(මනෝප්‍රිය ගුණසේකර)
කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි පවරා දීමට අනුමැතිය ලබා දීම සඳහා අල්ලසක් ඉල්ලන බවට අල්ලස් කොමිසමට පැමිණිලි කළ එම්.ජී. ෂුගර් ලංකා පෞද්ගලික සමාගමේ හිමිකාර ඉන්දීය ජාතිකයාගේ ජීවිතයට බරපතළ තර්ජනයක් එල්ල වී ඇතැයි අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්‍ෂ ජනරාල් අසිත ඇන්තනි මහතා කොළඹ අතිරේක මහේස්ත්‍රාත් බුද්ධික ශ්‍රී රාගල මහතාට ඊයේ (09) පැමිණිලි කළේය.
අල්ලස් කොමිසමට පැමිණිල්ල ඉදිරිපත් කළ එම්.ජී. ෂුගර් ලංකා පෞද්ගලික සමාගමේ හිමිකාර ඉන්දීය ජාතික කොටහාරාලපල්ලි කොඩිඩප්පයියා නඩරාජා මහතාගේ කොළඹ, රොස්මිඞ් පෙදෙසේ පිහිටි කාර්යාලයට පෙරේදා (08) පැමිණි කොටි බුද්ධි අංශ සාමාජිකයකු ලෙස හඳුන්වා ගත් ජෝශප් නමැත්තකු නඩරාජා මහතා පිළිබඳව විමසා ඇති බවත් මෙය නඩරාජා මහතාගේ ජීවිතයට එල්ලවූ තර්ජනයක් ලෙස සලකන බවත් අසිත ඇන්තනි මහතා කීය.
නඩරාජා මහතා ඒ අවස්ථාවේදී කාර්යාලයේ සිට නැතැයිද කොටි බුද්ධි අංශ සාමාජිකයකු ලෙස හඳුන්වා ගනිමින් පැමිණි ජෝශප් නමැත්තා කාර්යාලයේ පිළිගැනීමේ නිලධාරිනිය හමුවී තමන්ට නඩරාජා මහතා හමුවීමට අවශ්‍ය බවත් තමා පැමිණියේ ඔහුට උදව් කිරීමට බවත් පවසා ඇතැයිද අසිත ඇන්තනි මහතා පැවසීය.
නඩරාජා මහතා කාර්යාලයේ නොමැති බව පිළිගැනීමේ නිලධාරිනිය ජෝශප් නමැත්තාට දැනුම් දුන් විට ඔහු නඩරාජා
මහතාගේ දුරකතන අංකය ඉල්ලා ඇතත් ඇය ඔහුට දුරකථන අංකය ලබාදී නැතැයි අසිත ඇන්තනි මහතා කීය. මේ
පුද්ගලයාගේ පැමිධෑමත් ඔහු නඩරාජා මහතා පිළිබඳව විමසීමත් ඒ මහතාගේ ජීවිතයට එල්ලවූ තර්ජනයක් ලෙස සලකන බව කී ඇන්තනි මහතා මේ සම්බන්ධයෙන් නඩරාජා මහතාගේ කාර්යාලයේ නිලධාරීන් ඊයේ (09) කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි කිරීමට කටයුතු යොදා තිබූ බවද දැනුම් දුන්නේය.
ඒ අවස්ථාවේදී සැකකරුවන් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ රියෙන්සි අර්සකුලරත්න මහතා කරුණු දක්වමින්
මෙයට තම සේවාදායකයන්ගේ කිසිදු සම්බන්ධයක් නැතැයිද මෙය තම සේවාදායකයන් අමාරුවේ දැමීමට කිසියම්
පුද්ගලයකු විසින් කරන ලද්දක් විය හැකි බවද පැවැසීය.
අල්ලස් කොමිසමේ සහකාර නීති අධ්‍යක්‍ෂ ජනරාල් අසිත ඇන්තනි මහතා මෙම පැමිණිල්ල කළේ ශ්‍රී ලංකා ආයෝජන
මණ්ඩලයේ ව්‍යාපෘතියක් වශයෙන් ‘එම්.ජී. ෂුගර් පුද්ගලික සමාගම’ට පවරා දී ඇති කන්තලේ සීනි සමාගමට අයත් යන්ත්‍ර සූත්‍ර සහ ගොඩනැගිලි පැවරීමට අනුමැතිය ලබාදීමට අල්ලස් වශයෙන් රුපියල් මිලියන 540 ක් ඉල්ලා එය රුපියල් මිලියන 100 ක් දක්වා අඩුකර අත්තිකාරම් වශයෙන් රුපියල් මිලියන 20 ක් අල්ලස් මුදලක් ඉල්ලා ලබාගත්තේ යැයි කියන සිද්ධියට අදාළ පැමිණිල්ල අධිකරණය හමුවේ කැඳවනු ලැබූ අවස්ථාවේදීය.
සොරකමක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන පොලිස් කූඩුවේ සිටි සැකකරුවකු තමාගේ සහෝදරයකු බව පවසා උප සේවක භාරයේ තිබූ යතුරු කැරැල්ල බලෙන් ලබාගෙන පොලිස් සිර මැදි
දිවයිනේ බොහෝ ප්‍රදේශවලට පස්වරු 1.00 පමණ පසු වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
පාතාල කල්ලි නායක සංජීව කුමාර සමරරත්න නොහොත් ගනේමුල්ල සංජීව නමැත්තා කොළඹ අලුත් කඩේ අධිකරණයේදී වෙඩි තබා ඝාතනය කිරීමේ සිද්ධිය සම්බන්ධයෙන් ආධාර අනුබල
පැය 30 ක පාස්කු සටන් විරාමය ප්‍රකාශයට පත්කර පැය කීපයක් ගතවන්නටත් මත්තෙන් රුසියාව ඩ්‍රෝන 96 ක් සහ මිසයිල 3 ක් භාවිත කරමින් යුක්රේනයේ ප්‍රදේශ කීපයකට ප්‍රහා
පළාත් පාලන මැතිවරණයේදී තැපැල් ඡන්දය ප්‍රකාශ කිරීමට අනන්‍යතාව තහවුරු කළ හැකි පිළිගත් ලියවිලි 5 ක් මැතිවරණ කොමිෂන් සභාව නිවේදනය කර තිබේ.
පාස්කු ප්‍රහාරය සිදුවී ගෙවුණු අවුරුදු හයෙන් පහ මාරක්ම තිබුණේ පාස්කු ප්‍රහාරයේ විමර්ශන කරන ආණ්ඩු නොව විමර්ශන යටපත් කරන ආණ්ඩු බව ජනාධිපති අනුර කුමාර ද
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 බ්ලූ ප්ලැනට් ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 අප්‍රේල් 13-14 දිනවල ඩුබායි හි පැවති ගෝලීය නොබෙල් ස
හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ
අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.
දෙකෝටියේ පගාවේ පැමිණිලිකරුට මරණ තර්ජන
juwanis Thursday, 10 May 2018 05:34 AM
දැන් ඉතින් කියයි රාජපක්ෂලා තමයි තර්ජනය කරන්නේ කියලා.
Sapumal Thursday, 10 May 2018 06:34 AM
කොඩිඩප්පයියා මහතා අසාධාරණය නොඉවසන හොඳ නිර්භීත කෙනෙකු වෙනවා. වෙනත් රටක ඉඳගෙන එහි ප්‍රධාන පුටුවේ බලවතෙකුට විරුද්ධව ගත් මෙම ක්‍රියාව ඉතාමත්ම වටිනවා. එසේ නොවුනානම්, මේ අය සැමදා කාටවත් නොදැනෙන්න දිගටම හොරකම් කරාවි. මේ සත්ත්‍ය හෙළිවීම ඉතාමත් වටිනා දෙයක්. ඒ නිසා ඔහු ආරක්ෂා කල යුතුයි.