IMG-LOGO

2025 අප්‍රේල් මස 21 වන සඳුදා


තෙල් වර්ජනයක අවදානම යළිත්

ඩයනා උදයංගනී
 
ත‍්‍රිකුණාමලයේ තෙල් ටැංකි ඉන්දියන් තෙල් සමාගමට ලබාදීමට රජය තීරණය කළහොත්  ඕනෑම අවස්ථාවක වැඩ වර්ජනයකට යාමට සූදානම් බව ඒකාබද්ධ ඛනිජ තෙල් වෘත්තීය සමිති එකමුතුවේ මාධ්‍ය ප‍්‍රකාශක බන්දුල සමන් කුමාර මහතා පවසයි.
 
මෙම තෙල් ටැංකි විදේශ සමාගමකට දීමට එරෙහිව වෘත්තීය සමිති පවරා ඇති නඩුවක් මේ වන විටත් විභාග වෙමින් පවතින බවත්, එහි තීන්දුවක් ලැබෙන තුරු තෙල් ටැංකි සම්බන්ධයෙන් තීන්දුවක් නොගන්නා බවට අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ මහතා තම සංගම්වලට පොරොන්දුවක් ලබා දී ඇති බවද ඒ මහතා ප්‍රකාශ කළේය.
 
මේ වන විට අගමැතිවරයා එම පොරොන්දුව කඩ කරමින් තෙල් ටැංකි 99 අවුරුද්දක් සඳහා බදුදීමට සූදානම් වන බවට තොරතුරු ලැබී ඇති බවද ඔහු සඳහන් කළේය.
 
රටට අවශ්‍ය සම්පතක් වන මෙම තෙල් ටැංකි විදේශ සමාගමකට ලබාදීම ජාතික අපරාධයක් බවත් මේ සම්බන්ධව සියලූ වෘත්තීය සමිති සමඟ සාකච්ඡා කර ඉදිරියේදී වෘත්තීය ක‍්‍රියාමාර්ගයක් ගන්නා බවත් ඔහු කීවේය.



අදහස් (10)

තෙල් වර්ජනයක අවදානම යළිත්

Muhan Wednesday, 13 December 2017 03:45 PM

මේ අයට මහින්ද බදු දුන්නොත් නරක නැහැ. රනිල් දුන්නොත් නරකයි.

:       1068       1141

PMJWednesday, 13 December 2017 06:51 PM

බදු දුන්න තෙල් ටැංකි කොහෙද තියෙන්නේ කිව්වා නං බලන්න???

:       2       2

Shanaka Thursday, 14 December 2017 02:39 AM

මාරයි නේද? ඔයාගේ නුවන

:       9       2

BamunuarachchiThursday, 14 December 2017 06:34 AM

මහින්ද ගේ බදු දීම නරකයි කීවේ යහපාලකයෝ එහෙනම් මොන බම්බුවකටද යහපාලකයෝ රටේ දේවල් බදු දෙන්නේ. බලන කොට ලංකාව මෙපමණ කලක් ගොඩනගලා , හදලා තිබෙන්නේ අපිට ඕනේ දේවල් නොවෙයි ලෝකේ අනික් උන්ට ඕනේ දේවල්නේ එකනේ උන් 99 අවුරුද්දකටම බදු ගන්නේ . යකෝ කොන්ත්‍රාත් අරගෙන ඒ රටවලට ගිහිල්ල ඕවා හදලා දීපල්ලකෝ. එහෙම කලාම අපේ ගොයියන්ට කොමිස් නැහැනේ නේද? .

:       2       81

siri Wednesday, 13 December 2017 05:13 PM

ටැංකි නෙවේනේ ප්‍රශ්නේ. ආණ්ඩුව තවදුරටත් පවතින එකනේ. ඉතින් වර්ජනය නවතින එකක් නැහැ.

:       2       6

erdi Wednesday, 13 December 2017 05:28 PM

මෙහෙම තර්ජනය කරන්නෙ මේ අයව මෙහෙයවන බලවේග ආණ්ඩුවට වඩා බලවත් නිසා.

:       2       2

Weerasekara Thursday, 14 December 2017 01:36 AM

මෝඩ කතා කියන්න එපා.......... කව්රු රටට වින කලත් එකට නැගී සිටින්න ඕන. මහින්දත් කරානම් රනිල් රටට කෙලියත් කමක් නෑ කියන මෝඩ අදහසේ ඉන්න එපා. කලින් මොකෙක් මොකක් කලත්, ඉස්සරහටත් ඒ දේම කරන්න දෙන්නේ නැතුව ශ්‍රී ලංකාවට ආදරය කරන්න. දේශපාලුවන්ට කඩේ යන්නේ නැතුව.

:       3       74

nishantha Thursday, 14 December 2017 02:18 AM

අත්‍යවශ්‍ය සේවාවක් වූ මෙහි වෘත්තීය සමිති තියෙන්නේ කොහොමද ? මෙහෙම ගියොත් තව ටික කාලෙකින් පොලිසියේත් වෘත්තීය සමිති ඇති වෙලා ත්‍රිවිද හමුදාවත් බෙදිලා යයි .කොන්ද පන නැති පාලකයෝ

:       32       103

athura Thursday, 14 December 2017 04:19 AM

දැන් මේ තෙල් ටැංකි ටික මෙච්චර කාලයක් නිකන් දිරායමින් තිබුණ මෙයාල මොනවද කලේ.ඕකට තමයි ජනවහරේ කියන්නේ බල්ලා පිදුරු කන්නෙත් නැහැ කන ගොනාට දෙන්නෙත් නැහැ කියල.

:       2       89

sas Thursday, 14 December 2017 04:20 AM

මේ සංස්ථාවේ මිනුස්සු ඔය තෙල් ටැංකි වලින් මොනවද කරන්නේ කියල මුකුත් දන්නේ නැහැ. කවුරු හරි මොනවහරි කරන්න හදනකොට ඒකට කෑගහන එක ව්තරයි කරන්නේ.

:       164       63

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

අවුරුදු පහමාරක්ම තිබුණේ පාස්කු විමර්ශන යට ගහන ආණ්ඩු
2025 අප්‍රේල් මස 21 21 0

පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද


ජනාධිපති ප්‍රමුඛ ආණ්ඩුව රටටම බොරු කළා
2025 අප්‍රේල් මස 21 184 0

පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරයේ මහා මොළකරුවා හෙළිකරන්නේ යැයි මහා විශාලා ඝෝෂාවක් නගමින් වර්තමාන අණ්ඩුව අසත්‍ය ප්‍රකාශ කළේ යැයි මේ වන විට රටටම පැහැදි්


ආහාර සුරක්ෂිතතා කමිටුව හය වන වරටත් රැස්වේ
2025 අප්‍රේල් මස 21 151 0

රටේ ආහාර සුරක්ෂිතතාව තහවුරු කිරීමට අදාළව ප්‍රතිපත්තිමය තීන්දු ගැනීම සඳහා වන ආහාර සුරක්ෂිතතා කමිටුව කොළඹ ජනාධිපති කාර්යාලයේදී අද 6 වන වරටත් රැස් විය.


පාප් වහන්සේට ගෞරවයක් ලෙස අයිෆල් කුළුණ නිවා දමයි
2025 අප්‍රේල් මස 21 501 0

ශුද්ධෝත්තම ෆ්‍රැන්සිස් පාප් වහන්සේට සිදුකරන ගෞරවයක් වශයෙන් ප්‍රංශයේ අයිෆල් කුළුණේ විදුලි ආලෝකය අද (21) රාත්‍රියේ නිවා දමන බව ප්‍රංශ නගරාධිපතිනි ඈන් හි


නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරියට වෙඩි
2025 අප්‍රේල් මස 21 210 0

කොටිකුවිආරු රක්ෂිතයේ නීති විරෝධීව වැලි ප්‍රවාහනය කළ ලොරි රථයක් පොලිස් නිලධාරීන් හප්පා පලායාමට උත්සාහ කිරීමේදී ටිපර් රථයට වෙඩි තබා රියැදුරු ඇතුළු දෙ


පොලිසියට අලුතින් 5000ක්
2025 අප්‍රේල් මස 21 316 0

මෙම වසරේ අලුතින් පොලිස් නිලධාරීන් 5000ක් බදවාගැනීමටත් ඉන් 2000ක් කඩිනමින් බදවාගැනීමටත් මහජන ආරක්ෂක සහ පාර්ලිමේන්තු කටයුතු අමාත්‍ය ආනන්ද විජේපාල මහතා උපද


මේවාටත් කැමතිවනු ඇති

ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ 2025 අප්‍රේල් මස 18 491 0
ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් සාම සමුළුවේදී මහාචාර්‍ය මොහාන් මුණසිංහ මහතාට ගෞරවය හිමිවේ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 289 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 440 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

Our Group Site