පසුගිය මාර්තු පළමු වැනි දා හංවැල්ල තුන්නානේ උද්ඝෝෂණයක දී කැපූ රබර් ගසකට යට වී බොරැල්ල හිටපු පොලිස ස්ථානාධිපති ප්‍රසාද් සිරිවර්ධන මහතා මිය යාම සම්බන්ධයෙන් සැකපිට රිමාන්ඩ් භාරයේ සිටි සිව් දෙනෙක් අවිස්සාවෙල්ල මහේස්ත්‍රාත් යූ සී එච් සී දනන්සූරිය මහත්මිය විසින් නිදහස් කරනු ලැබූහ.
දෙවැනි සැකකරු ධර්මසිරි පේඩිගේ සරත් කුමාර පමණක් ලබන 29 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මහේස්ත්‍රාත්වරිය නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක හදිසි අනතුරකින් සිදු වෙච්ච දෙයක් නේද. දෙවැනි සැකකරුත් නිදහස් වෙවී. (නදී)
එතකොට රබර් ගහ අයිති කාරයට නඩු නැත්ද ?. (නදී)
ශීලා, නඩු දැමිය යුත්තේ රබර් ලංකාවට හඳුන්වා දුන් අයටය. බොරැල්ලෙන් තුන්තානට යාම ගැන ප්‍රශ්නයක් නැද්ද? (නි)
ඕනෑකමින් ගහ කපලා ප්‍රසාද් මහත්තයගේ හිස මතට වැටෙන්න සැලැස්වූවාද අපි නොදනිමු. නැත්නම් මේක හදිසි අනතුරක්. (නි)
මෙහෙම යනකොට අනාගතයේදී රබර් ගස් වලටත් නඩු දායි. (නි)
මේක හදිසි අනතුරක් නෙවෙයි. කම්හලක් වහන්න කියලා උද්ඝෝශණ කරන තැනට පොලීසිය එන එක වලක්වන්න කල දෙයක් හැටියටයි මාධ්‍ය පෙර වාර්ථා කලේ. ගස් කපලා පාරවල් වහලා රජයේ දේපල ගිනි තියලා නිලධාරීන් සහ පවුලේ උදවිය මරලා පුරදු පක්‍ෂය මේක පසුපස ඇති. (නදී)