතාමත් ආඩම්බරයි.ඇති හැකි අය නැති බැරි අයට උදවු කරමු. (නි)

:       0       0

පාලිත මහින්ද ඉතාලියේ මිලානෝ නගරයේ සිට Saturday, 13 October 2012 01:42 AM

බොහොම හොද විශිෂ්ට ක්‍රියාවක්.අනෙක් දූ පූතූන්ටත් ජය ගැනීමට මෙය ශක්තියක් වනූ නොඅනූමාණයි. සියලුම දූ පූතූන්ට සූභ පතනවා. (නි)

:       0       0

චතුර Friday, 12 October 2012 12:38 PM

ඔබ දෙදෙනාගේ අනාගතය සියලු අයුරින් සාර්ථක වේවා කියලා මම පතනවා. (නි)

:       0       0

රංජිත් Friday, 12 October 2012 12:45 PM

බෙදා හදාගෙන කෑමේ හෙළයාගේ උතුම් ගුණාංගයෙන් හෙබි පොඩිහිටියා රටටම ආඩම්බරයකි! (නි)

:       0       0

අශෝකා Friday, 12 October 2012 12:40 PM

ඔබෙන් ලොවට දෙන්නට හැකි ලොවෙන් නුඹට ගන්නට හැකි මිනිස්කමේ ආදර්ශය! නුඹේ අනාගත ගමනට සුභ පතනෙමි හදවතින්ම!! (නි)

:       0       0

කීර්ති ලියනගේ Saturday, 13 October 2012 02:15 AM

දරුවන්ට තෙරුවන් සරන වේවා...රිච්මන්ඩ් නාමය බැබලේවා...(නු)

:       0       0

බාලදක්ෂ සගරාව Saturday, 13 October 2012 02:13 PM

අපෙන් උණුසුම් සුභ පැතුම්!(ස)

:       0       0

කීර්ති ලියනගේ Saturday, 13 October 2012 02:17 AM

පෙම්බර රිච්මන්ඩ් මෑණියණේ ගයෙනෙමු ඔබෙ ගුණ භක්තියෙනී ඔබ සේ යා අප හදෙහි රැදී !!! පුන්සඳ විලස දිලේ !!!(නු)

:       0       0

කුෂාන් ලක්මාල් Friday, 12 October 2012 05:23 PM

මල්ලි ඔයා කරපු දේ නිසා රිච්මන්ඩ් එකේ ඉගෙන ගත්ත අපටත් ලොකු ආඩම්බරයක් දැනෙනවා..................... ඔය මනුස්සකම හැමදාමත් හිතේ තියාගන්න..............(නු).

:       0       0

ෂෙරීෆ් Friday, 12 October 2012 12:55 PM

විශිෂ්ට හමුවක් .අපෙන් උණුසුම් සුභ පැතුම්! (නි)

:       0       0

ආනන්ද පිටබැද්දර Friday, 12 October 2012 12:58 PM

දක්ෂම දරුවො දෙදෙනෙක් ලෙස මෙහි ඉන්න ලක් මවු තුරුලෙ සැමදා පෙරටම යන්න හෙළ ගතිගුණ උතුම් මේ ලෙස රැක ගන්න තිස් තුන් කෝටියක් දෙවියනි රැක දෙන්න... (නි)

:       0       0

ටිකිරි Friday, 12 October 2012 12:59 PM

හරිම ආඩම්බරයි. හදවතින්ම සුභ පතනවා මේ දෙදෙනාට අත දීම ගැන. (නි)

:       0       0

සන්ජන Friday, 12 October 2012 05:49 PM

මෙතන රිච්මන්ඩ් ගැන විතරක් අදහස් දාපු අයට කියන්න කැමතියි මම. මහින්දෙන් දීපු ලොකුම තෑග්ග ගෑන එකෙක්වත් කතා කරලා නෑ ඒකෙන්ම පෙනවා අද ඉන්න පොඩ්ඩො ඇරෙන්න කලින් ඉදපු අය තේ තරම ගැන..!(නු)

:       0       0

සදා Friday, 12 October 2012 01:03 PM

සියලු දේශපාලකයින් ඉවත් කර දමා මෙම දරුවන් සුරක්ෂිත කරමු. (නි)

:       0       0

ලාල් Friday, 12 October 2012 06:04 PM

උතුම්..!(නු)

:       0       0

සරත් Friday, 12 October 2012 01:24 PM

විශිෂ්ඨයි (ස)

:       0       0

ප්‍රගීත් Sunday, 14 October 2012 05:42 PM

ඔයාට තව තවත් ශක්තිය නුවන ලැබේවා (ස)

:       0       0

චාමික සදරුවන් Friday, 12 October 2012 01:20 PM

ඉතා උතුම් ක්‍රියාවක් ලෙස මෙය දකිනු ලැබුවත් දැරණියගල රෂ්මි නිමාෂා යන සිසුවියගේ දස්කම් අප විමතියට පත් කරන්නට ඇය සමත් වූ අතර ඇයට දිරියක් වීමටද මෙවන් සිසුන් බිහිවුවානම් ලංකාවේ ආශ්චර්යය එය වෙතැයි මාගේ අදහස.... සොයුර ඔබ අප මුලුමහත් ජාතියටම ආඩම්බරයකි... (ස)

:       0       0

සිල්වා Friday, 12 October 2012 01:26 PM

මේක හොඳ වැඩක් . නමුත් ඇයි මේ උත්සවය දේශපාලනීකරණය කරේ ?? (ස)

:       0       0

නුවන් Friday, 12 October 2012 06:42 PM

කිසර සදකැලුම් පුතා සහ දෙමව්පියන් රටටම ආදර්ශයක්.. තෙරුවන් සරණයි..!(නු)

:       0       0

ප්‍රභාත් රුවන්දිකා Friday, 12 October 2012 01:27 PM

විශිෂ්ඨ වැඩක්

:       0       0

ජොහානි Friday, 12 October 2012 01:31 PM

මේ උසස් කර්තව්‍ය ගැන ඉතාමත් සතුටුයි (ස)

:       0       0

දිනේෂ් Friday, 12 October 2012 01:33 PM

අගයකරනවා හදවතින්ම...වැඩිහිටියන්ටත් මනා වූ ආදර්ශයක්,රටේ දක්ෂම පුංචි මල් කැකුළු දෙකක් වූ ඔය දෙන්නට පතනවා අනාගතයේ රටට වැඩදායි රන් කැට දෙකක්ම වේවා!!!!!!! (ස)

:       0       0

ජගත් Friday, 12 October 2012 01:33 PM

මේ වගේ වැදගත් වැඩවලට දේශපාලනය ගාවගන්න එපා (ස)

:       0       0

නලීන් Saturday, 13 October 2012 03:41 PM

මට අඹ යාළුවෝ ටෙලිනාට්‍ය මතක් වුණා (ස)

:       0       0

හිරාන් Saturday, 13 October 2012 09:42 AM

නියම වැඩක් (ස)

:       0       0

සම්පත් ගමගේ Friday, 12 October 2012 07:19 PM

උණුසුම් සුභ පැතුම්!!! රිච්මන්ඩ් විදුහලේ සහෝදර පාසලක් වන මහින්ද විද්‍යාලීය ආදි ශිෂ්‍ය සංගමය ද මේ සිසුවියගේ සරසවි අධ්‍යාපනය අවසන්වනතුරු ශිෂ්‍යත්වයක් ද පිරිනැමීය. මහින්දයේ වීම ගැණ ආඩම්බර වෙමි..!(නු)

:       0       0

සුමන Friday, 12 October 2012 01:46 PM

මනාපයට ගහ මරාගන්න , ඉඩමකට පාරකට අනුමැතිය ගන්න පගාව ගන්න දේශපාලකයින්ටත් මේවා හොඳ ආදර්ශ (ස)

:       0       0

සිල්වා Saturday, 13 October 2012 03:57 PM

මේ වගේ රත්තරන් දූ පුත්තු ගාවට දේශපාලකයෝ කිට්ටුකරන්නවත් එපා. (අ

:       0       0

ජනිත Friday, 12 October 2012 02:02 PM

මුලින්ම මේ දෙන්නටම උණුසුම් සුභ පැතුම්!!! මෙවර 5 ශිෂ්‍යත්වයෙන් ලකුණු 185 ලබාගත් අන්ධ දෙමව්පිය යුවලකගේ දියණිය ඔබට මතක ඇති. මාගේ මතකයේ හැටියට ඇයගේ පාසල සභරගමුව පළාතේ වරකාපොළ මායින් ඔළුව නම් පාසලක්. එම පවුල පියා ලොතරැයි අලෙවියෙන් ලැබෙන සුළු මුදලින් දිවි ගෙවන ආකාරය මාධ්‍ය වාර්ථා වලින් ඔබ දකින්නට ඇති. නමුත් ඒ පිළිබඳව වැඩි අවදානයක් ලැබුනේ නෑ. උදව් කිරීමට කැමති සහෘදයනි... ඒ ගැනත් ඔබගේ අවදානය යොමු වන්නේ නම් මැනවි. ලංකාදීප කණ්ඩායමේද ඇය ගැන අවදානය යොමු වේවායි පතමි. (ස)

:       0       0

රුවන් Friday, 12 October 2012 02:02 PM

හොඳ පුතා (ස)

:       0       0

සිල්වා Friday, 12 October 2012 02:06 PM

නිදහස් අධ්‍යාපනයෙන් ඉගෙනගෙන රටට ලොවට විශිෂ්ට සේවයක් කල උත්තමයෙක් කැඳවා මෙම කාර්යය කලානම් අති විශිෂ්ටයී. කෙසේ වෙතත් මෙම දරුවාට තමා හා සමතැන් ගත් සිසුවියට, තමාට ලැබෙන තෑග්ග පරිත්‍යාග කරමින් දෙන ආදර්ශය මුදල පසුපසම යන වැඩි හරියක් මිනිසුන් සිටින සමාජයට ලොකු ආදර්ශයක්. ඒවගේම මෙම දරුවා එම පරිත්‍යාගය සඳහා යොමුකළ ඔහුගේ දෙමාපියන් හා දිරිමත් කල සියලුදෙනාත් විශිෂ්ට මිනිසුන්.... දරුවනි, ඔබලා දෙන්නටම සුබ පතනවා. (ස)

:       0       0

ෆසිල් Saturday, 13 October 2012 10:32 AM

විශිෂ්ටයි, (ස)

:       0       0

ආනන්ද Friday, 12 October 2012 08:15 PM

ඒ වැඩේ හොදයි

:       0       0

සමන් Friday, 12 October 2012 02:22 PM

රිච්මන්ඩ් පොඩ්ඩො - ගුණ ණැන ඈත්තො..... (ස)

:       0       0

කපිල Sunday, 14 September 2014 03:20 AM

පටු අදහස් වලින් පරිත්‍යාගය/දානය නැමති සත්පුරුෂ ධර්මය දූෂණය නොකර හැමදෙනාම පරිත්‍යාගශීලී වෙමු! දීමෙන් තොරව ලැබීමක් නැත! (අ)

:       0       0

සුමිත් Friday, 12 October 2012 02:31 PM

මගේ පුතේ නුඹ බුදුවේවා (ස)

:       0       0

පවිදු ජයලත් Friday, 12 September 2014 03:59 PM

සරසවි අධ්‍යාපනය අවසන් වනතුරු දීපු ශිෂ්‍යත්වය ගැන කථාවක් නැහැ (නදී)_

:       0       0

සන්ජී Friday, 12 October 2012 02:27 PM

බෙදා හදාගෙන කෑමේ හෙළයාගේ උතුම් ගුණාංගයෙන් හෙබි පොඩිහිටියා රටටම ආඩම්බරයකි! (ස)

:       0       0

මලින්ද Monday, 15 October 2012 12:17 PM

අපි සිසුන් දෙදෙනාටම සුභ පතනවා. (නි)

:       0       0

චානක Friday, 12 October 2012 02:48 PM

එල....එල....එල (ස)

:       0       0

මනෝජ් Friday, 12 October 2012 02:42 PM

හොඳ වැඩක්..අගය කරනවා (ස)

:       0       0

නිමල් Friday, 12 October 2012 02:49 PM

මේ වගේ කාර්යයන් දේශපාලනය ගාවා නොගෙන කරනවා නම් අපි කැමතියි. (නි)

:       0       0

චන්ද්‍ර සෝම හෙට්ටිගේ Friday, 12 October 2012 08:56 PM

ඇත්තටම හරිම සතුටක් දැනෙන්නේ.. පුතා ඔයාටත් දූටත් තෙරුවන් සරණයි..!(නු)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අදින් අවසන්
2024 ඔක්තෝබර් මස 10 42 0

මහමැතිවරණයේ තැපැල් ජන්ද අයදුම්පත් භාර ගැනීම අද (10) මධ්‍යම රාත්‍රී 12 න් අවසන් වන බව මැතිවරණ කොමිෂන් සභාව සදහන් කරයි.


කෝටි 6ක මත් කරල් සමඟ අයෙක් දැලේ
2024 ඔක්තෝබර් මස 10 233 0

පාසල් ළමුන් සහ තරුණ ප්‍රජාව ඉලක්ක කරගනිමින් අලෙවි කිරීමට සුදානම් කළ රුපියල් කෝටි 06ක වටිනාකමක් සහිත නීතිවිරෝධී මත්කරල් 599,000 ක් ජාවාරම් කිරීම සදහා ප්‍ර‍


ශ්‍රී ලංකන් ගුවන් සේවයට නව අධ්‍යක්ෂ මණ්ඩලයක්
2024 ඔක්තෝබර් මස 10 1132 0

ශ්‍රී ලංකන් ගුවන් සේවය සඳහා සාමාජිකයින් අටදෙනෙකුගෙන් යුතු නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත් කර තිබේ.


පළාත් කිහිපයකට මි.මී. 100 ට වැඩි තද වැසි
2024 ඔක්තෝබර් මස 10 167 0

දිවයින ආශ්‍රිත වායුගෝලයේ වර්ධනය වන කැළඹිලි ස්වභාවයක් හේතුවෙන්, දිවයිනේ නිරිත දිග කොටසේ වැසි තත්ත්වයේ තරමක වැඩිවීමක් අද (10) දින සිට ඉදිරි දින කිහිපයේදී


රතන් ටාටා දිවි ගමන අවසන් කරයි
2024 ඔක්තෝබර් මස 10 2900 0

ඉන්දීය ටාටා සමූහ ව්‍යාපාරයේ හිටපු සභාපති රතන් ටාටා දිවි ගමන අවසන් කළේය. ඉන්දීය මාධ්‍ය වාර්තා කළේ මියයනවිට ඔහුගේ වයස 86 ක් බවය.


කණ්ඩලම වැව් ඉස්මත්තේ වන සංහාරයක්
2024 ඔක්තෝබර් මස 10 349 0

ශ්‍රී ලංකා මහවැලි අධිකාරිය මගින් පාලනය කරන කණ්ඩලම ජලාශයේ වම් ඉවුරේ ඉතා රමණීය අසිරිමත් විශාල වන ලැහැබ සහ අක්කර දෙකක පමණ තුරුලතා වියන, ඉදිකරමින් පවතින


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39677 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25800 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 369 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1222 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site