(ගයාන් සූරිය ආරච්චි)

ත්‍රිකුණාමලය ප්‍රදේශයේදී ත්‍රී රෝද රථයකින් ගමන් කරමින් සිටි පුද්ගලයන් තිදෙනකුට වෙඩි තබා එක් පුද්ගලයකු ඝාතනය කිරීමේ සිද්ධියට සම්බන්ධ  ප්‍රධාන සැකකරු අත්අඩංගුවට ගත් බව විශේෂ කාර්ය බලකාය පවසයි.

විශේෂ කාර්ය බලකා (STF) මාතර කඳවුරේ නිලධාරීන්ට ලද ක්ෂණික තොරතුරක් මත දික්වැල්ල, උරුගමුව ප්‍රදේශයේදී සැකකරු අත්අඩංගුවට ගෙන ඇත.

මෙසේ අත්අඩංගුවට පත්ව ඇත්තේ උරුගමුව, වැහැල්ල ප්‍රදේශයේ පදිංචි 34 හැවිරිදි පුද්ගලයෙකි.

සැකකරු වැඩිදුර විමර්ශන සහ ඉදිරි නීතිමය කටයුතු සඳහා ත්‍රිකුණාමලය චීන වරාය පොලිස් ස්ථානය වෙත භාර දී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.