IMG-LOGO

2024 සැප්තැම්බර් මස 19 වන බ්‍රහස්පතින්දා


දකුණු ආසියානු කරාටේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාව අනුශූරතාව දිනාගනී

ඉන්දියාවේ නවදිල්ලි නුවර පැවැති පළවෙනි දකුණු ආසියාතික ජ්‍යෙෂ්ඨ කරාතේ ශූූරතාවලියේදී ශ්‍රී ලංකා කණ්ඩායම රන් පදක්කම් 6ක්, රිදී පදක්කම් 4ක් සහ ලෝකඩ පදක්කම් 7ක් දිනාගනිමින් තරගාවලියේ අනුශූරතාව දිනාගැනීමට සමත්විය. අනුශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම කටුනායක ජාත්‍යන්තර     ගුවන්තොටුපොළේදී ඉතා උණුසුම් අන්දමින් පිළිගන්නා ලදී. මෙම තරගාවලියේ සමස්ත ශූරතාව පාකිස්තානය විසින් දිනාගන්නා ලද අතර තරගාවලිය රටවල් 6ක සහභාගිත්වයෙන් ඉකුත් 19 වැනි දා සිට 25 වැනි දා දක්වා පැවැත්විණ. ඩබ්ලිව්.කේ.ආර්. තිසේරා (කිලෝ ග‍්‍රෑම් 50 අඩු බර පන්තිය කුමිතේ), ඞී.පී.බී. දිනුෂා කුමාරි (කිලෝ ග‍්‍රෑම් 55 අඩු බර පන්තිය කුමිතේ), පී.ඒ. චන්ද්‍රිකා සෙනවිරත්න (කිලෝග‍්‍රෑම් 61 අඩු බර පන්තිය කුමිතේ) සහ බී.පී.ඊ. කුඩාගොඩ (කාතා විවෘත* ඉසව් වලින් රන් පදක්කම් දිනාගැනීමට සමත් වූහ. කේ.වී.එස්.වී.කේ. ගුණරත්න, වී.යූ.ජී.එම්. රාජකරුණා සහ ඩබ්ලිව් රනිල් කුමාර එකතුව කණ්ඩායම් (කාතා) පිරිමි ඉසව්වේ රන් පදක්කම් දිනාගත් අතර කණ්ඩායම් (කාතා) කාන්තා ඉසව්වේ රන් පදක්කම මධුෂානි ආරියරත්න, නිර්මාලි අමරසිංහ සහ  ඕෂධී කොඩිකාර එකතුව දිනාගත්හ. එච්.ටී.එම්. මෙන්ඩිස් (කිලෝග‍්‍රෑම් 67 අඩු බර පන්තිය කුමිතේ), මධුෂානි ආරියරත්න (කාතා කේවල), ජේ.කේ.ඒ.එල්. ජයකොඩි (කිලෝග‍්‍රෑම් 75 අඩු බර පන්තිය කුමිතේ), සහ මනෝජා සොනාලි, පී.එච්. සහබන්දු එකතුව කණ්ඩායම් කුමිතේ රිදී පදක්කම් දිනාගන්නා ලදී. මනෝජා සොනාලි (කිලෝග‍්‍රෑම් 45ට අඩු බර පන්තිය කුමිතේ), පී.එච්. සහබන්දු (කිලෝග‍්‍රෑම් 50ට අඩු කුමිතේ), එම්.එස්. කුමාරි පෙරේරා (කිලෝග‍්‍රෑම් 68 ට වැඩි කුමිතේ), වී.සී. ගුණරත්න (කිලෝග‍්‍රෑම් 55ට අඩු කුමිතේ), කේ.ඒ.ආර්. සංජීව (කිලෝග‍්‍රෑම් 60ට අඩු කුමිතේ), එච්.එම්.ඞී.එල්. කල්‍යාණ (කිලෝග‍්‍රෑම් 84 ට වැඩි කුමිතේ) සහ කුමිතේ පිරිමි කණ්ඩායම් ලෝකඩ පදක්කම් දිනාගන්නා ලදී. තරගාවලිය සඳහා කාතා පුහුණුකරු ආර්.ජේ.එඞ්වඞ්, කුමිතේ පුහුණුකරු ජේ. ජුරම්පති, කළමනාකරු මහේෂ් කුමාර සහ කණ්ඩායම් භාර ප‍්‍රධාන නිලධාරී එල්මෝ අජිත් අබේසේකර යන නිලධාරීහු සහභාගි වූහ. අනුශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කරාටේ කණ්ඩායම



අදහස් (0)

දකුණු ආසියානු කරාටේ ශූරතාවලියේදී ශ්‍රී ලංකාව අනුශූරතාව දිනාගනී

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

හිස්බුල්ලා ‘වෝකි-ටෝකි’ පුපුරයි
2024 සැප්තැම්බර් මස 19 677 0

ලෙබනනයේ හිස්බුල්ලා සංවිධානයේ සාමාජිකයන් පණිවුඩ හුවමාරු කිරීමට යොදා ගන්නා ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර ද පුපුරා යෑමට පටන් ගත්තේය. ‘වෝකි-ටෝකි’ යන්ත්‍ර පුපුරා ය


ගවහිමියා වෙඩි තබා මරාදමලා
2024 සැප්තැම්බර් මස 18 791 0

වෙඩි තබා ඝාතනය කර තිබූ තරුණයෙකු ගේ මළසිරුරක් අද (18) රාත්‍රි 8 ට පමණ තංගල්ල නලගම පොල්තවාන හංදියේ පොල් ඉඩමක තිබී සොයාගත් බව තංගල්ල මූලස්ථාන පොලිසිය පවසයි .


ඒ.එස්.පී සංජීවගේ වාහන 3ක් - අක්කර 5ක් තහනම්
2024 සැප්තැම්බර් මස 18 1373 0

අනුරාධපුර හිටපු පාර්ලිමෙන්තු මන්ත්‍රි උද්දික ප්‍රේමරත්න ගමන් ගත් මෝටර් රථයට වෙඩි තැබීමේ සිද්ධිය සැළසුම් කර මෙහෙය වුයේ යැයි කියන අනුරාධපුර හිටපු සහක


මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගර සේවිකාවට ඇප
2024 සැප්තැම්බර් මස 18 582 0

මිනුවන්ගොඩ රූපලාවණ්‍යාගාරයකදී කාන්තාවගේ හිස කෙස් එකසීම සඳහා ආලේපනයක් ගැල්වීමෙන් පසු එම කාන්තාවගේ කෙස් කළඹ ගැලවී යාමේ සිද්ධිය සම්බන්ධයෙන් රක්ෂිත බ


මං එන්නේ රටට යුතුකම කරලා
2024 සැප්තැම්බර් මස 18 1307 6

තමා ජනපතිවරණයට ඉදිරිපත් වන්නේ රට වෙනුවෙන් වන මූලික යුතුකම් ඉටු කිරීමෙන් අනතුරුව රට මුහුණ දී තිබූ බංකොලොත් බවින් මුදා ගැනීමේ පළමු පියවර තබා යැයි ජනාධි


මැකෝ කාලගුණ වාර්තාවක් කැඳවයි
2024 සැප්තැම්බර් මස 18 665 0

ඉදිරි දිනවල රටේ කාලගුණ තත්වය පිළිබඳ සම්පූර්ණ වාර්තාවක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ගත් බව මැතිවරණ කොමිෂන් සභාවේ සභාපති ආනන්ද රත්නායක මහතා පැ


මේවාටත් කැමතිවනු ඇති

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 24 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී! 2024 සැප්තැම්බර් මස 13 114 0
Spa Ceylon, 2024 Green Beauty Awards හීදී සම්මාන 9ක් දිනා ගනී!

(2024 සැප්තැම්බර් 09) ලොව විශාලතම Luxury Ayurveda Wellness Brand වන Spa Ceylon, අන්තර්ජාතික සම්මාන උළෙලක් වන 2024 Global Green Beauty Awards හිදී ජාත්‍යන්තර වශයෙන් ලොව ඉදිරියෙන්ම සිටින රූපලාවන්‍ය සන්න

මදසරු භාවය 2024 අගෝස්තු මස 15 2163 2
මදසරු භාවය

විවාහ දිවියට එළඹෙන යුවළකගේ බලාපොරොත්තු අතර දරු සුරතල් බැලීම ප්‍රමුඛස්ථානයෙහි ලා ගැනෙන්නක්. නමුත් වත්මන් සමාජ සංස්ථාව තුළ එලෙස දරු පල ලැබීමට නොහැකිව

Our Group Site