
ගයාන් සූරිය ආරච්චි
තිරිකුණාමලය පාලවුත්තු ප්රදේශයේදී කාන්තාවන් දෙදෙනෙකු සුදු වෑන් රථයකින් පැහැරගෙන ගොස් ත්රිකුණාමලය නාවික හමුදා කඳවුරේ භූගත බංකරයක සිර මැදිරියක රඳවා වද හිංසා කොට ඝාතනය කළ බව කියන සිද්ධිය සම්බන්ධයෙන් විශ්රාමික නාවික හමුදා නිලධාරීන් තිදෙනෙකු අත්අඩංගුවට ගත් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පවසයි.
2008 වර්ෂයේ මැයි මස දිනකදී මේරි ඩෙල්ෂියා සහ ශෂිකුමාර් තේන් මෝලි නැමති කාන්තාවන් දෙදෙනා එසේ ඝාතනය කර තිබුණි.
එම සිද්ධිය සම්බන්ධයෙන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සමූහ මංකොල්ල විමර්ශනඅංශය සැකකරුවන් තිදෙනා අත්අඩංගුවට ගෙන ඇත.
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ මාතලේ, බූස්ස සහ බදුල්ල ප්රදේශවල පදිංචි 47 සහ 53 වියේ පසුවන විශ්රාමික නාවික හමුදා පාලන ප්රධාන සුළු නිලධාරීන් තිදෙනෙකි.
අත්අඩංගුවට ගත් සැකකරුවන් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතව ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd