IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


ත්‍රාසය අතරින් වින්දනය සොයා ගිය ගමනක්

2016-12-24-ent-18

සංචාරයක් සඳහා යම් ස්ථානයක් තෝරා ගැනීමේදී අප වඩාත් සැලකිලිමත් වන්නේ එම ස්ථානයේදී අපට විනෝද විය හැකිද යන්න පිළිබඳවය. නිදහසේ පෙම් සුවවිඳින්නට හැකිනම්, කාබී විනෝද වීමට හැකිනම්, සංචාරය කරන ඉසව්ව කුමක්ද යන්න බොහෝ දෙනෙකුට අදාළ වන්නේ නැත. නමුත් එසේ විනෝදයක් ලබාගැනීමට පමණක් සංචාරයක නිරත වන්නේ නම් එය තේරුමක් නැති ගමනකි.

2016-12-24-ent-23අප සෑම විටම උත්සාහ ගත යුත්තේ විනෝදයක් ලබාගන්න අතරතුර සංචාරයකින් අමතක නොවන අත්දැකීමක් ලබාගැනීමටය. අප මෙවර "තරුණයා" සංචාරය තුළින් ඔබව රැගෙන යන්නේ ත්‍රාසයෙන් පිරුණු එහෙත් කාබී විනෝදයක් ලබනවාට වඩා ජීවිතේට අමතක නොවන සංචාරක ඉසව්වක් වෙතය. අපගේ මෙවර සංචාරය සඳහා තෝරාගනු ලැබූවේ දෙස්-විදෙස් සංචාරකයන්ගේ අවධානය නිතැතින්ම වැටී තිබෙන කිතුල්ගල පුරවරය ෙවතය.

කිතුල්ගල නගරය සංචාරකයන් අතරේ එතරම් ප්‍රසිද්ධ වී තිබෙන්නේ විනෝදයත්, ත්‍රාසයත්, ආරක්ෂාවත් සහිතව "වයිට් වෝටර් රාෆ්ට්" (White Water Rafting) ක්‍රීඩාවේ යෙදීමට හැකියාව ඇති හෙයිනි. අප එම ක්‍රීඩාවට පමණක් සීමා නොවී ඉන් ඔබ්බට ගිය අවධානම් සහගත නිර්භීත ක්‍රියා රැසක නියැළීමට කොළඹ සිට අවිස්සාවේල්ල නගරය ඔස්සේ කිතුල්ගල නගරයට ගියෙමු. කිතුල්ගල පොලීසිය අසල සිට කිලෝමීටර් 2.5ක පමණ දුරින් පිහිටා තිබෙන "WILDFEAT Adventure" ආයතනය සොයා ගියෙමු. එම ආයතනය මගින් සිදු කෙරෙනුයේ විවිධ වූ ක්‍රියාකරකම් මගින් පෞරුෂත්ව සංවර්ධනය සහ නායකත්ව පුහුණුව ලබාදීමය.

එහිදී අපට කෙටි කාලයක් තුළදී ක්‍රියාකාරකම් රැසක නියැළීමට තිබූ හෙයින් වැඩි කාලවේලාවක් නොගෙන ඔවුන් විසින් ලබාදුන් ජීවිත ආරක්ෂක කබා සහ, හිස් වැසුම් පැලඳ එම ආයතනය පවත්වාගෙන යන විරාජ් වීරසිංහ සහ ෆර්හා ආරියා සමග අපි ගමන ඇරඹුවෙමු.

 

White Water Rafting

අපගේ මුල්ම ක්‍රියාකාරකම වූයේ කැලණි ගඟ දිගේ විවිධ වූ බාධක ජයගෙන බෝට්ටුවක නැගී කිලෝමීටර් 5 1/2ක දුර ගමන් කිරීමය. එය ක්‍රියාකාරකමට වඩා යම් අභියෝගාත්මක ක්‍රියාවක් බව අපට දැනුණේ අපට පෙර බෝට්ටුවල නැගී එම ඉසව්වේ නිරත වන කණ්ඩායම්වල කෑකෝ ගැසීම් සහ ත්‍රාසයෙන් පිරුණු ඔවුන්ගේ මුහුණු දුටුවිටය. තරමක චකිතයකින් යුතුව බෝට්ටුවට ගොඩ වුණු අප ඉදිරියේදී මුහුණ පෑමට සිදුවන දුෂ්කරතාද සිහියට ගෙන, දෙවියන් බුදුන් සිහිකර ගමන ඇරඹුවෙමු. අපගේ ගමනේදී ගල්තලාවන්ගෙන් වටවූ ගැඹුරු ආගාධ තිබෙන ස්ථානවලින් ඔරුව පදවාගෙන යාමට සිදුවුණි. ඒ සඳහා අපට මඟපෙන්වන්නා අනගි සහයක් ලබාදුනි.

එය ත්‍රාසයෙන් පිරුණු ගමනක් වුවත්, එම අවස්ථාවේදී අප උත්සාහ ගත්තේ කෙසේ හෝ බාධක බිඳගෙන අවසාන ගමනාන්තය වෙත ළඟා වීමටය. කුඩා බාධක 04ක් සහ විශාල බාධක 03ක් ජයගෙන අප අවසානයේ එම ඉසව්ව නිමාවට පත්කළේ එතෙක් දුර අප ඔරුව පදවාගෙන ආවාද යන්න කුතුහලය ඉතිරි කරමිනි.

අප මෙවැනි ක්‍රියාකාරකමකට යොමුවූයේ ජීවිතයේ පළමු වරටය. ගමන ආරම්භයේදී විශාල බියකින් බෝට්ටුවට ගොඩවුවත්, ගමන අවසානයේදී බෝට්ටුවෙන් බසින විට බාධක ජයගෙන අප පැමිණි ගමන පිළිබඳව හිතේ හටගත්තේ කියා නිම කළ නොහැකි සතුටකි.

එම ක්‍රියාකාරකමෙන් අපට උගත ගත හැක්කේ පවුල් සංස්ථාවක් තුළ හෝ රැකියා ස්ථානයේදී මතුවන ගැටලුවලට මුහුණ දෙන ආකාරය සහ එම ගැටලු මැඩගෙන ඉදිරියට යන ආකාරය පිළිබඳවය. එමෙන්ම කණ්ඩායමක් වශයෙන් එක් නායකයෙකු යටතේ ඔවුන්ගේ අණට කීකරු වී ක්‍රියාකරන ආකාරයය. පළමු ක්‍රියාකාරකම සාර්ථක කරගත් අප සතුටෙන් යුතුව %Jungle Trekking^ ක්‍රියාකාරකමේ නියැළීමට ගමන් ඇරඹුවෙමු.

 

Jungle Trekking

"Jungle Trekking" යනුවෙන් හඳුන්වනු ලබන්නේ වනගත පෙදෙසක් ඔස්සේ කන්දක් තරණය කිරීමය. එය කිලෝමීටර් 1 1/2ක පමණ ගමනකි. එය එතරම් සැලකිය යුතු දුරක් නොවුණත්, එම දුර ගෙවා දැමීමට අපට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවිය. කැලණි ගංඟාවෙන් සෑදෙන අතු ගංගාවක් අපගේ ගමන් මාර්ගය හරහට ගලා බසියි. විටෙක ලෙස්සනසුලු ගල් තලාවක් මතින් පැන, විටෙක අඩි 1 1/2 ක් පමණ ගැඹුරු ජලයේ බැස ගමන් කිරීමට අපට සිදුවිය. එම බාධක ජයගෙන ඉදිරියට ගමන් කරන විට අල්ලා ගැනීමටවත් ආධාරකයක් නොමැති ලෙස වැසිජලයෙන් සෝදාපාලුවට ලක්ව නිර්මාණය වූ අඩි පාරවල් රැසක් අපට හමුවිය. එම මාර්ග ඔස්සේ කන්ද තරණය කිරීමට මහත් පරිශ්‍රමයක් දැරීමට සිදුවූයේ එම මාර්ග ලෙස්සන සුලු නිසාවෙනි.

ජලයේ බැස යාමට සිදුවන හෙයින් සහ දහඩිය දමන වෙහෙස කර ගමනක් නිසාවෙන් මේ සඳහා යෝග්‍යවන්නේ ක්‍රීඩා කිරීම සඳහා පලඳින ඇඳුම් පැලඳුම්ය. එම ගමනේදීද අපට ජීවිත ආරක්ෂක ඇඳුම් සහ හෙල්මට් පැලඳීම අනිවාර්යය කෙරුණි. මෙම ගමන් මාර්ගයේදී අධික කූඩලු ගහනයක් සිටිති. අපගේ ගමන් සඟයන් වූ විරාජ් සහ ආරියා අප හට පැවසුයේ කූඩැල්ලෙක් දුටුවොත් හෝ ඇඟේ දැවටුනොත් නිශ්ශබ්දව අයින් කර දමන ලෙසය.

එසේම "කූඩැල්ලා" යනුවෙන් පවසන්නට එපා කියාද ඔවුහු අපට පැවසූහ. එම වචනය කටින් පිට වුවහොත් කූඩැල්ලන් අධික ලෙස අපගේ ලේ උරාබීමට පැමිණෙන බව ඔවුන්ගේ මතය විය. කැලයේ ඇවිද පුරුදුකාරයන් වූ ඔවුන්ගේ එම අණට අපි කීකරු වූවෙමු. එමෙන්ම කූඩැල්ලන්ට අමතරව එම කැලයේ දිවියන් වර්ග, ඌරන්, මීමින්නන් වැනි සත්වයන්ද, නාගයන්, පොළඟුන් වැනි උරගයන්ද ජීවත්වන බව ඔවුහු පැවසූහ. එහෙත් වාසනාවට මෙන් එවැනි බියකරු සත්වයකු හෝ අපගේ නෙත නොගැටුණි. අවසානයේ සියලු බාධක ජයගෙන එම ඉසව්වේ ගමනාන්තය දක්වා අපි ළඟා වූවෙමු. එම ක්‍රියාකාරකමෙන් අපගේ ජීවිතයට ගත හැකි අත්දැකීම වන්නේ එකිනෙකාගේ තත්ත්වය (දුප්පත්, පොහොසත්, කළු, සුදු) නොබලා කණ්ඩායම් හැඟීමෙන් යුතුව ක්‍රියාකර බාධක ජයගන්නා ආකාරයය. එම බියකරු ආස්වාද ජනක ගමනාන්තයෙන් පසුව අප යොමුවූයේ "Aquatic Adventure" ඉසව්ව වෙතය.

 

Aquatic Adventure

අසීරුවෙන් තරණය කළ කන්ද බැසීමට අපට සිදු වූයේ දෙපයින් නොව, වතුරෙනි. මෙම අවස්ථාවේදී කොටස් 04කින් යුත් ඉසව් සම්පූර්ණ කිරීමට අපට සිදුවිය. ඉන් පළමු ක්‍රියාකාරකම වූයේ ජලයේ ලිස්සා යාමය. එය "Screw" සහ "Rock Sliding" යනුවෙන් හැඳින්විය. ඉන් පළමු වැන්න ලෙස අපට මුහුණ දීමට සිදුවූයේ "Screw Sliding" ඉසව්ව ෙවතය. එහිදී කුඩා කඳු ගැටයක ගල්තලාවක් මතින් ඇදහැලෙන ජල පහරක් ඔස්සේ ස්වභාවිකව සෑදී තිබෙන ජල කටාරමක් තුළට ලිස්සා පැමිණීමට අපට සිදුවිය.එය එතරම් අපහසු කටයුත්තක් නොවුණු හෙයින් එම ඉසව්ව අප පහසුවෙන් ජය ගත්තෙමු.

දෙවැනි ඉසව්ව ලෙස මුහුණ දුන්නේ "Rock Sliding" යන ඉසව්ව වෙතය. එය පෙර ඉසව්වට වඩා තරමක් බයංකරය. එය සිදුකරන්නට සිදුවූයේ පෙර ලෙසම විශාල ගල් තලාවක් ඔස්සේ ගලා බසින විශාල දිය කඳක් දිගේ පහළට ලිස්සා යාමෙනි. එම ගමනේ අවසානයේදී අපව ලිස්සා වැටෙන්නේ පෙර අවස්ථාවට වඩා බියකරු අඩිය නොපෙනෙන විශාල කටාරමක් තුළටය. බැලූ බැල්මට එය ත්‍රාස‘යෙන් පිරුණු ගමනක් වුවත්, සිතට ධෛරය ගෙන එම ඉසව්වත් අප සම්පූර්ණ කළෙමු. එම ක්‍රියාකාරකමට සහභාගි වීමට පෙර අපට සිතුණේ ලිස්සා යාමේදී දෙපා තුවාල වෙයි, ජල කටාරමට වැටුණු පසු නැවත ගොඩඒමට විශාල කාලයක් ගතවේවි යන සිතුවිල්ලය. නමුත් එම සියලුම සිතුවිලි පරයා අප එම ඉසව්වෙන් ජය ගත්තේ තප්පර ගණනකිනි. එය විනෝදජනක වූයේ අපගේ කණ්ඩායමේ සිටි පස්දෙනා කෝච්චියක් මෙන් එකවර ලිස්සා ගොස් ජල කටාරමට වැටීම නිසාය. එම ඉසව්වෙන් පසුව අප යොමුවූයේ "Competent Jump" යනුවෙන් හඳුන්වනු ලබන ඉසව්ව වෙතටය. එය පැනීම් ද්විත්වයකින් සමන්විත ක්‍රියාකාරකමකි.

ඉන් පළමු වැනි පැනීම සිදුවන්නේ අඩි 10ක පමණ ගල්තලාවක සිටය. එමෙන්ම දෙවැනි පැනීම සිදුවන්නේ අඩි 20ක පමණ ගල් තලාවක සිටය. එම පැනීම් ද්වත්වයම අප සිදුකළේ විශාල බියකින් සහ චකිතයකිනි.

නමුත් අප සිතුවාට වඩා එය පහසු වුණි. එම ස්ථානයට ගිය පසු ඕනෑම කෙනෙකුට බිය ගෙනදෙන්නේ එම ජල කටාරම් සෑදී තිබෙන ආකාරය දුටු විටය. එය එතරම් භයංකරය. නමුත් එම අවස්ථාව ජය ගත්තාට පසුව අපට හැඟුනේ "මේකටද අපි බය වුණේ" යන හැඟීමකි. මෙම අවස්ථාවට මුහුණදීමට පෙර ඔවුන් විසින් ජලයට තිබෙන අපගේ බිය නැති කිරීමට සහ ඔවුන් පිළිබඳව විශ්වාසය තහවුරු කිරීම සඳහා අඩි 05ක් පමණ ගැඹුරු වළකට පැනීමට සහ එහි පිහිනීමට අවස්ථාව ලබාදුනි. එහිදී පැනීමේදී සහ ජලයේදි සැලකිලිමත් විය යුතු කරුණු සම්බන්ධයෙන් ඔවුහු අපව දැනුම්වත් කළහ.

අපගේ ජීවන ගමනේදී විවිධ බාධකවලට මුහුණදීමට අපට සිදුවේ. එම ගැටලුවලට මුහුණපෑමේදී අපගේ සිත්තුළ ඇතිවන බිය නිසා එම ගැටලු නිරාකරණය කර ගැනීමට අපට නොහැකිය. මෙම ඉසව් ඔස්සේ සිදුවන්නේ අපගේ අනවශ්‍ය බිය තුරන් කර ජීවිතය ජය ගැනීම සඳහා මනස සෑදීමයි. ත්‍රාසයෙන් සහ විනෝදයෙන් ගෙවුණු එම ක්‍රියාකාරකම් නිමවෙද්දී ඉර මුදුන් වෙමින් පැවතුණි. තරමක බඩ ගින්නක්ද දැනුණු හෙයින් අප මීළඟ ක්‍රියාකාරකම ලෙස තෝරාගත්තේ "Jungle Cooking" යන ඉසව්වය.

එකී ඉසව්වේ ත්‍රාසජනක, බියසුණු අත්දැකීම් සමග අපි ලබන සතියේ මුණගැසෙමු.

"WILDFEAT Adventure"

072-2933086 - ආරියා / 072-2933087 - විරාජ්

facebook - www.facebook.com/wildfeat

සටහන/ඡායාරූප - මංජු ප්‍රදීප් කුමාර/රචින්ත ජයවර්ධන

2016-12-24-ent-27
2016-12-24-ent-26
2016-12-24-ent-25
2016-12-24-ent-24
2016-12-24-ent-22
2016-12-24-ent-21
2016-12-24-ent-20
2016-12-24-ent-19
2016-12-24-ent-17



අදහස් (0)

ත්‍රාසය අතරින් වින්දනය සොයා ගිය ගමනක්

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි
2024 ඔක්තෝබර් මස 13 451 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්


මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 999 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 306 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 195 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 4743 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 978 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26047 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 295 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1341 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site