IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


දකුණු ආසියානු පාපන්දු සම්මේලන තරගාවලියේ අවසන් පූර්ව වටය අද

ඉන්දියාවේ නවදිල්ලි නුවර දැන් පැවැත්වෙන නව වැනි සාක් පාපන්දු ශූරතාවලියේ අවසන් පූර්ව තරග (9) ජවහර්ලාල් නේරු ක‍්‍රීඩාංගනයේදී පැවැත්වේ.පළමු අවසන් පූර්ව තරගය අද පස්වරු 3ට සත්කාරක ඉන්දියාව හා මාලදිවයින අතර ද, දෙවැනි අවසන් පූර්ව තරගය පස්වරු 6ට ඇෆ්ගනිස්ථානය හා නේපාලය අතරද පැවැත්වේ.අවසන් මහා තරගය අනිද්දා (11 වැනිදා) පැවැත්වෙන  අතර ශූරතාව දිනා ගන්නා කණ්ඩායමට ඇමරිකානු ඩොලර් 50000ක (රුපියල් 60 ලක්ෂයකට අධික) මුදල් ත්‍යාගයක් ප‍්‍රදානය කෙරේ. ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු සාවියෝ මෙදිරා මහතා එහිදී පැවසුවේ, ශ්‍රී ලංකා කණ්ඩායම පරාජය කරමින් අවසන් පූර්ව වටයට පිවිසි තමන්ට මෙවර තරගාවලිය ජය ගැනීම පිළිබඳ සැකයක් නොමැති බවයි.1993දී ආරම්භ වූ මෙම දකුණු ආසියානු පාපන්දු ශූරතාවලිය ”රන් කුසලාන” සාෆ් කුසලාන ආදී නම් කීපයකින් හඳුන්වනු ලැබුවත්, 1997 සිට එය ”සාක්” පාපන්දු සම්මේලන කුසලාන ලෙස හැඳින්වීම ආරම්භ විය.1995දී රන් කුසලාන පාපන්දු තරගාවලිය ජය ගැනීමට ශ්‍රී ලංකාව කොළඹදී සමත් වුවත් එදා මෙදා තුර මෙම තරගාවලියේදී කැපී පෙනෙන දස්කම් දැක්වීමට ශ්‍රී ලංකාව අපොහොසත්ව සිටියි.



අදහස් (0)

දකුණු ආසියානු පාපන්දු සම්මේලන තරගාවලියේ අවසන් පූර්ව වටය අද

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 763 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 573 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site