IMG-LOGO

2024 ඔක්තෝබර් මස 09 වන බදාදා


තැපැල් වර්ජනය සාර්ථකයි

(නිමල කොඩිතුවක්කු)

තැපැල් සේවකයන් ගේ වැඩවර්ජනය හේතුවෙන් මධ්‍යම තැපැල් හුවමාරුව, තැපැල් කාර්යාල 653, උපතැපැල් කාර්යාල 3410, සියලු සේවා අද(8) දිනයේ ඇනහිට තිබූ බවත් ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ සම කැඳවුම්කරු සම්පත් ලියනගේ මහතා පැවසීය.

මෙම වැඩවර්ජනය සඳහා විසිහත්දහසකට ආසන්න තැපැල් සේවකයෝ සහයෝගය පළ කළ බවත් ඔහු සඳහන් කළේය.

ඓතිහාසික වටිනාකමකින් යුත් නුවරඑළිය සහ මහනුවර තැපැල් කාර්යාල ගොඩනැගිලි පෞද්ගලික අංශයට විකිණීම වහා අත්හිටුවන බවට ලිඛිතව දැනුම් දීමක් කරන්නේ නම් පමණක් මෙම වෘත්තිය ක්‍රියාමාර්ගය අත්හිටුවන බවත් හෙතෙම කීවේය.

එසේ නොමැතිව තැපැල් සේවකයන්ගේ නිවාඩු අවලංගු කොට තර්ජන සිදු කරන්නේ නම් එයට එරෙහිවත් දැඩි ක්‍රියාමාර්ග වලට අවතීර්ණ වන බවත් ඔහු සඳහන් කළේය.

මෙම ගොඩනැගිල්ල විකිණීමේ තීරණය රජය හකුළා නොගන්නේනම් නැවත දැනුම් දීමකින් තොරව ඉදිරියේ දී සියලුම රාජ්‍ය සේවකයන් ඒකාබද්ධ කරමින් දැවැන්ත වැඩ වර්ජනයක නිරත වන බවත් ඔහු තවදුරටත් කීවේය.

තැපැල් වර්ජනය හෙට දිනයේදී ක්‍රියාත්මක වේ.

 



අදහස් (9)

තැපැල් වර්ජනය සාර්ථකයි

Lal Wednesday, 08 November 2023 09:47 PM

ජෙප්පන්ට පිනට පඩි ගන්න තියනවා නම් වෙන මොනවද ඉතින්...?

:       0       0

Nihal Wednesday, 08 November 2023 11:22 PM

හැමදාම පරණ ගොඩනැගිල්ල තැපැල් කාර්යාලයක් විදිහටම තියෙන්න ඕනෑද?

:       0       0

රංබොඩ Thursday, 09 November 2023 12:14 AM

මේ වර්ජනයට නම් රටම සහයෝගය දිය යුතුයි. රටේ වටිනාම දෑ ඉන්දියාවට විකුණලා මිස්ටර් බින් ගෙදර යයි. ඉන්දියාව එළවාගන්න දඟලන්න වෙන්නේ ඊළඟ පරපුරට...!

:       0       0

Rasi Thursday, 09 November 2023 05:07 AM

මේ හේතුව සාධාරණද නැද්ද කියනවට වඩා, මේ රටේ රාජ්‍ය වුර්තිය සමිති, රටේ කිසිම වෙනසක් සිදු කිරීමට කැමති හෝ ඒ සදහා ඉඩ නොදෙන තත්වයක් තම දක්නට ලැබෙන්නේ. කවර ආණ්ඩුවක් බලයට පැමිණියද, රටේ ඉතා වැදගත් ප්‍රතිසංස්කරණ රාශියක් කඩිනමින් කල යුතුව ඇති අතර, මේවා දැනටමත් වසර තිහක් හතළිහක් ප්‍රමාදවී පවතී. තවද රාජ්‍ය අංශය රටට විශාල බරක්වී පවතින අතර, දැනට එය රටේ සමස්ත ජනතාවගේ බදු මුදලින් පවත්වාගෙන යන සුදු අලියෙක් බවට පත්වී තිබේ. දැනට පවතින ආර්ථික අර්බුදයට අකාර්යක්ෂම රාජ්‍ය අංශය විශාල හේතුවක්ව පවතී. අප රට සමස්තයක් වශයෙන් ගත කල ඉතා කුඩා භුමි ප්‍රමාණයකින් යුතු අධික ජන ගනත්වයකින් යුතු රටක් හෙයින්, ඉඩම් සහ දේපල මනා කලමනාකරණයකින් යුතුව භාවිතා කළ යුතුවේ.

:       0       0

Bamunuarachchi Thursday, 09 November 2023 06:22 AM

තැපැල් වර්ජනය සාර්ථකයි කියන්නේ දැන් තැපැල් කන්තෝරුව හොටෙල්එකකට ගන්නේ නැද්ද? ඔබලාට ඕනේ මුද්දර නිකුත් කරන්න, ලියුම් ලියාපදිංචි කරන්න කවුන්ටර් එකක්, ලියුම් තෝරන්න මේස අඩුම කුඩුම තියාගන්න කාමර කීපෙක බිල්ඩිමක්‌ විතරයි. එකේ ලස්සනක්‌, ගෘහනිර්මාණ ශිල්පය ඔබලාට වැඩක් නැහැ,... මාසේ අන්තිමට පඩිය ලැබෙනවා නම් ඒ ඇති. නමුත් දැන් තැපැල්කන්තෝරුවට භාවිතා කරන ඔය ගොඩනැගිල්ල හොටෙල් එකකට සුදුසුනම් සංචාරක කර්මාන්තයට සුදුසුනම් ඒක සංචාරක ව්‍යාපාරයට රජය අත්පත් කර ගත්තාවේ. ඔබලාට තිබෙන අමාරුව මොකක්ද? ඔය ගොඩනැගිල්ල රජයට ගන්න, ඉන්න සේවකයින්ට ස්ථාන මාරු දෙන්න අලුත් සේවකයින්ට අලුත් ගොඩනැගිල්ල සේවාස්ථාන මාරු දෙන්න. තැපැල් ස්ථානාධිපතිට සේවා ස්ථාන මාරුවක් දෙන්න.

:       0       0

AJITH Thursday, 09 November 2023 07:29 AM

මෙම ගොඩනැගිල්ල අදායම් ලබෙනාවූ සංචාරක වියාපෘතියක් බවට පත්කරනවා පමණක් නොව තැපැල් සේවකයන්ට සේවය සදහා වෙනත් තැනක් ලබා දීමට කටයුතු කරනු ඇත. කිසිවකු පාරට දමා නැත. එවන් තත්වයක් තුල මේ ආකාරයෙන් අරගල හෝ වුර්තිය සමිති ක්‍රියාමාර්ග ගත හොත් සිදුවන්නේ ඔබලා විසින්ම ඔබලාගේ රැකියාවන් නැති කරගැනීමට කටයුතු සලසා ගැනීමක් නොවේද ?

:       2       7

Nimal Thursday, 09 November 2023 07:36 AM

නුවර එලිය තැපැල්හල විකුනාදීමෙ තීරනය හකුලා නොගන්නෙ නම් එය හකුලාගන්න තුරු සියලුම රජ්ය සේවකයි වැඩ වර්ජනය කල යුතුයි. එමෙන්ම සියලුම ජනතාව මෙම විකිනීමට එරෙහිව උද්ගෝශන කල යුතුයි.

:       6       2

Asanga Thursday, 09 November 2023 08:33 AM

ලැබුන ප්‍රථිපලය මොකක්ද කියල පැහැදිලි කරන්න පුලුවන් ද​? කොහොමටත් තව වසර කිහිපයකින් අලුත් තාක්‍ෂණ පෙරලි නිසා ලෝක තැපල් සේවයම ඉතාම අවම මට්ටමකින් ක්‍රියාත්මක වෙයි.

:       1       5

Lal Thursday, 09 November 2023 08:43 AM

ඉතින් අපි වර්ජනය කරමු .... අපි ජෙප්පෝ

:       3       5

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

බිරිය වී ගෝනියේ සැඟවු ලක්ෂ 15ක් සමඟ සැමියා වී ගෝනිය විකුණලා
2024 ඔක්තෝබර් මස 09 693 0

තම දියණියගේ අත්‍යාවශ්‍ය කටයුත්තක් සඳහා ඉඩමක් විකුණා ලබාගත් රුපියල් ලක්ෂ 15ක මුදල බිරිය වී ගෝනියක සඟවා තිබියදී ඒ බව නොදැන සැමියා එම ලක්ෂ 15 ද සමග වී ගෝනිය


යතුරුපැදි අනතුරෙන් පොලිස් සැරයන්වරයෙකු මරුට
2024 ඔක්තෝබර් මස 09 145 0

පාදුක්ක බෝපේ හරහා තුම්මෝදර මාර්ගයේ දඹෝර ප්‍රදේශයේ දී අද(09)වැනි දින සවස සිදු වූ යතුරුපැදි අනතුරකින් පාදුක්ක පොලිසියට අනුයුක්තව රාජකාරි කළ පොලිස් සැරය


ජනපති - රේගු සහ දේශීය ආදායම් නිලධාරීන් අතර හමුවක්
2024 ඔක්තෝබර් මස 09 847 0

ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවේ හා දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරීන් අතර හමුවක් අද (09)jවැනි දින ජන


යතුරුපැදි දෙකක් ගැටී කාන්තාවක් මරුට
2024 ඔක්තෝබර් මස 09 357 0

අවිස්සාවේල්ල - කොළඹ හයිලෙවල් මාර්ගයේ පාදුක්ක මාවතගම කොඩිගහකන්ද මාවත අසලදී යතුරු පැදි දෙකක් එකිනෙක ගැටීමෙන් අද (10)වැනි දින සවස සිදු වූ අනතුරකින් එක් යතු


ත්‍රිරෝද ගාස්තු අඩුවෙයි
2024 ඔක්තෝබර් මස 09 915 0

ත්‍රී රෝද රථ සඳහා අයකරන ගාස්තු අද(09) සිට ක්‍රියාත්මක වන පරිදි සංශෝධනය කර තිබේ.


කමල් අද්දරආරච්චි උවිඳු විජේවීර එක්ක ඡන්දෙට
2024 ඔක්තෝබර් මස 09 1979 3

ප්‍රවීන රංගන ශිල්පී කමල් අද්දරආරච්චි මහතා ජනතා විමුක්ති පෙරමුණේ හිටපු නායක රෝහණ විජේවීර මහතාගේ පුත් උවිඳු විජේවීර සමග ඉදිරි මහ මැතිවරණයට තරඟ වැදීමට


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39629 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25779 13


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 366 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1209 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 408 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site