අනවසර අලි පැටවකු ළඟ තබාගත් බවට සැකපිට ඇප මත සිටින අලුත්කඩේ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (7) රහස් පොලිසියේ පෙනී සිටියේය.
මහේස්ත්‍රාත් නියෝගයක් අනුව සීඅයිඩියට කට උත්තරයක් ලබාදීමට ඔහු එහි ගියේය.
අනවසර අලි පැටවකු ළඟ තබාගත් බවට සැකපිට ඇප මත සිටින අලුත්කඩේ හිටපු අතිරේක මහේස්ත්‍රාත් තිළිණ ගමගේ අද (7) රහස් පොලිසියේ පෙනී සිටියේය.
මහේස්ත්‍රාත් නියෝගයක් අනුව සීඅයිඩියට කට උත්තරයක් ලබාදීමට ඔහු එහි ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය මෙහෙමනම් අපි සාධාරණ නීතියක් පතන්නේ කාගෙන්ද ?(ම)
ජනතා විමුක්ති පෙරමුණු රජයකින් මිස මේ දුෂිතයන්ට, අපරාධකරුවන්ට කවදාවත් දඬුවමක් ලැබෙන්නේ නැති බව සහතිකයි. ඇත්තටම එහෙම දඬුවම් කරන්න ඕනනෑ ම් ඔබේ ඡන්දය මීළඟ මැතිවරණයේදීවත් හොරබොරු නැති ජවිපෙටම දෙන්න (නි)
චෝදනාලත් අයෙක් අනිත් අයගේ නඩු අහන රටක් ලෝකේ කොහේවත් දැකලා තියනවද. කොහොමද යහපලානේ වෙනස? ලෝකේ හැමරටකම නායකයෝ අපේ රටට ඇවිල්ලා අතට අත දීලා රහසින් අහන්නේ කොහොමද මෙහෙම හොඳ අධිකරණ පද්ධතියක් ඇතිකෙරුවේ කියලා වෙන්න ඇති (නි)
මෙයාගේ ජීවිත කථාව පොතක් ලියන්න පුළුවන් (බ)
වැටත් නියරත් ගොයම් කා නම්, කාට පවසම් ඒ අමාරුව. (බ)
ලෝකයේ තියෙන උත්තරීතර රැකියාවලින් එකක් තමයි අධිකරණ වෘත්තිය මේවාගේ මිනිස්සු ඒ ආයතන වලට පත් වුණාම රටකට වෙන දේ අමුතුවෙන් කියන්ඩ ඕන නෑනේ...(ම)
රටේ යුක්තිය පසිදලන මහේස්ත්‍රාත්වරු මෙහෙමනම් රටේ අනාගතය කෙබදු වේවිද? (බ)
මේවැනි පුද්ගලයන් මෙවැනි උත්තරීතර රැකියාවකට නිර්දේශ කරපු කෙනා කිසිම වගකීමක් නැතිව පත්කරලා. (බ)
දරුවන්ට දෙමව්පියෝ පොඩි කාලේදී ගුණ ධර්ම , යහ ගුණය වගේ දේවල් කියල දෙන්න ඕන. ඒ වගේම එව්වා පිළිපදිනවා නිරීක්ෂණය කරන්නත් ඕන. දෙමව්පියෝ එහෙම නොකළාම මෙහෙම තමා. යහ ගුණය නීති ගරුකභාවය වගේ දේවල් පුරුදු පුහුණු නොකරපු දරුවෝ රටේ ඉහළ තනතුරුවලට අවම ඒ ආයතන වල ගරුත්වයටත් හානියක් ගෙන දෙන්න පිළිවන්. එ්ක නිසා දෙමාපියෝ තමුන්ගේ දරුවන් ගුණවත්ව හදන්න උත්සහ කරන්න ඕන. (බ)
විධායකය, ව්‍යවස්ථාදායකය සහ අධිකරණය යන අංශ තුන ඕනෑම රටක රාජ්‍ය තන්ත්‍රය ලෙස සැලකෙනවා. ඉන් විධායකය සහ ව්‍යවස්ථාදායකය ගැන කලක පටන් ලංකාවේ මිනිස්සු බොහෝ කලකිරීමට පත්වුනා ඒවාට පත්වෙන අයගේ නොහොබිනා ක්‍රියාකලාපයන් නිසා. මේතාක් දුරට මිනිස්සුන්ට තම අවනඩු කියන්න විශ්වාසය තිබුනේ අධිකරණය පමනයි. දැන් එවැනි උත්තරීතර රාජ්‍ය අංශයකට පත්වෙලා සිටින සමහර නුසුදුස්සන් සහ ඔවුන්ගේ තනතුරුවලට නොගැලපෙන ක්‍රියාකලාපයන් නිසා මිනිස්සුන්ට ඇතිවී තිබෙන්නේ කලකිරීමක්. (ර)
හොර ගෙඩියා ! (හේ)
ආධ්‍යාත්මිකව පිරිහුණු රටක මීට වඩා මොනවාද බලාපොරොත්තු වෙන්න පුළුවන්? (බ)
දැන් රටේ තියන දැවෙන ප්‍රස්නේ . අලි දවස ගානේ මරන්න හොදයි ; අලි පැටියෙක් ආදරෙන් හදා ගන්න එක උසාවි යන්නත් රස්සාව නැති වෙන්නත් හේතුවක් ; අනේ කාලේ වනේ වාසේ කිව්වලු (හේ)
මෙතුමා ගැන නොදන්නා අය තමා මේ අදහස් ගොඩාක් දාලා තියෙන්නේ.මෙතුමා ඉතාම නීතිගරුක කෙනෙක් (නි)