IMG-LOGO

2024 සැප්තැම්බර් මස 21 වන සෙනසුරාදා


ත්‍රීරෝද රියදුරන්ටත් ආචාරධර්ම

මෑත සමයේ වාර්තාවූ මත්කුඩු ජාවාරම් ආදී නොයෙකුත් සමාජ විෂම ක්‍රියාවන් සඳහා ත්‍රීරෝද රථ හා ඒවායේ රියදුරන් හවුල්කරුවන් වී තිබීම ගැටලුකාරී තත්ත්වයක් බව අන්තරාය ඖෂධ පාලන මණ්ඩලයේ සභාපති වෛද්‍ය තිලංග සමරසිංහ මහතා කියයි.

මේ තත්ත්වයට පිළියමක් ලෙස ත්‍රීරෝද රථ රියදුරන් වෙනුවෙන් ආචාරධර්ම මාලාවක් හඳුන්වාදීම සුදුසු බව ඒ මහතාගේ අදහසයි.

එවන් ආචාරධර්ම මාලාවක් සකස් කර ඇති ඔහු එය මේ වන විටත් ජනපති මෛත්‍රීපාල සිරිසේන ජනපතිවරයාට පිළිගන්වා ඇත.

ත්‍රීරෝද රථ බලපත්‍ර ලබාගැනීම සඳහා වයස අවුරුදු 25 සම්පූර්ණ කළයුතු වීමත්,ත්‍රීරෝද රථ රියදුරන්ගේ මාර්ග විනය සංවර්ධනය කෙරෙන වැඩසටහන් ක්‍රියාවට නැංවීමත්,ඔවුන් අත ගැවසෙන මුදල් නිසි ලෙස කලමණාකරණය කරගත යුතුවීමේ වැදගත්කම ගැන ඔවුන් දැනුම්වත් කිරීමෙන් නොයෙක් දුරාචාර ක්‍රියාවන්ට ඔවුන් යොමුවීමෙන් වළක්වා ගැනීමත්,ත්‍රීරෝද රථ පැදවීමටත් අධ්‍යාපන සුදුසුකම් සැපිරීම අනිවාර්ය සුදුසුකමක් කිරීමත් වැනි යෝජනාවන්ද මෙම ආචාරධර්ම මාලාවේ අන්තර්ගතය.

බාල වයස්කාර විවාහයන් සිදුවීමේ ප්‍රවණතාවයේ ඉහළ යෑමක් දැකගත හැකි බවද කියන වෛද්‍ය තිලංග සමරසිංහට අනුව මෙම තත්ත්වයද ත්‍රීරෝද රථ පැදවීම රැකියාවක් ලෙස තෝරාගැනීමට වර්තමාන තරුණ පරම්පරාව යොමුකර තිබෙන්නකි.

ෙඑනිසා එවන් විවාහයන් සීමා කිරීමටද පියවර ගතයුතුව ඇතැයිද ඒ මහතා පවසයි.



අදහස් (0)

ත්‍රීරෝද රියදුරන්ටත් ආචාරධර්ම

කරුණාපාල Friday, 16 October 2015 01:21 PM

ත්‍රි රෝද රථ රියදුරන් ගැන විතරක් නෙමේ, ඔය ත්‍රි රෝද රථය ගැනත් අපිට නම් ගැටළු තියනවා. ඕක මහා මාර්ගයකට සුදුසු වහනයක් නෙමේ. දියුණු සංවර්ධිත රටවල් නම් ඔවැනි පාරට නුසුදුසු වාහන ගන්නේ නැහැ. (ර)

:       0       0

රණේ Friday, 16 October 2015 01:54 PM

මැති ඇමති රියදුරන්ටත් ආචාර ධර්ම කියලා දෙන්න. (ර)

:       0       0

ආචාර්ය එඩ්වර්ඩ් පෙරේරා ජර්මනිය Saturday, 17 October 2015 02:10 AM

සමාජ විද්‍යාත්මක දෘෂ්ටි කෝණයන් බලනවිට ත්‍රිරෝද සංස්කෘතිය කියා උප සංස්කෘතියක් ශ්‍රී ලංකා සමාජ ආර්ථික සන්දර්භය තුළ පැහැදිලිව හඳුනාගන්න පුළුවන්. ඇති නැති පරතරය පුළුල් වූ වේගයට සමානුගාමිකව දුප්පතාගේ එකම වාහනය බවට පත්වූ මෙම මගී ප්‍රවාහන රථය හොඳින් හෝ නරකින් ජන ජීවිතයට ඇතුළු වී අවසානයි. කිසියම් සේවයක් සළසන එමෙන්ම තරුණ පරපුරේ රැකියා වියුක්තියට එක් තාවකාලික විසඳුමක් ලෙස මෙය සමාජගත වුවත් අපරාධ උප සංස්කෘතියේ වෙන්කළ නොහැකි උපාංගයක් බවට ත්‍රීවීලරය පත්වීම වැළැක්වීමට කිසිම බලධාරියෙක් අපොහොසත් වුයේ එය ඒ තරම් ජන ජීවිතයට සමීප වූ නිසයි. ත්‍රීවීර් රියදුරන්ට පමණක් ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වා දෙනවා කියන්නේ අතීසාරයට අමුඩ ගැසීමක්. වැරදි දේශපාලන හා වැරදි ආර්ථික කළමනාකාරිත්වයේ අවජාතක දරුවන් ලෙස හැඳින්විය හැකි නීති උල්ලංගනය, විනය විරෝධී වීම, ආචාර ධර්ම වලින් ඈත්වීම වැනි සමාජ විරෝධී ක්‍රියා හටගත්තේ ත්‍රිරෝද සංස්කෘතිය හරහා නොව සමස්ත සමාජයම වෙළාගත් සාරධර්ම පරිහානිය නිසා බව අවබෝධ කරගනිමින් රටටම පොදු ආචාර ධර්ම පද්ධතියක් හඳුන්වාදීමට රජය නොපමාව ක්‍රියා කළයුතුව ඇත. (නි)

:       0       0

සිල්වි Friday, 16 October 2015 02:43 PM

මමත් කියන්නේ ත්‍රී රෝද රථ ලංකාවට ගෙන්වීම පාලනය කල යුතුයි .(අ)

:       0       0

සරත් Saturday, 17 October 2015 04:39 AM

ත්‍රීරෝද රියදුරන්ටත් ආචාරධර්ම කියා දෙනවනම් හොදයි. (ර)

:       0       0

සමන්ත Saturday, 17 October 2015 04:41 AM

ත්‍රීරෝද රථ වලින් තම වැඩිම ගානක් මරණයට පත් වන්නේ. (ර)

:       0       0

ගැමුණු Friday, 16 October 2015 04:49 PM

ත්‍රිරෝද රියදුරන්ටද ,යතුරුපැදිකරුවන්ටද, ඇතැම් ප්‍රභූ රියදුරන්ටද සහ පුද්ගලික බස් රියදුරන්ටද ආචාර ධර්ම මාලාවක් සැදිය යුතුයි. (නි)

:       0       0

කමල් Friday, 16 October 2015 05:49 PM

රටේ මාර්ග තදබදය අවම කිරීමට සහ විනයානුකුල වාහන ධාවනය ඇතිකිරීමට නම් අනිවාර්යෙන්ම ත්‍රිරෝද රථ සඳහා විශේෂ නීති හඳුන්වාදීම ,පවතින මාර්ගනීති ගැන රියදුරු පුහුණු කඳවුරු පවත්වා ඉගැන්වීම මාර්ග නීති කඩකරන ත්‍රිවිල් රියදුරන්ට දඩ ගැසීම හා රටේ පවතින ත්‍රිවිල් සංඛ්‍යාව අඩුකිරීමට පියවර ගැනීම අනිවාර්යෙන්ම කළයුතුයි. ත්‍රිරෝද රියදුරන් කිසිම මාර්ග නීතියක් ගැන සදාචාරයක් ගැන තැකීමක් නැතුව තම රථ ධාවනය කරනවා පමණක් නොවේ, විනයානුකූලව යන රියදුරන්ට තර්ජනය කිරීම් පවා කරනවා. මෙය නැවත්වීම යහපාලනයට කටයුතු කරන රජයට ජනතාව වෙනුවෙන් කරන්න හැකි ලොකුම සේවයක්.මෙතුවක් කල් මේ ගැන කිසිවෙක් අවධානය යොමු කළේ නැහැ. නමුත් තවදුරටත් මෙම තත්වය වර්ධනය වුවහොත් මේ රටේ මහාමාර්ග තනිකරම ත්‍රීරෝද රියදුරන් තමුන්ගේ අණසකට ගනීවි.ඉන්දියාවේ මෙය මාෆියාවක් වී අවසානයි. වහාම මේ ගැන කටයුතු කරන්න (නි)

:       0       0

දුමින්ද Friday, 16 October 2015 09:32 PM

ත්‍රීරෝද කුලී රථ සමඟ අපතේ යන්නේ රටේ සංවර්ධනයට කාර්යක්ෂමව ඵලදායීව යොදාගත හැකි ශ්‍රම බලකායයි. නිකරුනේ රථ ගාල්වල ඉන්නකොට නිකම්ම මෙම තරුණයන් හොර මැරකම් දුෂණ අපචාර වලට යොමුවෙනවා. ත්‍රීරෝද කුලී රථ ධාවනය කිරීම අඩුම ගානේ 40 වඩා වැඩි වියයුතු බවට නීති ගෙන ආ යුතුය. එවිට තරුණයන් වෘත්තීය ශිල්ප සඳහා යොමුවේ. නමුත් දැන් කොල්ලෝ බහුතරයක් ඉගෙන ගන්නවත්, වෘත්තීය අධ්‍යාපනයටවත් උනන්දු නොවේ. සා. පෙ. ඕනෑවට එපාවට කර (දෙමාපිය බලයට) 18 සම්පූර්ණ වූ විට රියදුරු බලපත ගෙන ලීසිං දමා හෝ රථයක් ගෙන, නීතියක් සදාචාරයක් නැතුව "තරුණ මදයට" හැසිරෙනවා. (නි)

:       0       0

සිසිර Friday, 16 October 2015 11:34 AM

හොද වැඩක්. (ර)

:       0       0

නුවන් Friday, 16 October 2015 11:55 PM

ත්‍රීරෝද රථ විතරක් නෙමෙයි,සියළුම රියදුරන්ට ආචාර ධර්ම හඳුන්වලා දෙන්න ඕනෑ. (නි)

:       0       0

සමන් දකුණු අප්‍රිකාව Friday, 16 October 2015 12:20 PM

සියල්ලටම කලින් පාරේ රිය පදවන ආචාර ධර්ම කියලා දෙන්න (නි)

:       0       0

සම්පත් Friday, 16 October 2015 12:26 PM

අංක 1ට හැදියයුත්තේ දේශපාලඥයින්. ඉන්පසු පුළුවන් ඉතිරිය (නි)

:       0       0

නවරත්න Friday, 16 October 2015 12:27 PM

තව දේවල් තිබෙනවා හැදෙන්න. සාධාරණ අයකිරීම් එහෙම (නි)

:       0       0

ජයාත් Saturday, 17 October 2015 01:39 AM

මෙයාල තමයි හන්දියක් ගානේ බුදු පිළිම හදාගෙන උදේ හවස බණ පිරිත් දමාගෙන ඉන්නේ. ඒ වුණාට අනිත් මිනිසුන්ගේ අයිතියට ගරු කරන්නේ නැත්තෙත් මෙයලමයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රාත්‍රී 10.00 සිට පැය අටක් ඇඳිරි නීතිය පනවයි
2024 සැප්තැම්බර් මස 21 813 0

අද රාත්‍රී දහයේ සිට හෙට උදෑසන 6.00 දක්වා ඇඳිරි නීතිය පනවන බව පොලිස් මාධ්‍ය කොට්ඨාසය පවසයි.


ඡන්ද පොළෙන් ඈතට යන්නැයි පොලිසියට නියෝගයක්
2024 සැප්තැම්බර් මස 21 2181 0

සූරියවැව විහාරගල ඡන්ද මධ්‍යස්ථානයේ රාජකාරියේ යෙදී සිටි පොලිස් නිළධාරීන් හා ජ්‍යේෂ්ඨ ඡන්ද ස්ථානාධිපති අතර මත ගැටුමක් ඇති වී තිබේ.


හම්බන්තොට සියයට 79යි
2024 සැප්තැම්බර් මස 21 420 1

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සියයට 79 ක් ඡන්දය ප්‍රකාශ කිරිම සිදුකර ඇති බව හම්බන්තොට දිස්ත්‍රික් තේරීම්භාර නිළධාරී ප්‍රියන්ත සුමණසේකර මහතා කීය.


ත්‍රිකුණාමලය සියයට 76යි
2024 සැප්තැම්බර් මස 21 165 0

ත්‍රිකුණාමල දිස්ත්‍රික්කයේ ජනාධිපතිවරණයට අදාළව ඡන්ද විමසීමේ කටයුතු අද (21) පස්වරු හතරට අවසන් වීමෙන් පසු දිස්ත්‍රික්කයේ ඡන්දදායකයන්ගෙන් 76.87% ඡන්දය ප්‍


පොලොන්නරුව සියයට 78යි
2024 සැප්තැම්බර් මස 21 185 0

මෙවර ජනාධිපතිවරණයේදී ඡන්දය පොලොන්නරුව දිස්තික්කයේ ජන්දය ප්‍රකාශ කිරීමේ භාවිතය සියයට හැත්ත අටක් බව දිස්ත්‍රික් තේරීම් භාර නිලධාරී සුජන්ත ඒකනායක මහත


23 රජයේ නිවාඩු දිනයක්
2024 සැප්තැම්බර් මස 21 1539 0

රජයේ විශේෂ නිවාඩු දිනයක් ලෙස සැප්තැම්බර් 23 වැනි සදුදා දින නම් කරන බව රාජ්‍ය පරිපාලන ස්වදේශ කටයුතු පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය තීරණය කර තිබේ.


වැඩි දෙනා කියවූ පුවත්





ඩයනා ඕස්ට්‍රේලියාවේ උපදී
2024 සැප්තැම්බර් මස 04 14619 15

මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 34 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 207 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 110 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site