IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


තරු අම්මලාගේ තරු දූලා

ලෝකයේ සෑම රටකම වගේ මාපියන්ගේ උරුමයෙන් විවිධ ක්‍ෂේත්‍රවලට අවතීර්ණ වන දරුවො, කාලයාගේ ඇවෑමෙන් ඒ ඒ ක්‍ෂේත්‍රවල තම සහජ කුසලතාවන් පිළිබිඹු කරමින් ජනප්‍රියත්වයට පත් වෙනවා. අද අප විමසා බලන්නේ අපේම රටේ කලා ක්‍ෂේත්‍රයේ ප්‍රවීණ තරු අම්මලාගේ ජනප්‍රිය තරු දෝණිවරුන් ගැනය.

 

2016-06-03-ent-233

රෝහිණී ජයකොඩි - වීණා ජයකොඩි

රෝහිණී ජයකොඩි 50 දශකයේ ජනප්‍රිය රංගන ශිල්පිණියකි. අහංකාර ස්ත්‍රී, සුරතලී, සූරයා, සූරසේන, දෙයියන්ගෙ රටේ, වණ්මෝහිණී, සූර චෞරයා ඇතුළු චිත්‍රපට රුසක රංගනයෙන් දායක වූ රෝහිණී, හැංගි හොරා සහ චණ්ඩි සිරියා චිත්‍රපට අධ්‍යක්‍ෂණය කළාය. ඇගේ දියණිය වීණා ජයකොඩි රංගනයට පිවිසියේ ඉතාම ලාබාල ළදරු අවදියේදීය. අහංකාර ස්ත්‍රී චිත්‍රපටයේ රවීන්ද්‍ර රූපසේනගේ ළදරු අවදිය නිරූපණය කළ වීණා පසුකලෙක සිංහල සිනමාවේ ජනප්‍රියතම තරුවක් හා සම්මානනීය චරිතාංග නිළියක් ලෙස ප්‍රේක්‍ෂක ජනාදරයට පත්වූවාය.

 


2016-06-03-ent-235තලතා ගුණසේකර - නදීකා ගුණසේකර

1963 වසරේදී "අදට වැඩිය හෙට හොඳයි" චිත්‍රපටය තුළින් සිනමා රංගනයට පිවිසි තලතා ගුණසේකර, සැමියා බිරිඳගෙ දෙවියාය, පටාචාරා, සැපත සොයා, රූන ගිරව්, ඔක්කොම හරි, සූර චෞරයා, ගොළු හදවත, පාරාවළලු, ආත්ම පූජා, කස්තුරි සුවඳ, මේ දෑස් කුමටද, නිධානය, අහසින් පොළොවට, අපේක්‍ෂා, සක්විති සුවය, මල්දෙණියෙ සිමියොන්, කෙළි මඩල වැනි චිත්‍රපටවල තම රංගන කුසලතාවන් ප්‍රකට කළේ, ගුරු වෘත්තියේද නියැලෙමින්ය. ඇගේ දියණිය නදීකා ගුණසේකර 80 දශකයේ සිනමාවට පාතබන්නේ කාන්චනා චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවට පණ පොවමින්ය.

ඉන් අනතුරුව නදීකා, බැද්දෙගම, වජිරා, චංචල රේඛා, අහිංසා, යහළු යෙහෙළි, බට්ටි, වත්සලා අක්කා, චායා, යසස, යසෝමා, වැනි චිත්‍රපට තුළින්ද නිරූපමාලා, හිමි අහිමි වැනි ටෙලි නාට්‍ය තුළින්ද ප්‍රේක්‍ෂකයන්ගේ අසීමිත ආදරයට පාත්‍ර වූවාය.

 


ශ්‍රීයානි අමරසේන - ඉනෝකා අමරසේන

2016-06-03-ent-236ළමා ගීත නාටක හරහා කලා ලොවට පිවිසි ශ්‍රියානි අමරසේන 1961දී දයානන්ද ගුණවර්ධනයන්ගේ "නරිබෑනා" වේදිකා නාට්‍යයේ ගමදුව ලෙස රංගන දිවිය ඇරඹුවාය. කුස පබාවතී. වෙස් මුහුණු වැනි වේදිකා නාට්‍ය තුළින්ද තම ප්‍රතිභාවන් ප්‍රකට කළ ශ්‍රීයානි 1968දී ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස්ගේ "ගොලු හදවත" චිත්‍රපටය තුළින් සිනමා. ලොවට අවතීරණ වූවාය.

එතැන් පටන් ඇය සිංහල සිනමාවට නැතුව බැරි තරුවක් ලෙස බැබළුණාය. පේනවනේද, හතරදෙනාම සූරයෝ, සිහසුන, දෑස නිසා, කල්‍යාණි ගංගා, හිතුවොත් හිතුවාමයි, හිත මිතුරා, රත්තරන් අම්මා, රන් තිලකා, ආශා දෑසින්, අහසින් පොළොවට, රිදී තැල්ල, විරාගය, කුලගෙය, දුවට මවක මිස වැනි චිත්‍රපට රැසක් හරහා ප්‍රේක්‍ෂක හමුවට පැමිණි ඇය සම්මාන රැසකින්ද පිදුම් ලැබූවාය.

ඉනෝකා ගැහැනු ළමයි, විරාගය, ක්‍රිස්තු චරිතය, වත්සලා අක්කා වැනි චිත්‍රපටවල රඟපෑවද, පසු කලෙක රංගන දිවියට ආයුබෝවන් කීවාය.

 


සෝමලතා සුබසිංහ - කෞෂල්‍යා ප්‍රනාන්දු 

2016-06-03-ent-234ලාංකේය නාට්‍ය ක්‍ෂේත්‍රයට සුවිශේෂී මෙහෙවරක් ඉටු කළ සෝමලතා සුබසිංහ ප්‍රවීණ කලා ශිල්පිණිය 60 දශකයේ මූදුපුත්තු, ලියතඹරා, චෙරි උයන වැනි වේදිකා නාට්‍යවල සංකීර්ණ භූමිකාවන් හරහා තම ප්‍රතිභාවන් ප්‍රකට කළාය.

1973 දී දහකින් එකක් තුළින් සිනමා රංගනයට පිවිසි සෝමලතා සුබසිංහ, මඩොල්දූව, සිරිබෝ අයියා, මහගෙදර, අරුණට පෙර, විරාගය, ගුරු ගෙදර වැනි චිත්‍රපටවල සුවිශේෂී භූමිකාවන් නිරූපණය කළාය. ගම්පෙරළිය, ඇල්ල ළඟ ඇය රංගනයෙන් දායකවූවාය.

ඇගේ දියණිය කෞෂල්‍යා ප්‍රනාන්දු කුසලතා පූර්ණ රංගන ශිල්පිණියකි, නාට්‍යවේදිනියකි. විකෘති, කතන්දර දෙකක්, පුන්තිලා, මරාසාද්, ධවල භීෂණ, මානස විල, වැනි නිර්මාණවල රජගනයෙන් දායක වූ කෞෂල්‍යා මේ මගේ සඳයි, සුළඟ එදා පිණිස, බොරදිය පොකුණ, ආකාස කුසුම්, ඉර හඳයට වැනි චිත්‍රපටවලද දුන්හිඳ අද්දර, ඉසුරු ගිර, සෙදෝනා වැනි ටෙලි නාට්‍යවලදී ඇය රංගන කුසලතාවන් ප්‍රකට කළාය.

 



2016-06-03-ent-237ගර්ලි ගුණවර්ධන - සබීතා පෙරේරා

ගල්කිස්සේ උපන් ගර්ලි ගුණවර්ධන මුලින්ම චිත්‍රපට රංගනයට යොමුවන්නේ ප්‍රේම තරගය සිනමා පටයේ නැටුම් දර්ශනයකට සහභාගී වීමෙන්ය. ඉන් අනතුරුව සරදියෙල්, දුප්පතාගේ දුක, පුදුම ලේලි, චණ්ඩාලි, ගංතෙර, සසරක හැටි, හතර පෙරළිය, දෙවෙනි ගමන වැනි චිත්‍රපටවල රංගනයෙන් දායක වූවාය.

ඇය විවාහ වූයේ ජනප්‍රිය නළුවකු වූ ස්ටැන්ලි පෙරේරා සමඟය. ජේ. සෙල්වරත්නම්ගේ "සබීතා" චිත්‍රපටයෙන් සිනමාවට පිවිසි සබීතා, දෙවැනි ගමන, අරලිය මල්, සිසිල ගිනි ගනී, සුජාත, විරාගය, මමයි රජා, අබා, නොම්මර 17, ඇඩ්‍රස් නෑ වැනි නිර්මාණ හරහා සිය දක්‍ෂතා පිළිඹිබු කළාය. ශ්‍රී ලංකාවේදී මෙන්ම පාකිස්තානයේද ජනප්‍රිය නිළියට හිමි සම්මානයට බඳුන් වූ සබීතා ඇසළ කළුවර, අකාල සන්ධ්‍යා, පිටගම්කාරයෝ වැනි ටෙලි නාට්‍ය වලද රංගනයෙන් දායක වූවාය.

 


ගීතා කාන්ති ජයකොඩි - පබෝධා සංදීපනී 

2016-06-03-ent-238ගුවන්විදුලි ළමාපටයෙන් කලා ක්‍ෂේත්‍රයට පා තැබූ  ගීතා කාන්ති ජයකොඩි, 1978 දී ආර්.ආර්. සමරකෝන්ගේ "කැලණි පාලම"තුළින් අතිශය ජනප්‍රියත්වයට පත්වූවාය.

මායාදේවී, අහසින් වැටුණු මිනිස්සු වැනි වේදිකා නාට්‍ය හරහා තම රංගන කුසලතාවන් ප්‍රකට කළ ගීතා, වජිරා, එක මවකගෙ දරුවෝ, යශෝරාවය, ස්නේහා, කළු හංසයෝ ඇතුළු ජනප්‍රිය ටෙලිනාට්‍ය රැසක රංගනයෙන් දායක වූවාය. රිදී නිම්නය, පූජා, පෙම් රජ දහන, දොරකඩ මාරාව, පරාවර්තන වැනි චිත්‍රපට වලද ඇය සුවිශේෂී චරිත නිරූපණය කළාය.

ඇගේ දියණිය පබෝධා සංදීපනී, ටයිටස් තොටවත්තයන්ගේ ආරාධනයෙන් "ඔෂින්"ටෙලිනාට්‍යයේ ප්‍රධාන චරිතය සඳහා හඬකැවූ අතර ඇය යශෝරාවය, සිහින තොටුපළ, තරු පබා, දියණියෝ ඇතුළු ටෙලිනාට්‍ය රැසක රංගනයෙන් දායක වූවාය.

 

රමේෂ් උවයිස් 

 

DESHAYA

 

 
 
 
 
 



අදහස් (0)

තරු අම්මලාගේ තරු දූලා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 1008 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 4109 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 1285 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 749 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 1072 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 715 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38695 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25424 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 283 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 962 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site