කුරුණෑගල බෞද්ධාලෝක පිරිවෙනට වසර සියයක් පිරීම නිමිත්තෙන් ඉදි කළ තොරණ කඩා වැටී කුරුණෑගල රෝහලේ වෛද්‍ය නිහාල් එදිරිසිංහ මහතා බරපතල තුවාල ලැබීය.
වෛද්‍යවරයාගේ සුසුම්නාව බිඳී ඇතැයි ද ඔහු අද (13) කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළු කළ බව රෝහල් ආරංචි කියයි.
තොරණ කඩා වැටීමෙන් ත්‍රිරෝද රියක් ද පොඩිපට්ටම් විය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමාට ත්‍රිවිධ රත්නයේ පිහිටෙන් සුවය ලබා නැවතත් ගිලනුන්ට පිහිටවීමට අවස්ථාව ලැබේවා!! (නි)
ආරංචියක් තිබෙනවා ඒක පන්සල ඇතුළත ඉදිකළ තොරණක් නොවෙන බවටත් (නි)
ඔබතුමාට ඉක්මන් සුව ලැබේවා! (නි)
දයාරත්නට මෙවැනි හදිසි අනතුරක් සිදුනොවේවා කියා පතමි (නි)
පාර හරහා තොරණ් ඉදිකිරීම තහනම් කළයුතුයි. (නි)
මොකක්ද මේ තොරණ් ගැහිල්ලේ තේරුම?ලෝක පරකාසෙටනේ ඕවා ගහන්නේ. නැතුව උත්සව පවත්වන්න බැරිද? දායකයනි, දොස්තර මහත්තයාගේ ප්‍රතිකාර වෙනුවෙන් වියදම් කරලා ඔහු සනීප කරන්න! (නි)
ඉක්මන් සුවය පතමු ! (අ)
දයාරත්න නම් හිතක් පපුවක් නැති මිනිහෙක් (නි)
මම මේ දොස්තර මහත්තයාව දන්නවා (නි)
දොස්තර මහත්මයාට ඉක්මන් සුවය ලැබේවා! (නි)
ඉක්මන් සුවය පතමි ! (නි)
කනගාටුදායක පුවතක් (දී)
ජිලාන්, අනේ එහෙම සතුටුදායක පුවතක් අහන්න කවදා ලැබෙයිද, නේද? (නි)
ආරංචිය තිබෙන්නේ තොරණ බැඳීමට කටයුතු කළේ පන්සලේ දායකයන් නොව, වෙනත් කෙනෙක් කියලා නේද? (නි)
දයාරත්න මහත්තයටත් පෙර කළ කර්මයමද ඔය පළදීගෙන යන්නේ? (නි)
රොකි, තොරණ් ගහලා තියෙන්නේ පන්සලෙන් නෙමෙයි කියලයි ආරංචි. ඒකට දේශපාලන සම්බන්ධයක්ලු තිබෙන්නේ දන්න විදියට. ඇත්ත සිද්ධිය හරියට එළියට එනවා නම් ලොකු දෙයක් (නි)
මම කාරුණිකව ඉල්ලීමක් කරනවා මේ තොරණ ඉදිකළ අය ගැන පුළුවන් නම් ඇත්ත නැත්ත සොයාදෙන්න කියලා. නැත්නම් පන්සලටත් එහි දායකයන්ටත් අනෙක් සැමගෙන් නිකරුනේ දොස් අහන්න තමයි වෙන්නේ. (නි)
මේ තොරණ ගහලා තියෙන්නේ පන්සලෙන් නෙමෙයි කියලා තමයි අපිටත් ආරංචි වුණේ. වෙනත් පාර්ශවයක් විසින්ලු. කවුද කියලත් ආරංචි වුණා. නමුත් මෙතන ලියන්න සුදුසු නැහැ කියලා හිතෙනවා. (නි)
තොරණ ගැහුවේ දේශපාලකයින් වෙන්න ඇති. නැතුව පන්සලේ දායක සබාවෙන් වෙන්න බැහැ (නි)
දොස්තර මහතාට සිදුවුණු අනතුර පිළිබඳව කණගාටු වෙමි (නි)
මෙම තොරණ් සම්ප්‍රදාය හඳුන්වාදෙනු ලැබුවේ පුහු දේශපාලුවන් විසිනි. වැඩක් කළපසු ඊට කිහිප ගුණයකින් වැඩි වියදමක් දරා "ටෙන්ඩර්" පටිපාටි වලින් සම්පුර්ණව බැහැරවී තම සමීපතම කොන්ත්‍රාත්කරුවන් මඟින් මෙම තොරණ් ඉදිකරති. අහෝ බලව, "ආශ්චර්යක " තරම .....! (නි)
පෙර කළ පව් වලට ඔය දේ වෙන්න ඇත්තේ.(හේ)
කණගාටුදායක සිදුවීමක්.ඉක්මන් සුව පතමි. (නි)
හරියට තොරණ ඉදිකරන වැඩේ කෙරිලා නැහැනේ. සමහරවිට දායකයින් ලොකු ගානක් වියදම් කරන්න ඇති මේ වැඩේට. කලකට පෙර අර වෛද්‍ය සිසුවියට සිද්ධවුණ ඇබැද්දිය වගේ එකක් නේද මේ සිද්ධ වෙලා තියෙන්නේ. වෛද්‍යතුමාට ඉක්මන් සුවය පතමි. (නි)
කණගාටුදායක සිදුවීමක්. වෛද්‍යතුමන්ට ඉක්මන් සුව පතනවා..(හේ)
මහජනයා ගැවසෙන තැන්වල මෙවැනි දෑ ඉදිකිරීමට තාක්ෂණ උපදෙස් අනිවාර්ය කල යුතුයි.(හේ)
මේක කලකට පෙර අර වෛද්‍ය සිසුවියට වුණා වගේ වැඩක්නේ. ඉක්මන් සුවය පතමි. (හේ)
දොස්තර මහත්මයාට ඉක්මන් සුවය ප්‍රාර්ථනා කරනවා.(හේ)
ඉස්සර මිනිස්සු කරපු දේවල් අවුරුදු සිය ගනන් පවතිනවා දැන් අයට වරුවක් පවතින තොරනක් හදාගන්න බෑ.(හේ)
පව් කාරයා විය යුත්තේ දොස්තර මහතා නොවේ.ඔහු මෙතැනදී අහිංසකයෙකු පමණි.(හේ)
ඉක්මන් සුවය ලැබේවා.(හේ)
පරලොවට යමක් රැගෙන යන එක කෙසේ වෙතත් ඉන්න ලෝකෙවත් කරදරයක් නැතිව ඉන්න බැරිවී ඇත.(හේ)
දොස්තර කෙනෙක් කියන්නේ මිනිසුන් කීයකගේ නම් ජීවිත බේරනවද? ඒකේ වටිනාකම දැනෙන්නේ ලෙඩක් හැදුනහම. ඉහතින් අදහස් දක්වා තිබෙන දයාරත්න වගේ අයට ඔවුන්ගේ ජිවිත වටිනාකම තේරෙන්නේ නැහැ. ඔහුටත් හෙට මේ වගේ දෙයක් වුණාට පස්සේ " පෙර කළ පව් තමයි ඔය" කියලා දොස්තරවරයා කිව්වොත් දයාරත්නට එදාට මොනවා හිතේවිද? (නි)
පෙර කල පව් තමයි ඔය.(හේ)
ඔබතුමාට ඉක්මන් සුවය පතමි (නි)
වෙදැදුරන්ට ඉක්මන් සුවය ලැබේවා! ජීවිත කීයක් ගොඩ දැමු උත්තමයෙක්ද? (නි)
ඉක්මන් සුවය පතමි. (හේ)
වෛද්‍යතුමන්ට ඉක්මන් සුව පතනවා.(හේ)
ඔබට ඉක්මන් සුවය පතමි! (නි)
මේවා හොඳ පාඩම් උත්සව සංවිධානය කරන උදවියට. වැඩේ භාරගත්ත කට්ටිය සමහරවිට ලාබෙට අටවලා යන්න ඇති. දොස්තර මහතාට ඉකමන් සුවය පතමි. (නි)
දයාරත්න, මෝඩයෙක් වගේ කතාකරන්න එපා. පෙර කළ පව්වලට නොවෙයි ඕවා සිද්ධවෙන්නේ. නොසැළකිල්ලයි නොදැනුවත්කමයි නිසා තමයි ඕවා වෙන්නේ. වැඩේ කරන්න දන්නා අයකුගේ උපදෙස් ගත්තානම් මෙහෙමෙ විපතක් වෙන්නේ නැහැ. මේක කළ අයට විරුද්ධව නීති මඟින් කටයුතු කිරීමට පියවර ගතයුතුයි. (නි)
මේක කඩාගෙන වැටෙන්න තිබුනේ තුන් ලෝකයටම වැඩක් නැති දේශපාලුවෙකුගේ කොන්ද උඩට. (නි)
දයාරත්න, මොන පෙර කළ පව්ද? නිසි ප්‍රමිතියක් නැතුව කළ වැඩක්. වටිනා ජීවිතයක් අසරණ වුණා (නි)
දැන් මේක නිසා රෝහලේ කට්ටිය වැඩ වර්ජනය කරයිද? (දී)