රත්නපුර බස් නැවතුම්පොළ අසලදී වීදී කතකට පහර දුන්නැයි කියන පොලිස් සැරයන් යළි සේවයේ පිහිටුවන්නැයි රත්නපුර දිස්ත්‍රික් ත්‍රිරෝද සංගමයේ ලේකම් ප්‍රියන්ත ජයබන්ධු මහතා පොලීසියෙන් ඉල්ලයි.
වීදී කතකට පොලිස් සැරයන් පහර දුන් බව දැක්වෙන වීඩ්යෝ පටය එම සිද්ධියේ එක් පැත්තක් බවත් ඇතැම් වීදී කතුන් තම සිරුර විකුණන්ට ගොස් මිනිසුන්ගේ සල්ලි කොල්ල කන බවත් එම කතාව වීඩියෝවෙන් පෙන්වා නැති බවත් ඔහු පවසයි.
එක් පැත්තක් පමණක් බලා දඩුවම් කිරීම වැරදි බව කියන ත්‍රිරෝද සංගමය බස් නැවතුමේ ඇතැම් අබිසරු ලියන් කප්පම් කන බව ද තවත් බොහෝ දුෂ්චරිතයනට හේතුව බව ද කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යයෙන්ම.! මේ වගේ සිද්ධිවලදී දෙපැත්තම බලා අවශ්‍ය ක්‍රියාමාර්ග ගැනීම වැදගත්. (ස)
ගැහැණියක් මොන වරද කලත් පොලිසියට එහෙම පහර දෙන්න බැරි බව ගණිකා වෘත්තියේ එක පැත්තක් නියෝජනය කරන ත්‍රි රෝද රථ රියදුරෝ දන්නේ නැහැනේ (නදී)
මේ කාන්තාවන් "වීදි කතුන්" ලෙසින් නම් කරන්නේ ත්‍රි රෝද රථ රියදුරන්ය. එම ත්‍රීරෝද රථ රියදුරන්ම තමයි ඔවුන්ව පොලිසියට වසඟ කරවා ගෙන ගැහැණු සොඩුන් වෙත "විදි කතුන් " ප්‍රවාහනය කර සපයන්නේ කොයි නගරයේත් මේ දෙගොල්ලන්ගේ සම්බන්ධයක් ඇත. මේ කාන්තාවන් විදි කතුන් ලෙසින් හඳුනාගෙන පාදඩ නිතිය යටතේ දඬුවම් පමුණුවන්නට පොලිසිය උනන්දුවක් දක්වා නැහැ. ඒකයි මෙවැනි දෙයක් සිදුවෙන්නේ. කෙසේ වෙතත් ප්‍රසිද්දියේ කාන්තාවකට හිංසනය කිරීමට නීතියට සම්බන්ද කෙනෙකු සිදු කිරීම "නිතිය අතට ගැනීමකි" එම පොලිස් නිලධාරියාට විරුද්ධව කටයුතු කිරීම පොලිසියේ කාර්ය භාරයකි. (නදී)
මේ කාන්තාවන් "වීදි කතුන්" ලෙසින් නම් කරන්නේ ත්‍රි රෝද රථ රියදුරන්ය. එම ත්‍රිරෝද රථ රියදුරන්ම තමයි ඔවුන්ව පොලිසියට වසඟ කරවා ගෙන ගැහැණු සොඩුන් වෙත "විදි කතුන් " ප්‍රවාහනය කර සපයන්නේ කොයි නගරයේත් මේ දෙගොල්ලන්ගේ සම්බන්ධයක් ඇත. මේ කාන්තාවන් විදි කතුන් ලෙසින් හඳුනාගෙන පාදඩ නිතිය යටතේ දඬුවම් පමුණුවන්නට පොලිසිය උනන්දුවක් දක්වා නැහැ. ඒකයි මෙවැනි දෙයක් සිදුවෙන්නේ. කෙසේ වෙතත් ප්‍රසිද්දියේ කාන්තාවකට හිංසනය කිරීමට නීතියට සම්බන්ද කෙනෙකු සිදු කිරීම "නිතිය අතට ගැනීමකි" එම පොලිස් නිලධාරියාට විරුද්ධව කටයුතු කිරීම පොලිසියේ කාර්යභාරයකි. (නදී)
මේ කට්ටිය වාඩි වෙලා ඉන්නේ මොකක් උඩද කියල මං මේ කල්පනා කලේ. රජයේ නිලධාරියෙකුගේ සේවය අත්හිටුවීම, විනය රෙගුලාසි ආදිය ගැන දැනීම කොහොම වෙතත් රටේ පොදු නීතිය කියන්නේ මොකක්ද කියලවත් මේ ගොල්ල දන්නේ නැද්ද මන්ද. මහපාර මැද්දේ ගැනියෙකුට තඩිබාන එක තමයි නීතිය කියල හිතනවා ඇති. (ස)
අබිසරුලියන්ට උදවු කරන්නෙත් ත්‍රී රෝද රියදුරන්ම තමයි. එත් මේ අබිසරු ලියක්ම කියන්න බෑ. එහෙමුනත් පොලිසියට මෙහෙම පාරෙ යන මිනිස්සුන්ට ගහන්න අයිතියකුත් නෑ. වරදක් තිබුනානම් උසාවි දැමීමයි කළයුතුව තිබුනේ. ඔහු පහරදීපු ආකාරයට අපිට පෙනුනේ ඔහු ද්වේශසහගතව පහරදුන් බවයි. මේවා ජිනීවා යවන්න බලාගෙන ඉන්න පිරිසකුත් ඉන්නවා. එමනිසා ඔහුට උපරිම දඩුවම් දිය යුතුයි. (ස)
සැරයන් යළි සේවයේ පිහිටුවීම පිළිබඳව අපගේ විරෝධතාවයක් නැත. එහෙත් මේ පහරදීම අප හෙලාදකිමු. මෙය බලය අයුතු ලෙස යෙදවීමකි. (ස)
පොලිස් නිළධාරියා නිතිය අතට ගත්ත වැඩියි. විදි කතුන් නීතියේ රාමුවට කොටුකරන ක්‍රමවේද හා උපායන් තියෙනවා. මේ දර්ශනයට අනුව මට ගහන්න එපා කියද්දීත් පොලිස් මහත්තයා ඉතා වැරෙන් ගහනවා. මේක මුළු ලෝකයම දැන් දන්නවා. ලංකා පොලිසිය දිහා ඉතා පිලිකුලෙන් ලෝකය බලනවා. (ස)
පිරිමින්ගේ පාප කඳට දෝස විඳින ළඳුනේ....අඳුරේ පව් කරන දනා එළියේ රවන ළඳුනේ......ලැම පමණක් ලොවට පෙනෙන ළය නොපෙනෙන ළඳුනේ......ත්‍රි විලයට වරදක් නැති වැරදිකාර ළඳුනේ.....(නදී)
අනිවාර්යෙන් දෙපැත්තම බලමු. ඒත් පොලිසිය කියලා මෙහෙම පාරේ බිම දාගෙන මිනිස්සුන්ට ගහන්නේ කොහොමද ? (නදී)
සහෝදරවරුනි, මේ කාන්තාව කරන රැකියාව, තනතුර නොවේ ගැටලුව මෙයා කාන්තාවක්. කාන්තාවකට මේ විදිහට ප්‍රසිද්දියේ පහර දෙන්න පොලිස් නිලදාරියකුට පුලුවනිද ? මේ තමා කාන්තා හිංසනය කොහොම නමුත් ප්‍රසිද්ද ස්ථානයක මෙලෙස වග කිව යතු නිලදාරියෙක් ගේ හැසිරීම මේක නම් ඉතාමත් කණගාටුදායක තත්වයක්. තව එකක් රට තුල සිදුවන අපරාද වලට ඍජුවම ඔය ත්‍රී වීල් කරුවන් සම්බන්දතාවයන් තියෙනවා. කරුණාකර මතක තියාගන්න නිතිය අපට වඩා ඉහලින් තියන බව. මේ අය මෙම නිලදාරියා වෙනුවෙන් කෑ ගසන්නේ මොකද ? මෙයත් සොයා බැලිය යුතු කරුණක්. මෙය තුල යමක් සැගවී ඇත (නදී)
රටේ නිතිය ක්‍රියාත්මක කරන්න ඕනා ත්‍රිරෝද රියදුරන් කියන විධියට නැතිනම් කවුරු කියන විධියටද? (නදී)
ත්‍රී රෝද රථ සංගමය කල හොඳ වැඩක් (නදී)
එහි පසුබිම කෙසේ උවත් පොලිස් නිලධාරියකු පුසිද්ද ස්ථානයකදී කාන්තාවකට බිම දමාගන පහරදීම කෙසේවත් අනුමත කල නොහැක. මෙවැනි තත්ත්වයක් තුිවීල් රියදුරු මහතකුගේ පවුලේ අයකු හට සිදුවුවේ නම් ඔවුන් කෙසේ පුතිවාර දක්වනු ඇද්ද? (නදී)
ත්‍රීවිල් කාරයොන්ගේ මොලේ තමයි මොලේ... වීඩියෝ එකෙන් එක පැත්තක් වැරදියි තමයි.ඒකට වැරදි පැත්තට දඬුවම් කරන්න ඕන.අනිත් පැත්තෙත් "වැරදි" තියේ නම් ඒවටත් කරන්න ඕන.වැරැද්දට වැරැද්ද හිලව් වෙන්නේ . (ස)
මේ කාන්තාව මොන වරදක් කලත් මේ විදියට පහර දීමට කාටවත් අයිතියක් නැහැ.විශේෂයෙන් පොලිස් නිල ඇඳුමක් ඇඳගෙන කල මේ පහර දීම මුළු පොලිසියටම කරපු අවමානයක්. පොලිසිය තියෙන්නේ සාමය ආරක්ෂා කිරීමට සහ නීතිය ක්‍රියාත්මක කිරීමට පමණයි.දඬුවම් දීම උසාවියෙන් කලයුතුයි. මේ පොලිස් නිලධාරියාට දෙන්න තියන ඉහලම දඬුවම් දිය යුතුයි. (ස)
රත්නපුර නගරයේ පිහිටි ප්‍රධාන පිරිමි පාසල් හි ළමුන් වෙත මත්ද්‍රව්‍ය බෙදා හරින කාන්තාවක් වන අතර, මැයට රත්නපුර නගරයට පැමිණිම පවා රත්නපුර පොලීසීය වෙතින් තහනම් කර අැත. (ස)
එම නිලධාරියා තම බලය යුතු ලෙස යොදවා ඇත, ඔබට ඔබගේ සොයුරියකට මෙවැනි අන්දමට ප්‍රසිද්ධ ස්ථානයක පහර දුන්නේනම් ඔබ අනිවාර්යයෙන්ම මානසිකව හා ශාරීරිකව පීඩාවට පත්වනු ඇත. එම කාන්තාව වරදක් කර ඇත්නම් කළයුතුව තිබුනේ නීතිය හමුවට පැමිණවීමය. ඉන්දීය පොලිස් නිලධාරීන් ජනතාවට පහර දෙන අන්දමට ලංකාවේ පොලිසිය ක්‍රියාකිරීමෙන්, මුළු පොලිස් දෙපාර්තමේන්තුවම අපහසුතාවයට පත්වනු ඇත. (ස)
සතෙකුට වත් තලන්නේ නැති විදියට මහා පාරේ ගැහැනියකට තඩි බාන්න පුළුවන් මොන නීතියටද? මොහු බීමතින් ඉන්න ඇති. (ස)
මෙම හිටපු සාජන්ගේ වැඩ තහනම් කරපු එක 100%ක් සාදාරණයි. මොහුට වසර 20ක සිරදඬුවම් දෙන්න පුළුවන් වැරදි තමා කරලා තිබෙන්නේ. කාන්තාවකට පහරදීම, ඇයගේ හිරිඔතප් ප්‍රසිද්දියේම බිඳීම, නීතිය,බලය අයතු ලෙස පාවිච්චි කිරීම, විශේෂයෙන්ම කාන්තාවක් අත්අඩංගුවට හෝ පරීක්ෂා කරනවා නම් කාන්තා පොලිස් නිලධාරනියක් සිටීම අනිවාර්ය වීම. තව ඕනෑ තරම් අපරාධ නීතිය යටතේ තියනවා මොහුට නඩුවක් යොමු කරන්න. (නදී)
මට පෙන්නේ රත්නපුර දිස්ත්‍රික් ත්‍රිරෝද සංගමේ අයටත් සැරයන්ට වගේ වැඩේ ලැබෙන්න නැතිව ඇති. (ස)
රත්නපුරේ මේ සිද්දියේ මැදහත් කතාව පල කලේ ලංකාදීපය පමණයි සමහර මාධ්‍ය මේක කුණු රහට විණනවා මේ ගණිකාව ගැන රත්නපුරයම දන්නවා (ස)
රත්නපුරේ මේ සිද්ධිය මේ විදිහට කතාව පල කලේ ලංකාදීපය පමණයි. සමහර මාධය මේක කුණු රහට විකුනනවා (නදී)
මෙතනදී අපි දෙපැත්තම බලන්න ඕනෑ. මෙතන පොලිස් නිලධාරියා කරන වරද ඔහුට රාජකාරියේ යෙදීමට බාධාවක් කරනවා නම් හෝ එහි නීතිවිරෝධී යමක් සිදුවනවා නම් ඔහු වයරයක් වැනි දෙයකින් පහරදීම වෙනුවට බැටන් පොල්ල පාවිච්චි කර පහරදී ඇයට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග නොගැනීමයි. ඔහුට නීතියෙන් එය කිරීමට බලයක් තිබෙනවා. කාන්තාව වරදක් නොකළා නම් ඇයට මෙම පහරදීමට විරුද්ධව අප්‍රමාදව නීතිමය පියවර ගැනීමට හැකියාව තිබුණා. (නි)
කුමන වරදක් කළත් ඒ පහරදුන් ආකාරය අනුමත කරන්න බැහැ. පොලිස් නිලධාරියෙක් නිසා අවට මිනිස්සු බලාගෙන ඉන්නවා. බේරන්න බයයි. සාමාන්‍ය මිනිහෙක් ඔහොම කළා නම් මිනිස්සු ඔක්කොම එකතුවෙලා ඒ මිනිහට තඩිබානවා. (නි)
දවසක පොලීසියටත් ඔයවගේ කන දවසක් අත ළඟම එන බව මට විශ්වාසයි (නි)
කොඩිතුවක්කු,මෙතන මෙම නිලධාරියාගේ වරද ඔහු භාවිතා කරන උපකරණයයි. ඔහුට නීතිවිරෝධී ක්‍රියාවක් වැළැක්වීමට බැටන් පොල්ල පාවිච්චි කිරීමට නීතිමය හැකියාවක් තියනවා. (නි)
කොහොමටත් පොලිසියට කාටවත් ගහන්න පහත් විදියට කතාකරන්න අයිතියක් නැහැ. (නි)
කොහොමත් ඇය පොලිස් නිලධාරියා ගැන මේ කියපු දේ පිළිගන්න ටිකක් අමාරුයි. පොලිස් නිලධාරියා කළ වැඩේ අනුමත කරන්න බැහැ. නමුත් ඇය මේ කියන විදියට ගණිකාවක් නම්,පොලිස් නිලධාරියා කතා කළා නම් ඇය අනිවාර්යයෙන් යනවා නේද? ගොඩක් නීතිවිරෝධී වැඩ වලදී පොලිසියේ අය සනසන්න විවිධ උපක්‍රම යොදන එකේ , මේ කෙනා කියන දේ විශ්වාස කරන්න බැහැ (නි)
සැරයන් වරයා යලිත් සේවයට බදවා ගත්තට ප්‍රශ්නයක් නෑ,,,නමුත් ඔහු කල දේ නීතියට පටහැනි නින්දිත ක්‍රියාවක් ,,ත්‍රි රෝද කරුවන් බොහෝ දෙනා සල්ලාලයන්ට අබිසරුලියන් සපයන්නන් බව ඔවුන්ට අමතක වී ඇත....සාමාන්‍ය හයර් වලට වඩා වැඩි මුදලක් දෙපාර්ශවයෙන්ම ඔවුන් ලබා ගනී. කාන්තාව කුමන කාර්යයේ නිරත උනත් සැරයන් වරයා නීතිය අතට ගෙන ක්‍රියා කරවීම තරයේ ප්‍රතික්ෂේප කරනවා..ඒ වගේම ත්‍රි රෝද කරුවන්ගේ ඉල්ලීම සාදාරන එකක් නොවෙයි....(ස)
ප්‍රසිස්ධියේ ගහපු එක වැරදියි. ඒත් ඔය ගෑනු කරන වැඩ වලට ගහල මදි. කොල්ලන්ගේ පර්ස් කඩා ගෙන සල්ලි ගන්නවා. (ස)
අනේ ප්‍රියන්ත ඔබ ඔබේ රැකියාව කරගෙන ඉන්න. සිවිල් නීතය කියන්නේ මොකක්ද කියලවත් මොහු දන්නවද? මිනීමරුවෙකුට උනත් මෙහෙම තිරිසන් විදියට හිරිහැර කරන්න නීතිය රකින කිසිම තරාතිරමක නිලධාරියෙකුට බැහැ. කලයුත්තේ නීතියෙන් උපරිම දඬුවම් ලබාදීමට උසාවියට ඉදිරිපත් කිරීමයි. (ස)
සැමට ආදර්ශවත් ලෙස හැසිරිය යුතු නිතිය සහ සාමය ආරක්ෂා කිරීමට බැඳී සිටින නිලධාරියෙකුගේ මෙම හැසිරීම ශිෂ්ට සමාජයක් කොහෙමත්ම අනුමත කරන්නේ නැහැ. ඔහුගේ ජිවිතයට කිසිම තර්ජනයක් නොමැති නිරායුද කාන්තාවකට ප්‍රසිද්ද ස්ථානයක පහරදී තම ආයතනයේ සහ නිල ඇඳුමේ ගෞරවය කෙලෙසු ඔහුට නියම දඬුවම් ලබා දිය යුතුයි. (ස)
සවස් කාලයේදී රත්නපුර බස් නැවතුම්පොළ අසලදී තියෙන පාලු තැන්වල ඉතා අසෝබන ලෙස මොවුන් හැසිරෙනවා ..... කලයුතුදේ බලය අයුතු ලෙස යෙදවීමක් නොව නීතියේ රාමුවට කොටුකර උපරිම දඩුවම් දෙන එක. (ස)
ත්‍රීවීල්කාරයො බහුතරයක් රටේ දුරාචාර මෙහෙයවන අය. මෙයාල දන්න නීතියක් තියෙනවද? (ස)
කකුළු කතාව තමයි මේකට හරියන්නේ. පොලිසියෙන් මිටවඩා දෙයක් බලාපොරොත්තු වෙන්න අමාරුයි අද කාලෙ (අ)
අබිසරු හරි මද සරු හරි ගැහැනියකට ප්‍රසිද්ධියේ තිරිසන් විදිහට ගහපු එක වැරදි යුනිෆෝම් එකත් ඇදගෙන (අ)
ටවුන් එකේ පෙට්ටි කඩවලින් පවා පලතුරු හෙම ඉල්ලනවා අපි දැකල තියනවා. විශේෂයෙන් රත්නපුර රථ වාහන අංශයේ නිලධාරීන් අම්ම අප්පා අඳුනන්නේ නැති කුහක පිරිසක්. ජනතාවගෙන් යැපෙන ගමන් මිනිසුන්ටම හදිසියකට වාහනය නතර කරගන්න දෙන්නේ නැති අය. තුන්වේල පිරිමහ ගන්නේ අසාධාරන සල්ලි වලින්. දවසක දිට්ට ධම්මය නාවොත් තමා පුදුමය. (ස)
මට පේන විදියට මෙම ත්‍රි රෝද රථ කරුවන් සමග මොනවා හෝ අමතර රාජකාරී කරන කෙනෙක් වාගේ මෙම පොලිස් සැරයන් , ඔහු නැති වුනොත් වන පාඩුව ඉමහත් නිසා , ත්‍රි රෝද රියදුරන්ට වහාම ඔහුගේ සේවය අවශ්‍ය වෙලා වාගේ , දෙනෝ දාහක් මැද ගැහැනියකට පහරදුන් සැරයන් පැත්ත ගන්නේ , මොකද කියා සැකයක් ඇතිවේ , ත්‍රි රෝද රියදුරන්ට බිරියන් , අම්මලා අක්කලා නංගිලා නැද්ද , ඔවුන්ට මෙහෙම දෙයක් අනාගතයේ උනොත් ? (ස)
දෙපැත්තම බලන්ඩ ඕනේ නේද තීරණයක් ගනිද්දි. වීඩියෝ වලින් පෙන්නන හැම දේම ඇත්ත නෙමේ. වීඩීයෝ කරන අය හැම දේම වීඩියෝ කරන්නේ නෑනේ. (ස)
අනුන්ගේ දේ ගැන විවේචනය කර කර ඉන්නවාට වඩා තමන් දන්නදේ හරියට කරපන් කිව්වා (දිල්)
මම හිතන්නේ සාමාන්‍ය ජනතාව හමුවේ නීතිය අතට අරගෙන හැසිරෙන නිලධාරීන්ට වගේම බලවත් පුද්ගලයන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකරන නිලධාරීන්ටත් පරීක්ෂණ තියන්න අවශ්‍ය බවයි.(අ)
මේ ත්‍රි රෝද රථ රියදුරන්ට අදාළ කාන්තාව සමග කර ඇති ගනුදෙනු සම්බන්ධයෙන් විවිධ ගැටළු තිබෙන්නට ඇති. කාන්තාවට අමානුෂිකව පහරදුන් ඒ පොලිස් නිලධාරියාට පොලිස් සුනඛයින්ගෙන් ගතහැකි ආදර්ශ බොහෝ තිබෙනවා.(අ)
පොලිසියට විතරක් නොව විවාහක සැමියාට වත් මේ වගේ පහරදෙන්නඅයිතියක් නැහැ . (දිල්)
කොහොමටත් ගහන්න බැහැ (දිල්)
ගහපු වීඩියෝ එකත් බැලුවා. ගැහැණු කෙනා කියපු කතාවත් ඇහුවා.කොහොම වුණත් මොන හේතුවකටවත් නිල ඇඳුමින් කළ ඒ පහරදීම අනුමත කරන්න බැහැ.සාජන් මහත්තයට තිබුනේ මෙයාට පොලිසියට එන්න කියලා එතැනදී අවශ්‍ය විදියට ගැහැණු පරාණ දෙකතුනක් දාලා කළයුත්තක් කරන්න (නි)
දැන් මේ දාලා තියෙන ප්‍රතිචාර දැක්කම තේරෙනවා ලංකාවේ මිනිසුන්ගේ මනස ක්‍රියාකරන්නේ කොහොමද කියලා. වැරැද්ද හා නිවැරැද්ද හඳුනන්නේ නැහැ. (නි)
රන්ජන් ,ඔබ කියන පොලිසියට කවුද ඔය බලය දුන්නේ? මේ රටේ ඕනෑම පුරවැසියකුට අපේ රට තුළ ,නිදහසේ ජීවත්වෙන්න ,නිදහසේ ගමන් කරන්න, කැමති ආගමක් ඇදහීම ,දේශපාලනය කිරීම අපේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවෙන් ස්ථාපනය කරලා තියනවා. (නි)
මේ පොලිස් නිලධාරියා අර ගැහැණිගෙන් ඇයට ගහපු තැනදීම ප්‍රසිද්ධියේ සමාව ගත යුතුයි (නි)
ඒ අතින් ඩුබායි රටේ පොලිසිය මොනතරම් ශිෂ්ටසම්පන්නද? මොනතරම් කාරුණිකද? (නි)
ඇය වීදි ගැහැණියක් හෝ කවුරුන් වුවත් මෙම පහරදීම අනුමත කළ නොහැකියි (නි)
දිනූගේ කතාව සහතික ඇත්ත. (නි)
ගිර සැරේ මම නිවාඩුවට ලංකාවට ගිය වෙලේ මගේ වාහනය ත්‍රීරෝද පාර්ක් එකෙන් මීටර් 30 කටත් එහාහින් නවත්වලත් මට ගහන්න ආවනේ. හරියට ඔවුන් පාර සින්නක්කරයටම බදු අරගෙන වගේ. මෝඩයොත් එක්ක හැප්පිලා වැඩක් නැති නිසාත්,ලංකාවේ කොයිවෙලේ මොන ආකාරයට ,කාගෙන් කන්න වේවිද කියලා විශ්වාසයක් නැති නිසාත් ඉවසාගෙන යන්න ගියා.රටේ නීතිය බල්ලටම ගිහින් කියන්නේ නිකම්ම නොවෙයි. (නි)
කාන්තාවන් කොහොමත් දිනනවා. පිරිමි අපි ගුටිකෑවත් වැරදියි (නි)
පොලිසියට හෝ ඕනෑම අයෙකුට තම ආත්මාරක්ෂාව සඳහා බලය පාවිච්චි කළ හැක. එහෙත් සීමාව ඉක්මවා එසේ කළනොහැක. (නි)
මට නම් පෙනෙන්නෙ ත්‍රීරෝද රථ රියදුරන් වාසිය තකා පොලීසියේ පැත්ත ගන්නවා වගේ. මොන වරද කළත් කාන්තාවකට පහරදීම වැරදියි. අයුතු ලෙස ක්‍රියාකරන මෙවැනි නිලධාරින්ට උපරිම දඩුවම් කළ යුතුයි. එය අනාගතයට යහපතක් වේවි. (නි)
ත්‍රීරෝද හරියන්නේ අග්නිදිග ආසියාවේ බූරුම රටවල් වලට (නි)
මේ කාන්තාව ගැන අපි හොඳට දන්නවා (නි)
ඔය ගුටිකාපු කෙනා නැතුව, ඇමති කෙනෙක්ගෙ හරි මන්ත්‍රී කෙනෙක්ගෙ හරි කෙනෙක් ඔහොම ගුටිකෑවා නම් මම මේකට එකඟ වෙනවා (නි)
එහෙම ගභන්න අයිතියක් පොලිසියට නැහැ (නි)
මා වීඩියෝ දර්ශනය දුටුවා.මොන වැරැද්ද කළත් ඒ කාන්තාවට එලෙස ප්‍රසිද්ධියේ දඬුවම් කිරීම වැරදියි.එම කාන්තාව අත්අඩංගුවට ගෙන නීතිය හමුවට පමුණුවන්න තිබුනා. (නි)
පිරිමි පොලිස් නිලධාරියෙකුට කාන්තාවකට අතක් තියන්න අයිතියක් නැහැ. මොහුට නීතියට අනුව දඩුවම් කළ යුතුයි. (නි)
පොලිස් නිලධාරියෙක් කියන්නේ නීතිය සාමය රකින පුද්ගලයෙක්. කාන්තාවකට ප්‍රසිද්ධියේ පහරදීම විනය කඩකිරීමක්. ඒ නිසා ඔහුට දඩුවම් කළ යුතුමයි. ත්‍රීරෝද කට්ටියට යම් බලපෑමක් ඇති. නැත්නම් පොලිසියේ සහය ඒ අයට ලබාගන්න කරන වැඩක් වෙන්නත් පුලුවන් (නි)
පොලිසියේ අයයි, ත්‍රීරෝද අයයි දෙගොල්ලොම ගැන අපි හොඳට දන්නවා (නි)
මේ කාන්තාව සැරයන් කෝපකරවා මේ සිදුවීම ඇතිකරගත්තා කියලයි මම නම් කියන්නේ (නි)
මේකට එතරම් කලබල වෙන්න එපා. මොකද මේ දෙපාර්ශවයම ගැන අපි දන්නවා (නි)
ත්‍රීරෝද රියදුරන්ට ආදායම හොඳයි මෙහෙම අය ඉන්නකම් (නි)
කවුරු මොනවා කිවුවත් එම නිළධාරියාට නීතිය අතට ගන්න බැහැ (නි)
මෙවැනි ලියන් සමඟම කියැවෙන අනෙක් වචනය තමා ත්‍රීරෝද රියදුරන්. මෙයාලා දන්න නීතියක් නැහැ.තමාගේ සහෝදරියකට මෙහෙම කළා නම් කියලා හිතන්නවත් බැරිද? (නි)
තප්පරෙන් එ් මනුස්සයා ගණිකාවක් කියලා හංවඩු ගහලත් ඉවරයි.සමහර විට දරුවො ඉන්න අම්මා කෙනෙක් වෙන්න ඇති.ලොකේ තියෙන මහ ජරාම සමාජයක් තියෙන රටක් (අ)
ත්‍රී වීල් රියදුරෝ දන්නා නීතියක් නැහැ. පහර දෙන්න කාටවත් අයිතියක් නෑ. (අ)
දී කිරට බළල්ලුත් සාක්කිලුනේ! (නි)
ඔය කියන ත්‍රීවීල් අයියලා කරන වැඩ දන්නේ බජාර් එකේ ඉන්න අයම තමයි. (නි)
අමානුෂික ලෙස පහර නොදී, වැරදි විසඳන්න පොලීසියට මහා අමාරුවක් තියනවද? අපරාධ වලට වැඩෙන්න දෙනවා.ඒවායින් ජීවත් වෙනවා. අන්තිමට එයින්ම මියයනවා. හැබැයි ලොකු මිනිස්සු කරන ලොකු ලොකු වැරදි යටයනවා. සාජන්ලා මඩකනවා. (නි)
පොලිස් නිලධාරියාට එරෙහිව සිවිල් නඩුවක් ගොනුකර,වන්දියක් ලබාගන්න පුළුවන්. (නි)
මෙයාලා මොකද ඒ පැත්ත ගත්තේ? (නි)
කෙනෙකුට ප්‍රතිප්‍රහාර එල්ල කරන්න පුළුවන් සීමාවන් තිබෙනවා. අනික මෙතන මේ ගැහැණිය කිසිම පහරක් මේ නිළධාරියාට ගහන්නේ නැහැ. මේ කාන්තාවගේ චරිතය මොකක් වුණත් මේ වගේ තිරිසන් විදියට මහ පාරේ ගහන්න කිසිම කෙනෙකුට අයිතියක් නැහැ. (නි)
අපි රත්නපුරේ. මේ කාන්තාවගේ හැටි දන්නා නිසා තමයි මෙයාට ගහද්දි මිනිසුන් බේරාගන්න ආවේ නැත්තේ. අපරාදේ පොලිස් නිලධාරියා! (නි)
මෙවැනි කාන්තා හිංසන තරයේ හෙළා දකිමු. පොලිසියේ මහත්තයාට නීතිය තදින්ම ක්‍රියාත්මක කරන මෙන් අප පොලිස්පතිතුමාගෙන් ඉල්ලා සිටින්නෙමු! (නි)
කෙනෙකුගේ මාලයක් කඩන එකෙක් අහුවුණොත් මිනිස්සු වටකරගෙන ගහනවා, කිසිම වැරැද්දක් කියන්නේ නැහැ. මේ කාන්තාව මාල කැඩුවේ නැති වුණත් නගරයේ ගැවසෙන්නේ අහිංසක මිනිසුන්ව අල්ලාගෙන මුදල් කඩාවඩා ගැනීමට නම්, මේ පොලිස් නිලධාරියා කළේ වැරදි දෙයක් නොවේ (නි)
ප්‍රියන්ත ,මේක ශ්‍රී ලංකා පොලිසිය. පොලිසිය තියෙන්නේ නීතිය හා සාමය රකින්න මිසක් ඔබ වගේ අයගේ නියෝග හෝ ඉල්ලීම් ක්‍රියාත්මක කරන්න නොවේ (නි)
ඉතින් ඒ මනුස්සයා වරදක් කළා නම් අත්අඩංගුවට ගන්නනේ තිබුනේ! (නි)
මොන දේ කළත් එහෙම ගහපු එක සම්පුර්ණයෙන් වැරදියි. (නි)
ලංකාවේ ත්‍රීරෝද රියදුරන් බහුතරය ගැන අපි හොඳින් දන්නා නිසා මේ කතා ගැන එතරම් කලබල වියයුතු නැහැ (නි)
තමන්ගේම කෙනෙකුට ඔහොම වුණා නම් ඔහොම කියන එකක් නැහැ (නි)
සාජන් මහතාගේ පැත්තට ආවඩලා පොලිස්සියෙන් ලකුණු දාගෙන ටික දවසකට දඩ කොළවලින් බේරිලා ඉන්නද හදන්නේ කියලත් හිතෙනවා. එහෙමනම් බොරදියේ මාලු බානවා කියන්නේ මේවට තමයි. මෙයාලා දන්නවා හැමතැනම වෙන අකටයුතුකම්. (නි)
නිහාල් හරි. පොලිසියට දඬුවම් කරන්න බලතල දුන්නේ කවුද? නිල ඇඳුම දාගත්තහම සමහර අයට තමන් කවුද කියලා අමතක වෙනවා. (නි)
ත්‍රීරෝද සංගමයට විරුද්ධවත් උසාවි යන්න පුළුවන්, නීතිය ක්‍රියාත්මක කිරීමේදී අනිසි ලෙස මැදිහත්වීම පිළිබඳව. (නි)
වීඩියෝ එකත් බැලුවා. මාධ්‍ය ඉදිරියේ කාන්තාව කී කතාවත් ඇහුවා. කොහොම වුණත් මොන හේතුවකටවත් නිල ඇඳුමින් කළ ඒ පහරදීම අනුමත කරන්න බැහැ. සාජන් මහත්තයාට තිබුනේ මෙයාට පොලිසියට එන්න කියලා එතැනදී අවශ්‍ය විදියට කටයුතු කරන්න. කළ දේ හරි.කළ ක්‍රමය තමයි වැරදි (නි)
අද කාලේ නිවැරදි වන්නේ වැරදි කරන අය තමයි (නි)
උඩ තියන අදහස් බැලුවම මට හිතෙන දේ තමා ඉන්න කිසිම කෙනෙක් ලංකාවේ හැටි දන්නෙ නැහැ කියලා. මොකද අපේ සිංහල කතාවක් තියනවනේ ලොකු අය කරන දේ තමා පොඩි අයත් කරන්නෙ කියලා. ලංකාවේ දුෂණය වැඩිවෙලා, නීතිය වල්වැදිලා. සැමට පොදු නීතියක් තියෙන්නේ ව්‍යවස්ථාවට විතරයි. ඒකත් ක්‍රියාත්මක වෙන්නේ නැහැ හරියට. එහෙම රටක කොහොමද මේක වැරදියි කියන්නේ? මගේ මේ අදහස ගැන ඕනෑ කෙනෙකුට අදහස් දක්වන්න පුලුවන්. ඒවටත් මම උත්තර දෙන්නම්. (නි)
මං මේකට කමන්ට් නොකර හිටියේ මේකේ ඇත්ත පැත්ත දන්න නිසා.ඔයාල දකින විදිහට මෙතන පොලිසියෙ කෙනා වැරදී.මොකද කාට වුණත් මෙහෙම ගහන්න බැරි නිසා.නමුත් ඔය කාන්තාව ගණිකාවක්,ඒ වගේම පිට්පොකට් ගහන කෙනෙක්.රත්නපුර බස් නැවතුම්පොලේ ගැවසෙන ඕන කෙනෙක් ඒක දන්නව.අනික් දේ තමා ඉස්සර බස් නැවතුම්පොලේ හවසට කාටවත් ඉන්න බෑ.තියෙන කඩ වලටත් වෙළදාමක් නෑ.මොකද ගෑණු කෙනෙක්ට ඉන්න බෑ.ළමයින්ගෙන් සල්ලි එකතු කරනව,එච්චර කුඩු කාරයොයි,ගන්ජ කාරයොයි හිටිය.ඔය පොලිස් මුරපොල දැම්මට පස්සෙ කාටවත් ඉන්න දුන්නෙ නෑ.පාසල් ළමයි ඉස්සර ස්ටැන්ඩ් එක උඩ සිගරැට් බොනව.එ්ව ඔක්කොම නැති කළේ ඔය පොලිසියෙ අය තමයි.ඔය ගෑණු කෙනාට බස් නැවතුම්පලට එන්න දෙන්නැතුව පොලිසිය පන්නනව.මොකද ආවොත් නඩුවක්.එදා ඔය කියන කාන්තාව තවත් ඔය රැකියාවෙම ඉන්න කාන්තාවක් එක්ක බස් නැවතුම් පොල මැද්දෙ රණ්ඩුවෙලා.(වයාපාරික ගැටලුවක්ලූ)ඕක බේරන්න ගියාම මේ කාන්තාව පොලිස් නිලධාරියාට අසභ්‍ය වචනෙන් බැනල ඕකට මල පැනල තමයි ඔහොම ගහැවුවෙ.වීඩියෝ කරපු කෙනාට අහූවුනේ අන්තිමටික.ඔන්න ඕකයි යාළුවනේ ඇත්ත. (අ)
සාජන් මහත්තයා වැරදිනම් සාමාන්‍ය ජනතාව සාජන් මහත්තයාගේ පැත්ත ගන්නේ නෑනේ. මේකෙ තියන අදහස් දැක්කම මට මතක්වුනේ මෙන්න මේ වාක්‍ය ‘‘ගැණුත් එක්ක වැඩ කරන්න පුළුවන් චීත්ත අදින පිරිමි එක්ක තමයි බැරි“ (ස)
පොලිස් නිලධාරියෙක් විදියට කාන්තාවකට ඔය විදියට දඬුවම් කරන්න අයිතියක් නැහැ. ඒකට දඬුවම් ලැබුණා.. මෙවැනි කාන්තාවන් නීතිය ඉදියට පමුණවා උපරිම දඬුවම් දිය යුතුයි. (අ)
මේක ගිය දුරක්! රත්නපුරේ බේරගන්න මේක වෙනකම්ම හිටියෙ මොකෝ? මීට කලින් උද්ඝෝෂණ කරන්න තිබුනනේ (නි)
ත්‍රීරෝද රියදුරෝ දැන් හිතාගෙන ඉන්නේ දැන් එයාල පොලිස්පතිතුමාටත් වඩා ඉහළයි කියලා වගේ නේද? අද ගෙදර ගිහින් බලන්න තමන් මොන පන්තිය සමත් වෙලාද ඔය රස්සාවට ආවේ කියලා? තමුන්ගේ රස්සාව කරගෙන ඉන්න. (නි)
ප්‍රසිද්ධියේ කසපහර දීම, මරණ දඬුවම දීම බොහෝ රටවල තවමත් ක්‍රියාත්මක වෙනවා. ලංකාවේ ලිඛිත නීතිය බොහෝවිට ක්‍රියාත්මක වෙන්නෙ නැහැ (නි)
දුමිදු ,පසිදු, සම්පූර්ණ ඇත්ත. ඕවා නවත්වන්න ගියාම ප්‍රශ්න. ඒවාට කැමති අයත් ඉන්නවනේ. හැමදේම නඩු දාලා කරන්න බැහැ. සමහර අය කියනවා තමන්ගේ අයට එහෙම වුණා නම් කියලා. හැමෝගෙම අය මෙහෙම වැඩ කරන්නේ නැහැ (නි)
ඔය කාන්තාව ගැන දන්නා කෙනෙක් නම් කියන්නේ මෙහෙම ගහපු එක හරි කියලයි. මෙහෙම නොකරන නිසා තමා සමාජය මේතරම් පිරිහිලා තියෙන්නේ. මෙහෙම දඬුවමක් දුන්නහමවත් හැදුනොත් නේද අපේ සමාජයට හොඳක් වෙන්නේ? නැත්නම් නීතිය වෙනස් වෙන්න ඕනෑ. එක පොලිස් නිලධාරියෙකුට මේක කරන්න බැහැ. ඒක කරන්න ඕනෑ ඉහළ නිලධාරීන් (නි)
කොහොමද සැරයන්ගේ බිරියට හරි ත්‍රීරෝද රථ රියදුරෙකුගේ බිරියකට හරි ඔය දෙය වුණා නම්....... ? (නි)
තවත් කාන්තාවක් සමඟ බැනගනිද්දී, සාජන් රණ්ඩුව නවත්වන්න කියලා. සාජන්ටත් බැන්නම හිනාවෙලා අහක බලාගන ඔලුව පහත් කරගෙනද ඉන්න ඕනෑ? ( නමුත් ඔච්චර ගහපු එක නම් වැරදියි. පොලිසියට ගෙනියන්නයි තිබුනේ)අපරාදේ රස්සාවත් නැතිවුණා (නි)
කාන්තාවකට, මෙලෙස දඩුවම් කිරීම ශ්‍රී ලංකාව වැනි රටක අනුමත කළ නොහැකිය. මොන වරදකට හෝ දඩුවම්කිරීමට ක්‍රමයක් ඇත. මේ සෞදි අරාබිය නොවේ බව අපේ ශ්‍රී ලංකා පොලිසිය මතක තියාගන්න..පිරිමියකු විසින් කාන්තාවකට පහරදීම මොන ලැජ්ජනැති වැඩක්ද.(අ)
අමන්දා, ඔයා එහෙම කියන්න එපා. වෙන කෙනෙකුට මේ කාන්තාව සමාන කරන්න එපා. ඔයා රත්නපුර නගරය අාසන්නව ඉන්න කෙනෙක් නම් ඔහොම කතාකරන්නේ නැහැ. මෙයා සමාජයට පිලිලයක්. මෙයා කුනුහරපෙන් පොලිස් නිලදාරියට බනිනවා. ගලකින් ගහන්න හදනවා. එ් ටික මේ වීඩියො එකේ නැහැ. ඔය දේ නොකලා නම් ඔය පොලිස් සැරයන්ගේ කොන්ද පන නැහැ කියල කියන්නෙත් මේ බනින අයම තමා. මට දුක මේ දේ වෙන්න මෙච්චර පරක්කු වෙච්ච එක. (නදී)