පාසල් නිල ඇඳුම් හා සිවුරු නොමිලේ බෙදීමේ ජාතික උත්සවයට පොළොන්නරුව රාජකීය විදුහලට වැඩම කළ පිරිවෙන් භික්ෂූන්ගේ දානය වැළඳීමේ වේලාව ගැන එහි සංවිධායකවරු නොතැකූ බව ඇතැම් භික්ෂූන් වහන්සේ කියති. අධ්‍යාපන ඇමති බන්දුල ගුණවර්ධන හා සෞඛ්‍ය ඇමති මෛත්‍රීපාල සිරිසේන ප්‍රධාන ආරාධිතයෝ වූහ. අධ්‍යාපන ඇමතිවරයා මිනිත්තු 35කට ආසන්න තම කතාව අවසන් කර භික්ෂූන් වහන්සේට සිවුරු පිරිනැමීම අරඹන විට වේලාව දහවල් 12.20 ඉක්මවා තිබිණි. පොලොන්නරුවේ බොහෝ ඈත පළාත්වලින් ඇතැම් භික්ෂූන් වහන්සේ වැඩම කළ සිටියහ.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පිනක් කරගන්න අතරේ නොදැනුවත්ව පවකුත් වෙලා. (ත)
හොද වෙලාවට පොළොන්නරුව පැත්තේ ඕක වුණේ. යාපනේ පැත්තේ වුනා නම්(ත)
මේවා පාප කාර්ම (දී)
අනේ අසරණ ස්වාමින් වහන්සේලා (දී)
අපෝ..... මහා පවක් නේ (දී)
මිට වඩා හාමුදුරුරු ගැන සැලකිලිමත් වෙන්න (දී)
මේකනම් විශාල පවක් , මෙතන හිටියේ බෞද්ධයෝ නොවෙයිද ?? ආගම ගැන කිසි තැකීමක් නෑ....(ස)
හාමුදුරුවනේ දැන් දැන් ටිකක් කල්පනාවෙන් හිටියොත් හොඳයි (ස)
තොප්පියක් තමයි දාගන්නේ (ස)
නැවත එසේ නොවෙන්න වග බලා ගන්න (දී)
2500 කන්නේ මෙහෙම වෙන්න ඇති. (ත)
සරත් හරි (ස)
දාන බාරගෙන පැහැරහැරීම මහා පාපකර්මයකි... (ත)
මාර වැඩක් වෙලා තියෙන්නේ.. මේවා සංවිධායකවරු කල්පනා කරන්න ඕන..!(නු)
ඇයි අපේ හාමුදුරුවනේ සිවුරු ගන්න මෙහෙම තැනකට ගියේ (ස)
එඩිතර නායක හාමුදුරු නනමක් හිටියෙ නැද්ද වෙලාවට නැගිටල ගිහින් දානය වලදන්න. (ස)
සංවිධායකවරුන්ට වටින්නේ දේශපාලකයන් මිසක් ආගම නෙවෙයි.මෙවැනි සිදුවීම් කලින් වෙලා තියෙනවා තාමත් ඉගෙනගෙන නැහැ.ඉගෙනගන්නෙත් නැහැ.(ස)
අපේ හාමුදුරුවරු කට්ටියම පාත්තර ටික අරන් ස්ටේජ් එකට නැග්ගනම් ඇමති තුමා දානේ පිලිගන්වාවිනේ. (ත)
පොඩි ළමයෙක් වුණත් දන්නවා අද මේ කට්ටය කරන වැඩ වල තරම (ස)
අපි කරන සාම වැඩකටම වඩා අපිට හාමුදුරුරු උපස්තානයෙන් තියන්න ඕනේ (දී)
ගිය තැන අච්චාරුවක් තමයි. (ත)
හමුදුරුන්ව බඩගින්නේ තියන්න හොද නැහැ පව් සිද්ද වෙනවා (දී)
ඒ කල වරද කීයටවත් අනුමට කරන්න බැහැ (දී)
ඊළඟ වතාවේ වත් මේ විදිහට නැතුව හොදට සලකන්න (දී)
වේලක් නොකෑවා කියලා ප්‍රශ්නයක් නෑනේ (ස)
මෙයාලගෙන් ඔයිට වඩා දෙයක් බලාපොරොත්තු වෙන්න එපා හාමුදුරුවනේ..!(නු)