IMG-LOGO

2024 සැප්තැම්බර් මස 23 වන සඳුදා


දකුණු අපි‍්‍රකානු පිලේ හිටපු නායකයා ශී‍්‍ර ලංකා කණ්ඩායම අවතක්සේරු කරයි

සති හය හමාරක දීර්ඝ සංචාරයක් සඳහා දකුණු අපි‍්‍රකාව බලා පිටත්ව ගිය ශී‍්‍ර ලංකා පිල තරගාවලියේ පළමු තරගය වන තුන්දින තරගයට අද මුහුණ දෙයි. දකුණු අපි‍්‍රකානු ආරාධිත පිලට එරෙහිව පැවැත්වෙන මෙම තරගය බෙනෝනි හිදී පැවැත්වේ.ටෙස්ට් තරග තුනකට, එක්දින තරග පහකට සහ විස්සයි-20 තරගයකට සහභාගි වීම සඳහා දකුණු අපි‍්‍රකාවට ගොස් සිටින, තිලකරත්න ඩිල්ෂාන්ගේ නායකත්වයෙන් යුත්, ශී‍්‍ර ලංකා කණ්ඩායම සම්බන්ධයෙන් ප‍්‍රකාශ වන්නේ එතරම් සුබවාදී දේ නම් නොවේ. ඊට හේතුව වී ඇත්තේ ශී‍්‍ර ලංකා කණ්ඩායම ටෙස්ට් සහ එක්දින තරගාවලි කිහිපයකදීම එක දිගටම ලද පරාජයන් වැලයි. ශී‍්‍ර ලංකා පිලේ අවසන් ටෙස්ට් ජය වාර්තා වන්නේ වසර 2010 ජූලි මාසයේදී ඉන්දීය පිලට එරෙහිව ගාල්ලේදීය. එදා මෙදාතුර ශී‍්‍ර ලංකා පිල ටෙස්ට් තරග 14 කට සහභාගි වී ඉන් තරග 4 ක් පරාජය වී ඇත. වසර නවයකට පසුව ටෙස්ට් තරගාවලියක් සඳහා දකුණු අපි‍්‍රකාවේ සංචාරයක යෙදෙන ශී‍්‍ර ලංකා පිල එහිදී පැවැති ටෙස්ට් තරග 7 කින් හයක්ම පරාජය වී තිබේ. දකුණු අපි‍්‍රකාව සහ ශී‍්‍ර ලංකාව අතර පැවැති එක්දින තරග 17 කින් ශී‍්‍ර ලංකා පිල ජයගෙන ඇත්තේ තරග 5 ක් පමණි. මේ අතර ශී‍්‍ර ලංකා පිලේ වත්මන් ශක්තිය සම්බන්ධයෙන් තක්සේරුවක යෙදෙන දකුණු අපි‍්‍රකානු පිලේ හිටපු නායකයකු වන කෙප්ලර් වෙසල්ස් පවසන්නේ වත්මන් ශී‍්‍ර ලංකා කණ්ඩායම පරාජය කිරීමට දෙවැනි පෙළ දකුණු අපි‍්‍රකානු පිලක් වුවත් සමත් වන බවයි. වෙසල්ස් වැඩිදුරටත් පවසන්නේ ලබන වසරේදී පැවැත්වෙන දකුණු අපි‍්‍රකානු පිලේ එංගලන්ත සංචාරය සහ  ඕස්ටේ‍්‍රලියානු සංචාරය වැනි වඩාත් අසීරු ව්‍යායාමයන්ට පෙරාතුව, දකුණු අපි‍්‍රකානු පිලට තරුණ කී‍්‍රඩකයන් හඳුන්වා දීමට හොඳම අවස්ථාව වන්නේත් මෙම තරගාවලිය බවයි. කෙසේ වෙතත් වෙසල්ස්ගේ මේ ප‍්‍රකාශය ශී‍්‍ර ලංකා කණ්ඩායමේ කී‍්‍රඩකයන් ඇවිස්සීමට තරම් වී තිබේ. ශී‍්‍ර ලංකා පිලේ ප‍්‍රබලතම පිතිකරුවකු වන මහේල ජයවර්ධන පවසන්නේ ‘පීඩිතයන්’ ලෙසින් තරගාවලියට අවතීර්ණ වීමට තමන් වඩාත් කැමැත්තක් දක්වන බවයි. ඔහුගේ මේ ප‍්‍රකාශය අපේ ඇස් ඇරගන්නට හොඳ පසුබිමක් සපයනවා විතරක් නොවෙයි ඔවුන් අප ගැන සිතන්නේ මේ ආකාරයෙන් කියා පැහැදිළි පණිවුඩයක් කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයන්ටත් ගෙන යනවා. හොඳයි, ඔවුන්ගේ අදහස වෙනස් කරන්නට අපි බලමු” යයි මහේල ජයවර්ධන පැවසීය. වේග පන්දු යවන්නන් වන සමින්ද එරංග, නුවන් කුලසේකර සහ ධම්මික ප‍්‍රසාද් තුවාල ලබා සිටින හෙයින් ශී‍්‍ර ලංකා පිල මෙවර තරගාවලියට සහභාගි වන්නේ ඉදිරි පෙළ පන්දු යවන්නන් නොමැතිවය. සුරංග ලක්මාල් ආබාධයන්ට ලක්වූ වේග පන්දු යවන්නන් අතරට එක්වූ අලූත්ම සාමාජිකයා වී සිටී.කෙසේ වෙතත් ශී‍්‍ර ලංකා පිලේ ශක්තිය වන්නේ පිතිකරුවන්ය. දකුණු අපි‍්‍රකාවට එරෙහිව ටෙස්ට් ශතක 5 ක් ලබා ඇති මහේල ජයවර්ධන සිය ටෙස්ට් දිවියේ හොඳම ඉනිම වන ලකුණු 374 ලබාගත්තේද දකුණු අපි‍්‍රකානු පිලට එරෙහිව එස්. එස්. සී. පිටියේදීය. එම තරගයේදිම කුමාර් සංගක්කාර ද්විත්ව ශතකයක් ලබාගැනීමට සමත් විය.

  • ශී‍්‍ර ලංකා කණ්ඩායම පරාජය කිරීමට දෙවැනි පෙළ දකුණු අපි‍්‍රකානු පිලක් ප‍්‍රමාණවත්”
කෙප්ලර් වෙසල්ස්
  • ඔහුගේ මේ ප‍්‍රකාශය අපේ ඇස් ඇරගන්නට හොඳ පසුබිමක් සපයනවා විතරක් නොවෙයි ඔවුන් අප ගැන සිතන්නේ මේ ආකාරයෙන් කියා පැහැදිළි පණිවුඩයක් කණ්ඩායමේ සෙසු කී‍්‍රඩකයන්ටත් ගෙන යනවා. හොඳයි, ඔවුන්ගේ අදහස වෙනස් කරන්නට අපි බලමු”
මහේල ජයවර්ධන     මහේල ජයවර්ධන  කෙප්ලර් වෙසල්ස්



අදහස් (0)

දකුණු අපි‍්‍රකානු පිලේ හිටපු නායකයා ශී‍්‍ර ලංකා කණ්ඩායම අවතක්සේරු කරයි

පුන්යසිරි Friday, 09 December 2011 10:51 PM

ගහන ගහන තරඟය ලෝකෙම හිනස්සවමින් පරාද වෙනවා

:       0       0

දුලීප ඉද්දමල්ගොඩ Saturday, 10 December 2011 01:21 AM

වැරදි නිවැරදි කරගෙන ඉදිරියටම යන්න..

:       0       0

දුලීප ඉද්දමල්ගොඩ Saturday, 10 December 2011 01:22 AM

අපිට මොනව හරි කරන්න තියනවා

:       0       0

lankikaya Saturday, 10 December 2011 02:35 AM

අඩු තක්සේරු එපා...

:       0       0

පද්මසිරි Saturday, 10 December 2011 08:26 AM

ක්‍රිකට් ක්‍රීඩාව කියන්නේ මොකක්ද කියල කෙප්ලර් වෙසල්ස්ට අමතක වෙලා වගේ. තරගයක ජය පැරදුම කියන්නේ කොහොමද තරගය ආරම්භ වෙන්න කලින්. අපේ අලුත් වේග පන්දු යවන්නන්ගේ දක්ෂකම් එයාල දැකගනිවී එයාලගේ රටේදීම. මහේල ඔබගේ පිළිතුරට මගේ සුබපැතුම්. ඔබ සහ සංගක්කාර පිළිතුරු දෙවි කියා සිතනවා කෙප්ලර් වෙසල්ස්ගේ අව තක්සේරුවට. ඔබ සැමට ශක්තිය ලැබේවා

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉරාන ගල් අඟුරු පතලක පිපිරීමක්
2024 සැප්තැම්බර් මස 23 273 0

ඉරානයේ ගල් අඟුරු පතලක සිදුවුණු පිපිරීමකින්, පතල් සේවකයෝ පනස් එක් දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. තුවාල ලැබූ ගණන 20 කි. තවත් සේවකයෝ 15 දෙනෙක් පිපිරීමත් සමඟ පතල ත


ඇමෙරිකාවේ වෙඩි තැබීමකින්
2024 සැප්තැම්බර් මස 23 294 0

ඇමෙරිකාවේ ඇලබාමා ජනපදයේ, බර්මින්හැම් නගරයේ සිදුවුණු වෙඩි තැබීමකින් සිවු දෙනෙක් ජීවිතක්ෂයට පත්වූහ. වෙඩි ප්‍රහාරයෙන් තුවාල ලබා රෝහල්ගත කළ ගණන 18 කි.


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 7399 0

ශ්‍රී ලංකාවේ 9 වැනි විධායක ජනාධිපති ලෙස තේරී පත්වුණු අනුර කුමාර දිසානායක මහතාට සුබ පැතීමට විශේෂ අමුත්තෙක් පැමිණ සිටියේය. ඒ, මෙරට ඉන්දීය මහ කොමසාරිස් සන


’’දිසානායක ජනපතිතුමනි, ලංකා දරුවා ඔබට බාරයි’’
2024 සැප්තැම්බර් මස 22 2885 3

“අනුර දිසානායක ජනාධිපතිතුමනි, ශ්‍රී ලංකාව නමැති ආදරණීය දරුවා මම ඔබට මහත් සෙනෙහසින් භාර දෙමි”යැයි ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විශේෂ ප්‍රකාශයක් ක


අනුර ජනපති
2024 සැප්තැම්බර් මස 22 3575 6

ශ්‍රී ලංකා ප්‍රජාතන්ත්‍රික සමාජවාදී ජනරජයේ ජනාධිපතිවරයා ලෙස අනුර කුමාර දිසානායක මහතා පත්කරගත් බව මැතිවරණ කොමිසමේ සභාපති ආර්. එම්. ඒ. එල්. රත්නායක මහතා


ඡන්දෙට එතරත් හරිම උණුසුම්
2024 සැප්තැම්බර් මස 22 6040 4

2024 ජනාධිපතිවරණයේ ප්‍රතිඵල බලා ගැනීමට දෙස් විදෙස් ශ්‍රී ලංකිකයෝ නොඉවසිල්ලෙන් බලා සිටිති.


වැඩි දෙනා කියවූ පුවත්


ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 19249 15




මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 94 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 284 0
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 148 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site