IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


තෙල් මිල ආයෙත් නගී

(යොහාන් භාසුර)

සියලුම ඉන්ධන වර්ගවල මිල ඊයේ (31) මධ්‍යම රාත්‍රීයේ සිට ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව පැවසීය.

ඒ අනුව ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 13 කින්, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක් රුපියල් 42 කින්, ඩීසල් ලීටරයක මිල රුපියල් 35 කින්,  ලංකා සුපිරි ඩීසල් ලීටරයක් රුපියලකින් සහ භූමිතෙල් ලීටරයක මිල රුපියල් 5 කින් ඉහළ දැමූ බව ලංකා ඛනිජ තෙල් සංස්ථාව සඳහන් කළේය.

එම මිල ඉහළ දැමීත් සමඟ ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක නව මිල රුපියල් 361 ක්, ලංකා පෙට්‍රල් ඔක්ටේන් 95 ලීටරයක නව මිල රුපියල් 417 ක්, ලංකා ඩීසල්  ලීටරයක නව මිල රුපියල් 341 ක්, ලංකා සුපිරි ඩීසල් ලීටරයක නව මිල රුපියල් 359 ක් සහ භූමිතෙල් ලීටරයක නව මිල රුපියල් 231 බවට පත්වූ බව ඛනිජ තෙල් සංස්ථාව වැඩිදුරටත් සඳහන් කළේය.



අදහස් (9)

තෙල් මිල ආයෙත් නගී

හර්මානිස් Friday, 01 September 2023 06:11 AM

සිනොපෙක් මත්තෙගොඩින් වැඩ අරඹයි

:       0       3

සල්ලි Friday, 01 September 2023 07:14 AM

සිනොපෙක් ආවාම අඩුවට දෙනවා කියලා නේත කීවේ අතිගරු උතුමන්...

:       0       13

ksd pellmadulla Friday, 01 September 2023 07:24 AM

රනිල් දක්ශය තව ටික දවසක් යනකොට තවත් ලස්සන එව වෙයි තාම නය වාරිකයක්වත් ගෙව්වෙ නැහැනෙ.... ඔහොමයමු.

:       0       5

Asanga Friday, 01 September 2023 07:48 AM

ජයවේවා තවත් මේ අපතයින් ටිකට...!

:       0       15

ranjith Friday, 01 September 2023 08:28 AM

ඡන්දයක්වත් නැහැනේ මේ ජනතාව සූරාකන අය පන්නලා දාන්න...!

:       0       11

Nimesh Friday, 01 September 2023 09:46 AM

පින්පති තුමාගේ ගෝලයෝ මාධ්‍ය සාකච්ඡා තියලා රට බේරාගත්තා වගේ කතා පවත්වලා තෙල්මිල රුපියල් 100කින් විතර අඩුකරනවා, ඊටපස්සේ මාස දෙකක් යනකොට ටික ටික සද්දේ නැතිව ඒ ගානම වැඩිකරනවා..

:       0       4

කල්පනා Friday, 01 September 2023 09:54 AM

එහෙම නොකර කොහොමෙයි ඇස්වැසුම දෙන්න සල්ලි පනම් හොයන්නේ. ජනාධිපති කියන්නෙ මාසෙකට ලක්ෂයක් ඉක්මවා ආදායම් තිබේ නම් බදු ගෙවන්න කියලා... ඒත් පොහොට්ටුවේ හෙංචයියෝ මාසෙකට ලක්ෂ දෙකක් තුනක් ගත්තත් ඔවුන්ට ඇස්වැසුම දෙනවා සමහරක් අයගේ වතුපිටිවල හොඳ ගෙවල් තියෙනවා. ලියාපදිංචි නිවසේ කපරාරු නොකළ නිසා ඇස්වැසුමත් ලැබෙනවා. තේ රබර් ආදායම් බැංකුවේ දාන්නේ නැහැ ගෙදර පෙට්ටගමේ ගොඩකරලා තියෙනවා ගම් මට්ටමේ මේවා වෙනවා ඒ අතර සමහරක් වෙළෙන්ඳෝ අත්පිට ගණුදෙනු කරනවා බිල් නැහැ... බැංකුවේ තැන්පත් නැහැ. ඔක්කෝම තැන්පත් ගෙදර සේප්පුවල තමයි. පුළුවන් නම් රහසිගතව තෑගි දීමට ක්‍රමයක් මගින් තොරතුරු ගන්න බලන්න. පාඩුවක් වෙන්නේ නැහැ.

:       3       4

nanda Friday, 01 September 2023 01:03 PM

මෙ පාන්ඩු ආන්ඩුව ඉවරයක් වෙනදාට තම ජනතාවට අස්වැසිල්ලක් වෙන්නෙ

:       0       2

siril Friday, 01 September 2023 08:50 PM

රටම විකෘතියක් වෙලා ජනතාවට ආදරේ කරන පාලකයෝ අද නැත. ජනවරමක් ඇති පාලකයෝ අද නැත. ජනතාවට රටත් එපාවෙලා. රට දාල කොහේ හරි යන්න පුළුවන් රටකට යන්න තමා ඔට්ටු වෙන්නේ...

:       0       1

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

රට වෙනුවෙන් වැඩ කරන ප්‍රබල බලය මහ ඡන්දෙ දී ගන්නවා
2024 ඔක්තෝබර් මස 13 549 0

රට වෙනුවෙන් සමහර තීන්දු තීරණ ක්‍රියාවට නැගීම සඳහා අවශ්‍ය කරන ප්‍රබල දේශපාලන බලය නොවැම්බර් 14 වැනිදා මහ මැතිවරණයේදී අත්පත් කර ගත යුතුව ඇතැයි ජනාධිපති අ


පාස්පෝර්ට් ගන්න DIGගේ නිල මුද්‍රාව හොරට ගහලා
2024 ඔක්තෝබර් මස 13 494 0

බස්නාහිර පළාත් දකුණු භාර නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නිල මුද්‍රා සලකුණ ව්‍යාජ ලෙස යොදා වංචනික ලෙස මුදලට ව්‍යාජ ලිපි ලේඛන සකස් කර වංචනික ලෙස මුදලට අලෙවි


බෝතල් කට්ටෙන් ඇන සැමියා මරලා
2024 ඔක්තෝබර් මස 13 578 0

පවුල් ආරවුලක් දුරදග යාමෙන් සිය සැමියාගේ උදරයට බෝතල් කට්ටකින් පහරදී තුවාල සිදුකර ඝාතනය කිරීම සම්බන්ධයෙන් ඔහුගේ බිරිඳ අත්අඩංගුවට ගත් බව උප්පුවෙලී පොල


දේශනයක් අතරතුරේ ප්‍රධාන අමාත්‍යවරයා මියයයි
2024 ඔක්තෝබර් මස 13 783 0

ස්කොට්ලන්තයේ හිටප්‍ර ප්‍රධාන අමාත්‍ය ඇලෙක්ස් සැල්මොන්ඩ් දේශනයක් පවත්වා මිනිත්තු කීපයකින් රෝගී වී දිවියෙන් සමුගත්තේය.


කෙහෙළිය පොඩ්ඩකට දේශපාලනයෙන් ඉවත් වෙයි
2024 ඔක්තෝබර් මස 13 3486 6

ටික කලකට දේශපානයෙන් ඈත් වී සිටින බව හිටපු සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මහනුවරදී අද ප්‍රකාශ කළේය.


දේවාලයට පැන කපු කතට තියුණු ආයුද ප්‍රහාරයක්
2024 ඔක්තෝබර් මස 13 298 0

කටුගස්තොට දේවාලයක පවත්වාගෙන යන නිවසකට කඩා වැදුණු පුද්ගලයන් දෙදෙනකු දේව බලයෙන් ශාන්ති කර්ම සිදු කරන්නේ යැයි කියන කාන්තාවක ගේ කට සහ ගෙල ප්‍රදේශය පිහිය


වැඩි දෙනා කියවූ පුවත්



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26093 13



මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 323 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 420 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1358 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site