IMG-LOGO

2024 ඔක්තෝබර් මස 02 වන බදාදා


දඟමලු හතේ කතාව ස රි ග ම පා

2016-05-27-ent-133

සරිගමපා

ස - ගී ගයමු

රි - අපි නටමු..

සංගීතය රිද්මය වේ මධුර රසේ

අපි කවි ගොතමු - හැඩ කරමු

අපි හැම ගයමු...

 

උරේෂා රවිහාරීගේ ගී හඬ නුවරඑළියට ආසන්න අඹේවෙල කිරි ගොවිපොළ පුරා රැව් පිළිරැව් දෙන අතර ජනප්‍රිය රංගන ශිල්පිනී පූජා උමාශංකර් හා සෙසු ළමා ශිල්පීන් හය දෙනෙකු ඒ සඳහා රංගනයෙන් හා නර්තනයෙන් දායක වෙති. "මෙය මගේ අලුත්ම නිර්මාණය වන "සරිගමපා" චිත්‍රපටයේ එන ගීතයක්. මේ ගීතයේ පේලි කීපයක් තමයි මේ අඹේවෙල ගොවි පොළේ රූපගත කරන්නෙ. සම්පූර්ණ ගීතය අපි මනස්කාන්ත දර්ශන තල කීපයකම රෑගත කරන්න සැලසුම් කරලා තියෙන්නෙ, ප්‍රවීණ සිනාම අධ්‍යක්‍ෂක සෝමරත්න දිසානායක අප හා පැවසුවේ අප එම දර්ශන තලයට ගිය අවස්ථාවේදීය.

රේණුකා බාලසූරියගේ නිෂ්පාදනයක් වන &සරිගමපා* චිත්‍රපටයේ ප්‍රධාන භූමිකාවන් නිරූපණය කරන්නේ පූජා උමාශංකර් සහ අශාන් ඩයස්ය.

"මීට වසර 50 කට පෙර තිරගතවූ ජනප්‍රියම චිත්‍රපටයක් වූ "ද සවුන්ඩ් ඔෆ් මියුසික්" කතාව පාදක කරගෙන තමයි මේ පිටපත මම රචනා කළේ. මේක අනුකරණයක් නොව අනුවර්තනයක් බව කියන්නට ඕනෙ. කතාවෙ හැටියට අෂාන් ඩයස් විශ්‍රාමික නාවික හමුදා නිලධාරියෙක්. ඔහුගේ නම ටෝනි. එයාගෙ බිරිඳ මිය ගිහින්, දරැවො 7 දෙනෙක් ඉන්නවා අවුරැදු 3 සිට 18 දක්වා වයස්වල. කපිතාන් මේ දරැවො හදන්නෙත් හමුදා නීති රීති අනුවමයි. හරියට දරදඬු පාලකයෙක් වගේ. මේ දරැවො බලාගන්න පාලිකාවන් ගෙන්වා, ඒත් ඒගොල්ලො වැඩි කාලයක් ඉන්නෙ නැහැ. එනවා යනවා. ඒ තරමට ළමයි හරිම දඟයි. කන්‍යාරාමයකින් කන්‍යා සොයුරියක් වෙන්න ගිය "මරියා" තමයි 12 වැනි පාලිකාව හැටියට මේ ගෙදරට එන්නෙ. ඇය තමයි පූජා. මෙයත් දඟකාර ගෑනු ළමයෙක් වුණාට සංගීතයට හරිම ළැදියි. ඇය මේ ගෙදරට එනකොට ගිටාර් එකකුත් අරගෙන එන්නෙ. මරියා ළමයි සමඟ සුහද වෙලා ක්‍රම ක්‍රමයන් ඔවුන්ගේ ආදරය දිනාගන්නවා. මරියාත් ළමයින්ට දැඩි ලෙස ආදරය කරනවා වගේම ඔවුන් වෙනුවෙන් පෙනී සිටිනවා. ළමයි වෙනුවෙන් කපිතාන් සමඟත් වාද විවාදවලට යනවා. කපිතාන් මරියාගේ කතාව තේරැම් ගන්නවා. නොදැනුවත්වම වගේ ඔහු මරියා කෙරෙහි ආදරයක් ඇල්මක් යටි හිතින් ඇති කර ගන්නවා. ඒත් ඔහු යෝජිතව වෙන විවාහයක් කරගන්න සැන්ඩ්‍රා නමින් කාන්තාවක් සිටිනවා. මේ සුන්දර කතාව ගලාගෙන යන්නේ මේ සිදුවීම් මධ්‍යයේ. මේකෙ ගීත 12ක් තියෙනවා. මේක ඉතාම ලස්සන සංගීතමය චිත්‍රපටයක්. මේකෙ බොහෝ දේවල් සිද්ධ වෙන්නෙ ගීත හරහා. අපි අද රෑපගත කරන්නෙත් ඒ වගේ එක ගීතයක්. මේක "ස" සිට හැම ස්වරයක්ම පාවිච්චි කරලා මරියා ළමයින්ට සංගීතය උගන්වන ගීතයක්. මේ ගොල්ලො විනෝද චාරිකාවක් අතරතුරදී තමයි මේ ගීතය ගායනා කරන්නෙ. අඹේවෙල, නුවරඑළිය, කොත්මලේ, හක්ගල මල්වත්ත වගේ ස්ථානවල තමයි මේ ගීතය රෑපගත කරන්නෙ,"

සෝමාරත්න දිසානායක එසේ කියන අතර අප හා කතා බහට එකතු වුණේ කවදත් තම චිත්‍රපට වල මුලු බරම කරට අරන් වැඩ කරන රේණුකා බාලසූරිය.

 

"අපි මෙතෙක් කළ චිත්‍රපටවලින් ඉතාම වෙහෙසකර සහා අභියෝගාත්මක චිත්‍රපටය තමයි මේක. මේකෙ දර්ශන තල විශාල ප්‍රමාණයක් ලංකාවෙ විවිධ ස්ථානවල තියෙනවා. මේ සඳහා අවශ්‍ය පහසුකම් සැපයීම මගේ වගකීම වෙලා තියෙනවා. තිරයේ මෙය ඉතාම ලස්සනට පතිත වුවත් තිරය පසුපසින් තිබෙන රාජකාරිය කොටස් ඉතාම වෙහෙසකරයි. ඒත් අපි නිර්මාණ හැටියට මේ හැම දෙයක්ම කරන්නෙ ඉතාම සතුටින් හා භක්තියෙන්, මේ රටේ සිනමා ලෝලීන් වෙනුවෙන්. අපේ චිත්‍රපට සඳහා මේ රටේ ප්‍රේක්‍ෂකයින් ලබා දෙන ඉහළ ප්‍රතිචාර අපට විශාල ශක්තියක්," රේණුකා කීය.

 

2016-05-27-ent-129

"කුඩා දරැවන් සමඟ වැඩකරමින් විශාල අභියෝගයක්. මේකෙන් ළමයි 7 දෙනෙක් ඉන්නවා. සිරි පැරකුම් චිත්‍රපටයේ රඟ පෑ සිනෙත් අකිල සහ ප්‍රමුදිත උදයකුමාර හැරැණු කොට අනෙක් සියලුම ළමා ශිල්පීන් අලුත් අය. අපි ඒ අය පරීක්‍ෂණයටලක් කරලා වැඩමුළු පවත්වලා තෝරාගත්තෙ. මෙහි කැමරා අධ්‍යක්‍ෂණය බාරව ඉන්නෙ විශ්වා බාලසූරිය. සංගීතය ආචාර්ය රෝහණ වීරසිංහ, කොණ්ඩා සැකසුම් සමීර මධු කිඳෙල්පිටිය, අංග රචනය විදුර ශානක අබේදීර, නිශ්චල ඡායාරෑප ශමීර යාපා, සංස්කරණය අජිත් රාමනායක, කලා අධ්‍යාක්‍ෂණ සුනිල් විජේරත්න සමඟ අසංගනීලවතුර, ඇඳුම් නිර්මාණ මෙත්නුවන් විජේසිංහ, සෙසු නලු නිළියන් අතර ප්‍රවීණ රංගන ශිල්පිනී මාලනී ෆොන්සේකා, සෝමසිරි අලකෝලංග, රම්‍යා වනිගසේකර, ලලිත් ජනකාන්ත චරිත නිරෑපණය කරනවා. එදා සූරිය අරණේ දසුන් මධුසංඛට පසුබිම් ගීතය ගැයූ හර්ෂන දිසානායක මේ චිත්‍රපටයේ යොවුන් වියේ දසුන් මධුසංඛට ගීතයක් ගායනා කිරීම විශේෂත්වයක්," ඇය කීය.

ලද සුළු විවේකයක් තුළදී අප හා එකතු වුණු පූජා උමාශංකර් කවදත් සුපුරැදු ළෙන්ගතු කමින් අපහා අදහස් පළ කළා.

"මතකද මම අංජලිකා කරන දවස්වල ඕගොල්ලො මගෙන් ඇහුවා මොනවගේ චරිතවක් කරන්නද වඩාත්ම කැමති කියලා. මම එතකොට කිව්වෙ "සවුන්ඩ් ඔෆ් මියුසික්" වගේ සංගීතමය චිත්‍රපයක දරැවනුත් සමඟ රඟපාන්න ආසයි කියලා. ඔන්න "සරිගමපා" තුළින් මගේ ඒ සිහිනය අද සැබෑවෙලා තියෙනවා. ඒ සතුට ප්‍රකාශ කරන්න මට වචන හොයාගන්නත් බැහැ. මේ දරැවොත් සමඟ එකට වැඩ කරන්න ලැබීම මට විශාල සතුටක් වගේම පිනක්. මගේ චරිතය ටිකක් දඟකාර එකක්. ඒක මම සතුටින් නිරෑපණය කරනවා. මේ රටේ සුවහසක් සිනමා ලෝලීන් අද "පත්තිනි" චිත්‍රපටයට ලබාදෙන අසීමිත ප්‍රතිචාර ගැන මම ඔවුන්ට ස්තූතිවන්ත වෙනවා.

ඉදිරියේදී "සරිගමපා" තිරගතවූදාටත් ඔවුන් අප සමඟ සිටිවී යැයි මට දැඩි විශ්වාසයක් තිබෙනවා," පූජා කීවාය.

මේ චිත්‍රපටයේ සියලුම ගීත රචනා කර තිබෙන්නේ සෝමරත්න දිසානායකය.

අපි ඊළඟට මුණ ගැහෙන්නෙ "සරිගමපා" චිත්‍රපටයේ කැමරා අධ්‍යක්‍ෂක විශ්වා බාලසූරිය.

"මේ චිත්‍රපයේ කැමරා කරණයේ වෙනසක් තියෙනවා. මල්ටි කැමරා ක්‍රියාවලියක් අපි මේක උපයෝගි කරගන්නවා. මා දන්න තරමින් දැනට තිබෙන නවීනතම කැමරා පාවිච්චි කරමින් මල්ටි කැමරා ක්‍රියාවලියක් සිංහල චිත්‍රපටයක උපයෝගී කරගන්නෙ පළවෙනි වතාවට. මේකෙ බී කැමරා අංශය බාරව ඉන්නෙ චානක විජේමුනිගේ. සෝමරත්න දිසානායක වැනි ප්‍රවීණයෙක් එක්ක වැඩ කරන්නට ලැබීම වාසනාවක්. මේක මම ඔහු සමඟ වැඩ කරන දෙවැනි චිත්‍රපටය. මේකෙ පොඩි ළමයි 7 දෙනෙක් ඉන්නවා. ප්‍රවීණ නළුනිළියන්ට වඩා දරැවොත් එක්ක වැඩකරන එක විශාල අභියෝගයක්," විශ්වා අපට කිව්වා.

 

රමේෂ්  උවයිස්

 

2016-05-27-ent-132
2016-05-27-ent-131
2016-05-27-ent-130
2016-05-27-ent-128



අදහස් (0)

දඟමලු හතේ කතාව ස රි ග ම පා

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නාමල්ගෙන් ජනපතිට අභියෝගයක්
2024 ඔක්තෝබර් මස 02 529 0

රාජපක්ෂ පාලනය උගන්ඩාව ඇතුළු රටවල ඩොලර් බිලියන ගණනක මුදල් සොරකම් කර සඟවා ඇතැයි එල්ල කරන ලද චෝදනා ඔප්පු කරන්නැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජ


හොරපාරේ ගිය බීඩි කොල පොලීසියට මාට්ටු
2024 ඔක්තෝබර් මස 02 59 0

ආරච්චිකට්ටුව මුතුපංතිය මුහුදු වෙරලේ සිට හලාවත පුත්තලම ප්‍රධාන මාරගයට පිවිසෙන අතුරු මර්ගයේ බීඩිකොල තොගයක් ප්‍රවාහනය කළ නවීන වර්ගයේ වැගන්ආර් රථයක් ස


’’දැඩිගම’’ නම - වෙළඳ ලකුණ මහනුවර සමාගමකට තහනම් කරයි
2024 ඔක්තෝබර් මස 02 415 0

’’දැඩිගම’’ නම භාවිතා කර රත්තරන් උකස් භාණ්ඩ ව්‍යාපාරයක නිරතවුයේ යැයි කියන මහනුවර පුද්ගලික සමාගමකට ’’දැඩිගම’’ නම සහිත වෙළඳ ලකුණ භාවිතය වළක්වමින් අතු


මත්පැන් මුදලාලිලාට බදු ගෙවන්න කාලය දෙයි
2024 ඔක්තෝබර් මස 02 512 0

මත්පැන් නිෂ්පාදකයන් රජයට ගෙවීම පැහැර හැරී හිඟ බදු ගෙවීමට ලබන 30 වැනිදා දක්වා කාලය ලබාදී ඇතැයි සුරා බුදු කොමසාරිස් ජනරාල් එම්ජේ ගුණසිරි මහතා පැවසීය.


බස් ගාස්තු ගැන බස් සංගම් චෝදනා කරයි
2024 ඔක්තෝබර් මස 02 707 0

ඉන්ධන මිල අඩු කිරීමට සාපේක්ෂව බස් ගාස්තු අඩු කිරීම ප්‍රමාණවත් නොවන බවත් අවම ගාස්තුව රුපියල් 25 ක් කළ යතු බවත් බස් සංගම් ප්‍රකාශ කරයි.


ලාංකිකයන්ට ජපන් උගන්වන බව ජපාන තානාපති කියයි
2024 ඔක්තෝබර් මස 02 1003 0

දූෂණයෙන් තොර සහ නිවැරදි රාජ්‍ය පාලනයක් බිහි කිරීමට ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා ගෙන යන වැඩපිළිවෙළට ජපාන රජයේ පූර්ණ සහාය ලබා දෙන බව ශ්‍රී ලංකාවේ ජ


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 38651 22



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25413 12


මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 279 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 947 1
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 330 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site