IMG-LOGO

2024 ඔක්තෝබර් මස 13 වන ඉරිදා


දේදුනු ආකාසෙන් පායන තාරකාව චුලක්‍ෂි

2016-12-15-ent-133

මේ චුලක්‍ෂි රණතුංග ගැන අමුතුවෙන් හැඳින්වීම් කරන්න ඕනෑ නැහැ. ඇය අපේ රටේ සිටින ජනප‍්‍රිය නිරූපණ ශිල්පිනියක්. 2014 වසරේදී සියත - ලක්ස් ශ්‍රී ලංකා රූ රැුජින කිරුළ හිමිකර ගත්තෙත් ඇයයි. ඉන්පසුව ලෝක රූ රැජින තරග සඳහා ශ්‍රී ලංකාව නියෝජනය කළ චුලක්‍ෂි, වෘත්තීය ගරුත්වයට මුල් තැන දෙමින් කා සමගත් සුහදව කටයුතු කරන ශිල්පිනියක ලෙස හැඳින්වීමට පුළුවනි. නිරූපණය මුල් කරගෙන කලා ක්‍ෂේත‍්‍රයට පැමිණ පසුව රූ රැජිනක වී, දැන් සිනමා තිරයට පෑයූ මේ සුරූපී තුරුණු තාරකාවිය මෙවර සඳැල්ල කතාබහ හැඩ කළේ මෙලෙසිනි.

 

කොහොමද චුලක්‍ෂි, චිත‍්‍රපටයේ වැඩ කටයුතු එහෙම කොහොමද?

2016-12-15-ent-136දේදුනු ආකාසේ චිත‍්‍රපටයේ අන්තිම හරියේ රූගත කිරීම්වලට දායක වෙනවා. ඊට අමතරව සුපුරුදු පරිදි නිවේදන කටයුතුවලටත් දායක වෙනවා.

 

නිරූපණය සඳහා ක්‍ෂේත‍්‍රයට එද්දී කවදාහරි රඟපෑම තෝරා ගන්නවා කියලා හිතුවද?

ඇත්තටම කලින් කැමැත්තක් තිබුණෙම නැහැ.

 

ඉන්පසුව ඒ අදහස වෙනස් කළේ?

ශ්‍රී ලංකා රූ රැුජින වූ පසුවත් රඟපානවද? කියලා ඇහුවාම කැමැත්තක් නැහැ කියායි මම කිව්වේ. නමුත් ප‍්‍රියන්ත කොළඹගේ මහතාගේ මේ සිනමා නිර්මාණයෙහි පිටපත ලැබුණාම එහි ස්වාභාවය සහ චරිත කියෙව්වාම මට ආස හිතුණා.

 

මොන වගේ චරිතයක්ද එය?

දිරිය කාන්තාවකගේ චරිතයක් කිව්වොත් නිවැරදියි. ආදරය පවා හංගාගෙන ජීවිතයේ නැගී සිටීමට වෙර දරණ අපූරු චරිතයක්. මේ චිත‍්‍රපටයේ වැඩි විස්තර දැන්ම කියන එක හොඳ මදි. අපි එය තිරගත වෙන තෙක් බලා ඉඳිමු. හරි ලස්සන චිත‍්‍රපටයක්.

 

හැබෑවටත් ඔබ ”ආදරය” ප‍්‍රකාශ නොකර හංගාගෙන ඉන්න කෙනෙක්ද?

”ඔව්” කියන්නෙත් නැහැ, ”නැහැ” කියන්නෙත් නැහැ.

 

ඇයි චුලක්‍ෂි ටෙලි තිරයට නොආවේ?

මගේ වැඩි කැමැත්ත කොහොමටත් තියෙන්නේ සිනමාවට. සිනමා රඟපෑම තෝරා ගත්තට පස්සේ මම වැඩිපුර ෆිල්ම්ස් බලන්න පවා පෙළැඹුණා. ඒ ක්‍ෂේත‍්‍රයෙන් දුර ගමනක් යන්න නම් ඒ පරිසරය ගැන අවබෝධය, දැනීම ලබා ගන්න ඕනෑ.

 

ඔබ හොලිවුඞ් හෙවත් බටහිර සිනමාවට කදිමෙට ගැලපෙන රුවක් කිව්වොත්?

එච්චර දුරට මම හිතලා නැහැ. ඔක්කෝටම කළින් ලංකාවේ මට මේ ලැබුණු අවස්ථාවෙන් ප‍්‍රයෝජන අරගෙන ඉන්න එපායැ. එය හරියට කරලා, තිරගත වූ පසු ලැබෙන ප‍්‍රතිචාර අනුව ඉදිරිය තීරණය වේවි. පේ‍්‍රක්ෂකයා තීරණය කරාවී... මම දක්ෂද? අදක්ෂද? කියලා.

 

නිරූපිකාවක ලෙස ලංකාවේ ඉහළ ඉල්ලූමක් ඇති ශිල්පිනියක් කිව්වොත්?

එතැනදිත් මට කලින් ඒ ක්‍ෂේත‍්‍රයට ආව අත්දැකීම් බහුල අය සිටිනවා. මට වඩා ඒ අයට ඉල්ලූම වැඩියි. මම මං ගැන පුරාජේරු පවසන්න කැමති නැහැ.

 

නිරන්තරයෙන් ඔබ ෆොටෝෂූට්වලට පෙනී සිටින්න ආසයි නේද?

නැහැ, ෆොටෝෂූට් එකකට අවස්ථාවක් ලැබුණාම, ඒ අවස්ථාව මුදල ගැන නොසිතා, නිර්මාණාත්මක සහ වෙනස් දෙයක් කිරීමට දායක වෙනවා. එතනදී ඒ ෆොටෝෂූට් එකේ රිද්මය මම ආදේශ කරගන්නවා. ෆොටෝෂූට් එකකින් ප‍්‍රකාශ කළ හැකි දේ බොහෝයි.

 

මේ විදියට ලැබෙන අවස්ථා එක්ක ආ මඟ අමතක වන චරිතයත් අප දැක තිබෙනවා. ඔබ කොහොම කෙනෙක්ද?

කාර්ය බහුල වීම සහ අපේම ගමනක් යද්දී යම් කිසි විදියකට මගහැරීම්, අතපසුවීම් වෙන්න පුළුවන් වෙනස එයයි. ඒ හැර මම එදා සිටි චුලක්‍ෂිම තමයි.

 

චුලක්‍ෂිට ජීවිතය දැනෙන්නෙ කොහොමද?

ජීවිතය අත්දැකීම් එක්ක දැනෙන විදිය වෙනස්. අද මගේ අම්මා තාත්තා වගේම පොඩි කාලයේ මාව හදාගත්ත ආච්චිත් අසනීප වෙලා. ඉතින් හිත හදාගන්න ජීවිතය දිහා ගැඹුරින් බලන්න වෙනවා. යථාර්ථය අවබෝධ කර ගන්න වෙනවා. ඒ සියල්ල දරාගෙන ජීවිතයට මුහුණ දිය යුතුයි. ජීවිතය කියන්නේ එය බවයි හැෙඟන්නේ.

 

හැඩගැන්වීම සහ විලාසිතා මිනෝෂාන් වනසිංහ

සටහන සහ ඡායාරූප - සඳුන් ගමගේ

 

2016-12-15-ent-137
2016-12-15-ent-135
2016-12-15-ent-134
2016-12-15-ent-131
2016-12-15-ent-132
 



අදහස් (0)

දේදුනු ආකාසෙන් පායන තාරකාව චුලක්‍ෂි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ආබාධිත දරුවන්ට වධ දුන් පාලිකාව අත්අඩංගුවට
2024 ඔක්තෝබර් මස 12 428 0

අනුරාධපුර නගරයේ පිහිටි වීශේෂ පාසලේ නේවාසිකාගාරයේ,නේවාසිකව සිටින ශ්‍රව්‍යාබාධිත දරැ දැරියන් පිරිසකට වධ හිංසා කළ බව කියන එම නේවාසිකාගාර පාලිකාව අද(12)ද


වීදුරු ගොඩට යටවී අයෙක් මරුට
2024 ඔක්තෝබර් මස 12 618 0

හුංගම කහඳමෝදර සංචාරක හෝටල් වැඩ බිමක බහලුම් ප්‍රවාහනය කරන රථයකින් වීදුරු බෑමේ නිරතව සිටි කම්කරුවෙක් වීදුරු ගොඩට යටවී අද(12)වැනි දා මියගොස් ඇති බව හුංගම


බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට
2024 ඔක්තෝබර් මස 12 372 0

පවතින අයහපත් කාලගුණය හේතුවෙන් කැළණි ගඟේ ජල මට්ටම ඉහළ යාමත් සමඟ කඩුවෙල ප්‍රදේශයෙන් පිටාර ගැලීමේ අවදානමට ලක්වූ බෝමිරිය ඇළ බැම්මට වැලි කොට්ට අතුරා ගංවත


මාතර බන්ධනාගාරට තහනම් ද්‍රව්‍ය පියාඹයි
2024 ඔක්තෝබර් මස 12 320 0

මාතර බන්ධනාගාර පිටත මාර්ගයේ සිට බන්ධනාගාර අධිකාරී කාර්යාල ඉදිරිපිටට විසි කළ පාර්සලයක තිබී දුම් කොළ 15ක්, ජංගම දුරකථන 2 ක් සහ ජංගම දුරකථන ආරෝපණ 2ක් භාරයට


ගුරුතුමා පන්ති කාමරයේම මිය ගිහින්
2024 ඔක්තෝබර් මස 12 1020 0

සරස්වති පුජාවට සහභාගි වෙමින් සිටි ගුරුවරයකු පාසලේ පන්ති කාමරය තුළදිම ජිවිතක්ෂයට පත් වි ඇති බව නෝටන්බ්‍රිජ් පොලිසිය පැවසිය.


පුත්තලම දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ලුණුවිල දක්වා සීමා කෙරේ
2024 ඔක්තෝබර් මස 12 190 0

අධික වර්ෂාව හේතුවෙන් කොළඹ පුත්තලම දුම්රිය මාර්ගයේ ලුණුවිල හා නාත්තන්ඩිය අතර මාර්ගය ජලයෙන් යටවීම නිසා දුම්රිය ධාවනය අද (12) දහවල සිට ලුණුවිල දක්වා සීමා ක


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40228 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 26023 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 286 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 413 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1337 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site