හොරොයින් මත් කුඩු නඩුවක ඈපෑලෙන් නිදහස් වු දෙදරු මවකට වසර නවයක් සිර බත් කෑමට සිදු වුයේ අධිකරණ ක්‍රමයේ වරදක් නිසා යැයි අශියාචනාධිකරණ විනිසුරු තුන් කටුටවක් අද සිය කනගාටුව පළ කළහ.
සභාපති ඒ ඩබ්ලිව් ඒ සලාම්, එච් එන් ජේ පෙරේරා හා සුනිල් රාජපක්ෂ විනිසුරුවරුන් හමුවේ මේ නඩුව විභාග විය.
මුලින් ඇයට ජීවිතාන්තය දක්වා සිර දඩුවම් නියම වුවත් ඇපෑලේදී ඇය නිදහස් විය.
1998 දෙසැම්බර 12 වැනිදා ඇය අත්අඩංගුවට ගත් අතර සිර දඩුවම් නියම වුයේ 2005 ජුලි 9 වැනිදාය.
‘යුක්තිය සැමට සාධාරණත්වය ඉටු කළ යුතුය‘ යන්න නඩුව විභාග කළ විනිසුරුවරයාට අමතක වී ඇතැයි අභියාචනාධිකරණ විනිසුරුවරු කීවේය.
‘යුක්තිය පමා වීම යනු යුක්තිය අහිමි කිරීමයි‘ යන ආප්තෝපදේශය මේ සිද්ධියට කදිම නිදසුනකියි විනිසුරුවරු කීහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනේ මන්ද සේරම කණපිට? පරිපාලනයට මොකද වෙලා තියෙන්නේ. විභාග ප්‍රශ්ණ පත්තරේ ඉඳල මරණය දක්වා සියල්ල අවුල්. (අ)
සුමීර ලංකාවේ එක උදාහරණයක් දෙනවද මගේ දැනුම සඳහා? (නදී)
උපාලි, ඔබගේ ලෝකය ගැන දැනුම මද බවයි පේන්නේ. පොත පත කියවන්න. විදේශීය රුපවාහිනී නාලිකා නරඹන්න. තමුන්ගේ දැනුම වැඩි කර ගන්න. එහෙම නැත්නම් නොදන්නා දේවල් කතා නොකර ඉන්න. ලෝකයේ මෙවැනි සිද්ධි වලදී, වන්දි ලබා ගත් අවස්ථා බොහෝමයක් තිබු බවත් සදහන් කළ යුතුයි. (නදී)
සමහර දුෂිත පොලිස් නිලදාරීන් තමයි මෙවැනි දේ කරන්නේ. ඔවුන්ට බලාපොරොත්තු උන දේ නොලැබුණාම, පැමිණිලි කාරය විත්තිකාරය කරලා හිරේ යවනවා. මෙවැනි දේ ඕනෙ තරම් වෙනවා මේ සමාජයේ. එ්ත් දුප්පත් මිනිස්සු ඒවා ඉවසනවා. හොද පොලිස් නිලධාරීනුත් මේ සමාජයේ ඕනේ තරම් ඉන්නවා. (නදී)
යු ටියුබ් වල මෙවැනි අයගේ අත්දැකීම් මම බොහෝ දැක තිබෙනවා. (නි)
අධිකරණයෙන් සිදු වූ වැරදි වලට වන්දි ඉල්ලන්න බැහැ. ප්‍රංශයේ මහා දාර්ශනික ලේඛක වීක්ටර් හියුගෝ කිව්වේ ඒකයි. "දොස්තර කෙනෙක් අතින් සිදුවන වැරදි පොළවට අඩි හයක් යටින් වැළලෙන්නේය, විනිසුරුවරයෙක් අතින් සිදුවන වැරදි පොළවට අඩි හයක් උඩින් එල්ලෙන්නේය" කියලා (නි)
අපි නම් අහලා තියෙන්නෙ මිනිසුන්ගෙ වැරදි අඹු දරුවන්ට පලදෙනවා කියලා (නි)
ටෙනිසන් මහත්මයා,නිකම්ම හිටියොත් මොකුත්ම ලැබෙන්නේ නැහැ දුක,හිල්ලීම පමණයි. මෙවැනි දේවල් මතුවට කිසිවෙකුටත් සිදු නොවීමට නීති මාර්ගයට යා යුතුමයි. (නි)
දැන් බලාගෙන යනකොට මව් කුසේ සිට සොහොන් කොත දක්වා ගැනෙන හැම සිද්ධිදාමයක්ම අවුල් ජාලයක්නේ....... (නි)
බන්දුල මේකට මොකක් කියයිද?(අ)
නඩුවක් දාන්න කළ වැරැද්දට. කෝටි දහයක් විතර වන්දියක් ඉල්ලන්න.පිටරටක ඔය වැරැද්ද කළා නම් ඩොලර් මිලියන් ගණන් වලින් වන්දි ඉල්ලලා නඩු දාන්නේ.ඒ වගේම ඉල්ලපු ගානෙන් භාගයක්වත් වන්දිය ලැබෙනවා. (නි)
පළමුව පළිගැනීම සහ විනිසුරුවරුන් රැවටීමට එම අදාළ නිලධාරින්ට දඩුවම් දී ඔවුන්ගෙන්ම වන්දි ලබාදෙන්න. වන්දිය මහජන මුදලින් ගෙවීම නම් වරදකි. (නි)
මේ වැරදිවලට දඩුවම් දෙන ක්‍රමයක් ගැන නීති පොතේ තියෙනවද? (නි)
සමහර චූදිතයන් සාක්ෂිවල පරස්පර හෝ දුර්වල සාක්ෂි නිසා පසුව නිදහස් වුණත් ඔවුන් එම වරද නොකළයි කියා පිළිගැනීමක් නැහැ. (නි)
දැන් තව මොනවා වැරදි දායිද දන්නේ නැහැ. ඒවා හොයා ගන්නේ කට්ටියක් හිරෙත් තැපලා තවත් කට්ටියක් පෝරකයටත් ගියාට පසුවද (නදී)
ඔන්න කනෝ පිනුම් කීවලු (නදී)
චමින්ද,කිසිදු වරදක් නොකර පෝරකයට හෝ විදුලි පුටුවට ගිය කීදෙනෙක් නම් මේ ලොව ඉන්නවද? වසර ගණනකට පසු ඔවුන් නිර්දෝෂී බව සනාථ වෙලා තිබෙනවා. ලෝකයේ ඉතාම සාධාරනව කටයුතු කරන රටල් කීපයකින්ම එවැනි සිද්ධීන් වාර්තා වෙනවා.මැරුන මිනිහට වන්දි ගත්තත් පණ ලැබෙන්නේ නැහැනේ.ඒ වගේ මේ කාන්තාව වන්දි ගත්තත් තමන් හා පවුලේ උදවිය විදි දුක නිවාගත හැකිද? (නි)
මේ වරදට නඩුවක් ගොනුකර වන්දියක් ඉල්ලන්න. අනිවාර්යයෙන්ම ඔබ දිනනවා !! (නි)
මෙතැන වෙන මොකක්දෝ තියෙනවා කියලා මගේ හිත කියනවා. (නි)
කනගාටුව ප්‍රකාශ කළාම විතරක් ඇතිද? කෝ කාන්තා සංවිධාන,කෝ මානව හිමිකම්. බට්ටිලා වෙනුවෙන් පෙනීසිටින උදුල් ප්‍රේමරත්නලා කෝ? (නි)