අනවසරයෙන් අලි පැටවකු ළඟ තබාගත් බවට සැකපිට උසාවියට ඉදිරිපත් කළ හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේ රුපියල් ලක්ෂ 5 ක මුදල් ඇප හා රුපියල් ලක්ෂ 25 බැගින් වූ ශරීර ඇප 4ක් මත මුදා හැරීමට ගංගොඩවිල මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා අද (2) නියෝග කළේය.
ලබන අඟහරුවාදා (7) ඔහුට රහස් පොලිසියේ පෙනී සිටින ලෙසද නියෝග කැරුණු අතර විදෙස් ගමන් ද තහනම් කැරිණි.
අලිපැටවකු සම්බන්ධ සිද්ධියට උසාවි පැමිණෙන ලෙස නොතීසි නිකුත් කැර තිබියදී තිළිණ ගමගේ අද සිය නීතිඥවරුන් සමග පැමිණ උසාවියට බාරවිය.
තිළිණ ගමගේ බාර වෙයි @ 16:56
අනවසර අලි පැටියකු ළඟ තබා ගත්තැයි සැකපිට කොළඹ කොටුව හිටපු මහේස්ත්‍රාත් තිළිණ ගමගේට ඇප දෙනවාද නැද්ද යන්න අද (02) සවස 6 ට ප්‍රකාශ කරන බව ගංගොඩවිල මහේස්ත්‍රාත් කණිෂ්ක විජේරත්න මහතා ප්‍රකාශ කළේය.
තිළිණ ගමගේ අද ඔහුගේ නිතිඥවරුන් සමඟ අධිකරණයට බාරවීමට පැමිණියේය. ඔහුගේ අපේක්ෂිත ඇප ඉල්ලුම් පත්‍රය ද අද විභාගයට ගැනීමට නියමිතව තිබිණි. ඔහුගේ නිතිඥවරු එම ඉල්ලුම් පත්‍රය ඉල්ලා අස්කර ගත්හ.
ඡායාරූප හා වීඩියෝ - ලහිරු හර්ෂණ




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නඩු තීන්දුව මොන ආකාරයේ වුවත් රටේ පිළිගත් වෘත්තිකයකු වශයෙන් මොහු ලැජ්ජා වියයුතුයි මෙවැනි දේ පිළිබඳව. (විශේෂයෙන්ම විනිසුරුවරයක ලෙස) මට නම් ඇඳුමක් ඇඳගෙන ඔය රස්සාව ආයෙත් කරන්න බැහැ (නි)
ඔච්චර පිරිසක් එක්ක ඇවිත් මාද්‍යය මර්දනය කරන්නේ මෙය පාතාලයට සම්බන්ධ ඇති.(හේ)
මට තේරෙනවා නලින්, මේකෙදි අලිත් අසරණයි, අපිත් අසරණයි, මේ මහපොළොව අයිති අපට විතරක් නෙවෙයි..(බ)
එදා ඉඳල සිදු වුනදේ වෙනසක් නැහැ අදත්. බලගතු ඇත්තෝ බලවත් වෙලා. රට අසරණ වෙලා, නීතිය අවනීතිය වෙලා.අසාධාරනය රජවෙලා තව මොනවා අපි බලාපොරොත්තු වෙන්නද ඉතින්? (බ)
ඉන්දු වගේ මෙතන අදහස් දාන සමහර අයත් ලංකාවේ නීති, වටේ මොනවද වෙන්නේ කියල දන්නේ නැතුව අදහස් දානවා. මිනිස්සු අලි මරන්නේ මස් කන්න නෙවෙයි. අලි ගම් වලට ඇවිත් කරන විනාශය උහුලා ගන්න බැරුවයි. රෑ නිදි නැතුව වගාවල් රකිමින් ජීවත් වෙන්න කීයක් හරි හොයාගන්න කන කට්ට දන්නේ කීයෙන් කී දෙනාද. (බ)
නීතිය ගැන දන්නා මිනිස්සු නීතියට මෙහෙම කරනකොට අසුචි බාල්දියක් ඔලුවේ ඉදන් හලන්ඩ ඕන මෙහෙම නිලයක් දරපු මිනිහෙක් මෙවැනි අපහාස මැද ජීවත් වෙනවට වැඩිය හොදයි බෙල්ලේ වැල දාගන්නවා (බ)
නීතිය පැත්තෙන් වැරදි ඇති. ස්වභාව ධර්මයට විරුද්ධ ඇති. එත් හක්කපටස් දාලා, විදුලි රැහැන් දාලා, වෙඩි තියලා අලි මරණ අයට වඩා මේ මහත්මයාට මම ගරු කරනවා. (නි)
කවුරු කෙසේ කිවුවත් ලංකාව කුමනාකාරයේ නීති පද්ධතියක් තියෙන රටක්ද කියලා නැවත වතාවක් ඔප්පු වෙනවා. මේ රටේ නීතිය ක්‍රියාත්මක වෙන්නේ එක එක්කෙනාගේ බලපුලුවන්කාරකම් අනුව (නි)
යන්තම් ඇති. උපාලිගේ කරුණු විග්‍රහය අනුව හිත හදාගත්තා. මුලින් නම් මමත් බය වුණා මේකද අපි නිදිමරාගෙන ගොඩනඟපු යහපාලනය කියලා. (නි)
එයත් ඉතින් කළු කෝට් අඳින කෙනෙක්නේ (නි)
මම නම් මේ ගැන කිසිම දෙයක් කියන්න යන්නෙ නැහැ කියලා හිතාගත්තා (නි)
අනේ අපි වගේ අසරණයෙකුට මේ වගේ දෙයක් සිද්ධ උනානම්... (ර)
නිශ්ශබ්දව සිටීම නුවණටහුරුයි කියලා සිතුණා (නි)
විදේශ රටවල් වල නම් අලියෙක් නෙමෙයි බල්ලෙක්ගේ වුණත් උප්පැන්නේ ඉඳලා වාර්තා රජයේ ආයතන වල සටහන් වෙනවා. ඒවා පවත්වාගෙන යන්නේ උපතේ සිටමයි. එ්කට ලංකාවේ? (නි)
පොදු දේපල පනත යටතේ වැරදිවලට ඇප තීරණ ගැනීමේදී විනිසුරුවන්ට අභිමතය පාවිච්චි කරන්න ඉඩ දීල තියෙනවා. මේ අභිමතය වැරදි විදිහට පාවිච්චි කෙරෙනවා කියල අපට පෙනෙන්න පුළුවන්. ඒත් නීතිපතිට හැර වෙන අයට මැදිහත් වෙන්න බැහැ. මේක 1982 සම්මත කළ පනතක්. (බ)
යහපාලන රජය අධිකරණ කටයුතු විදිමත් කළ නිසා මොහුට සැකකරුවෙක් විදියට අධිකරණයට බාරවෙන්න සිදුවුණා. අර පාලනය යටතේ හොර අලියා තියාගෙන හිටියට මොනවද වුනේ. නමුත් පොදු දේපල නීතිය යටතේ අප ලබාගත් ආකාරය නැවත විමසිය යුතු වෙනවා. (බ)
දැන් එහෙනම් ඉස්සරහට පොදු දේපල නඩුවල සේරටම ටක් ගාල ඇප හම්බවෙයි නේද? (බ)
යහපාලන නීතිය මෙයයි. විනිසුරැවරයෙක් පොදු දේපළ පනත යටතේ වරදක් කළ විට ඇප දී රහස් පොලීසියට කටඋත්තර දෙන්න යන්න පුළුවන්. අලි රොෂාන්ට මාස ගණනක් ඇප නෑ. මේක තමයි ලංකාවේ සාධාරණ නීතිය. ජයවේවා.....(බ)
වැඩක් නැහැ කතා කරලා නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ (බ)
අඹ යහලුවොනේ ඇප නොලැබුනොත් තමා පුදුම! (බ)
මිනිස්සු නීතිය අතට ගන්න කාලය වැඩි ඈතක නොවෙයි..(බ)
නීතිය සැමට සාධාරණ විය යූතුයි (බ)