මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගයේ වැඩකටයුතු අතර කැකණදුර නාකුට්ටියගම මීටර් 615ක් දිග උමං මාර්ගය මුල්තැනක් ගනී. මෙම උමග තැනීමට චීන ඉංජිනේරුවනට හා කාර්මිකයනට වසර දෙක හමාරක් ගතවිය.
ශ්‍රී ලංකාවේ දිගම දුම්රිය උමං මාර්ගය මෙය බව දැනගන්නට ඇත.
මාතර සිට බෙලිඅත්ත දක්වා දුම්රිය මාර්ගයේ වැඩකටයුතු අතර කැකණදුර නාකුට්ටියගම මීටර් 615ක් දිග උමං මාර්ගය මුල්තැනක් ගනී. මෙම උමග තැනීමට චීන ඉංජිනේරුවනට හා කාර්මිකයනට වසර දෙක හමාරක් ගතවිය.
ශ්‍රී ලංකාවේ දිගම දුම්රිය උමං මාර්ගය මෙය බව දැනගන්නට ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය පළාතේ ඔච්චර දිග උමගක් හදන්න තැනක් කොහොම හොයා ගත්තාද කියල හිතා ගන්නත් බැහැ.දිගම උමග කියන්නේ උඩරට මාර්ගයේත් මෙපමණ දිග එකක් නැහැ කියන එක නේද ? (බ)
මාතර තියෙනවා දැකුම් කළු කඳු, වනපෙත් ගංගාවල් ඇවිත් බලන්න. (ර)
ලංකාවේ වාහන තදබදයට හොඳම විසදුම තමයි දුම්රිය සේවය දියුණු කිරීම. (ර)
කිකිලියන්ගේ හැටි ඔහොම තමා බිත්තරයක් දාල ගමටම ඇහෙන්ඩ කෑගහනවා (බ)
ඔන්න තවත් එකක් යහපාලන අයට ළඟදීම විවෘත කරන්න, කලින් තිබ්බ මුල් ගල් ගලවල අලුතින් ඒවා හයි කරලා! (බ)
දකුණට නොගිය අය ගැන මොන කතාද? එහි ගිය අයයි සුන්දරත්වය දන්නේ. (නි)
මේවා මහින්දගේ වැඩ නේද? (නි)
මහින්ද හිටියා නම් ඕවා ඉබි ගමනේ යන්නේ නැහැ. ඕවත් මහින්ද පටන්ගත් වැඩ තමා. තාම බඩගානවා (නි)
චීනයටම වැඳ වැඳ චීනා ගැනම කියන්නේ, ඔය යකඩ උස්සාගෙන යන අපේ කොල්ලෝ ගැනත් බැලුවොත් නරකද? (නි)
දක්ෂිණ අධිවේගී මාර්ගය පටන්ගත්තේ 1991 ප්‍රේමදාස ජනාධිපති විසිනි. එම මාර්ගයේ ඉඩම් මැනලා වන්දි ගෙවන්න පටන්ගත්තේ රනිල් අගමැතිව සිටින කාලයේදී. මාර්ගය හදන්නට අවශ්‍ය මුදල් හොයාගත්තේ චන්ද්‍රිකා ජනාධිපතිනිය විසින්. මහින්ද ජනාධිපති පාර විවෘත කළා. මේවා එක් කෙනෙක් විතරක් ලකුණු දාගන්න ව්‍යාපෘති නොවෙයි. (නි)
ඔවු ඔවු කුමාර, උන්නැහේ හිටියා නම් හොඳ කොමිස් කුට්ටියක් සාක්කුවේ දාගන්න තිබුනා. (නි)
මගේ සුන්දර ශ්‍රී ලංකා! (නි)
පරම්පරා කීයක් උගස් තිබ්බද කියලත් කිවුවොත් නරකද? මේ මහජනයාට තේරෙන්නේ නැහැනේ මේක දියුණුවක් නෙමෙයි ගෙවන්න බැරි ණයවීමක් කියලා. (නි)
මේ වැඩේ මෙතරම් ප්‍රමාද වීමට හොඳම සාධකය පළවැනි පින්තුරෙන්ම පේනවා. කම්බි කුරු ටිකක් උස්සන්න 8 දෙනෙක් ඕනේ , යන්නෙත් පයින්. වෙන රටවල මේවා මෙහෙම් කෙරෙන්නේ නැහැ. ලංකාව කවදානම් අඩුම ගන්නේ විසිඑක්වෙනි ශත වර්ෂෙට නෙවෙයි 18 වැනි ශතවර්ෂෙටවත් යාවිද? (බ)
ලංකාවේ දියුණුවේ වේගේ දිහාව බැලුවහම අපේ අයත් චීනෙට ගිහින් එහෙ කෝච්චි පාරවල් හදල දීල එන දිනේ වැඩි ඈතක නෙමෙයි. (බ)
කවුරු මුල්ගල් තිබ්බත් හදන්න පටන් ගත්තේ මහින්ද යුගයේ . ලංකාවේ මුල් ඇදපු මුල්ගල් මිලියන ගණනක් ඇති . තියන්නන් වාලේ මුල් ගල් තිබ්බට වැඩක් නැහැ වැඩේ පටන්ගන්නේ නැතිව . ඒකාලේ අනුරාධපුරේ ඉඳන් මිහින්තලේට රේල් පාර හැදුවට අද වැඩක් වෙනවද ? තේක්ක ගස් ටික අතුරුදහන් වුනු එක විතරයි වුනේ . වැඩ කරනකල් ඒවාට බැනල අන්තිමට ලකුණු දාගන්න යනවා විලිලැජ්ජා නැතිව (බ)