IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


තුන්වැනි පන්තිය දෙවැනි පන්තිය කරලා

හික්කඩුව මරදාන කාර්යාල දුම්රියේ දෙවැනි පන්තියේ පෙට්ටියක් ඉවත් කර තුන් වැනි පන්තියේ මැදිරියක පිටින් දෙවැනි පන්තියේ බව සඳහන් කිරීම නිසා දැඩි අපහසුතාවට පත් වූ බව දුම්රිය මගීහු කියති.

තුන්වැනි පන්තියේ මැදරියක දොර අසල දෙවැනි පන්තියේ බව කියමින් කොළයක් අලවා තිබුණත් මැදරි ඇතුළත තුන්වැනි පන්තියේ ලෙස සටහන් කර තිබුණු බව ද ඔවුහු පවසති.

තුන් වැනි පන්තියේ සිරවී ගමන් කළ නොහැකි නිසා වැඩි මුදලක් ගෙවා දෙවැනි පන්තියේ ප්‍රවේශපත් මිලදී ගත්තත් එහි අවශ්‍ය පහසුකම් නැති බව ද ඔවුහු සඳහන් කරති.

15683019_10209166095292987_2010899218_n



අදහස් (0)

තුන්වැනි පන්තිය දෙවැනි පන්තිය කරලා

නිරු Friday, 23 December 2016 08:21 AM

ලෝකෙට පරකාසේ - ගෙදරට මරගාතේ... (ම)

:       0       0

නිරූ Thursday, 22 December 2016 03:46 PM

පන්ති බේදය ඉක්මනින් අවසන් කරමු! (නි)

:       0       0

පීරිස් Thursday, 22 December 2016 04:15 PM

අනේ ඉතින් කොහොම ගියත් එකනේ අපේ දුම්රිය සේවයේ? (නි)

:       0       0

පෙරේරා Thursday, 22 December 2016 04:15 PM

යහපාලනේ යහපාලනේ! (නි)

:       0       0

ඉලේපෙරුම Thursday, 22 December 2016 05:14 PM

අගය කළයුතු වැඩක්. තුන්වන පන්තියේ මැදිරියක් අඩු වියදමකින් දෙවන පන්තියේ මැදිරියක් බවට පත්කිරීමේ ක්‍රම සහ විධි සොයාගත් අපේ දුම්රිය නිලධාරීන්ට ජාතියේ ප්‍රණාමය! (නි)

:       0       0

නන්දලාල් ද සිල්වා-ප්‍රංශය Thursday, 22 December 2016 07:32 PM

මේක රාජ්‍ය වංචාවක්. කොළ කෑලි අළවලා පන්ති මාරු කරන්න තරම් පහත් තත්වයකට වැටුන දුම්රිය නිලධාරීන්ට එරෙහිව නෛතික ක්‍රියාමාර්ග ගැනීමට දුම්රිය මගීන්ට බලයක් තිබේ (නි)

:       0       0

ශාන්ත Thursday, 22 December 2016 10:30 PM

ඕක මොකක්ද, දේශපාලකයෝ කියලා අපේ රටේ ලේබල් ගහලා තිබුනට ඇතුළේ ඉන්නේ හොරු තක්කඩි. අනික ඉස්සර පරිප්පු වැඩේ දැන් බත් හා බඩ ඉරිඟු, තවත් කොපමණ කෑම බිම ඩුප්ලිකේට් ඒවා අපේ රටේ තියනවද. ඒවා ඉවසනවා නම් මේක මොන කජ්ජක්ද? (නි)

:       0       0

මාලක Friday, 23 December 2016 01:17 AM

මෙහෙමත් මිනිස්සු!

:       0       0

අතුල Friday, 23 December 2016 04:44 PM

මේවා දකිනකොට ලංකාවට ලෝකයා හිනාවෙනවා ඇති (නි)

:       0       0

පීරිස් Friday, 23 December 2016 01:47 AM

එතකොට තුන්වන පන්තියෙයි දෙවන පන්තියෙයි වෙනස බෝඩ් එක විතරද? අනේ අපොයි ලංකාවටම හොඳයි. (නි)

:       0       0

හේමන්ත Friday, 23 December 2016 02:23 AM

මඟීන්ට තිබෙන්නේ මේ ගැන නීතිමය ක්‍රියාමාර්ග ගන්න (නි)

:       0       0

ගාමිණි Friday, 23 December 2016 02:23 AM

මෙහෙම රටක් මේ ලෝකෙටම වෙන නැතුව ඇති (නි)

:       0       0

යොහාන් Friday, 23 December 2016 02:52 AM

ඇත්තටම මිනිසුන්ගෙන් ගසාකෑමේ එක විදියක් තමා කාර්යාල දුම්රියවල දෙවැනි පන්තිය. මිනිස්සු අගහිඟකම් මැද්දේ ජීවත්වෙන අතරේ දෙපාර්තමේන්තුවේ අාදායම වැඩි කරගන්න තුන්වැනි පන්තියේ මැදිරි ඉවත්කර දෙවැනි පන්තියේ මැදිරි දමා දඩත් අය කරනවා. (නි)

:       0       0

නිමාලි Friday, 23 December 2016 03:08 AM

අදාළ බලධාරීන් විසින් මෙය මඟීන්ට පැහැදිලි කර දියයුතුයි නේද? (නි)

:       0       0

පාලිත Friday, 23 December 2016 03:46 AM

ඔය මොන පන්තියේ ගියත් අන්තිමට කෝච්චියෙන් බැහැලා පුද්ගලික බස් එකේ හිටගෙන යනවා (නි)

:       0       0

පකීර් Sunday, 25 December 2016 04:01 AM

දෙවන පන්තියේ යන්නේ පඩිය ටිකක් යහමින් ලැබෙන නෝනා සහ මහත්හොරු ටිකයි, රජයේ අඩුවට දෙන තුන්මාසේ වාර ප්‍රවේශය ගන්නා අයයි. එහෙත් රටේ කම්කරු සහ අනෙකුත් ජනතාව බොහොම අමාරුවෙන් කෑගගහා එකිනෙකාගෙන් ඉඩ ඉල්ලමින් කුළල් කාගෙන මහා මූසල ගමනක් යන්නේ. හිතාගන්නත් අමාරුයි මෙහෙම ගිහිල්ලා මේ මිනිස්සු වැඩ කරන්නේ කොහොමද කියලා. (නි)

:       0       0

රාධා Saturday, 24 December 2016 12:10 AM

දේශපාලන පළිගැනීමකට යටත්ව තිබු තුන්වන පන්තියේ දුම්රිය මැදිරියට ලැබිය යුතු උසස්වීම බලධාරීන් විසින් හදිසියේ ඉහළ නියෝගයක් මත දෙවන පන්තියට උසස් කරන්න ඇති. උසස්වීමට ලැබියයුතු දීමනා (ස්ථිර සලකුණු සහ ආසන යනාදිය) යථාකාලයේදී ලැබෙනු ඇත. (ප.ලි:අලුත්වැඩියා අංශයට නියෝගය මීළඟ දුම්රියෙන් යවනු ඇත ) (නි)

:       0       0

වීර Friday, 23 December 2016 04:22 AM

අපි කාර්යාල දුම්රියේ හොදටම තෙරපිලා යන මහජනතාව. අපි වෙනුවෙන් මුහුදුබඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාණය වැඩි කරන්න. දුම්රිය මැදිරි වැඩි කරන්න තියෙන දුම්රියවල. දුම්රිය සේවය කාර්යක්ෂම කරන්න. මගීන්ට දුම්රිය ස්ථානය තුලින් පිටතට යන්න නව පාලම් ඉදි කරන්න.(ම)

:       0       0

සමන් Friday, 23 December 2016 04:28 AM

අපෝ කියලා වැඩක් නැහැ මෙයාලගේ වැඩ නම්. මේ නිවාඩු කාලෙ. ගොඩක් දෙනෙක් ටිකට් බුක් කරලා ට්‍රිප් යනවා. ඒව දැන දැනත් පෙට්ටි අඩු කරනවා. හැමදාම වැඩට යන අපි තමයි මේකෙ දුක දන්නෙ. දැන් මේ දවස්වල සීට් වල වාඩි වෙලාවත් යන්න බැරි තත්වයක් උදාවෙලා තියෙන්නෙ. දෙවන පන්තියේ ආසනවල මකුණො පිරිලා. (නි)

:       0       0

ආදිත්‍ය Friday, 23 December 2016 04:49 AM

මේක ඉතින් සිරි ලංකාවනේ (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 87 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 1796 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 800 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 1030 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 622 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 497 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26037 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 291 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 415 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1340 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site