IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


තරහ මරහ හිතේ තිබ්බොත් එතන නත්තලක් නෑ

වසරක් ගෙවිලා වසරක් උදා වීමට ඇත්තේ තව දින කීපයයි. ඒ අවස්ථාවේ කිතුණු බැතිමතුන් ලහි ලහියේ නත්තල් අසිරිය විඳගන්නට සූදානම් වෙනවා. ඔවුන් නත්තල හඳුන්වන්නේ සාමයේ කුමරුන් නිවසට වඩින සුබ අවස්ථාවක් ලෙසින්. වෛරයෙන්, ක්‍රෝධයෙන් තොරව උත්සවශ්‍රීයෙන් සමරන මේ 2016-12-24-ent-34අසිරිමත් නත්තල ගැන කතා කරන්නට රටේ ජනප‍්‍රිය තරු කීපයක් සඳැල්ලට එකතු කර ගන්න හිතුවා. ඔවුන් නත්තල සමරන විදිය ගැන කිව්වේ මේ විදියට.

 

ක්ලීටස් මෙන්ඩිස් නත්තල කියන්නේ ජේසුස්වහන්සේ තබා ගිය සාමය ලෝකය සමග බෙදාගැනීමනෙ. ඉතින් අපිත් හැම අවුරුද්දෙම අපේ සියලූම ඥාතීන් සහෝදර සහෝදරයින් හිත මිත‍්‍රාදීන් එකම තැනකට එකතු වෙනවා. සමහර වෙලාවට අවුරුද්දකට එක පාරක් තමයි ඒ විදියට එකතු වෙන්න අපිට අවස්ථාව උදා වෙන්නේ. ජීවිතේ තියෙන කාර්යබහුලත්වයත් එක්ක එක්වීම සිද්ධ වෙන්වා අඩුයිනේ.

සමහර අවස්ථාවල එක එක්කෙනාගේ හිත්වල තරහ මරහ තියෙන්න පුළුවන්. කතා නොකර ඉන්න පුළුවන්. ඒත් මේ මොහොතෙ සෑම කෙනෙක්ම ඒ හැම තරහවක්ම, වෛරයක්ම අමතක කරලා සුහදව මේ නත්තල භුක්ති විඳින්නේ. ඒක තමයි ප‍්‍රධානම දේ. කෙනෙකුගේ හිතේ වෛරය ක්‍රෝධය හිතේ තියා ගෙන හිටියොත් නත්තලක් ගෙනියන්න බෑ. මොන තරහා තිබුණත් ඒ හැමදේම අත ඇරලා ඥාති හිත මිතුරන් එක්ක සමරන මාසය තමයි මේ නත්තල් මාසය. ඒ වගේම මේ කාලෙදි අපි මොන කේක් කෑවත් නත්තල් කේක් එක ගෙදර හදනවා. මේ නත්තලේ ප‍්‍රධාන දෙයක් තමයි නත්තල් කේක් එක හදන එකත්. නත්තල් ගහ සරසන එකත්. ඉතින් නත්තල් ගස් සරසලා, නත්තල් කේක් කපලා, පුංචි දරුවො ඇතුළුව හැමෝම එක්කම තෑගි භෝග බෙදා හදාගෙන හරි සතුටින් මේ දවස් ටික සමරන්නේ.

 

මේනකා පීරිස්

2016-12-24-ent-36මේ අවුරුද්දෙ නත්තල සමරණ එකේ ලොකු විශේෂත්වයක් නෑ. වෙනදා වගේම නත්තල් ගහක් සරසලා ගෙදර අයත් එක්ක අපේ පවුල්වල ඉන්න පුංචි බබාලා එකතු කරගෙන නත්තල් පාටියක් දානවා. ඒ අයට තෑගි භෝග බෙදලා දීලා සතුටින් ඒ දවස ගෙවන්න මේ අවුරුද්දෙත් හිතාගෙන ඉන්නෙ. මම කොච්චර කාර්ය බහුල වුණත්, වැඩ රාජකාරි තිබුණත් ඒ විශේෂ දවස් ටිකේ රූගත කිරීම් වලටත් නොගිහින් ගෙදර ගත කරන්න තමයි හිතාගෙන ඉන්නේ. මොකද ඒ කාලෙදි ගෙදර අයත් එක්ක සතුටු වෙන එක තමයි කරන්න ඕනෑ. ඉතින් ඒ හැම දවසක්ම මම මගේ පවුලෙ අයත් එක්ක ගත කරන්න උත්සාහ කරන්නේ.

 

කමල් අද්දආරච්චි

2016-12-24-ent-37මගේ තාත්තාගේ උපන්දිනය තිබුණෙත් දෙසැම්බර් 25. ඉතින් දැන් තාත්තා අපි අතරින් වෙන්වෙලා ගිහිල්ලත් අවුරුදු ගණනාවක් වෙනවා. අපි එදාට ලොකු පාටි දාන්නෙ නෑ. ඒ දවසෙ අපි කරන්නේ තාත්තාට පිං පිණිස අනාථ නිවාසයකට දානයක් හෝ යම්කිසි පිං කටයුත්තකට දායක වෙන එක තමයි.

 

රොෂාන් ප‍්‍රනාන්දු

2016-12-24-ent-38නත්තලේ අපේ පණිවිඩයක් තියෙනවනෙ අනිත් අයට උදව් කරගෙන සාමයෙන් සමගියෙන් ඉන්න ඕනෑ කියලා. ඉතින් විශේෂයෙන්ම අපි එදාට කරන්නෙ තෝරා ගත්ත පවුල් කීපයකට උදව් කරන එක. අපිට පුළුවන් හැම දෙනාටම උදව් කරනවා. ඒ දේ නත්තල් කාලේ විශේෂයි. වෙනදා වගේම අපි හැම අවුරුද්දකම ඒක තමයි විශේෂයෙන්ම කරන දේ. ඒ වගේම අපේ ගෙදර දෙසැම්බර් පළවෙනිදාම නත්තල් ගහ හදලා සරසනවා. මමයි, බිරිඳයි, බබාලයි නත්තල් කේක් එකක් දෙසැම්බර් 25ට කළින් හදලා තියෙනවා. ඒත් එක්කම දෙසැම්බර් 25 දවල් කෑමට මගෙ තාත්තා ඇතුළු මගේ පවුලේ අයත් බිරිඳගෙ පවුලේ අයත් ඔක්කොම එකට එකතු වෙනවා. ඒ විදියට තමයි අපි නත්තල සමරන්නේ.

 

සුරනි ද මෙල්

2016-12-24-ent-35නත්තලට කියලා අපි නත්තල් බැතිමතුන් විදියට ලොකු පාටි දාලා සමරන්නෙ නෑ. අපේ පවුලේ කට්ටිය එකතු වෙලා මුලින්ම කරන්නේ 24 වෙනිදා ?ට පල්ලි යනවා. ඊට පහුවෙනිදා තමයි නත්තල සමරන්න වෙන්නේ. මේ නත්තල නම් මට 25 වෙනිදා ගෙදර සමරන්න බෑ. මොකද මම ”හිරුත් එක්ක නත්තල්” වැඩසටහන එක්ක දවසින් භාගයක් ගෙවෙන්නෙ. එතනින් පසුව තවත් නාළිකාවක ප‍්‍රසංගයකට යනවා. ඒ විදියට 25 දවස ගෙවෙන්නේ. ඇත්තටම ඒ දවස අපි සමරන්නේ අපේ රසිකයොත් එක්ක. රසිකයන් වෙනුවෙන් තමයි නත්තල් දවස සම්පූර්ණයෙන්ම වෙන් කරලා තියෙන්නේ. 26 වෙනිදා නම් පවුලේ කට්ටියත් එක්ක පොඞ්ඩක් එළියට යන්න හිතාගෙන ඉන්නවා.

විශේෂයෙන්ම කරන දෙයක් තමයි දෙසැම්බර් පළවෙනිදා නත්තල් ගහක් හදන එක. නත්තල් කේක් එකත් අපි සාමාන්‍යයෙන් හදනවා. ඒක කළින් ඉඳලම හදලා තියෙන දෙයක්. ඒ හැමදේ එක්කම අවසානයේ කරන්නේ පුංචි ළමයින්ට තෑගි භෝග බෙදා දෙන එක. ඒ දේට අනිවාර්යයෙන්ම කාලය වෙන් කර ගන්නවා. දෙසැම්බර් 25 ඉඳන් ජනවාරි පළවෙනිදා වෙනකම්ම අපි තෑගි භෝග හුවමාරු කරගෙන නත්තල සමරන ඒක තමයි කරන්නේ.

 

ධනු විජේරත්න

 



අදහස් (0)

තරහ මරහ හිතේ තිබ්බොත් එතන නත්තලක් නෑ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඡන්දෙට එන්න වඩිවේල් නා ගනියි
2024 ඔක්තෝබර් මස 13 397 0

පාර්ලිමේන්තු මන්ත්‍රී වඩිවේල් සුරේෂ් මහතා මෙවර මහ මැතිවරණයට ඉදිරිපත් වීම සඳහා ජනප්‍රිය නළු හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාගේ නායකත්


මිතුරු සාදයට ගිය රූපලාවන්‍ය ශිල්පියා සුද්ද කළ තුනක් අල්ලයි
2024 ඔක්තෝබර් මස 13 978 0

අන්තර්ජාලයේ යෙදවුමක් හරහා හඳුනාගත් රූපලාවණ්‍ය ශිල්පියා සමඟ හිතවත් වී සාදයකට ආරාධනා කර රන්භාණ්ඩ ඇතුළු මුදල් කොල්ලකෑ පස්දෙනාගේ කල්ලියේ තිදෙනෙකු අත්


සැඩ පහරට ගසාගෙන ගිය දෙදරු පියා මරුට
2024 ඔක්තෝබර් මස 13 301 0

අඟුරුවාතොට රයිගම ප්‍රධාන මාර්ගයේ හල්තොට බෝධිය ආසන්නයේ දි සැඩ පහරට හසු වූ පුද්ගලයෙකු දීයේ ගිලී මිය ගොස් ඇතැයි මිල්ලනිය පොලිසිය කියයි


අදත් තැනින් තැනට තද වැසි
2024 ඔක්තෝබර් මස 13 194 0

බස්නාහිර,සබරගමුව, වයඹ, උතුරු සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුන විද්‍යා දෙපාර්ත


ඊශ්‍රායලයට රිද්දන්න ඉරාන කතානායක ගුවන් යානයක් පියාසර කරලා
2024 ඔක්තෝබර් මස 13 4684 0

ඉරාන ගුවන් යානාවලට ලෙබනනයට පැමිණිය නොහැකි යැයි ඊශ්‍රායලය තහංචි පනවා තිබියදී, ඉරාන පාර්ලිමේන්තු කතානායක මොහොමඩ් බකර් කලිබාෆ්, එයාර්බස් ඒ 321 වර්ගයේ මගී


ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 971 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26046 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 295 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 416 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1341 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site