මෝටර් රථ හා යතුරු පැදි ධාවන තරගවල බියකරුබව හා ශෝකජනක සිදුවීම් නැවතත් ලෝකයා ඉදිරියේ දිග හරිමින් ඉකුත් ඉරිදා (23) පැවැති මැලේසියානු ගෝන් ප‍්‍රී යතුරු පැදි තරගයේදී ඉතාලි ජාතික යතුරු පැදි ශූර මාර්කෝ සිමොන්සිලි අනතුරකට ලක්වීමෙන් ජීවිතක්‍ෂයට පත්විය. සිමොන්සිල් මිය යාමට සතියකට පෙර බි‍්‍රතාන්‍යය ජාතික ෆෝමියුලා මෝටර් රථ ශූර ඩෑන් වුල්ඩන් ද ඇමරිකාවේ පැවැති ෆෝමියුලා මෝටර් රථ තරගයක දී මෝටර් රථ 15 ක් අනතුරට ලක්වීම නිසා ජීවිතක්‍ෂයට පත්වීමේ තවත් ශෝචනීය සිදුවීමක් වාර්තාවිය. හොන්ඩා යතුරු පැදියකින් තරග කළ 24 හැවිරිදි සිමොන්සිලි ගෝන් ප‍්‍රී යතුරු පැදි තරගයේ දෙවැනි වටයේදී තවත් තරග කරුවන් දෙදෙනකු හා ගැටීම නිසා ධාවන පථය මත ඇද වැටිණ. ඔහුට පසුපසින් පැමිණි ධාවක කොලින් එඞ්වඞ්ගේ යතුරු පැදිය සිමොන්සිලිගේ පපුව සහ හිස ප‍්‍රදේශය උඩින් ගමන් කිරීමෙන් ඔහුට මෙම මරණය සිදුවිය. එඞ්වඞ්ගේ යතුරු පැදිය සිමොන්සිල්ගේ හිස ප‍්‍රදේශයේ වැදීමත් ඔහුගේ හිස්වැසුම ගැලවී යාම නිසා හිසට දැඩි තුවාල සිදුවිය. ’අනතුරකදී හිස්වැසුම ගැලවී ඒම හොඳ සංඥාවක් නොවේ යැයි’ සිමොන්සිලිගේ මරණයෙන් පසුව තරගාවලියේ වෛද්‍ය අධ්‍යක්‍ෂ මයිකල් මැච්ගොඩින් පැවසීය. සෙසු ධාවකයන්ගේ ගැටීමත් සමග සිමොන්සිලිගේ හිසට, බෙල්ලට හා පපුවට දරුණු ලෙස හානි වූ බවත්, ගිලන් රථය තුළදී හෘදයාබාධයක් හටගත් බවත් මැච්ගොඩින් පැවසීය. තරගයේදී එඞ්වඞ්ට ආසන්නයෙන්ම පැමිණි, නව වතාවක් ග්‍රෝන් පී යතුරු පැදි ශූරයා වූ ඉතාලි ජාතික වැලන්ටිනෝ රෝසි ද මෙම අනතුරේදී සිමොන්සිලිගේ යතුරු පැදියේ ගැටුණ නමුත් සිය යතුරු පැදිය හසුරුවා ගනිමින් අනතුරින් බේරීමට ඔහු සමත්විය. කොණ්ඩ විලාසිතාවලට වඩාත් පි‍්‍රය කළ සිමොන්සිල් විනෝදකාමී ජීවිතයක් ගත කළ කී‍්‍රඩකයෙකි. ඔහු 1996 වසරේදී එනම් වයස නවයේදී ඉතාලියන් මිනි මොටෝ තරගාවලියට සහභාගිවෙමින් යතුරු පැදි ක‍්‍රීඩාවට පිවිසියේය. එම තරගාවලියේ 1999 සහ 2000 වසරවල ශූරතාව දිනාගත් හෙතෙම 2000 වසරේ යුරෝපීය මිනිමොටෝ තරගාවලියේ අනුශූරතාව දිනා ගත්තේය. හෙතෙම ඉතාලියන් 125 සී.සී. යතුරු පැදි ඉසව්වේ ශූරයා වෙමින් 2002 වසරේදී එම කාණ්ඩයේ යුරෝපීය ශූරයා ද විය. 2006 වසරේදී 250 සී.සී. කාණ්ඩයෙන් තරග කළ සිමොන්සිල් 2008 වසරේ 250 සී.සී. යතුරු පැදි ඉසව්වේ ලෝක ශූරතාව දිනා ගැනීමට ද සමත්විය. සිමොන්සිල්ගේ මරණය ගෝන් ප‍්‍රී යතුරු පැදි ධාවන තරගයකදී සිදු වු පළමු සිදුවීම නොවේ. 2003 වසරේදී ජපානයේ ඩජිරෝ කාටෝ ජීවිතක්‍ෂයට පත් වුයේද ජපාන් ගෝන් ප‍්‍රී යතුරු පැදි තරගයකදීය. සිය මිතුරා වු සිමොන්සිල්ගේ මරණය තම ඇස් ඉදිරිපිටදීම සිදුවීම නිසා කම්පාවට පත්වූවද යතුරු පැදි තරගවලින් සමුගැනීමේ අදහසක් නැතැයි ලෝක ශූර වැලන්ටිනෝ රොසී පවසයි. සික් (සිමොන්සිල්) මගේ බාල සොහොයුරෙක් වගේ. මා ඔහු ළගින්ම ඇසුරු කළා” ඔහුව මට ධාවන තරගවලදී වගේම එදිනෙදා ජීවිතයේදීත් හමු වෙනවා. ඔහු නැති අඩුව අපට කලක් යන තුරු දැනේවි” යයිද රොසී පවසයි.
බිලිවර්ස් ඊස්ටන් චර්ච්හි (ඕතඩොක්ස්) සමාජ සේවා වැඩසටහනේ පියවරක් ලෙස කොළඹ හුණුපිටිය ගංගාරාම විහාරස්ථානයේදී ගැබිණි මව්වරුන්ට වියළි ආහාර සහ උපකරණ ද, ප්
පොළොන්නරුව වැලිකන්ද ප්‍රාදේශීය කොට්ඨාසයේ කුරුලුබැද්ද සහ මදුරංගල ප්‍රදේශයේ රෑනෙන් වෙන් වූ අලි පැටව් දෙදෙනකු හමුවී ඇතැයි ගම්වාසීහු පවසති.
කරගොඩ උයන්ගොඩ මෛත්‍රී මූර්ති ශ්‍රී ලංකා අමරපුර මහා නිකායේ අභිනව මහා නාහිමියන් පිළිගැනීමේ උත්සවයකට යන අතර තුර බලංගොඩ ගොරකගහමඩ මුස්ලිම් පල්ලියට වැඩම ක
අනිවාර්යෙන් නිවාඩු යවා සිටින පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් අත්අඩංගුවට ගැනීම සදහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ විමර්ශන කණ්ඩායම් 6 ක් යොදවා ඇත
පුරාවස්තු වටිනාකමක් ඇති ගණදෙවි පිළිමයක් විකිණීම සදහා බඩඉරිගු බෑගයක සගවා මන්නාරම සිට කොළඹ දක්වා බස් රථයකින් ගමන් කරමින් සිටි සැකකරුවකු මුරුක්කන් ප්
බඩෝවිට ප්‍රදේශයේදී පොලිස් කොස්තාපල්වරයෙකු තියුණු ආයුධකින් තුවාල කර පලාගොස් සිටින වෙලේ සුදාගේ සහෝදරයා අත්අඩංගුවට ගැනීම සදහා විශේෂ පොලිස් කණ්ඩායම් 2
දේශයේ ආරක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLIC Life) රටේ අනාගත පරපුරේ වැඩිදියුණුව සඳහා නිරන්තරයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකාවේ පවතින වඩාත්ම උපයන රාජ්
ඇතැම් මිනිසුන් ගෙන් නික්මෙන ප්‍රභාව බොහෝ ප්‍රිය මනාප ය. ඔවුන්ව දැකීම පවා මහත් සැනසීමක් ගෙන දෙනු ඇත. ඔවුන් සමීපයෙහි සිටින කළ මහත් සැනසීමක්, සුවදායක බවක්
ශ්රී ලාංකික රසවතුන්ගේ විශ්වාසය දිනූ “ස්කෑන් ජම්බෝ පීනට්ස්”සිය පාරිභෝගික භවතුන් වෙත හරසර දක්වමින් 8 වැනි වරටත් සංවිධානය කළ “ස්කෑන් ජම්බෝ බොනැන්සා”ස
ත‍්‍රාසය - භීතිය - ශෝකය ඉතිරිකරමින් යතුරු පැදි ධාවක සිමොන්සිලි සමුගනී