(අංජුල මහික වීරරත්න)
ජනාධිපතිවරණයේදී තම පූර්ණ සහාය ස්වාධීන අපේක්ෂක ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාට ලබා දෙන බව ප්‍රධාන ත්‍රිරෝද රථ සංගම් හතරක නියෝජිතයෝ ජනපති හමුවී අද ප්‍රකාශ කළහ.
සමස්ත ලංකා ත්‍රිරෝද රථ රියැදුරන්ගේ වෘත්තීය සමිතිය, ජාතික Taxi app ත්‍රී රෝද රථ වෘත්තිකන්ගේ එකමුතුව, එක්සත් මගී ප්‍රවාහන සේවා වෘත්තිකයන්ගේ සංගමය, බස්නාහිර පළාත් ත්‍රිරෝද රථ රියදුරන්ගේ හා හිමිකරුවන්ගේ සමූපකාර සමිතිය යන ප්‍රවාහන සංගම් මෙලෙස ජනාධිපතිවරයාට සහාය පළ කළහ.
එම සංගම් නියෝජනය කරන නියෝජිතන් දහසක් පමණ අද (04) උදෑසන කොළඹ ගෝල්ෆේස් අරගල භූමියට රැස්ව ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමුවීමට අවශ්‍ය බවට කරන ලද ඉල්ලීම අනුව ඔවුන් අතරට පැමිණි ජනාධිපතිවරයා එම පිරිස සමඟ සුහද පිළිසඳරක නිරත විය.
වසර 25ක් පුරා විධායක ජනාධිපතිවරුන් සිව් දෙනෙකු යටතේ විසඳුම් නොලැබුණු ත්‍රිරෝද රථ කර්මාන්තයේ නියාමනය පිළිබඳ ගැටළුවට පැය 24ක් තුළ විසඳුම් ලබාදීමට කටයුතු කිරීම පිළිබඳ මෙහිදී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා වෙත ස්තුතිය පළ කළ ත්‍රීරෝද රථ රියදුරන් පසුගිය සමයේ රැකියාව කරගත නොහැකිව දින ගණනක් ඉන්ධන පෝලිම්වල රස්තියාදු වූ තමන් එම තත්ත්වයෙන් මුදාගත්තේ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා බවත් නැවත එවන් තත්ත්වයකට මුහුණදීමට තමන්ට අවශ්‍ය නොවන බවත් පැවසීය
මෙහිදී අදහස් දැක්වූ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ත්‍රිරෝද රථ රියදුරන් වෙනුවෙන් දායකත්ව විශ්‍රාම වැටුපක් සහ සමාජ ආරක්ෂණක් 2025 වසරේ සිට හඳුන්වාදීමට රජය පියවර ගෙන ඇති බවයි.
කාර්තිව් - මාවඩිපල්ලිය ප්‍රධාන මාර්ගයේදී සැඩ පහරට අසුව ගසාගෙන ගොස් අතුරුදන් වූ සිසුන් හය දෙනාගෙන් දෙදෙනකුගේ සිරුරු සොයාගත් බව කාර්තිව් පොලිසිය කියයි
සිය සැමියාගේ අනියම් සම්බන්ධතාවය හෙළිවීමෙන් පසු අපූරු දඬුවමක් දුන් බිරිඳක් පිළිබඳ පුවතක් ඇමෙරිකාවේ නිව්යෝක් නගරයෙන් පසුගියදා වාර්තා වූවේය.
පවතින අධික වර්ෂාවත් සමග දිස්ත්‍රික්ක තුනක ප්‍රදේශ රැසකට නායයාමේ රතු නිවේදන නිකුත් කර ඇති බව පොලිස් මාධ්‍ය ප්‍රකශක නියෝජ්‍ය පොලිස්පති නිහාල් තල්දූව ම
ලොව වයස්ගතම පිරිමි පුද්ගලයාට හිමි ලෝක වාර්තාවට අයිතිවාසිකම්කී ජෝන් ටිනිස්වුඩ් පසුගියදා 25 වැනිදා එංගලන්තයේ සවුපෝර්ට් නගරයේ පිහිටි වැඩිහිටි නිවාසයක
E8 වීසා කාණ්ඩය යටතේ රැකියා ලබා දෙන බව පවසා මුදල් වංචා කළ පුද්ගලයන් කිහිප දෙනෙකු පිළිබඳව පැමිණිලි ලැබී ඇතැයි විදේශ සේවා නියුක්ති කාර්යංශයේ සභාපති කෝශල ව
කැලණි ගං නිම්නයේ පහත් බිම් වලට සුළු ගංවතුර තත්ත්වයක් ඇතිවිය හැකි බව වාරිමාර්ග දෙපාර්තමේන්තුව පවසයි.
වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව
සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.
ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර
ත්‍රීරෝද රථ සංගම් හතරක් ජනපති හමු වෙයි
මැක්ස් Wednesday, 04 September 2024 03:21 PM
තෙල් හිඟ කාලේ තෙල් වැඩිමිලට විකුණලා දැන් 'අපි මාලිමාවට' ස්ටිකර් ගහගෙන යනගමන් මගීන්ට 'මාලිමාව ඡන්දෙ දෙන්න' කියලා තෙල බෙදන ටුක් උන්නැහෙලාත් ඔතැන ඉන්නවාද බලන්න...!
අරවින්ද මොනරවිල Wednesday, 04 September 2024 03:22 PM
රුපියල් පන්දාහ ගානේ බෙදුව බව ආරංචියක් පැතිරෙනවා... ඒ ගැන මැතිවරණ කොමිසම සොයා බැලිය යුතුයි...!
Ruwan De Silva Wednesday, 04 September 2024 04:09 PM
5,000 දෙනවා නම් හාල් දෙනවා නම් ගන්න. මොකද ඔය සල්ලි අපේ. හැබැයි රනිල්ට ඡන්දේ දෙන්න නම් එපා...!
සෙනෙවිරත්න Wednesday, 04 September 2024 04:17 PM
මැක්ස්, ඔය වගේ සිල්ලර අඩුපාඩු පෘතග්ජන මිනිස්සු කරනවා... මාලිමාවට ඡන්දෙ දෙන්න ඒක බාධාවක් නෙවෙයි. අංගුලිමාල නිවන් දැක්කා. ඒ එක්කම බලන්න ප්‍රභූ ෂෙඩ්වලින් තෙල් ගහගෙන රනිල්ට සජිත්ට උදව් කරන හාදයෝ කීයක් ස්ටේජ්වල ඉන්නවාද කියලා...!
මැක්ස්Wednesday, 04 September 2024 05:23 PM
ඈ සෙනෙවි, මාලිමාවෝ කරනකොට සිල්ලර වැරැදි, අනිත් අය එකම කරනකොට තොග වැරැදි. ඔහේ මාලිමාවටම තමයි හරි යන්නේ. අනුර සහෝ ඇතුළු මාලිමා නායක නඩේ ඒ දවස්වල පන්සල්, පල්ලි යන දේශපාලකයන්ව පලු අරිනවා. දැන් මාලිමාවෝ පන්සල්, පල්ලි, කොවිල්වලමයි. අපි කරන කොට හොඳයි. අනුන් කරනකොට නරකයි. එත් අපි මාලිමාවට...!
සෙනෙවිරත්න Wednesday, 04 September 2024 04:19 PM
මැක්ස් ඔයා කැමැති පක්ෂයේ අයට ඇයි බැරි? එහෙම ස්ටිකර් එකක්වත් ගහගෙන යන්න. එහෙම නම් පුළුවන් අයට දොස් කියන්න එපා...!
විජිත් Wednesday, 04 September 2024 04:48 PM
මේ මොකක්ද? ෆොටෝ එකේ තියෙන්නේ ඔක්කොම ත්‍රි වීල් ටික වෙන්න ඇති. මාලිමාවට පක්ෂ ත්‍රි වීල් ලක්ෂ ගාණක් තියෙනවා. # මාලිමාවට ඡන්ද කෝටියක් # අනුර කුමාර දිසානායක සහෝදරයා ජනාධිපති !!!
Kazi Shajahan Thursday, 05 September 2024 02:16 PM
ජනාධිපති ගාවට ගියා කියලා රුපියල් 2500 ස්ටිකර් එකක් ලැබුනා .ඒත් මම චන්දෙ දෙන්නේ මාලිමාවට