IMG-LOGO

2025 අප්‍රේල් මස 16 වන බදාදා


දකුණු ආසියානු වෙරළ ක‍්‍රීඩා උළෙල වර්ණවත් උළෙලත් සමග අවසන් වෙයි

හම්බන්තොටදී පුරා දින හතක් පැවැති පළමු දකුණු ආසියානු වෙරළ (බීච්) ක‍්‍රීඩා උළෙල අද (14)රාත‍්‍රියේ කථානායක චමල් රාජපක්‍ෂ මහතාගේ ප‍්‍රධානත්වයෙන් පැවැති වර්ණවත් සමාප්ති උළෙලත් සමග අවසන් විය. දෙවැනි දකුණු ආසියානු වෙරළ (බීච්) ක‍්‍රීඩා උළෙල ලබන 2013 වසරේ මාලදිවයිනේදී පැවැත්වීමට නියමිතය. දෙවැනි ක‍්‍රීඩා උළෙලේ සත්කාරක රට වන මාලදිවයින් ඔලිම්පික් කමිටු සභාපති ඊබ‍්‍රයිම් ස්මයිල් සහ මාලදිවයින් ක‍්‍රීඩා අමාත්‍ය හසන් ලතීෆ් යන මහත්වරුන්ට ක‍්‍රීඩා උළෙලේ ධජය නිලවශයෙන් බාර දුන් අවස්ථාවට සමාප්ති උළෙලේ විශේෂ ස්ථානයක් හිමිවිය. මාලදිවයින් ක‍්‍රීඩිකාවන්ගෙන් සමන්විත නර්තන කණ්ඩායමක් බෙර වාදනය කරමින් අපේ ජාතිය යන තේරීම ගෙනෙන ‘මීරාජේ’ නැමැති නර්ථනය ඉදිරිපත් කිරීම කැපී පෙනුණි. සමාප්ති උළෙලට ද ත‍්‍රිවිද හමුදාව, පොලිසිය සහ සිවිල් ආරක්‍ෂක බලකාය එකතුව වර්ණවත් නර්ථන සංදර්ශනයක් ඉදිරිපත් කළ අතර පසුව ඉදිරිපත් කළ මල්වෙඩි සංදර්ශනය හම්බන්තොට අහස් කුස වර්ණවත් කළේය. සමාප්ති උළෙල ඇමතූ ක‍්‍රීඩා උළෙලේ සංවිධාන කමිටු සභාපති අමාත්‍ය ඩිලාන් පෙරේරා සහ ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා යන මහත්වරු පැවසුවේ 2018 පොදුරාජ්‍ය මණ්ඩලයීය ක‍්‍රීඩා උළෙලේ සත්කාරත්වය සඳහා ලබන නොවැම්බර් මස 11 වැනිදා ශාන්ත කිඞ්ස්හිදී පැවැත්වෙන ඡන්ද විමසීමෙන් අනිවාර්යයෙන් ජය ලබා එය හම්බන්තොට පවත්වන බවයි. ඉන්දියාව රන් පදක්කම් 11ක්, රිදී පදක්කම් නවයක් සහ ලෝකඩ පදක්කම් පහක් දිනා ගනිමින් පළමු ස්ථානය දිනා ගත්තේය. පාකිස්තානය රන් පදක්කම් පහක්, රිදී පදක්කම් දෙකක් සහ ලෝකඩ පදක්කම් හතරක් දිනා තෙවැනි ස්ථානය හිමිකර ගත්තේය. ඡායාරූප: රොමේෂ් ධනුෂ්ක සිල්වා ක‍්‍රීඩා අමාත්‍ය මහින්දානන්ද අලූත්ගමගේ මහතා විසින් මාලදිවයින් ක‍්‍රීඩා අමාත්‍ය හසන් ලතීෆ් මහතාට ක‍්‍රීඩා උළෙලේ ධජය නිලවශයෙන් බාර දෙන ලද අවස්ථාව. ශ‍්‍රී ලංකා ජාතික ඔලිම්පික් කමිටුවේ ලේකම් මැක්ස්වෙල් ද සිල්වා සහ මාලදිවයින් ඔලිම්පික් කමිටු සභාපති ඊබ‍්‍රයිම් ස්මයිල් යන මහත්වරු ද වෙහි වෙති.මාලදිවයින් ක‍්‍රීඩිකාවන් නර්ථනය ඉදිරිපත් කරමින්..මල්වෙඩි සංදර්ශණය



අදහස් (0)

දකුණු ආසියානු වෙරළ ක‍්‍රීඩා උළෙල වර්ණවත් උළෙලත් සමග අවසන් වෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

එසැණ පුවත්

පේරු හිටපු ජනපති සහ බිරිඳ වසර 15 ක් හිරේ
2025 අප්‍රේල් මස 16 288 0

මුදල් විශුද්ධිකරණ චෝදනාවලට වරදකරුවන් වූ පේරු රාජ්‍යයේ හිටපු ජනාධිපති ඔලන්ටා හුමාලා සහ බිරිඳ නදීන් හෙරෙඩියාට වසර 15 ක සිර දඬුවම් නියම කෙරුණි.


ගම්පහ නගරයේ වැරදුණු කුරුමානම
2025 අප්‍රේල් මස 15 1277 0

ගම්පහ නගරයේදී අද රාත්‍රී 8 ට පමණ වෙඩි තැබීමක් සිදුව ඇති බව පොලීසිය සදහන් කරයි.


සිරි දළදා වන්දනාවට ආ යුතු ප්‍රවේශ මාර්ග මෙන්න
2025 අප්‍රේල් මස 15 621 0

සිරි දළදා වන්දනාව වෙනුවෙන් සහභාගී වන බැතිමතුන්ට පැමිණිය හැකි ප්‍රවේශ මාර්ග පිළිබඳ දළදා මාලිගාව විසින් ප්‍රකාශයට පත්කර තිබේ.


බන්ධනාගාර විශ්‍රාමික අධිකාරිගේ ඝාතකයා රටින් පනින් හදලා
2025 අප්‍රේල් මස 15 1237 0

බූස්ස බන්ධනාගාරයේ විශ්‍රාමික අධිකාරීවරයාට සිය නිවස ඉදිරිපිට දී වෙඩි තබා ඝාතනය කළ වෙඩික්කරු ව්‍යාජ ගමන් බලපත්‍රයක් භාවිතා කරමින් තායිලන්තය වෙත පැන ය


ඇමෙරිකාව හෙල්ලෙයි
2025 අප්‍රේල් මස 15 2232 0

රික්ටර් පරිමාණයේ ඒකක 5.2 ක ප්‍රබලත්වයක් සටහන් කළ භූමිකම්පාකින් ඇමෙරිකාවේ කැලිෆෝනියා ජනපදයේ, සැන් ඩියේගෝ නුවර සෙලවිණි.


සිංගප්පූරු පාර්ලිමේන්තුව විසුරුවයි
2025 අප්‍රේල් මස 15 1367 0

සිංගප්පූරු පාරිලිමේන්තුව විසුරුවා හැරියේය. ඒ අනුව, සිංගප්පූරු පාර්ලිමේන්තු මැතිවරණය මැයි 3 වැනිදා පැවැත් වෙන බව අග්‍රාමාත්‍ය ලොරෙන්ස් වොංග් නිවේදනය


මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ ඉංජිනේරු   සහ බලශක්ති සේවා  සඳහා Hayleys Fentons  සහ Hayleys Solar  ආයතනයේ  දායකත්වය 2025 අප්‍රේල් මස 11 139 0
ශ්‍රී ලංකාවේ ඉංජිනේරු සහ බලශක්ති සේවා සඳහා Hayleys Fentons සහ Hayleys Solar ආයතනයේ දායකත්වය

හේලීස් ෆෙන්ටන්ස් ලිමිටඩ් හි කළමනාකාර අධ්‍යක්ෂක හසිත් ප්‍රේමතිලක මහතා සහ හේලීස් සෝලාහි අධ්‍යක්ෂක/ප්‍රධාන විධායක නිලධාරී රොෂේන් පෙරේරා මහතා සමඟ කතාබ

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි. 2025 අප්‍රේල් මස 10 286 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර සඳහා රු. බිලියන 30.7 ක දැවැන්ත බදු පෙර ලාභයක් වාර්තා කරයි.

අප්‍රේල් 01, 2025 කොළඹ දීග ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් 2024 වසර විශිෂ්ට ලෙස නිමා කළ අතර, රුපියල් බිලියන 30.7 ක බදු ගෙවීමට පෙර ලාභයක් වාර්තා කරන ලදී.

NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි 2025 අප්‍රේල් මස 09 930 0
NSBM හරිත සරසවිය තම සිසුන්ට ඇමෙරිකානු සරසවියේ දොරහරියි

ඇමරිකානු තානාපතිනී ජූලි චන්ග් මැතිනිය ඉකුත් අප්‍රේල් මස හතර වැනිදා ශ්‍රී ලංකාවේ උසස් අධ්‍යාපනයේ හැරවුම් ලක්ෂයක් සනිටුහන් කළ NSBM හරිත සරසවියට පැමිණියා

Our Group Site