IMG-LOGO

2024 නොවැම්බර් මස 19 වන අඟහරුවාදා


තෙවන සිල්පදය කඩා ලෙඩ වූවන් වැඩිවෙයි

(ඩයනා උදයංගනී)

ඉකුත් 2020 වසරේදී මෙරටින් නව ඒඩ්ස් ආසාදිතයින් 363ක් වාර්තා වී ඇතැයි රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයක දැක්වේ.

එමෙන්ම මෙරටින් වාර්තා වන වාර්තාවන ඒඩ්ස් ආසාදිතයින්ගෙන් වැඩි සංඛ්‍යාවක් පිරිමි අය වන අතර අනුපාතයක් ලෙස සැලකීමේ දී පිරිමි 5කට කාන්තාවන් 1 අයෙකු ලෙස දැක්වේ.

ශ්‍රී ලංකාවවෙනත් රටවලට සාපේක්ෂව ඒඩ්ස් ව්‍යාප්තිය අඩු රටක් වුවත් පසුගිය වසර කිහිපයේදී ශ්‍රී ලංකාවෙන් නව ඒඩ්ස් ආසාදිතයින් හඳුනාගැනීම ක්‍රමයෙන් වැඩිවෙමින් පවතින බව එම නිවේදනයේ සඳහන් වේ.

2019 වසර තුළ ඒඩ්ස් රෝගීන් ගණන 439ක් වාර්තා වී ඇති අතර, එම වසරට සාපේක්ෂව 2020 දී වාර්තා වූ රෝගීන් සංඛ්‍යාව සැලකිය යුතු ලෙස පහළ ගොස් ඇත්තේ කොවිඩ් -19 වසංගත තත්ත්වය හමුවේ පැනවු සංචරණ සීමා හේතුවෙන් ඒඩ්ස් පරීක්ෂණ අඬාලවීම නිසා බව ද රජයේ ප්‍රවෘත්ති දෙපාර්තමේන්තුව නිකුත් කළ නිවේදනයේ දැක්වේ.

ලෝක ඒඩ්ස් දිනය අද (01) ට යෙදී ඇති අතර ඒ වෙනුවෙන් මෙම නිවේදනය නිකුත් කර ඇත.

අසමානකම් දුරුකර ඒඩ්ස් අවසන් කරමු, වසංගතය පරදවමු. යන්න මෙවර ඒඩ්ස් දින තේමාව වේ.

ශ්‍රී ලංකාවේ ඒඩ්ස් සම්ප්‍රේෂණය වන ප්‍රධාන ආකාරය ලෙස අනාරක්ෂිත ලිංගික සම්බන්ධකම් හඳුනාගෙන ඇති අතර පිරිමි සම ලිංගික සබඳතා පවත්වන්නන් අතර ‘එච්.අයි.වී ඒඩ්ස්’ වාර්තාවීමේ සැලකිය යුතු වැඩිවීමක් දක්නට ලැබෙන බව ද එම නිවේදනයේ දැක්වේ.

පවතින ප්‍රතිකාර හේතුවෙන් ඒඩ්ස් යනු පාලනය කළ හැකි දිර්ඝ කාලීන රෝගී තත්ත්වයක් බවට පත්ව ඇති අතර, එම ආසාදිතයන්ට ද රෝගය පාලනය කරමින් සාමාන්‍ය ජීවිතයක් ගත කිරීමේ අවස්ථාව පවතී.

ශ්‍රී ලංකාව තුළ එච්.අයි.වී පරීක්ෂණ සහ සත්කාර සේවා රට පුරා  ඇති ලිංගාශ්‍රිත රෝග සායන 41ක් මඟින් සපයනු අතර ස්වයං එච්.අයි.වී පරීක්‍ෂණයන්ද හඳුන්වා දී තිබේ.

තමන් ආසාදිතයකු ද යන්න පරීක්ෂා කර ගැනීමට අවශ්‍ය ඕනෑම අයෙකුට  www.know4sure.lk ‍වෙබ් පිටුව මඟින් හමුවීමක් වෙන්කර ගත හැකි අතර 070 3633533 / 011 2667163 යන දුරකථන අංක ඔස්සේ වැඩි විස්තර ලබා ගත හැකිය.
ස්වයං පරීක්ෂණ අවශ්‍ය නම් 071 6379192 යන දුරකථනය අංකය මඟින් තොරතුරු ලබාගත හැක.



අදහස් (2)

තෙවන සිල්පදය කඩා ලෙඩ වූවන් වැඩිවෙයි

PRIYANTHA Wednesday, 01 December 2021 12:33 PM

සිල්පද ඔර්ඩර් එකත් වෙනස් කරලද .හොඳටම කරලා තියෙන්නේ

:       2       4

Ino fernando Wednesday, 01 December 2021 04:49 PM

එ් මදිවාට අපේ රටේ ගණිකා වෘත්තිය නීතිගත කරන්න සමහර දේශපාලන පක්ෂ කතා කරනවා. අර අහිංසක ගම්වල ගෑණු ළමයින්ව තැරැව්කාරයින් රවට්ටලා විනාශ කරයි. ඕක නීතිගත කළොත් මේවගේ භයානක ලෙඩරෝග ව්‍යාප්ත වෙන්නේ ඕවලින් තමයි..

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

‘පොහොර සහනාධාරය ගැන බිය විය යුතු නැහැ‘
2024 නොවැම්බර් මස 19 284 0

පොහොර සහනාධාරය සම්බන්ධයෙන් බිය විය යුතු නැති බවත් ගොවීන්ගේ කුඹුරු වැඩ ආරම්භ වූ වහාම පොහොර සහනාධාරය ලබා දීමට සියලු කටයුතු සැළසුම් කර ඇති බවත් ගොවිජන සං


වැඩ කරන හැටි ගැන ලාල් කාන්තගෙන් ප්‍රකාශයක්
2024 නොවැම්බර් මස 19 822 0

දේශපාලනය හා රාජ්‍ය සේවය පිළිබඳව ජනතාව තුළ ඇති අප්‍රසාදය ඉවත් වන අයුරින් වැඩ කරන බව කෘෂිකර්ම, පශු සම්පත් සංවර්ධන, ඉඩම් හා වාරිමාර්ග අමාත්‍ය කේ.ඩී ලාල් කා


තවත් සැක කැබ්රියක් තෙල්දෙණියෙන් සොයාගනී
2024 නොවැම්බර් මස 19 486 0

මහනුවර කෙංගල්ල ප්‍රදේශයේ වාහන උගසට ගන්නා ආයතනයක වාහන අංගනයේ තිබී අනන්‍යතාවය සහ නීත්‍යානුකූල ලියකියවිලි ඉදිරිපත් කිරීමට නොහැකි වූ සැක කටයුතු කැබ්රි


මිනුවන්ගොඩ කෝටි 7 කොල්ලයේ මහ මොළකරු අත් අඩංගුවට
2024 නොවැම්බර් මස 19 2159 0

ප්‍රධාන බැංකුවකට මුදල් රැගෙන යාම සදහා ආයතන වෙතින් මුදල් ලබාගැනීම සිදුකරමින් යමින් සිටියදී එකතු කරගත් මුදල් රුපියල් කෝටි හතකට අධික මුදලක් රැගෙන පළාය


ආර් එම් වී නියෝජ්‍ය කොමසාරිස් ඇතුළු 8කට නඩු පවරයි
2024 නොවැම්බර් මස 19 1739 0

රුපියල් කෝටි පන්සීයකට අධික බදු රජයට අහිමි කරමින් රේගුවට හොර රහසේ ආනයනය කළ සුඛෝපභෝගී මෝටර් රථ දෙසීයක් මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධත


බදුල්ල-කොළඹ රාත්‍රී තැපැල් දුම්රිය පැය දෙකක් ප්‍රමාදයි
2024 නොවැම්බර් මස 19 119 0

උඩරට දුම්රිය මාර්ගයේ දියතලාව දුම්රිය ස්ථානය අසලදී අද සවස දුම්රියක් පීලි පැනීම හේතුවෙන් අද රාත්‍රී බදුල්ල දුම්රිය ස්ථානයෙන් සවස 6.30 ට පිටත් වීමට නියමිත


මේවාටත් කැමතිවනු ඇති

BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි 2024 නොවැම්බර් මස 05 395 0
BMS Campus උසස් අධ්‍යාපනයේ 25 වසරක උරුමයේ රිදී ජුබිලිය සමරයි

වසර විසිපහක විශිෂ්ට ඉතිහාසයක් සහිත BMS කැම්පස් ආයතනය නවෝත්පාදනයන් පෝෂණය කරමින් අනාගත නායකයින් නිර්මාණය කරමින් සහ හැඩගස්වමින් විශිෂ්ට ආයතනයක් බවට මේ ව

සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි 2024 ඔක්තෝබර් මස 18 661 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී මතුගම ශාඛාව දැන් විවෘතයි

සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 51 වැනි ශාඛාව කලූතර දිස්ත‍්‍රික්කයේ අර්ධ නාගරික ජනාකීර්ණ නගරයක් වූ මතුගම නගරයේදී පසුගියදා විවෘත කෙරිණ.

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 1886 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

Our Group Site