නොච්චියාගම ප්‍රාදේශිය සභාවෙන් පොලීසියට වසරක් පුරා නොමිලයේ සැපැයු නළ ජලය පසු ගිය 31 වැනිදා සිට නතර කැර ඇත.
පොලීසිය කියනුයේ ප්‍රාදේශිය සභා සේවකයකු හෙල්මටයක් නැතිව යතුරු පැදියෙන් ගිය වරදට පෙර දින දඩ කොලයක් නිකුත් කළ බවයි.
ප්‍රාදේශිය සභාපති නලීන් දිසානායක මහතා කියනුයේ පොලීසියේ ඒ රාජකාරියට තමා මැදිහත් නොවන බවයි.
නොමිලේ ජලය සැපයු බව ඔහු පිළිගනී.තව දුරටත් නොමිලේ ජලය දිය නොහැකි නිසා නතර කළ බවද ඔහු කියයි.
තමා වරදක් කැර ඇත්නම් නීතී මගින් ක්‍රියා කළ හැකි බව ඔහු පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඒ කියන්නේ පොලිසියේ වතුර බිල් මෙච්චරකල් ගෙව්වේ අපේ බදු මුදලින් කියන එකද? (නි)
පොලිසියට තිබුනනේ වතුර සල්ලි වලට ගන්න (නි)
අම්මෝ! ලොකු දෙයක් දඩ කොලයක් දීලා බේරුන එක (නි)
හිස් ආවරණයක් එකක් නැතුව ගියාම අල්ලලා තියෙන්නේ එයාගේ හොඳට නේද? වතුර කැපීමත් එයට සාපේක්ෂව සිදු වූ නිසා පොලිසිය එම ක්‍රියාව පෙර සිද්ධියට සම්බන්ධ කර එය ලගු කරනවා නම් එය බොහොමත්ම වැරදියි. ගොඩක් ආරවුල් වලට ප්‍රධාන හේතුව මෙවැනි වැරදි වැටහීම් තමා. (නි)
ප්‍රාදේශීය සබාවේ ලොක්කෝ පොලිසියට වතුර දුන්නේ ආදරේට කියලද ඔයාලා හිතන්නේ? (නි)
පොලිසිය ඉන්නේ සමාජයේ වැරදි නිවැරදි කරන්න. ඒත් පොඩි දෙයකටවත් සමාව දීලා හරි වැරදි පෙන්නන්න තරම් සමහර රාළහාමිලාට මොළයක් නැහැ. ඒකෙන් පොලිසියත් සමාජයත් අතර සම්බන්ධතාවය නැතුව යනවා. (නි)
අනිත් අයගෙන් මුදල් ගනිද්දී පොලිසියට විතරක් නිකන් වතුර දෙන්න ඕනේ නැහැ . ඒවගේම ප්‍රාදේශීය සබාවේ කියල නීතියට පිටින් යන්නත් කාටවත් ඉඩදෙන්නත් ඕනෙත් නැහැ. (නදී)
මමත් හිතන්නේ පොලීසිය මෙතැනදී වැරදි සහගත බව. ඔලුව නැති කෙනෙකුට හෙල්මට් මොකටද? එහෙමත් දඩ කොළ දෙන්න පුලුවන්ද? අපි සල්ලි දෙන්නම් ඔය වතුර වලට. ඔලුව ඇති අයට බය නැතුව දඩ කොළ යවන්න. අපි නිතරම ඔලුව තියන අය සමගයි (නදී)
උපාලි පොලිසිය යැපෙන්නෙත් අපේ බදු මුදල් වලින්නේ. අපි හොද නම් එයත් ඉතුරුයිනේ. එහෙම උනොත් රැකියා නොමැති නිසා පවුල් ලක්ෂ ගණනක් බඩගින්නේ නේද ? (නදී)
කොහොම උනත් දේශපාලකයෙකුයි, සේවකයෙකුයි වෙනුවෙන් ඉදිරිපත් වීම හොඳයි (නදී)
දැන් ඉතින් එන හැටියකට මුහුණ දෙන්නයි තියෙන්නේ (නි)
මෙහෙම ගියොත් අපේ රට පාලනය කරන්න නීති රීති ඕනෑ වෙන්නේ නැහැ. (නි)
එහෙනම් ඉතින් දඩ කොලයක් දෙන්න කලින් කපන්න තිබුණනේ මොකද දුන්නදාට පහුවදාම කැපුවේ ? (ස)
පෙරදිග අමුතු ඇටේ සිදුවෙන්නෙම අමුතුම දේවල්නේ. (නි)
කොහොම වුණත් පොලිසියට නොමිලේ වතුර දුන්න එකත් වැරදියි. වරිපනම් ගෙවන්නෙ සාමාන්‍ය ජනතාව. (නි)
ඒකනේ පතිරණ, පොලිසියටත් බලද්දී මිනිස්සු ගැන තියෙන්නේ පුදුම කැක්කුමක්නේ. මඟ රැකලා ඉඳලා පන්නාගෙන ගිහින් අල්ලලානේ ඔය දඩ කොල දෙන්නේ.ඒ තරම් පුදුම ආදරයක් මිනිස්සු ගැන තියෙන්නේ. (නි)
පොලිසිය තවම මට්ටුවෙලා නැහැ වගෙයි. අමතක කරන්න එපා, දඩ පොත අතට ගත්තම විතරක් ස්වාධීන විය නොහැකියි. පොලිසිය නීතිගරුක නම් නොමිලයේ වතුර ගත්ත එකත් වැරදියි (නි)
බොහෝ පොලිසි වලට ඕනෑ නඩු විතරයි (නි)
පොලිසියටත් හොඳ පාඩම අනුන්ගේ පානෙන් එළිය බලන්න යනවට. (නි)
දේශපාලුවෝ ඔක්කෝටම ඔල්මාදද (නදී)
පොලිස් නිලධාරීන් සම්පුර්ණයෙන්ම වැරදි බව මගේ අදහසයි. හිස් ආවරණයක් ඕනෑ ඔලුව බේරාගන්න ඔලුවක් ඇති මිනිසුන්ටනේ (නි)
කුම්බලා මාළු කෑවහම ඔහොම තමයි කිව්වලු. (නි)
මහජනතාවගේ මුදල් සහ පහසුකම් රාජ්‍ය ආයතන අතර හුවමාරු වන්නේ මෙහෙමද? "දඩ වෙනුවට වතුර" (නි)