වරෙන්තුවක් නැතිව වරෙන්තුවක් ඇති බව කියමින් ගණේමුල්ල පොලිසියෙන් පුද්ගලයකු අත්අඩංගුවට ගෙන පහර දුන්නේයැයි කියන සිද්ධිය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිෂන් සභාව අද (04) පරීක්ෂණයක් ආමර්භ කළේය.
එම සිද්ධිය සම්බන්ධයෙන් පළ වූ මාධ්‍ය වාර්තා සහ මාධ්‍යවේදීන් ලබා දුන් තොරතුරු පදනම් කර ගනිමින් පැමිණිල්ලක් නැතිවම විමර්ශන ආරම්භ කළ කොමිසම අද (04) පහරකෑමට ලක්වූ පුද්ලගලයා සොයා ගොස් ප්‍රකාශයක් සටහන් කර ගත්තේය.
එලෙස පහරකෑමට ලක්වූයේ ගණේමුල්ල කිරිඳිවිට පදිංචි නිහාල් අරුණ ශාන්ත (52) නම් එක්දරු පියෙකි.
පසුගිය පළමු වැනි දා රාත්‍රී 11.30ට පමණ සිවිල් ඇඳුමෙන් සහ නිල ඇඳුමෙන් ගිය පොලිසියේ පිරිසක් ඔහුගේ නිවසට ගොස් පොලිසියට රැගෙන යෑමට උත්සාහ කරද්දී තමා කුමන හේතුවක් මත පොලිසියට ගෙන යන්නේදැයි ඇසූ වරෙන්තුවක් ඇතැයි පොලිසියෙන් කියා තිබේ.
තමාට වරෙන්තුවක් තිබිය නොහැකි බව කියද්දී පොලිසිය පහර දී රැගෙන ගොස් පසුව රෝහලට ඇතුළු කළ බව ඔහු කොමිසමෙන් ප්‍රකාශ ගනිද්දී කියා ඇත.
පොලිසිය නිසි අවබෝධයක් නැතිව වරෙන්තුව අතේ නැතිව වැරදි පුද්ගලයන් අත්අඩංගුවට ගත් අවස්ථා මීට පෙර ඇති බවත් ජෙරාඩ් මර්වින් නඩු තීන්දුවෙන් ඒ බව පැහැදිලි වන බවත් මානව හිමිකම් කොමිසම කියයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
උගත් පිරිස් පොලිසියට බඳවා ගන්න (නි)
සිංහල හරියට කියාගන්න නොහැකි අයත් පොලිසියේ රථ වාහන අංශ වල ඉන්නවා (නි)
අනේ ශ්‍රී ලංකා පොලිසිය! (නි)
පොලිසිය හිතාගෙන ඉන්නේ ලංකාවේ නීතිය එයාලගේ කියලා (නි)
මේ අය ගිහින් තියෙන්නෙ අමුතු රාජකාරියට වගෙයි පෙනෙන්නෙ. වැරදුන කුරුමානමක්ද? (නි)
ඇත්තටම පොලිසියේ හොඳ අයත් ඉන්නවා. ඒත් සමහරු කරන මෙවන් වැඩ නිසා නිල ඇඳුමේ ගරුත්වයටත් හානි වෙනවා (නි)
ඉතා කණගාටුදායක තත්ත්වයක් (නි)
දැන්වත් නුසුදුස්සන් පොලිසියට ගැනීම නතර කරන්න (නි)
රටේ නීතිය හරියට ක්‍රියාත්මක කරන්න පොලිස් කොමිසම අත්‍යාවශ්‍ය යැයි කියූ අයගේ පොලිස් කොමිසම කෝ? (නි)
පොලිසියේ ගොඩක් මිනිස්සු කරන කියන දේවල් ඒ අයගේ දරුවෝ පිටින් යන බව ඔබ සාමාජය දෙස ටිකක් විමසිලිමත්ව බැලුවොත් පෙනේවි. (නි)
පොලිසියෙන් දැන්නම් වැඩක් ඇත්තෙම නැහැ. (නි)
මානව හිමිකම් කොමිසම යථාර්ථය අවබෝධ කරගෙන කටයුතු කිරීම ගැන කොමිසමට ප්‍රණාමය පුදකරමි. නිකරුනේ පොලිසියෙන් ගුටිකන මිනිස්සු පැමිණිලි කරන්න එන්නේ නැහැ බයටම. කොමිසම මාධ්‍ය වාර්තා ඇසුරෙන් ඒ ගැන සොයාබැලීම ඉතාම වටිනා ඉදිරි පියවරක්. නීතියේ ආධිපත්‍යය රැකෙන්නේ මෙවැනි පියවර වලිනුයි. (නි)
පොලීසියේ සමහර නිලධාරීන් මොනවගේද කියලා මේ වගේ සිද්ධි වලින් මොනවට පැහැදිලි වෙනවා. (නි)
පොලිස්පති රට හදන්න කලින් තමන්ගේ දෙපාර්තමේන්තුව හදාගන්න ඕනෑ. මාධ්‍ය ඉදිරියේ මොන කතා කිවුවත් වැඩක් නැහැ. (නි)
රටේ මහජනතාවත් පොලිසියට එරෙහිව වරෙන්තුවක් ගන්නා දිනය වැඩි ඈතක නැති බව මෙයින් පෙනී යයි. එම දිනය ඉක්මනින්ම උදා වේවා ....(බ)
මානව හිමිකම් කොමිසම දැන්වත් මෙහෙම වැඩ පටන් ගත්තු එක ගැන සතුටුයි. තවත් මෙවැනි පරීක්ෂණ ඉදිරියේදී අසන්නට දැනගන්නට ලැබේවි. (බ)
පොලිසියේ බොහෝ අයට හිතීමේ හැකියාවක් නැත. (නි)
පොලිසියේ හොඳ නම, කරනා යහපත් ක්‍රියාවන් මේවා නිසා අවමානයට ලක්වනවා. ඒ පොලිසියේම මෙවැනි හත්පොළේ ගාගන්නා නිලධාරීන්ගේ වැඩ නිසා. පොලිසියේ සමහර උදවිය පාඩමක් ඉගෙනගන්නෙම නැති හැඩයි. (නි)
11.30 කියන්නේ යක්කු ගස් නගින්න පිටපොට ගහන වෙලාවනේ. අනේ මෙහෙමත් කාකි කෝට්! (නි)
මේ වගේ පොලිසියේ නිලධාරීන්ට රජය දඬුවම් කළයුතුය. පොලිසිය විසින් මේ මනුස්සයට එයාගේ දත් ටිකත් සාදා දියයුතුය. පොලිසිය ඉන්නේ නීතිය අාරක්ෂා කිරීමට බව හොඳින් තේරුම් කර දියයුතුයි. (නි)
කිසිම සෙවිල්ලක් නැතුව මිනිසුන්ට මෙහෙම ගහන්න පුලුවන්ද? (නි)