
(සුමිත් පොතුපිටිය)
කිව් ආර් කේතයට ඉන්ධන ලබාගැනීමට යාමේදී වෛද්‍යවරයෙකුට පහරදුන් පොම්ප කරුවෙකු අත්අඩංගුවට ගත්බව පානදුර දකුණ පොලිසිය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ පානදුර නල්ලූරුව ඉන්ධන පිරවුම්හලේ පොම්ප කරුවෙකු බව පොලිසිය කීය.
පහරකෑ වෛද්‍ය වරයා මෝටර් රථයට ඉන්ධන ලබාගැනීම සදහා තවත් තිදෙනෙකු සමග පැමිණ තිබේ. එහිදී කිව් අර් කේතයේ ඉතිරිව ඇති රුපියල් 4000ක ප්‍රමාණයට වඩා ඉන්ධන ඉල්ලුම් කිරීමේදී දෙදෙනා අතර කතාබහක් සිදුව ඇති බවට හෙලිව ඇතැයි පොලිසිය කීය.
පසුව පිරවුම්හලේ ආරක්ෂක නිළධාරියාද තල්ලුකර දමා පොම්පකරුගේ කනට පහරක් එල්ල කර ඇති අතර , අත්අඩංගුවේ පසුවන පොම්පකරු පොල්ලක් රැගෙන එලව එලවා පහරදී ඇති බව සදහන්වේ.
ගැටුම සිදුවන අවස්ථාවේ වෛද්‍ය වරයා සමග පැමිණි තිදෙනා වෛද්‍ය වරයා තනිකර පලගොස් ඇති බවත්, පොම්පකරුට පහරදීම සම්බන්දයෙන් අනෙක් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නියමිත බවත් පොලිස් නිළධාරීයෙක් කීය.
පහරකෑ වෛද්‍ය වරයා රෝහල් ගතව ඇති බවත් ඔහු බන්ධනාගාර රෝහලක රාජකාරි කරන අයෙක් බවටත් දැනගන්නට ලැබී ඇති බවද පොලිසිය කීය.
සැකකරු පානදුර මහේස්ත්‍රාත් අධ්කරණයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබූණි .
ජේෂ්ඨ පොලිස් අධිකාරී සමන්ත වෙදගේ සහ සහකාර පොලිස් අධිකාරී නිශාන්ත සේනාරත්න යන මහත්වරුන්ගේ උපදෙස් පරිදි මූලස්ථාන පොලිස් පරීක්ෂක (වැබ) ප්‍රධාන පොලිස් පරීක්ෂක ඩබ් ජී විජේතුංග මහතාගේ ප්‍රධානත්වයෙන් අපරාධ අංශ නිළධාරීන් පරීක්ෂණ පවත්වති.
2025 දෙසැම්බර් මස 04
789
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
580
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
2025 නොවැම්බර් මස 17
462
0
දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම
තෙල් ඉල්ලා තග දැමූ දොස්තර ගුටිකා රෝහලේ
karolis Wednesday, 17 May 2023 03:16 PM
system change කරන්න ඉතින් හදන්න පුළුවන් මිනිස්සු ඉන්නත් එපෑ. පොම්පකරුගෙයි දොස්තර ගෙයි උගත් කම වෙනස් උනාට හැසිරීමේ වෙනසක් නෑනේ. වැඩක් තියෙනවද ඉතින්!
නිමේෂ් Wednesday, 17 May 2023 06:43 PM
අයියෝ කරෝලිස්...! සිස්ටම් චේන්ජ් කරන්නේ කොහොමද? මේක දැන් සල්ලි තියන මනුස්සයෙක්ට අවශ්‍ය ප්‍රමාණයට තෙල් ටිකවත් ගහගන්න බැරි්‍රටක් නම්, මම හිතන්නේ අප්‍රිකාවේ රටවල්වත් මෙහෙම සලාක ක්‍රමයට තෙල් ගහන්න තරම් හිඟන තත්වෙට වැටිලා නැහැ...
karolisWednesday, 17 May 2023 09:35 PM
හලෝ ඉස්සෙල්ල සිද්ධිය තේරුම් අරන් ඉන්න කමෙන්ට්ස් දාන්න කලින්... මෙතැන කියන්නේ තැනක ඉන්න දන්නේ නැති විනයක් නැති සත්තු වගේ මිනිස්සු ගැන ප්‍රශ්නයක්. තෙල් නැතිකම දොස්තරට විතරක් තියන ප්‍රශ්නයක් නෙවෙයි...
chaminda Wednesday, 17 May 2023 09:10 PM
දොස්තරයි, සෙට්එකයි හොඳට බීලා, ඒකෙ සැර බස්සගත්තු විදිය තමයි ඔය. මමත් මේ වෙලාවේ මෙතන හිටියේ... ඔය කොල්ලෝ ඔය මිනිස්සුන්ට ඉල්ලපු විදියට QR කේතයට පිටිනුත් ඉන්ධන ලබාදෙනවා. බැලුමක්වත් පුම්බන්නේ නැතුව පොලිසියට ගිහිල්ලා බේරිලා යන්න පුළුවන්... රියල් චණ්ඩි තමයි ඔය. කාපු එකමයි හොඳ, තමන්ගේ නිලයයි, බලයයි අයුතු විදිහට පාවිච්චි කරන මනුෂ්‍යයා.
Manjula Thursday, 18 May 2023 07:42 AM
ඔව් ඔව්.. කළුතර බන්ධනාගාර දොස්තර ඇතුළු බන්ධනාගාර නිලධාරීන් හතර දෙනාම හොඳටම බීලා පාන්දර 05.30 පමණ එන්නේ... පොම්පකරුන්ට තග දාලා QR කේතයට පරිබාහිරව තෙල් ගහගෙන ඔවුන් ගුටි කාලා... පසුව මුගුරකින් පහර දීලා පන්නලා දාලා... දොස්තර ඉතුරුවෙන්නේ ඉතුරු කට්ටිය පැනල දුවනවා.. පානදුර පොලීසියේ පැමිණිලි අංශයේ නිලධාරීයා දොස්තරගේ පැමිණිල්ල පමණක් භාර අරගෙන අහිංසකයින්ගේ පැමිණිල්ල භාර ගන්නෙත් නෑ.. පොම්පකරුව පමණක් සිරගත කරනවා... මූ නම් දොස්තර කියලා කියන්න බෑ..
ගාමිණි කන්දේපොළ Thursday, 18 May 2023 08:57 AM
දොස්තරට තෙල් බේරෙන්න දීලා වගේ
Bunny Preena Thursday, 18 May 2023 09:53 AM
විනය, ඉවසීම සහ හික්මීම නැති තැන මෙවනි දේවල් සිදු වෙනවා.