IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


තුන් කෝටියක වල්ලා පට්ටා ෂැංහායි නොයයි

රුපියල් දෙකෝටි අසු ලක්ෂයක් වටිනා වල්ලා පට්ටා කැබලි තොගයක් තමන් ගමන් මලූ වල සගවාගෙන චීනයේ ෂැංහායි නුවර බලා යාමට පැමිණි චීන ජාතිකයෝ දෙදෙනෙකු කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී   අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසීය.

සැකකරුවෝ චීනයේ ෂැංහායි නුවර පදිංචි වයස 28 සහ 35 වියේ පසුවන ෂැම්පු නිෂ්පාදන ව්‍යාපාරිකයෝ  වෙති.

අත් අඩංගුවට ගනු ලැබු වල්ලා පට්ටා කැබලි වල බර කිලෝග්‍රෑම් 38 කි. ඒවා කැබලි 35 කට කපා ගමන් මලූවල සගවා තිබු බව රේගුව කියයි.

සැකකරුවෝ ශ්‍රී ලංකන් ගුවන්සේවයට අයත් යු.එල් 846 දරණ ගුවන්යානයෙන් චීනයේ ෂැංහායි නුවර බලා යාමට කටුනායකට පැමිණ ඇත. එම අවස්ථාවේ රේගු නිලධාරීන්ට ඇති වු සැකයක් මත ඔවුන්ගේ ගමන් මලූ පරීක්ෂා කිරීමේදී මෙම වල්ලා පට්ටා තොගය සොයාගෙන ඇත.

සැකකරුවන්ගෙන් දීර්ඝ ලෙස ප්‍රශ්ණ කිරීමේදී ඔවුන් පවසා ඇත්තේ  ෂැම්පු නිෂ්පාදනය කිරීමේ කර්මාන්ත ශාලාවක්  තමන්ට චීනයේ ඇති බවත් එහි ප්‍රයෝජනය සඳහා වල්ලා පට්ටා රැගෙන යන  බවයි.

මොවුන් දෙදෙනා පසුගිය සැප්තැම්බර් 6  වෙනිදා චීනයේ සිට මෙරටට පැමිණ ඇති බව රේගුව අනාවරණය කරගෙන ඇත.

මේ පිළිබඳ විමර්ශණ කටයුතු ගුවන්තොටුපොළ රේගු අධ්‍යක්ෂක ඒ.කේ.එන් වික්‍රමසිංහ මහතාගේ අධීක්ෂණය යටතේ  රේගු ජෛව විවිධත්ව හා ජාතික උරුමයන් සුරැකීමේ ඒකකයේ නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක සමන්ත ගුණසේකර උපදෙස් මත  රේගු අධිකාරී එස්.එල්.ඒ  රිෆායි, සහකාර රේගු අධිකාරීවරුන් වන එස්. වන්නිආරච්චි, ඒ. ඥානමෝහන්, ලක්ෂ්මන් එදිරිවීර , ඒ.එම් තිලකරත්න බන්ඩා, කේ.එච්.ජී.ජී චමීරා, අසංක ප්‍රියදර්ශණ සහ ඩබ්ලිව්.එන්.ආර් විෙජ්තුංග යන නිලධාරීහු සිදු කරති.
 

 DSC_0212-2 DSC_0214 DSC_0217 DSC_0218

 



අදහස් (0)

තුන් කෝටියක වල්ලා පට්ටා ෂැංහායි නොයයි

රොකී Thursday, 18 September 2014 09:18 AM

ඔය තියෙන්නේ! ඔන්න චීනා දැන්මම වැඩ පෙන්වනවා (නි)

:       0       0

ඇන්ටන් Thursday, 18 September 2014 11:30 AM

හා හා චීන ආයෝජකයින්ට කරදර කරන්නේ බලාගෙන. ජොබ් එකත් නැති වෙන්න පුළුවන්. (ස)

:       0       0

සේන Thursday, 18 September 2014 02:15 PM

හෙට අනිද්දා චීන්නු අපේ රටේ කෑලිත් ගළවලා බෑග් වල දාගෙන අරගෙන යයි (නි)

:       0       0

රොකී Thursday, 18 September 2014 04:08 PM

අල්ලලා පට්ටා ගහන්නයි තියෙන්නේ! (නි)

:       0       0

උපාලි ගුණසේකර Friday, 19 September 2014 01:49 AM

වික්‍රමසිංහ සහ සමන්ත මහත්වරුන්ට මගේ සුබ පැතුම්! ලංකාවේ ගල්, වැලි, පස්, මුහුදු පැළෑටි ඔක්කොම ගෙනියනවා නේද කට්ටිය? සමහරවිට ලංකාවේ ආකෘතියක් එහෙ හදනවා ඇති. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව සඳ අද සිට
2024 සැප්තැම්බර් මස 29 647 0

අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.


සනත් වසරකට පත්කරයි
2024 සැප්තැම්බර් මස 29 910 2

ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.


කඩු කල්ලියෙන් බස් හිමියෙක්ට ප්‍රහාරයක්
2024 සැප්තැම්බර් මස 29 1994 0

මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ


’’ අපේ ගමන රනිල් එක්ක යනවා’’
2024 සැප්තැම්බර් මස 29 4277 19

ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ


ප්‍රභූ ආරක්ෂාවට සිටි නිලධාරීන් දිවයිනපුරා පොලිසිවලට
2024 සැප්තැම්බර් මස 29 2235 8

ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල


පෙරපාසල් යන්න බෑ කීවැයි දැරිය පුළුස්සලා
2024 සැප්තැම්බර් මස 29 835 1

පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38077 22


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25067 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 246 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 805 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 287 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site