(නිමන්ති රණසිංහ)
රගර් කී‍්‍රඩක මොහොමඩ් වසීම් තාජුඩීන් විසින් භාවිතා කරන ලද ලැප්ටොප් යන්ත‍්‍ර දෙකේ සහ ඩෙක්ස්ටොප් පරිගණකයේ ඇති දත්ත සම්බන්ධයෙන් විශ්ලේෂණ වාර්තාවක් අධිකරණය වෙත ඉදිරිපත් කරන ලෙස කොළඹ අතිරේක මහේස්ත‍්‍රාත් චාන්දනී ඩයස් මහත්මිය රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ සැකකටයුතු ලේඛන පිළිබද පරීක්ෂකවරයා වෙත අද (28) නියෝග කළාය.
මෙම සිද්ධියට අදාළ නඩුව අද (28) අධිකරණය හමුවේ කැදවූ අවස්ථාවේදී ඝාතනය සම්බන්ධයෙන් සාක්කි වසන්කර කුමන්ත‍්‍රණය කළැයි වසරකට අධික කාලයක් රක්ෂිත බන්ධනාගාර ගතව සිට ඉකුත් මැයි 5 වැනි දා ඇප මත මුදාහැරුණු බස්නාහිර පළාත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති ටී. එම්. අනුර සේනානායක, නාරාහේන්පිට පොලීසියේ අපරාධ අංශයේ හිටපු පොලිස් පරීක්ෂක අංගොඩගේ සුමිත් චම්පික පෙරේරා සහ හිටපු අධිකරණ වෛද්‍ය නිලධාරී ආනන්ද සමරසේකර යන මහත්වරුන් ඇප මත සිටිමින් අධිකරණය හමුවේ පෙනී සිටියහ.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්
රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
තාජුඩීන්ගේ පරිගණකයේ දත්ත සම්බන්ධ වාර්තාවක් දෙන්නැයි නියෝග
ජගත් ලියනගේ Wednesday, 28 February 2018 01:42 PM
දේශපාලන කාරයෝ අපිට නාට්‍ය පෙන්නන්න හරි දක්ෂයෝ නේද ?
Senevi Wednesday, 28 February 2018 02:07 PM
මේකට කොදුරු තෙල් හත්පට්ටයම ඕන කරනවා මොන වාර්තා ද නොගත්තේ? වසර 3-4ක් අදිමු වැඩෙන් ගොඩයි.
wasantha Wednesday, 28 February 2018 02:53 PM
මිනීමරු නාට්‍යයක් බලමු අපි. දේශපාලකයෝ විතරද?
parakkrama Wednesday, 28 February 2018 04:28 PM
වැඩේ නම් ගොඩේම ගොඩ වගේ තමයි. අධිකරණයට අපහාසයක් වුනොත් හොඳ නැහැ නේ ? අපිත් අමාරුවේ නේ ? ඒ නිසා කට පියාගෙන බලා ඉඳින එක ඇඟට ගුණයි නේ ? අපට අර ලැබිලා තියෙනවා කියන මොකක්දෝ නිදහස ....... එහෙම එකක් තියෙනවාද ? අනේ මන්දා .
Perera Wednesday, 28 February 2018 05:51 PM
ඕක තව අවුරුදු දෙකක් ඔහොමම එක එක ඒවා කියා කියා ඇදන් ගියාම හරි.
Chanak Los Angeles Thursday, 01 March 2018 04:04 AM
තජුදීන්ගේ සිද්ධියට පරීක්ෂණයක් කරන්න හිටපු පාලකයෝ කර ඇරියා .. මොනතරම් සටනක් කරලාද මේ මිනීමැරුම උසාවිය දක්වා රැගෙන ආවේ ......මොන තරම් බොරු ගෙතුවාද එම පාලකයෝ මේ මිනීමැරුම යටගහන්න ? මොනතරම් සාක්ෂි විනාශ කලාද .. තුච්චම දේ තමයි අධිකරණ වෛද්‍යවරයාගේ භාරයේ තිබුණු තජුදීන්ගේ සිරුරේ අස්ථි කොටස් සැකකරුවන්ගේ වාසිය පිණිස අතුරුදන් කරවීම. මෙය අධිකරණ වෛද්‍යවරයෙකුට කිසිසේත්ම නොගැලපෙන නොකලයුතුම ක්‍රියාවකි .. ලංකාවේ පාලකයන්ගේ මෙහෙයවීමෙන් පමණක් සිදුවෙන සියලුම මිනීමැරුම් , දුෂණ , මංකොල්ලයන් අවසානයේ බැර වෙන්නේ අවිනිශ්චිත ගිණුමටයි .. ඇති පදම් සාක්ෂි තිබිලත් මේ විදියට බොරු ගොත ගොතා ඉදිරියට ඇදගෙන යන්නේ මේ නඩුවටත් එම ආනිසංසයම අත්කර දෙන්නයි ..