IMG-LOGO

2024 ඔක්තෝබර් මස 07 වන සඳුදා


දැන්ම රංගනයට එන්න කිසිම අදහසක් නැහැ

2016-08-16-ent-20

මේ දිනවල වෙළෙඳ දැන්වීම හරහා නිතර පෙනෙන්නට සිටින ඇය නිමාෂා සිරිවර්ධනයි. ITN අවුරුදු කුමරිය ඔස්සේ බොහෝදෙනා දැන හැඳිනගත් ඇය "අද" තරු කතාබහට එක් කරගනු ලැබුවේ ඇගේ කලා කටයුතු සහ ඉදිරි බලාපොරොත්තු විමසීමටයි.

 

මේ දවස්වල වැඩකටයුතු කොහොමද?

2016-08-16-ent-12දැනට ව්‍යාපාරික කළමනාකරණය පිළිබඳව පෞද්ගලිකව උපාධියක් හදාරනවා.

 

කොහොමද අවුරුදු කුමාරි තරගයට ඔබ ඉදිරිපත් වුණේ?

කලින් ඉඳලම ITN අවුරුදු කුමරිය මම බලනවා. ඉතිං අම්මට ඒ සඳහා මාව ඉදිරිපත් කරන්න ආසාවක් තිබුණා. ඒත් මම හැමදාම බැහැ කිය කිය ඉන්නවා. මේ පාර අම්මා හොරෙන්ම පෝස්ට් කාඩ් එකක් දාලා තිබ්බා. ඒ අය එන්න කියලා එව්වහම තමයි මම දැනගත්තේ අම්මා මේ සඳහා ඉල්ලුම් කරලා කියලා. අම්මගේ ආසාව නිසා මම ගියා. පළවෙනි දවසේ 300කට වැඩි පිරිසක් ඇවිත් හිටියා. ඊට පස්සෙ එතැනින් 40ක් තෝර ගත්තා. ඊට පස්සෙ තව දවසක 15ක් තේරුවා. එතැනින් අවස්ථාව ලැබුණා අවුරුදු කුමරිය වෙන්න. මාව ගොඩක් දෙනා දැනගත්තේ මෙවර අයි.ටී.එන් අවුරුදු කුමරිය වුණාට පස්සෙ තමයි.

 

ඒ කියන්නේ ඔබට අවුරුදු කුමරිය වෙන්න අවස්ථාව ලැබුණේ ඔබේ මව නිසාද?

ඔව්, මොකද අම්මා මේ සඳහා ඉල්ලුම් කළේ නැත්නම් මේ අවස්ථාව ලැබෙන්නෙ නැහැනේ. අවුරුදු කුමරිය අවසන් තරගය තිබුණේ හඟුරන්කෙත. ඉතිං 13 වැනිදා අවුරුදු චාරිත්‍ර ඉවර කරලා 14 උදෙන්ම ගියා. අම්මත් එක්ක තමයි මම හැමදේම කරන්නේ. ඉතිං එයත් ආවා හඟුරන්කෙත. ඒ අවස්ථාවේ අම්මත් ගොඩක් සතුටු වුණා මම දැක්කා.

 

වැඩකටයුතු සඳහා ලැබෙන ආරාධනා කොහොමද?

බොහෝ වැඩවලට ආරාධනා නම් ගෙදර එනකොටම ආවා. චිත්‍රපට දෙකක් සඳහා, ටෙලිනාට්‍ය කිහිපයක් සඳහා ආරාධනා ලැබුණා. මියුසික් වීඩියෝ සඳහාත් ආරාධනා කළා. මියුසික් වීඩියෝ කරන්න කොහොමත් අදහසක් නැහැ. අනිත් කටයුතුත් අතහැරියා ඉගෙන ගන්න නිසා. කලාව කියන්නේ වෙනම ක්ෂේත්‍රයක්නේ. ඒක නිසා ඒ පිළිබඳව දැනගෙනයි එන්න ඕන. නමුත් වෙළෙඳ දැන්වීම සඳහා අවුරුදු 10 කාලෙ ඉඳන්ම දායක වුණා. ඒ නිසා අවුරුදු කුමරිය වුණායින් පස්සෙ වෙළෙඳ දැන්වීම සඳහා වැඩි ඉල්ලුමක් ආවා. වෙළෙඳ දැන්වීම් නම් හොඳ ඒවා ටික ඔක්කෝම බාරගත්තා.

 

දායක වූ වෙළෙඳ දැන්වීම් ගැන කිව්වොත්?

මේ දවස්වල ප්‍රචාරය වෙනවා, "නේචර් සීක්‍රට්","කොමර්ෂල් බැංකුව", "ක්ලොගාර්ඩ්", "සමපෝෂ", මීට අමතරව තව කිහිපයක් එන්න තියෙනවා.

 

රංගනයට එන්න බලාපොරොත්තුවක් නැද්ද?

දැනට නම් රංගනය පිළිබඳව අදහස අතහැරලා තියෙන්නේ. මොකද මගේ අධ්‍යාපන කටයුතු සඳහා මුල් තැන දෙන්න ඕන නිසා. රංගනය සඳහා ගොඩක් කාලයක් වැය කරන්න ඕන. වෙළෙඳ දැන්වීම් සඳහා එච්චර කාලයක් කැපකරන්න ඕන නැහැනේ. ඒක නිසා දැන්ම රංගනයට එන්න කිසිම අදහසක් නැහැ.

 

වෘත්තීමය වශයෙන් කවුරු වෙන්නද බලාපොරොත්තු වෙන්නේ?

මම දැනට අධ්‍යාපනය කරගෙන යනවා. බැංකු ක්ෂේත්‍රයෙන් ඉහළට එන්න බලාපොරොත්තුවක් තියෙනවා.

 

කලාවෙන් ඈත් වෙන්නවද?

එහෙම නැහැ. මම කැමතියි වෙළෙඳ දැන්වීම් දිගටම ලැබෙනවාට සහ දිගටම කරන්න. නමුත් හැමදාම ඒ දේ වෙන්නෙ නැහැනේ. වයසට ගිහින් ඉන්න කාලේ චිත්‍රපටයක වයසක චරිතයක් ලැබුණොත් රඟපාන්න පුළුවන්. ආසාවක් තියෙනවා කවදා හරි හොඳ චිත්‍රපටයකට දායක වෙන්න.

 

මවගේ ආසාව ඔබ කවුරු වෙනවටද?

අම්මගෙන් කිසිම බාධාවක් නැහැ. ඕනෑම ක්ෂේත්‍රයක රැකියාවක් කරන්න මට අවස්ථාව දීල තිබෙනවා. අම්මට මාව ඒ තරමට විශ්වාසයි.

 

පෞද්ගලික සහ පවුලේ තොරතුරු ගැන කිව්වොත්?

මම ඉන්නේ දෙහිවල. මට ඉන්නවා නංගි, මල්ලි, අක්කි. නංගියි, මල්ලියි නිවුන් අය. තාත්තා නම් ඉතාලිවල ඉන්නෙ. අම්මා තමයි අපිව බලාගන්න වැඩ ඔක්කෝම කරන්නේ.

 

උදව් කරපු පිරිස මතක් කළොත්?

අම්මයි, තාත්තයි තමයි හැමදේටම මට හිටියේ. අපේ නෑදෑයොත් දුර ඉන්නේ. පොඩි කාලෙ ඉඳන්ම අම්මි තමයි මගේ හැමදේටම හිටියෙ. අපි හතරදෙනා තමයි එකට හිටියෙ. අපි රට යනවා තාත්තිව බලන්න. එයා මෙහෙ එනවා අපිව බලන්න. ඒක නිසා පවුලේ උදව්ව තමයි මට නිතරම ලැබුණේ.

 

ඩිලාන් ක්‍රිෂාන්ත / ඡායාරූප - රොමේෂ් ධනුෂ්ක

 

2016-08-16-ent-19
2016-08-16-ent-18
2016-08-16-ent-17
2016-08-16-ent-16
2016-08-16-ent-15
2016-08-16-ent-14
2016-08-16-ent-13
2016-08-16-ent-11
2016-08-16-ent-10
2016-08-16-ent-09
2016-08-16-ent-08
2016-08-16-ent-07
2016-08-16-ent-06



අදහස් (0)

දැන්ම රංගනයට එන්න කිසිම අදහසක් නැහැ

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

නව අල්ලස් කොමිසම කොටඋඩ
2024 ඔක්තෝබර් මස 06 908 0

දූෂණ විරෝධී නව පනත් කෙටුම්පත බලාත්මක වී වසරකට වැඩි කාලයක් ගතවී ඇතත් ඒ පනතේ විධිවිධාන ප්‍රකාරව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව ස්වාධීන ආයත


ගොඩගැහුණු පැමිණිලි අවසන් කරන්න දින 14ක්
2024 ඔක්තෝබර් මස 06 795 0

පොලිස් ස්ථානවල ගොඩ ගැසී ඇති විවිධ පැමිණිලි ඉදිරි සති දෙක තුළ අවසන් කළ යුතු බවට වැඩ බලන පොලිස්පති ප්‍රියන්ත වීරසූරිය මහතා නියෝග කර ඇති බව පොලිස් මාධ්‍ය


මහ මැතිවරණයට එන්නේ පක්ෂයේ ලකුණෙන්
2024 ඔක්තෝබර් මස 06 437 0

ඉලංගෙයි තමිල් අරුසු කච්චි පක්ෂය එම පක්ෂයේ ලකුණ යටතේ ඉදිරි මහ මැතිවරණයට තරග වදින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී එම්. ඒ සුමන්තිරන් මහතා පැවසීය.


ජලය නොමැති ගම්මාන පහක්
2024 ඔක්තෝබර් මස 06 299 0

ගම්පොළ බෝවල ප්‍රදේශයේ පිහිටි ගම්මාන පහක් තුල පරම්පරා කිහිපයක් පුරා ජල අවශ්‍යතා සපුරා ගැනීමට නොහැකි වීමෙන් දරුවන් හදා වඩා ගැනීම සීමා කිරීම හා ගම්මාන හ


හෙට සිට රාජ්‍ය බුද්ධි සේවයට නව අධ්‍යක්ෂකවරයෙක්
2024 ඔක්තෝබර් මස 06 1192 0

නියෝජ්‍ය පොලිස්පති ධම්මික ප්‍රියන්ත මහතා රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂ ලෙස පත් කරනු ලැබ සිටින අතර ඔහු හෙට (07) වැනි දා එම තනතුරේ වැඩ භාර ගැනීමට නියමිතය.


ජීවිත ආරක්ෂාවට දුන් ‍ෂොට්ගන් නැවත භාර දෙන්න
2024 ඔක්තෝබර් මස 06 994 0

අරගලයෙන් පසු ජීවිත ආරක්ෂාව සඳහා රිපීටර් වර්ගයේ ෂොට් ගන් තුවක්කු මිලදී ගත් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ටද එම අවි නැවත භාරදෙන ලෙස ආරක්ෂක අමාත්‍යා


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 39217 23


අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25607 13



මේවාටත් කැමතිවනු ඇති

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 329 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1094 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක් 2024 සැප්තැම්බර් මස 18 383 0
ගැලපෙනම කෙනාට මනාපය දෙන්න අත්වැලක් වෙරිටේ රිසර්ච් වෙතින් ගෝලීය වශයෙනුත් සුවිශේෂී වන වෑයමක්

ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස

Our Group Site