IMG-LOGO

2024 සැප්තැම්බර් මස 29 වන ඉරිදා


දකුණු සුපිරි මගට දස කෝටියක විද්‍යුත් පුවරු

දක්ෂිණ අධිවේගී මාර්ගයේ කොට්ටාවේ සිට මාතර ගොඩගම දක්වා පිවිසුම් එකොළහක විද්‍යුත් පුවරු සවි කිරීමට යයි.

අන්තර්ජාතික  මට්ටමේ විද්‍යුත් පුවරු රුපියල් දස කෝටියක ජපාන ආධාර යටතේ  සවි කැරෙන බව  අධිවේගී මාර්ග නඩත්තු හා මෙහෙයුම් අධ්‍යක්ෂ ටී කේ රණසිංහ මහතා කියයි.

මුල්ම පුවරුව කහතුඩුව අසළ සවි කිරීමට නිලධරයෝ හා කාර්මිකයෝ හැට දෙනෙක්  පමණ එක් වුහ.

එම මාර්ගයේ කාර්යක්ෂමතාව හා ගුණාත්මකභාවය ඉහළ නංවා මාර්ගය පාවිච්චි කරන්නවුගේ පහසුකම් වැඩි කිරීම මෙහි අරමුණයි.

විද්‍යුත් පුවරුවලට අමතරව වැසි මාපක ද සවි කිරීමට නියමිතය.

 

 

highway-(1) highway-(3) highway-(5) highway-(6) highway-(7) highway-(8) highway

 

 



අදහස් (0)

දකුණු සුපිරි මගට දස කෝටියක විද්‍යුත් පුවරු

තිලාන් Thursday, 04 September 2014 02:13 AM

ප්‍රශෟනයක් නැහැ. දැන් ඉතින් කන බොන දේවල් වල මිල ටිකක් විතර වැඩිවෙයිවද්ද? (නි)

:       0       0

චමින්ද Thursday, 04 September 2014 09:23 AM

මෙම වියදම් කරපු මුදල, ජපානයෙන් ලැබුණු ආපසු අයකරගන්නා ණය මුදලක් වෙන්නත් පුළුවන්, නැත්නම් තෑග්ගක් වෙන්නත් පුළුවන්. රජය තමයි ඒක හරියටම දන්නේ. (නදී)

:       0       0

චමිලා Thursday, 04 September 2014 09:29 AM

මෙහෙම සල්ලි නාස්ති කලාම අපි හිගන්නන් වෙයි (නදී)

:       0       0

රොහාන් සෞදි Thursday, 04 September 2014 09:35 AM

බෙනට් කවුරු වියදම් දරල තිබුනත් කිසිම කෙනෙක් නික්ම මුදල් දෙන්නේ නැහැ. ජනතාව අනිවාර්යෙන් බයවෙන්න ඕන මොකද මේ ණය ගෙවන්න වෙන්නේ ජනතාවට නිසා. (නදී)

:       0       0

රුවන් Thursday, 04 September 2014 04:52 PM

නුවන්, ඔයා හරි (නි)

:       0       0

ඉසුරන්දි Wednesday, 03 September 2014 12:08 PM

අලුතින් පටන්ගත් ඒවටත් ඕවා සවිකරලම විවෘත කළොත් කාලයත් ශ්‍රමයත් මුදලත් ඉතිරි වෙයි. (නි)

:       0       0

නුවන් සංජීව Thursday, 04 September 2014 12:17 PM

වැඩක් කරද්දී අඩුපාඩු විතරක් පෙනෙන සිංහල ජාතියක් ඉන්න අපේ රටේ මිනිසුන්ගේ අනාගතය වෙනුවෙන් මේ වගේ සංවර්ධන කටුතු කරන්න තව ශක්තිය ලැබේවා. අදිවේග මාර්ගේ ගිහින් ඒ පාරට බනින හිගන්නන්ගේ කතා වැඩක් නැහැ. ඔහොම යන්. (නදී)

:       0       0

කුමාර Wednesday, 03 September 2014 08:00 AM

මේ පුවරුවල තිබෙන ප්‍රයෝජනය මොකක්ද කියලා බලාගන්න ඒවා සවිකරනතුරුම ඉන්නවෙයි. කොහොම වුණත් 100ට යන්න පුළුවන් “අධිවේගී මාර්ග“ යේ තවත් පුවරු මොකටද කියලත් හිතෙනවා. හේතුව අළුතින් දැනුවත් කරන්න දෙයක් තවත් නැති නිසා. ඉවසිල්ලෙන් ඉඳලම බලමුකො. කෝටිම 10ක් කියනවනෙ. (නි)

:       0       0

නස්රී Wednesday, 03 September 2014 08:15 AM

අයියෝ සල්ලි (නදී)

:       0       0

ජයසිංහ Thursday, 04 September 2014 07:41 AM

ජනාදිපතිවරනයට ප්‍රචාරයක් දෙන්නද ? (නදී)

:       0       0

ගාමිණී සිරිවර්දන Wednesday, 03 September 2014 08:33 AM

විද්‍යුත් පුවරු අවශ්‍ය උනත් අත්‍යාවශ්‍යම නොවේ. මේ වියදම් කරන මුදල් කෝටි වලින් දැනට අත්‍යාවශ්‍ය වියලි කලාපයේ පානීය ජල ව්‍යාපෘති සහ පුරන්වී ඇති වැව් ටික පිළිසකර දුන්නා නම් අහන නෝක්කඩු තාවකාලික වත් නවතීවි !! (නදී)

:       0       0

හේමන්ත Wednesday, 03 September 2014 08:36 AM

මේ මොන පුවරු සවි කලත් ගමන් කරන වාහන වල තත්වයයි, රියදුරු මහතුන්ගේ රිය ධාවනයේ ගුණාත්මක භාවයේ තත්වයයි ඉහල දමනකන් මේවායේ ප්‍රයෝජනයක් නැති බව තමා මගේ අදහස. (නදී)

:       0       0

බෙනට් Thursday, 04 September 2014 08:02 AM

මේකේ වියදම සම්පුර්ණයෙන්ම දරල තියෙන්නේ ජපානයයි. ඒ නිසා වියදම ගැන ජනතාව බයවෙන්න එපා. ඔය වගේ අපි නොදන්නවට ලංකාවේ ගොඩක් දේවල් වලට වියදම් දරන්නේ පිට රටවලුයි. අනේ මන්දා ජනතාවගෙන් අය කරන බදු මුදල් වලට මොනවා වෙනවද මන්දා (නදී)

:       0       0

චමින්ද Wednesday, 03 September 2014 09:18 PM

මගේ අම්මෝ! 60ක් ආවද ඕක සවිකරන්න? (නි)

:       0       0

නුවන් Thursday, 04 September 2014 01:26 AM

පහරදෙනකොට විතරක් ඡන්ද පත්‍රිකා දෙයි (නදී)

:       0       0

හේමප්‍රිය Friday, 19 September 2014 09:41 AM

මීට අවුරුදු 25 කට කලින් මේ අධිවේගී පාරවල් හදලා තිබුනා නම් අද ලංකාව කොච්චර දියුණුද? අපේ අය‍ට නිකන් ඉඳල කන්න ලැබෙනවා නම් සංවර්ධනයට මොනවා වුණත් කමක් නැහැ. තාමත් එහෙම හිතන සමහරු ඉන්නවා නේද? හරිම කණගාටුදායකයි (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

2023 සාමාන්‍ය පෙළ විභාග ප්‍රතිඵල නිකුත් වෙයි
2024 සැප්තැම්බර් මස 29 16 0

අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ 2023(2024 ) විභාගයේ ප්‍රතිඵල ඊයේ (28) නිකුත් කළ බව විභාග දෙපාර්තමේන්තුව පවසයි.


පහල යාගොඩ අමුතු ඝාතනයක්
2024 සැප්තැම්බර් මස 28 2435 0

ගණේමුල්ල පොලිස් වසමට අයත් පහළ යාගොඩ ප්‍රදේශයේදී යතුරු පැදියක පිටුපස ගමන් ගත් අයෙකු පැදි කරුගේ ගෙල කපා අනතුරුව බියට පත්ව ඔහුගේද ගෙල කපාගෙන ජීවිතක්ෂයට


රනිල් නායකත්වයේ සිටිය යුතුයි:ගාල්ල යෝජනා සම්මතයි
2024 සැප්තැම්බර් මස 28 1392 0

එක්සත් ජාතික පක්ෂ නායක හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් එක්සත් ජාතික පක්ෂයේ නායකයා ලෙස කටයුතු කළ යුතු බවට වන යෝජනාවක් ගාල්ලේ විශේෂිත එ


ඩඩ්ලිගෙන් පාලන මිලට සහල්
2024 සැප්තැම්බර් මස 28 2068 0

බලයට පත් ආණ්ඩුවට සහයෝගයක් වශයෙන් තමා 28 වෙනිද සිට සියලුම සහල් පාලන මිලට ලබාදීමට කටයුතු කරන බව අරලිය සහල් ව්‍යාපාරයේ අධිපති ඩඩ්ලි සිරිසේන මහතා පවසයි.


අපේ පත් කිරීම්වලට අපි වග කියනවා
2024 සැප්තැම්බර් මස 28 1420 0

ජාතික ජන බලවේග රජය කරන සියලු පත්කිරීම් සඳහා රජය වග කියන බව අග්‍රාමාත්‍ය හරිනි අමරසූරිය මෙනවිය මහනුවර දී අද (28) පැවසුවාය.


බෝවතැන්න හිස් කරයි
2024 සැප්තැම්බර් මස 28 762 0

අලුත් වැඩියා කටයුත්තක් සහ නිරීක්‍ෂණ කටයුත්තක් සඳහා බෝතැන්න ජලාශයේ ජලය ඉවත් කරන නිසා අබන් ගඟ දෙපස ජනතාව දැඩි විමසිලිමත් වන ලෙස බෝතැන්න ජලාශ භාර ඉංජිනේ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 37980 21


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25017 12



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 241 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 777 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 280 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site