මුහුදු මාළු මිල පහත වැටීම නිසා ධීවරයනට යන එන මං නැති වී යැයි මිරිස්සේ ධීවරයෝ අද මිරිස්ස ධීවර වරාය අසල උද්ඝෝෂණයක් කළහ. මාළු මිල වැඩි කරන්නැයි ඔවුහු ඉල්ලති. කොළඹ වෙළෙඳුන් මාළු මිලට නොගන්නා බව ද ඔවුහු කීහ.
මාස හයකට පෙර රුපියල් 340ක් වූ බල මාළු කිලෝව අද රුපියල් 80 දක්වා ද, රුපියල් 500ක් වූ කෙලවල්ලා රුපියල් 180ක් දක්වාද, රුපියල් 580ක් වූ කොප්පරා 280 දක්වා ද, රුපියල් 650ක් වූ තෝරා කිලෝව රුපියල් 280 දක්වා ද පහත වැටී ඇත.


1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉල්ලුමේ හැටියට තමයි මිල තීරණය කරන්නේ ,උද්ඝෝෂණ කරා කියලා මාළු වලට ස්ථාවර මිලක් ලබා දෙන්න බෑ (ස)
කවුරුත් කතා නවත්වලා මේ මාළු කරවල වේලුවොත් හොඳ නැද්ද ?? (ස)
අනේ කොහේද ආ….ඔය? ඉක්මනට යන්න ඕනෑ මාලු ටිකක් ගන්න. (නි)
අහිංසක මාලු මරාගෙන කන්න තියෙන කෑදරකම? ලැජ්ජයි. (නි)
අප්පෝ උඹලගේ තියන බඩජාරි කම... පවු අහිංසක සත්තු. කාපල්ලා කාපල්ලා ලෝක විනාසේ අත ළගයි. ඒකයි මාලු මුහුදේ ඉන්න බැරුව ගොඩට එන්නේ. මාලු නම් ගොඩටවත් ආවා. ඒත් ඔහේලට යන්න අපායවල් හොයාගන්න වෙයි . (නි)
ධිවර ආම්පන්න වල ගණන් ලක්ෂ්මන් දන්නවද? තෙල් නිකන් දෙනවද? (නි)
අපිටත් ටිකක් සහනයක් වෙන්න මාලු මිළ අඩුකරන එක හොදයි. මාලු කට්ටිය හැමදාම කරන්නේ අපේ මාලු කන එකනේ. (නි)
මුහුදු ගිහිල්ලා නිකන් අල්ලගෙන එන මාලු ටිකටත් සද්දේ දානවා. (නි)
ඔන්න දැන් තමයි තෝරු, මෝරු, පොකිරිස්සෝ අපේ දුකසැප විමසන්නේ.... (නි)
ශක්තිමත් රජයක් ඇති කල සියලු බඩු වල අඩුවේය මිළ.... (නි)
නොවැම්බර් අග වෙනකල් මාලු මිළ බැහැලා තිබුණොත් ඉතා හොදයි.ගෙදරට ඇවිල්ලා හොද තෝර හොද්දක් කන්න පුලුවන්. (නි)
රට වටේම මුහුද තිබියදී මාලු මිළ මීට වැඩිය අඩුවිය යුතුයි. (නි)
මේ වගේ මිළක් හැමදාම තියෙනවා නම්..... (නි)
උපන් දවසෙ ඉදලා මාලු අල්ලන එක කළත් වැඩිපුර මාලු කල්තබාගන්නා ක්‍රමයක් තවමත් දන්නෙ නැහැ. හැමදේටම ආණ්ඩුවම පළි නැහැ. (නි)
සන්සුන්වන්න, මේ දිනවල මේ පළාතේ මාළු වර්ෂාවක් ඇදහැලෙනවා.මේ හේතුවෙන් මාළු මිල පහළ ගියා.මාළු වර්ෂාව නැවතුණ ගමන් මාළු මිල නැවත ඉහළ යාවී. ටික දිනකට දුප්පත් පාරිභෝගිකයාට අඩු මිලට මාළු කන්න පුළුවන්. (ස)
ලක්ෂ්මන්, ඔයාගෙ කතාව නම් මසුරන් වටිනවා. තෑග්ගක් හැටියට මාලු කූරියෙක් දෙන්නම්. (නි)
අපි තෝරා මාළු කෑල්ලක් කන්න හිතන් ගන්න ගියාම කිලෝව රු.1000 යි. අපේ ඇඟේ මාළු රත්වෙනවා ගාණ ඇහුවම.හිතාගන්න බෑ මේ උද්ඝෝෂණ ඇත්ත ඒවද කියලා. (ස)
ඔය මාළු කොහෙද තියෙන්නේ දන්නේ නෑ . ඔය ගණන්වලට අනුරාධාරපුරේ පැත්තේනම් නෑනේ (ස)
හරියට මාළුන්ට කිරි දීලා කවල පොවලා හදනවා වගේනේ කතාව. මේ මිල ජනතාවට හොඳයි (ස)