නීත්‍යනුකූල නොවන අන්දමින් අලි පැටවකු ළඟ තබාගත් බව කියන හිටපු අලුත්කඩේ අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේට ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් ඇප නියෝගය සංශෝධනය කරන්නැයි ඉල්ලා කොළඹ මහාධිකරණයේ ගොනු කළ ප්‍රතිශෝධන අයදුම්පතට අදාළව හිටපු මහේස්ත්‍රාත්වරයා වෙනුවෙන් නීතිඥ ජේ.එම්.පවුමි මහතා ඉදිරිපත් කර තිබූ මෝසමක් අද (17) විභාගයට ගැනිණි.
නීතිපති දෙපාර්තමේන්තුව වෙනුවෙන් එහිදී අධිකරණයට කරුණු දැක්වූ රජයේ අධිනීතිඥ දිලීප පීරිස් මහතා සඳහන් කළේ මෙම මෝසම ගොනු කර ඇත්තේ ජූනි 13 ලබාදුන් නියෝගය පැහැදිලි කරගැනීම සඳහා බවත් එසේ අධිකරණ නියෝග පැහැදිලි කරගැනීමට මෝසම් ගොනු කිරීම නීති විරෝධී බවත්ය.
මහාධිකරණ විනිසුරු මහිලාල් වෛද්‍යතිලක මහතා ප්‍රතිශෝධන අයැදුමට අදාළ නඩු වාර්තාව පෞද්ගලිකව කොළඹ මහාධිකරණයට ඉදිරිපත් කරන්නැයි ගංගොඩවිල අධිකරණයේ රෙජිස්ටාර්වරියට අද (17) නියෝග කළේය. එම නියෝගය ලබාදුන්නේ රජයේ අධිනීතිඥවරයා කළ ඉල්ලීමක් අනුවය.
ඒ අනුව අද මෝසම ඉල්ලා අස්කර ගැනිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිය සම්බන්ධ වෘත්තීන් කරන අය වැරදි කළොත් මේ රටවල හැකි උපරිම දඬුවම දී වෘත්තීය බලපත්‍රය ජීවිත කාලයටම අවලංගු කරනවා. මත්පැන් පානය කර වාහනයක් පදවා අහුවුනත් ඔවුන්ට සහ වෛද්‍යවරුන්ට ඉහත දඬුවම ලැබෙනවා. (බ)
අනේ මන්දා කවදා මේවායේ කෙළවරක් දකින්නද කියලා (නි)
සමහරු වැරැද්ද කර දාන නීති ගැට ගැන අපිට නම් ලැජ්ජයි (නි)
මේ රට පැවතිතෙක් මේ වගේ ආණ්ඩුවක් නම් දැකලා නැහැ. ජනතාව වෙනුවන් කරන දෙයකුත් නැහැ. දවසින් දවස ජීවත්වීම අමාරු වෙනවා. ඡන්ද තියන්න බය එ්කයි. ඡන්දෙ තිබ්බොත් ඇපත් නැහැ. (නි)
දහම්, මේ පුවතේ මාතෘකාව නම් අලි පැටවෙක් නීතිවිරෝධීව ළඟ තබා ගැනීමක් ගැනයි. හැබැයි, ඔබේ හිතේ පැසවන අදහස් ටික නම් ඒකට අදාළ නැහැ වගේ නේද? (නි)
උපාලි මහත්මයා, රිදුනද ඔබට? නමුත් දහම්ගේ කතාව නිවැරදියි (නි)