IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


තරුණයන් දෙදෙනෙකුට පහරදුන්නැයි සූර්යයාට විරුද්ධව පැමිණිල්ලක්

20160601Surya-3දකුණු ඉන්දියානු නළු සූර්යා විසින් තරුණයන් දෙදෙනෙකුට පහර දුන් පවසමින්  ඔහුට විරුද්ධව පොලීසියට පැමිණිල්ලක් ගොනු කර තිබෙනවා. මෙයට හේතුව ලෙස ඉන්දියානු වෙබ් අඩවි වාර්තා කරන්නේ,  කාන්තාවක් විසින් මෝටර් රථයක් පදවා ගෙන යමින් සිටියදී එම මෝටර් රථය එකවර නතර කිරීම හේතුවෙන් ඊට පසුපසින් යතුරු පැදියකින් පැමිණ ඇති තරුණයන් දෙදෙනෙක් එම මෝටර් රථයේ ගැටී තිබෙනවා. එම අනතුරෙන් ඔවුන් දෙදෙනාට කිසිදු අනතුරක් සිදුනොවූවත්, ඔවුන්ගේ යතුරු පැදියට හානිවීම හේතුවෙන් එම තරුණයන් දෙදෙනා එම කාන්තාවගෙන් යතුරු පැදිය නැවත අලුත්වැඩියා කර දෙන මෙන් ඉල්ලා තිබෙනවා. එම කාන්තාව ඒ සඳහා තම අකමැත්ත පළ කළ අවස්ථාවේ දෙපාර්ශ්වය අතර බහින්බස් වීමක් සිදුවී ඇති අතර එම මොහොතේ ඒ අසලින් ගමන් ගත් සූර්යා අදාළ කාන්තාව සමග බහින් බස් වෙමින් සිටි තරුණයන් දෙදෙනාට කිසිදු වීමසීමකින් තොරව තමන්ට පහර දුන් බවට එම තරුණයන් දෙදෙනා ප්‍රකාශ කර තිබෙනවා. පහරකෑමට ලක්වූ මේ තරුණයන් දෙදෙනා පොලීසියට පැමිණිල්ලක් ගොනු කිරීමට ගියත් පැයක පමණ කාලයක් තමන්ට ඒ සඳහා පොලීසිය තුළ රැඳිසීටීමට මොවුනට සිදුවී ඇති අතර පසුව ඔවුන් නීතිඥයෙකු මාර්ගයෙන් ගොස් පැමිණිල්ල ගොනු කළ බවයි  ඔවුන් පවසා ඇත්තේ.

පහරකෑමට ලක්වූ මෙම තරුණයන්  මාධ්‍යයට ප්‍රකාශ කොට ඇත්තේ, මෙම සිද්ධියෙන් පසු තමන් භීතියට පත්වී සිටින බවයි. එයට හේතුව ලෙස ඔවුන්  පවසා ඇත්තේ සූර්යා ජනප්‍රිය තරුවක් බැවින් ඔවුන්ට වෙනත් පාර්ශ්වයන් විසින් හෝ යම් බලපෑමක් සිදුකිරීමට හැකියාව ඇති බවයි. සූර්යා ජනප්‍රිය තරුවක් වුවත් වරදක් කර ඇති නිසා නීතිය ඉදිරියට අනිවාර්යෙන්ම පැමිණිය යුතු බව එම තරුණයන් පවසා තිබෙනවා. කෙසේ වෙතත් මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් සූර්යා සඳහන් කර ඇත්තේ, මෙම තරුණයන් දෙදෙනාට පහර නොදුන් බවයි. එහිදී වැඩදුරටත් ඔහු සඳහන් කර ඇත්තේ, අදාළ ස්ථානයෙන් තමන් ගමන් කරමින් සිටින විට කාන්තාවක් සමග බහින් බස් වන දැක අදාළ ගැටලුව සමථයකට පත් කිරීමට තමන් උත්සාහ කළ බවයි.

ඩිලාන් ක්‍රිෂාන්ත

20160601Surya-1 20160601Surya-2



අදහස් (0)

තරුණයන් දෙදෙනෙකුට පහරදුන්නැයි සූර්යයාට විරුද්ධව පැමිණිල්ලක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 782 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 453 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 341 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 603 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 398 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


ආයෝජනය ඇති බාධා ගැන කැනේඩියානු මහ කොමසාරිස් කියයි
2024 ඔක්තෝබර් මස 02 1094 0

දූෂණය සහ අනාරක්ෂිත බව විදේශ ආයෝජන ආකර්ශනය කර ගැනීම සඳහා බලපානු ලබන ප්‍රධාන බාධාවන් බව ලංකාවේ කැනේඩියානු මහ කොමසාරිස් එරික් වොල්ෂ් (Eric Walsh) මහතා ජනාධිපති


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38668 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25418 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 954 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site