IMG-LOGO

2024 ඔක්තෝබර් මස 03 වන බ්‍රහස්පතින්දා


තවත් මීතොටමුල්ලක් කරදියානේ

සර් ජෝන් කොතලාවල රාජ්‍ය ආරක්ෂක විශ්ව විද්‍යාලය වේරහැර ඉදිකෙරෙන ශික්ෂණ රෝහල කරදියාන කුණු කන්දෙන් මීටර් පන්සියක පමණ දුරින් පිහිටන අතර රුපියල් මිලියන 2600 වියදමින් ඉදි කෙරෙන එහි  ශල්‍යාගාර, පිළිකා ඒකක, දැඩිසත්කාර ඒකක සහ අතිනවීන පහසුකම් ද වේ.

හඳුනා නොගත් විස බීජ ද පාරිසරික ගැටලු රැසක් ද ඇතිකරන බව කියන අක්කර 37 පුරා පැතිරුණු කුණු කන්ද එතැනින් ඉවත් කළ යුතු බව ප්‍රදේශවාසීහු කියති.

මීතොට මුල්ලේ නායගිය කුණු කන්ද අධිකරණ අවසරයෙන්  කරදියානට දින හතකදී රැගෙන ඒම සහ වැසි සහිත කාලගුණික තත්වය සමග කරදියාන කුණු කන්දේ දුඟඳ කිහිප ගුණයකින් ඉහළ යාම සිය නිවෙස්වල මැසිමදුරැ උවදුරද වැඩි වීමට හේතුව ඇතැයි ඔවුහු පවසති.

වේරහැර ගංගාරාම විහාරයට පසුගියදා ඒකරාශිවූ ප්‍රදේශවාසීන් ඇතුළු පිරිසක් මේ හේතුවෙන් ඇති වී ඇති ගැටලු සාකච්ඡා කළහ. කරදියාන කුණු කන්ද නිසා සිය දරුවන්ගේ ජීවිත අනතුරේ වැටී ඇති බව අසල්වැසි කාන්තාවක් කීවාය.

පලාත් පාළන ආයතන නවයකින් පමණ කරදියානට කසල බැහැර කෙ‍රෙන බව සඳහන් කරන ප්‍රදේශවාසීහු කසළ අංඟනය අසලින් ගලා බසින බොල්ගොඩ ජලාශයද අධීක ලෙස දුෂණය වීම නිසා දුර්ලබ මත්ස්‍ය වර්ග විසිතුනක් වඳවීමේ තර්ජනයට මුහුණ පා ඇතැයි ද කියති.

20160528_174811 20160530_160023 20160530_160203 20160530_160233

 



අදහස් (0)

තවත් මීතොටමුල්ලක් කරදියානේ

සෑම් Friday, 03 June 2016 10:07 PM

අපේ රටේ සංවර්ධන කටයුතු සිදුවෙන්නේ ඊළඟ ඡන්දයේ ජයග්‍රහණය ලබාගැනීම හෝ ඉහළම කොමිස් කුට්ටිය ලබාගැනීමේ හැකියාව වෙනුවෙන් මිසක් රටේ දීර්ඝකාලීන යහපත වෙනුවෙන් නොවෙයි. මේ කුණු ප්‍රශ්නය එක රැයකින් ඇතිවුණ දෙයක් නොවෙයිනේ. මේ වතාවේදීවත් මේකට ස්ථිරසාර පිළියමක් යෙදුවොත් හොඳයි (නි)

:       0       0

විජිත් Saturday, 04 June 2016 01:12 AM

රටේ ගොඩ ගැසෙන කුණු ටික සාර්ථකව කළමනාකරණය කරගැනීමට නොහැකි පාලකයන්ගෙන් රටේ ජනතාවට ඊටවැඩි යමක් බලාපොරොත්තු වන්නට හැකිද...? අයාලේ යන රටක්. ඊටවැඩි යමක් ලියා මගේ වටිනා කාලය නාස්ති කරගන්නට මම කැමති නැහැ. අපි හැම අසරණවෙලා. නැහැ. අපිව බොරුවෙන් අසරණ කරලා. (නි)

:       0       0

විජිත් Saturday, 04 June 2016 01:32 AM

තව දෙයක්. නැවතත් පටන්ගන්න යන පෝර්ට්සිටි නම් ව්‍යාපෘතිය අවසානයේදී එහි ගොඩගැසෙන කුණු වලට මොකද කරන්නේ කියලා අපේ රටේ දේශපාලුවන් තවමත් කල්පනා කරනවාද? අනේ මන්දා (නි)

:       0       0

දහම් Saturday, 04 June 2016 01:42 AM

මිනිස්සු අමාරුවේ වැටුනට මේ ආණ්ඩුවට නම් ගණනක්වත් නැහැ. මේ අයට කිසිම ප්‍රශ්නයකට නිසි විසඳුමක් නැහැ වගෙයි. රටේ අවාසනාව. (නි)

:       0       0

සුරන්ජිත් Saturday, 04 June 2016 02:04 AM

හිටපු ජනාධිපතිතුමා වටේ හිටිය සමහර මිනිසුන් නොවේනම් එතුමා අදටත් ඉන්නවා. මේ ප්‍රශ්න වලට කොහොම හෝ පිළියම්ද ලැබෙන්න තිබුනා. අහෝ මගේ රටට ගිය කලක්! වැට් බදු අහස උසට. ජීවන වියදම විශ්වයට යනවා වගේ ඉහළට. දේශපාලකයෝ සුරඟන කතා කියමින් රට වටේ යනවා. අපි තවමත් මෝඩයෝ නේද? (නි)

:       0       0

ධම්ම Sunday, 05 June 2016 02:44 AM

දියවන්නාවේ ඇති කුණුගොඩ සුද්ද වනතුරු ඔය කුණු ගොඩවල් සුද්ද කරන්න බැහැ. (නි)

:       0       0

ආරියසේන Saturday, 04 June 2016 05:57 AM

ඉදිකරන මේ රෝහලෙන් ඇති වැඩක් නෑ.(හේ)

:       0       0

කුරුවිට සුනිල් Saturday, 04 June 2016 06:26 AM

විජිත් මහතාගේ කියමනට මමද ආචාර කරමි (නි)

:       0       0

වසන්ත Saturday, 04 June 2016 09:20 AM

මේවාට විසඳුමක් පිටරටක් සමඟ එකතු වී හෝ සෙවිය යුතුයි. (නි)

:       0       0

බණ්ඩාර - කැකිරාව Saturday, 04 June 2016 10:08 AM

කසළ යනු අපි නොදැනුවත්වම අපතේ යවන මුදල් බව අපි හැමවිටම මතක තබාගත යුතුය. එබවින් හැකි පමණ අපගේ එදිනෙද ජීවිතේදී භාවිතා කරන ද්‍රව්‍ය හැකිපමණ නැවත නැවත අපතේයාම වැළැක්විය යුතුය. එවිට නිවෙස්වල කුණු ගොඩවල් ඉබේම අඩුවේ. එමෙන්ම රාජ්‍ය මටට්මේදී කසළ කළමනාකරණය පිළිබඳව නිසි ක්‍රමවේද යොදාගත යුතුවෙනවා. (නි)

:       0       0

ප්‍රියන්ත Saturday, 04 June 2016 11:06 AM

එකම විසඳුම ජනතාවාදී ආණ්ඩුවක්! (නි)

:       0       0

අයිරා Friday, 03 June 2016 04:06 PM

අපේ රටේ පාලකයන්ට ඕවා බිරි අලින්ට විනා වයනව වගෙයි.ඒ අය යන්නේ විදුරු කලු කරපු සෑප වාහන වල නිසා ඒ අයට ඕවා පේන්නේ වත් ගද දැනෙන්නේ වත් නැහැ .(හේ)

:       0       0

විජිත් Friday, 03 June 2016 05:04 PM

මම මේ කුණු ප්‍රශ්නය ගැන ඉතාම හොඳ අධ්‍යයනයක් කළා කලකට පෙර. මේ කුණු ප්‍රශ්නයට ප්‍රධානම හේතුව තමයි නුගත් දේශපාලකයන්ගේ ආත්මාර්ථකාමී දේශපාලනය. දැනට ලංකාවෙන් බිහිවුණ කුණු අපද්‍රව්‍යය ප්‍රතිචක්‍රීකරණය ගැන ඉහළම සුදුසුකම් ඇති (ඇය ජර්මනියේ විශ්ව විද්‍යාලයකින් අදාළ විෂයට ආචාර්ය උපාධිය ලැබුවා ) ආචාර්ය අජන්තා පෙරේරා මහත්මියගේ උපදෙස් ක්‍රියාවට නැංවුවා නම් අද ලංකාවේ කුණු කඳු නැහැ. එසේම මගේ මතයේ හැටියට අපේ රටට පාරිසරික වශයෙන් මහත්වූ විනාශයක් ගෙනදේවි පෝර්ට් සිටි ව්‍යාපෘතිය අවසන්කළ පසුත් (නි)

:       0       0

වසන්ජය Friday, 03 June 2016 08:54 PM

එක මහා ඇමති කෙනෙක් කුණු කඳු බල බලා සුරඟන කතා කිව්වා මතකයි. මේ කුණු වලින් කොයිතරම් ප්‍රයෝජන ගන්න පුලුවන්ද කියමින් හිටියා. කෝ අද වෙනකම් කරපු දෙයක් නැහැනේ. අපේ බදු මුදලින් සුර සැප විඳිනවා පමණි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ජගත් මහ ලේකම්ට ඊශ්‍රායලයෙන් විරෝධයක්
2024 ඔක්තෝබර් මස 03 239 0

ඉරානය සම්බන්ධයෙන් කළ ප්‍රකාශයක් මුල්කොට ගනිමින්, එක්සත් ජාතීන්ගේ මහ ලේකම් ඇන්තෝනියෝ ගුටරේස්ට ඊශ්‍රායලයට ඇතුළුවීම තහනම් කිරීමට ඊශ්‍රායල අග්‍රාමාත්


විපක්‍ෂනායක බංගලාව සම්පන්දන්ට සින්න වෙලා
2024 ඔක්තෝබර් මස 02 2244 0

හිටපු විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ හිටපු නායක ආර් සම්පන්දන් මහතාට ලබා දී තිබූ කොළඹ 7 මහගමසේකර මාවතේ පිහිටි නිල නිවස ඔහු මිය ගොස් මාස තුනකට ආසන්න ක


ඇඹිලිපිටිය තිරිවාන නිධිය ගැන නීතිපතිගෙන් පොරොන්දුවක්
2024 ඔක්තෝබර් මස 02 782 0

ඇඹිලිපිටිය මහගම ප්‍රදේශයේ තිරිවාන නිධිය කැනීම සම්බන්ධයෙන් කිසිදු ඉදිරි පියවරක් නොගන්නා බව නීතිපතිවරයා අභියාචනාධිකරණයට ඊයේ (02) පොරොන්දු විය.


මූල්‍ය අරමුදලේ ඉහල පෙලේ නියෝජිතයෝ ලංකාවට
2024 ඔක්තෝබර් මස 02 518 0

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ වන වැඩසටහනට අදාළව ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ප්‍රමුඛ නව රජයේ ඉදිරි වැඩපිළිවෙළ පිළිබඳ සොයා බැලීමට ජාත්‍යන්තර මූල


තල් විකුණා කප් ගහලා
2024 ඔක්තෝබර් මස 02 787 0

තල් සංවර්ධන මණ්ඩලය තල් රා තල් වයින් සහ තල් අරක්කු ඇතුළු තල් ආශ්‍රිත නිෂ්පාදන අපනයනයෙන් පසුගිය වසර දෙකේ දී රුපියල් කෝටි 12 කට වැඩි ආදායමක් උපයාගෙන ඇතැයි


මිනුවන්ගොඩ රූපලාවන්‍ය සිද්ධියේ හිමිකාරියට ඇප
2024 ඔක්තෝබර් මස 02 522 0

හිස කෙස් සැකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු කාන්තාවකගේ කෙස්කලඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් පොලිසිය සොයමින් සිටි රූපලාවණ්‍යාගාරයේ හිමිකාරිය අ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38687 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25420 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 282 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 960 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 337 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site