IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


තැපැල් සේවකයෝ වැඩ වරති

තැපැල් දෙපාර්තමේන්තුවේ උසස් වීම් හා බඳවා ගැනීම් පටිපාටියේ පවතින අක‍්‍රමිකතා ඉවත් කර ගැනිම ඇතුළු ඉල්ලිම් හතක් මුල්කර ගනිමින් තැපැල් දෙපාර්තමේන්තුවේ සේවකවෝ අද සිට වැඩ වර්ජනයක් ඇරඹූහ.

රජය සියලු තැපැල් සේවකයින්ගේ නිවාඩු අවලංගු කිරිමට පියවර ගත්තද එය නොතකා තැපැල් සේවකයින් වැඩ වර්ජනයේ යෙදීම හේතුවෙන් රට පුරා තැපැල් ස්ථාන රැසක කටයුතු අඩාලවී ඇතැයි කියති.

වසා දමා ඇති හැටන් තැපැල් කාර්යාලය ඉදිරිපිට කි‍්‍රකට් කි‍්‍රඩාවේ යෙදී සිටින තැපැල් සේවකයන් පිරිසක් දැකිය හැකි විය.

බදුල්ල ප්‍රධාන තැපැල් කාර්යාලය හා ප්‍රාදේශීය තැපැල් තෝරන කාර්යාලයද වසා දමා ඇත.

වැඩ වර්ජනය සාර්ථක වී ඇති බවත් නිවාඩු අවලංගු කළත් තම වෘත්තීය ක්‍රියා මාර්ගය අත් නොහරින බවත් ඒකාබද්ධ තැපැල් වෘත්තිය සමිති පෙරමුණේ කැඳවුම්කරු කේ.එම් චින්තක බණ්ඩාර මහතා පැවසීය. තම ගැටළු නිරාකරණය නොකළොත් අඛන්ඩ වැඩ වර්ජනයක් කරන බවද ඔහු කීවේය.

IMG_0122 IMG_0126

ඡායාරූප - දීපාල් ද සිල්වා

04 07 08 11 12

 ඡායාරූප - රංජිත් රාජපක්ෂ

sdsd 20161220_085818_resized 20161220_085722_resized

(ඡායාරූප-ප්‍රසාද් රුක්මල්)



අදහස් (0)

තැපැල් සේවකයෝ වැඩ වරති

ඩී.උපුල් Tuesday, 20 December 2016 05:00 AM

තොරතුරු තාක්ෂණය මෙතරම් දියුණු යුගයක රජයේ තැපැල් සේවයක් අවශ්‍යද? මේ වර්ජනයත් සමගම මෙය වසා දැම්මනම් ඉවරයි. තැපැල් තෝරනවා කිය කියා රෑට ඕවර් ටයිම් දාගෙන මෙයාල වැඩි දෙනෙක් කරන්නේ හොඳට නිදියන එක. (ම)

:       0       0

චමිල Tuesday, 20 December 2016 05:30 AM

උපුල් මහත්තයෝ, ඔයාගේ තොරතුරු තාක්ෂණය භාවිතා කරලා පාර්සලයක් යවන්නේ කොහොමද? (නි)

:       0       0

සුසිල් Tuesday, 20 December 2016 05:42 AM

මේකටත් අර වරායට දුන්න බේත දීල බැලුවනම්... හොඳ නැද්ද ? (බ)

:       0       0

විකුම් Tuesday, 20 December 2016 06:01 AM

අලුත් සේවකයන් බඳවාගන්න. (නි)

:       0       0

චමිලා Tuesday, 20 December 2016 06:15 AM

තැපැල් සේවය නිහඬවම බොහෝ සේවයක් ඉටුකරයි. එම සේවකයන්ගේ ප්‍රශ්න විසඳිය යුතුය. (නි)

:       0       0

නිහාල් Tuesday, 20 December 2016 06:21 AM

මේ මිනිසුන්ට තේරෙන්නේ නැහැ. මේ රජය පළමුවෙන්ම පාර්ලිමේන්තුවට නුසුදුසු ලෙස පත්කරන මන්ත්‍රීලා පත්කළා. ඊටපසු රජයේ සමහර නිලධාරීන් පත්කළා. ඉතින් ඔය වෙනස ආයෙත් වෙනස්කරන්න බැහැ (නි)

:       0       0

සකුන්තලා Tuesday, 20 December 2016 06:34 AM

ඇත්තටම අර හම්බන්තොට වරායේ චණ්ඩියා ගෙනාවා නම් හරි. (නි)

:       0       0

ඩී.උපුල් Tuesday, 20 December 2016 07:03 AM

චමිල, ඉඳල හිටලා පාර්සලයක් යවන්න මෙච්චර විශාල තැපැල් සේවයක් ඕනෑද? (නි)

:       0       0

සිරිල් Tuesday, 20 December 2016 07:25 AM

මහා නගරයේ සිට ඉතා කුඩා ගමක් දක්වා තැපැල් සේවය විශාල මෙහෙවරක් ඉටු කරනවා. (ම)

:       0       0

චමිල Tuesday, 20 December 2016 08:42 AM

ඩී.උපුල්, ඔබතුමා එම සේවය ඉඳලා හිටලා පාවිච්චි කළාට එ්ක පාවිච්චි කරන අය රටේ ගොඩක් ඉන්නවා. ලංකාවටත් වඩා තොරතුරු තාක්ෂණය දියුණු ලෝකේ අනිත් රටවලත් තාම තැපැල් සේවය ක්‍රියාත්මකයි. (නි)

:       0       0

පාලිත Tuesday, 20 December 2016 10:46 AM

අනේ උපුල්ගේ මොළේ තරම! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 428 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 618 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 372 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 320 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1019 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 190 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40228 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26023 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1337 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site