කොල්ලුපිටි සිට නගර ශාලාව දෙසට පාරේ වැරදි මංතීරුවෙන් ධාවනය කරමින් තිබූ ත්‍රීරෝද රථයක් ආලෝක සංඥා ආසන්නයේ දී කහ ඉර හරහා යළි මන්තීරුව මාරු කරමින් ධාවනය කළේය.
මාර්ග නීති එළි පිටම කඩ කරමින් අන් රියදුරන්ටද බාධා සිදුවන අන්දමින් සිය ත්‍රීරෝද රථය ධාවනය කළ රියදුරුට එරෙහිව නීතිමය පියවර ගැනීමට කිසිවකු නොවීය.








COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ මිනිස්සු දාලා තියෙන අදහස් වලින් තේරෙනවා අපේ රටේ මිනිසුන්ගේ ආකල්ප. ගොඩක් තියෙන්නේ මෝඩ අදහස්. රටක් විදියට ඉස්සරහට යන්නේ කොහොමද? (නි)
මේගොල්ල නීතියක් දන්නෙම නැති කොටසක් කනගාටුවෙන් උනත් කියන්න තියෙන්නේ අනාගතයේ ලොකු ව්‍යසනයක් මේ උදවිය නිසා පාරක යන්නම බැහැ. (ර)
මේ විදියට රියදුරන් කරන වැරදි ෆොටෝ ගහලා මාධ්‍යයට දාන්න පුළුවන් ක්‍රමයක් හදන්න. ඊටපස්සේ දඩුවම් දෙන්න ඕනෑ. නීතිය නොදකින ගොඩාක් වැරදි වෙනවා. (නි)
මේක ලොකු වරදක් තමා. ඒ වුණාට අටවත් පාස් නැති මන්ත්‍රීලා යන විදිය පේනවනේ (නි)
පොඩි වාහන වලට මොන මාර්ග නීතිද? යන්න පුලුවන් නම්, පොලිසියත් නැත්නම් ගියා. ගේන්න හිතාගෙන ඉන්න වාහනෙත් මීට වෙනස් වෙන්නේ නැහැ. (නි)
මේවා නිසා තමයි අනතුරු වෙන්නෙ. මේ නොසැලකිළිමත් මිනිසුන්ට දෙන්න ඕනෑ සුපිරි දඬුවමක් (නි)
ත්‍රීරෝද රියදුරෝ කියන්නේ මහා පුදුම ජාතියක් (නි)
අද අවිශ්වාසයේ සංකේතය ත්‍රී රෝද රියදුරාගේ සිග්නල් එක බවට පත්වෙලා. දකුණට සිග්නල් දාලා වමට හරවනවා. වමට දාලා දකුණට හරවනවා. පිටුපසින් එන රියදුරන් තමයි අමාරුවේ වැටෙන්නේ. (නි)
ප්‍රසන්න විතරයි ලංකාවේ ඉන්නේ. උගත් සහ රට දියුණු කරන්න ත්‍රීරෝද අදහස් තියෙන්නේ. (නි)
ත්‍රීරෝද රියදුරු බලපත්‍ර දීමට මූලික සුදුසුකම් ලෙස වයස අවුරුදු 45 ට වැඩිවීම සහ අවුරුදු 10ක බරවාහන පැදවීමේ පළපුරුද්ද තිබිය යුතු බවට නව නීති ගෙන ආ යුතුයි. ඒ මඟින් ඔය ඇතිවෙන බහුතරයක් ත්‍රීරෝද රථ සම්බන්ධ මාර්ග අනතුරු අවම කරගැනීමට පුළුවන්! (නි)
නිතිය නොදැනිම සමාවක් නොවේ, රියදුරෙක් නම් මාර්ග නීති ගැන දන සිටීම අනිවාර්යයි , සලකුණු බලලා ඒවා තේරුම් ගන්න බැරිනම් කොහොමද බලපත්‍රයක් ගත්තේ (ම)
ගොඩක් දුරට කොළඹ පාරවල් දන්නේ නැහැ වැඩි පිරිසක්.අනික අපේ රටේ මිනිස්සුන්ට දෙයක් බලලා කියවලා වටහාගැනීමේ වුවමනාවකුත් නැහැනේ.(ම)
ලොකු මිනිස්සු මේවා කරනකොට පොලිසියත් අහක බලාගන්නවා (නි)
එ්ක නම් හොඳ දෙයක්, දැන් නොම්මරයත් තියන නිසා සාධාරණ දඬුවමක් දෙන්න. (නි)
කොළඹ පාරවල් දන්නේ නැති කෙනෙක් වෙන්න පුලුවන්. (නි)
මේක වන්වේ කියලා නොදැන ගිහින් වෙන්න ඕනෑ. මොකද මේක කොළඹින් පිට වාහනයක්. ඇමැතිලාගේ වාහන යන්නෙමත් වැරදි පැත්තෙන් (නි)
මේ ස්ථානයේ පොලිස් නිලධාරියෙක් සිටින්න නැතුව ඇති. (ර)
ත්‍රීරෝද රියදුරා, දේශපාලනය කරන කෙනෙක් වෙන්න ඇති. (නි)
ඔය ජරා වාහන තහනම් කරලා ටැක්සි විතරක් අනිවාර්ය කළා නම් කාටත් හොඳයි. අනතුරු අඩුවෙනවා වගේම ත්‍රිවිල් නිසා අවලස්සන වන නගරය නැවතත් අනතුරු, අපරාධ අඩු තැනක් වේවි. (නි)
ෂා! මරු ධාවනය. මේක ත්‍රීරෝද ලංකාවට ගෙනඑ්මෙන් ඇතිවුණ සංස්කෘතිය. බොහෝ වෙලාවට අර එෆ් එම් ගුවන් විදුලි සේවයක වැලේ වැල් නැති සංගීතය දාලා ඇති. (නි)
මාධ්‍යය සහ තාක්ෂණය මේ විදියට එකතු වුණොත් ලොකු උදව්වක්. ලංකාදීප පුවත්පතට තුති! (නි)
මෙම රථයේ නොම්මරය පළකළාට ගොඩක් ස්තුතියි. මින් ඉදිරියටත් එසේම කරන්න. පුලුවන්නම් පත්තරේ වෙනමම පිටුවක් මේ සඳහා වෙන්කරන්න (නි)
ලංකාවේ මාර්ග නීති වැඩිහරියක් කඩකරන්නේ ත්‍රීරෝද රියදුරන් සහ යතුරුපැදිකරුවන්. ඒ මදිවාට කුණුහරුපෙන් බැනගෙනත් යනවා. ත්‍රීරෝද රැකියාව වයස අවුරුදු 45 ඉක්ම වූ අය සඳහා පමණක් සීමාකර, තරුණ ශ්‍රමය රටේ සංවර්ධනයට යොමු කරන්න. මාර්ග නීති තවත් දැඩි කරන්න. (නි)
අසරණ මිනිසුන්ගේ බත් පිඟානටත් ටැක්ස් ගහන්නේ නැතුව, වැරදි කරන මේ වගේ අයගෙන් දඩ එකතුකර ගන්න. ලංකාදීපයට ස්තුතියි. (නි)
ඕක තමයි අරගොල්ලෝ කලින්ම කිව්වේ. ඔය ත්‍රීරෝද වසංගතය තුරන් කරන්න දැන් ක්‍රමවේද ක්‍රියාත්මකයි (නි)
මේක “Sri Lankan Traffic Violations“ ෆේස්බුක් පිටුවට යවමු (නි)
මේ ත්‍රිරෝද රථය සබරගමුවේ එකක් නිසා රියැදුරා මාර්ග නීති හරියට දන්නේ නැතුව ඇති. සමහරවිට රියදුරු බලපත්‍රයක් නැතුව ඇති (නි)
මේ අයගේ හැටි ඔහොමම තමා... එකනේ මේ අනතුරු වැඩි... බැලුවොත් කොහෙන්හරි රිංගන්න තමයි හදන්නේ අනතුරු වලට වැඩියෙන්ම හේතුව මේවා තමයි. (ර)
මේවාට නීති නැතිනම් රටට දෙවියන්ගේ පිහිටයි.! (ර)
ත්‍රී වීල් මලයට හොඳ පරිප්පුවක් කන්න වෙනවා මෙදා පාර නම්. ලංකාදීපයට තුති. (ර)
හොඳ දෙයක් නොම්මරය පළ කරපු එක. දැන්වත් වගකිව යුත්තන්ගේ ඇස් ඇරෙයිද? (ර)