දෙපාරකට වඩා කෑම බෙදා ගන්නා මිනිහා පෙරේතයකු ලෙස ගැමියා හඳුන්වන බවත් මහින්ද රාජපක්ෂ ජනපතිතුමා දෙපාරකට වඩා ජනාධිපතිවරණයට ඉදිරිපත් වීමෙන් ගමේ පවතින ඒ අවනම්බු සහගත හැදින්වීමට භාජනය නොවනු ඇති යැයි එක්සත් ජාතික පක්ෂයේ බස්නාහිර පළාත්සභා මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා කැලණියේ දී අද පැවැසීය.
යෞවුන් සේනාංකයේ රැස්වීමකදී ඔහු එසේ කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට මන්ත්‍රී තුමා 28 වතාවක් පරාද වෙලත් පක්ෂයේ නායක කමේ ඉන්නවාට කියන්න නමක් ගමේ නැද්ද හැබෑවට (නදී)
හෙට ඔබ තුමා ජනාධිපති උනොත් හැමදාම බලයේ ඉන්න අාසා නැත්තේ නෑනේ. (නදී)
අප්පුහාමි,විපක්ෂ නායකතුමා තාම කෑම බෙදා ගත්තේ නැහැ. පිගාන අරගෙන පෝලිමේ ඉන්නවා විතරයි. (නදී)
එතකොට අනිත් පැත්තේ උතුමා, දෙසැරයක්ම ගිහින් බෙදාගෙන කන්න බැරිව හැරිලා ගියා (නදී)
අප්පුහාමි සහෝදරයෝ, ඔය නොගැලපෙන මෝඩ උපමා වලින්ම පේනවා නේද මන්ත්‍රී තුමා නාගෙන ඉන්න හැටි ? (නදී)
ජනාධිපතිතුමාට පුදුම බයක්නේ තියෙන්නේ විපක්ෂය ඇතුළු අනෙක් සියලුම පක්ෂ.(නදී)
මහින්ද මහත්තයට බැරි නම් අපි ගෝඨාභය රාජපක්ෂ මහත්තයව දානවා. ඒකට කැමති කට්ටිය අත උස්සන්න (නදී)
එතුමා වගේ හොර බොරු නැති නායකයෙක් රගපාන්න දන්නේ නැති නායකයෙක් 28 වතාවක් පැරදුනේ, රංගනය රංගනයනක් හා බොරුව බොරුවක් බව තේරුම් ගැනීමට විචාර බුද්ධියක් නැති මිනිසුන් සහ වන්දිබට්ටයන් නිසා. මමද ඔය ගොඩට එක සැරයක් අහුවීම ගැන දුක් වන අතර පසුව හෝ වැටහුන එක ගැන ආඩම්බර වෙමි. (නදී)
අප්පුහාමි මහත්මයාට ගණන් වැරදිලා 28 පාරකට ගණන් හදාගෙන ඉන්නේ සීට්ටු කරමට තිබ්බ දුෂිත පළාත් සභා ඡන්ද මිසක් සාදාරන වශයෙන් ගත්තොත් එක මැතිවරණයයි (නදී)
අපිනම් කවුරු මොනවා කිව්වත් බඩ පිරුනහම තමයි කෑම නවත්තන්නේ. අනුන්ගේ වචන ඇඟේ වදින්නේ නැහැනේ. අනික අපිට අනිත් අයගේ කටවල් වහන්නත් බැහැනේ (නදී)
කරුණාජීව, රනිල් මහත්තය කොපමණ කෑම ඉල්ලුවත් මහජනතාව දෙන්නේ නැත්නම් මොකද කරන්නේ. තවමත් සිංහලයා කලගුණ දත් ජාතියක්. බටහිර ලෝකයට දෙකට නොනැමී කෙලින් කතාකරන නිර්භීත නායකයෙක් අපේ ජනපති තුමා.(නදී)
වෙන අය බලයට ආවොත් උතුර කොටියට නැගෙනහිර මැ ද පෙරදිගට රටම බල්ලට. (නදී)
කවුරු මොනවා කීවත් අර පෙරේත තට්ටුව දෙනෙකල් පෙරේතයාගෙන් පෙරේතකම යන්නේ නෑ. බැරිමනම් බෝතලේකට දාලා මුහුඳට දමමු. (නදී)
වල් උෟරෝ කැකුණ තලනකොට අප්පුහමිල, බන්දුල පෙරේරා , සදුනි ලට රජ මගුල්ලු (නදී)
මෙය සරල උදාහරණයක් පෙරේතකම ගැන කියන්න. මේක හරියට හරි අදහස් පලකල සියල්ලම තොප්පිය දාගෙනනේ. වැඩිය කන්න හදන කවුරුත් ප්‍රේතයෝ නොවෙයිද? (අ)
දේශපාලකයන් වුණාම වගකීමෙන් වචන කියන්න ඕන.කටට එනදේ නොකිය.ඡන්දෙ දීපු උන්ට ගහන්න ඕන (අ)
කීපාරක් ඉල්ලුවත් මොකද බෙදන්නේ නැතුව හිටියාම හරිනේ.(අ)
එකෙන්ම පේනවා ජනාධිපති තුමා ට කොච්චර බයද කියල. කියන්න දෙයක් නැද්ද හැබැවටම මේ විපක්ෂෙට.(අ)
එතකොට විරුද්ධ පක්ෂයේ අය 28 වතාවක් බෙදාගන්න ගිහින් බැරි වුණා නේද? එ්කට මොකක්ද ගැමි ජනතාව කියන්නේ. මම දන්නේ නැති නිසයි අහන්නේ .(අ)
අපේ ලංකාවේ ඉන්න මිනිස්සුගේ මානසික තත්වය ..මේවට ලැබෙන අදහස් වලින් හිත ගන්න පුළුවන්.....මෙහෙමත් මෝඩ දුපත් වැසියෝ .....පව් මේ කට්ටිය වෙනත් රටකට ගියොත් විතරක් ..වෙනස වැටහේවි..... (අ)
පක්ෂ පාට මට නම් වැඩක් නෑ ආණ්ඩු පක්ෂය වුණත් දෙවැනි පෙළ නායකත්වයකට තැනක් ලබාදෙන්නේ නැහැ කියල ජනතාව තේරුම් අරගෙන නැති බව මට පෙනෙන්නේ (අ)
ඔය බනින අධිරාජ්‍යයවාදී බටහිර රටවල් එකකවත් 2පාරකට වඩා නායකයෙක් පාලනය කලාද? අවුරුදු 20-30 රටවල් පාලනය කරන්නේ බලලෝභී ඒකාධිපතියෝ. ඔවුන් කරන්නේ තමන් සහ වටා ඉන්න සහචර පිරිස් පෝශනය කිරීම පමණයි. අපේ අයට විඳවන්න වෙන්නේ ජනවාරියෙන් පස්සෙ (අ)
මම කියන්නේ වඩු වැඩේට වඩුබාස් වගේම මේසන් වැඩේට මේසන්බාස් කෙනෙක් ගන්න ඕන, එහෙම නැතිනම් ගේ හදාගන්න බැරි වෙනවා. දැන් ඉතින් යුද්දේ ඉවරනිසා, රටේ ආර්ථිකය සහ නීතිය ඉස්තාපිත කරන්න පුළුවන් කෙනෙක් පත්කරගන්න ඕන.(අ)
තුන්වෙනි පාර පිඟාන අරන් එන අයට හැඳි මිටි පාර දෙමු. (අ)
ශාන්තලාල් මහත්තයෝ; "කැහි ගෑනී දීලා, හොටු ගෑනී ගන්නද " කියන්නේ. (අ)
බලේට තියෙන කෑදරකම, නැත්තම් අපිට ආදරේටද (අ)
එතකොට මහත්තයො රනිල් මහත්තයා එන්නෙ කෑම බෙදාගන්නද? මහින්ද මහත්තයා ජන්දෙට ආවා කියන්නෙ රනිල් මහත්තයාගෙ පිඟාන හිස් කියන එකද?ඔය වගේ කථා කිව්වම හිතෙන්නෙ ජේවීපි වගේම යූඑන්පියත් මහින්ද මහත්තයා එනවට බයයි කියලා විතරයි. (නදී)
රුවන්ට මගේ උත්තමාචාරය. අපේ කට්ටියට බඩම විතරයි ඕනේ. රට යකාට ගියත් මොකද ? (නදී)
රුවන් මහතා හරියටම තේරුම් අරගෙන තියෙනවා. නිවැරදියි. බල්ලට රට ගියා-රට බල්ලට ගියා. (නදී)
"ජනාධිපතිතුමාට පුදුම බයක්නේ තියෙන්නේ විපක්ෂය ඇතුළු අනෙක් සියලුම පක්ෂ." අපිත් බයේ ඉන්නේ මොකද එතුමා බලයට අවොත් පන්නා දැමිය යුතු අනික් බඩගෝස්තර වාදීයොත් මේකේ රැදී සිටින නිසා (නදී)
දෙපාරකට වැඩිය කවුරු වුනත් බෙදා ගන්නේ බුරියානි නිසා. රොටි කෑල්ලක් නම් ඔහොම කැමැත්තක් කාටවත් ඇති වෙන්නේ නැහැ. පැරදී පැරදී හරි කවුරුවත් පෝලිමේ ඉන්නෙත් නැහැ. (නදී)
අප්පා! මේ කෑම කොච්චර කෑවත් ඇති වෙන්නේ නැහැ. අනේ එහෙම රහක් (නදී)
දැන් මෙතන කෝකියාගේ වැඩේ භාර අරන් තියෙන්නේ බන්දුල සහ සඳුනි වෙන්න ඕන. (නදී)
අපේ පිටබැද්දර ජයා ට මොකද වුනේ ? පසුගිය පුවතකදී බන්දුල බෙල්ල මිරිකුවාට පසු ආගිය අතක් නැහැනේ. (නදී)
"කැහි ගෑනී දීලා, හොටු ගෑනී ගන්නද " හොටු ගෑණි නිසා තමයි ඔහෙලා අද පාරේ බය නැතිව යන්නේ. ඉස්සර බිරිඳ එක බස් එකක දරුවා වෙන බස් එකක ඔහේ තවත් බස් එකක. 3 දෙනාම ගියේ නැහැ නේද බෝම්බ බයට. අර යුග පුරුෂයට හොටු ගෑණි කියනවා. අනේ මෙහෙම සිංහලයෝ (නදී)
තමන් ආයෙත් බෙදා ගෙන නෙමෙයිනේ. කතිරේ ගහන උදවිය දෙතුන් පාර ආදරයෙන් බෙදනවා නම් එපා කියන්නද ? (නදී)
හැමෝම බෙදා ගනී. එයාලට කන්න දෙන්න ඔයාල ඔලුව කල්පනා කරලා වැඩ කරන්න. නිකරුනේ වාද නොකර. (නදී)
මොකද මේ කට්ටිය බයේ දගලන්නේ. ජනාධිපතිතුමා තුන්වෙනි පාර බලෙන් ජනාධිපති වෙන්නේ හදන්නේ නැහැනේ. මිනිස්සු කැමතිනම් පමණයි එතුමාට තුන්වෙනි වතාවට ජනපති වෙන්න පුළුවන්. කට්ටිය දැන්ම ඉදන් එතුමාට දිනුම දීල තරගෙන් ඉවත් වෙලානේ. කොන්ද පන ඇතුව නියම පිරිමි වගේ හැප්පිලා බලන්න. පරාද උනත් ඒක නම්බුයි. (නදී)
මේ අදහස් දාන අයට ගෑනිව තෝරගන්නවත් පෙරේත කමේ තරමවත් තේරෙන්නේ නැහැ. දෙවි පිහිටයි ලංකා. (නදී)
සනි-- ගැහැණුකෙනා කළේ යුද්දෙ වවාගෙන කනඑන නේද (අ)
කට්ටිය ජනාධිපතිතුමා එන එක වලක්වා ගන්න දත කෑවට ජනාධිපතිතුමාට බැරිනම් ඉතින් ගෝටාභය මහත්තය තමයි එන්නේ..ඒක වුනොත් ඉතින් ඒක හරියට කරන්ට් එකට බය එකාට හෙනයක් වැදුන වගේ තමයි.. (අ)
විකි මහත්තයට වැරදිලා.. රට බල්ලට ගිහින් නම් නැහැ.. මේ එසැන පුවත් බැලුවම හොදින්ම පේනවා බල්ලොනම් රට ගිහිල්ල කියල..(අ)
එතකොට මහජන නියෝජිතයෝ කියල කියන්නේ හැන්ද අතට ගත්තට පස්සේ කොච්චර වතාවක් බෙදා ගන්නවද කියල බලාගෙන ඉන්න පිරිසක් වගෙයි මට පෙනෙන්නේ (නදී)
"දෙපාරකට වඩා කෑම බෙදා ගන්නා මිනිහා පෙරේතයකු ලෙස ගැමියා හඳුන්වන"....අපි නම් කියන්නේ "මල පෙරේතයෙක්" කියලයි. (නදී)
එතකොට ඔය දෙපාර තුන් පාර බෙදාගෙන කන්න දගලන මන්ත්‍රී තුමාලට මේක අදාල වෙන්නේ නැද්ද? ජනාදිපතිකමට විතරද පෙරේත බැල්ම තියෙන්නේ? (නදී)
බන්දුල පෙරේරා, සාදාරන ඡන්දයක් තිබ්බා නම් බලන්න තිබුනා මොකද වෙන්නේ කියලා. මම දන්නා හොද ශ්‍රී ලංකා කාරයෝ පවා අද වෙනකොට සත්‍ය තේරුම් අරගෙන ඉවත් වෙලා ඉන්නේ. අද වෙනකොට විපක්ෂයෙන් පොල් පිත්තක් තිබ්බත් ඡන්දෙ දෙනවා. (නදී)
දෙපාරකට වැඩිය බෙදාගන්න යන්නේ මොකද ? ෆරීඩ් රයිස් නිසා පොල් සම්බෝල් එක්ක බත් දුන්නා නම් ඔය පෝලිමේ ඉන්නේත් නැහැ. ඔය කතාව කියපු මන්ත්‍රීටත් ඕක ගැලපෙනවා (නදී)
හත්මුතු පරම්පරාවම නිවන් දක්වන්න තිබෙන බල ලෝබි කම. වෙන මොනවද? (නදී)
කතාව නම් ඇත්ත රාජකරුණා. එ්ත් ඉතින් අපේ මිනිස්සුට ලජ්ජාව කියන එක නැති වෙලා පෙරේත කම කියන එක පුරුදුවෙලා තියෙන්නේ. දැන් ඉතින් පෙරේත තටුව කියල තිබ්බත් එ්කත් කන කාලයක් නේ. මොනවා කරන්නද කෑම එකේ රස දන්නේ එතුමනේ ඉතින් එතුමා බඩ පැලෙනකම් කන්න නේ හදන්නේ (නදී)
නුවන් තව තියෙනවා. ලංකා තිලක්,මොහොමඩ් දරු පවුලට කන්න අදින්න දෙන්න නැතිනම් පත්තර පිටුවක් එලාගෙන හිගා කාල ජීවත් වෙනවා ඔයිට වඩා නම්බුයි. (නදී)
හය වරකට වඩා පැරදුන රනිල් වික්‍රමසිංහ තවමත් පක්ෂයේ නායකයා ලෙස සිටීමත් තවමත් ජනාදිපතිවරනයට ඉල්ලීමත් අපේ හර්ෂ රාජකරුණා මහතාට පෙනෙන්නේ කෙසේද ? (නදී)
යුද්දේ අදටත් වවාගෙන කන්නේ කව්ද මල්ලි. (නදී)
ගැමි ගොවියා නිෂ්පාදනය කර එවන ආහාරපාන හොඳට කටට රසට උයා,පිහා කවන්නේ " බුෆේ " ක්‍රමයට. කැමති විදිහට ඕනෑම වාරයක් කාපල්ලා....ගොවියා බඩගින්නේ තියලා...මේ කන අයට ගැමියා කියන්නේ කෑම දාසලා කියලයි (නදී)
රාජකරුණා කියන්නා වාගේ අපේ ජනාධිපතිතුමා තුන්වරක් බෙදාගන්න ගිහින් ගමේ කතාව බොරු කරයිවත්ද.? මට මෙහිදී කියන්න හිතෙන්නේ මේකයි. ශ්‍රී ලංකාවේ වර්තමාන දේශපාලනයේ මේ වගේ රටට ජනතාවට වැඩ කරපු නායකයෙක් හොයාගන්නවත් නැහැ. එ්ක අපට වඩා දන්නේ හතුරු පක්ෂවල කට්ටියයි. ඒ නිසයි මේ තරම් දේවල් කියන්නේ. කියවන්නේ. මෙයාලා පමණක් නොවෙයි යුරෝපා හවුලම බය වෙලා. හරි දේ කරන ජනාධිපති තුමා එලවන්න ගම්මු කැමති නැහැ. මහජනයා තෝරන ජනාධිපති මහින්ද රාජපක්ෂම පමණයි. එ්කේ දෙකක් නැහැ. (නදී)
ලංකා තිලක්, රට ගියේ අසවල් කට්ටිය නම් ලංකාවේ ඉඳන් රට කන්නේ ත් ඒ ජාතියේම සමහරු තමයි. ඒ නිසා මෙතන සත්තුන්ගේ නම් පාවිච්චි කරන කොට ප්‍රවේශමෙන්. තමන්ගේ වලිගය ඔය අස්සේ හැමෝටම පේන්න ඉඩ තියනවා. (නදී)
බන්දුල අයියටත් බුරියානි හම්බ වෙයි ලගදීම. (නදී)
28 වතාවක් උත්සහ කරලත් 29 වෙනි වතාවට උත්සහ කරන එකට ගමේ කියන්නේ "උත්සහා වන්තයා ජයගනී" කියල අප්පුහාමි ආයුබෝවන්. (නදී)
රට යන්න බැරුව ලංකාවේ ඉන්න අය කඩේ යනවා. (නදී)
ඔක්කොම එකයි (නදී)
චමි,ඔයා ෆ්‍රයිඩ් රයිස් කන්න ආසද....? මගෙත් ප්‍රියතම කෑම ෆ්‍රයිඩ් රයිස්. (නදී)
මොනවද මනුස්සයෝ මේ කියන්නේ. මම මේ බෙදාගෙන කන්න යන 30 වෙනි වතාව. එතකොට මම මල පෙරේතය කියලද කියන්නෙ? මොනව හරි කියන්න යනකොට පොඩ්ඩක් හිතල බලන්න උඩ බලාගෙනද කෙල ගහන්නේ කියලා (නදී)
පුදුම බයක්නේ තියෙන්නේ. දැන් එජාපයට බලයට එන්න දගලන එකට මොකක්ද කියන්නේ. ජනතාවට ඕන ජනාදිපති තුමන්ව බලයේ රදවා ගන්න නම් .......කී පාරක් බෙදා ගෙන කෑවම මොකද? ඔන්න අපිට නම් කිසිම ප්‍රශ්ණයක් නැහැ. (නදී)
කොයි මැතිතුමාටත් නැති හදිස්සියක් නේ බන්දුල ට තියෙන්නේ. බය වෙන්න එපා කවුරු පත් වුනත් ඔබට ලැබෙන්නේ පොදු කවටයාගේ තනතුරම තමයි. (නදී)
ඔය කතාව අදට ගැලපෙන්නේ නැහැ. අද මිනිහෙක්ට බඩ පිරෙන්න කන්න තියෙන්නේ දානේ ගෙදරකට ගියොත් පමණි. (නදී)
ජනනි, යුරෝපා හවුල බය වෙච්ච පාර අපෙන් මාළු ටිකක් ගන්න එකත් නවත්තලා. ඉතින් අපේ ඇමතිතුමා ගිහින් කියනවාලු "අපේ මාළු ගන්න ඔයාලා බයවෙන්න එපා අනේ" කියලා. පිස්සු නැතිනම් ශෝක් කිව්වලු. (නදී)
එල එල "ලංකා තිලක්" (නදී)
අප්පුහාමි, රුවන් දෙන්නටම මගේ සැලියුට් එක (නදී)
හර්ෂණ රාජකරුණාගේ පක්ෂයේ ඉන්න බහුතරය දෙවරකට වඩා ඉල්ලා පැරදුන අයනේ ඉතින් (නදී)
මහින්ද මහත්තයා වැඩක් කළා. එ්ත් සරත් මහත්තයට කරන වැඩේ කැතයි. රනිලුත් දක්ෂයි. අපිට ඕනා හොරකම් නොකරන, නිදහස රකින ආණ්ඩුවක්. (නදී)
ටිකිරි බණ්ඩා එකපාරක්වත් බෙදන්න අකමැති උනාට මේ රටේ බහුතරය එතුමාට පෙරැත්ත කර කර තව තව බෙදාගන්න කියනවා නම් ඉතින් එතුමා දෙපාරක් නෙමෙයි සිය පාරක් බෙදාගත්තත් මොකද? ඔය තියෙන්නේ ඉරිසියාව නොහැකියාව. ඡන්දය තියන්නත් කලින් විපක්ෂය පරාජය පිළිගත් ලංකා ඉතිහාසයේ ප්‍රථම මැතිවරණය ලබන ජනාධිපතිවරණය තමයි. ටිකිරි බන්ඩෝ, පෙෂර් එකට බොන බේත් වෙලාවට ගන්න. නැත්නම් මේ තීරුවට ලොකු පාඩුවක් වෙන්නේ. ඔබ තුමා නැත්නම් අපිටත් ලියන්න හිතෙන එකක් නැහැ. (නදී)
කොටින්ට විරුද්ධව යුද්දේ අපි දිනුවා. එහෙම වුනත් අනිත් හැම දෙයකින්ම අපි පැරදුනා. යුද්ධය දිනුවෙත් මාවිල් ආරු ප්‍රස්නේදී හෙළ උරුමය තදින් හිටපු නිසා. යුද්ධය දිගටම කරන්න ආණ්ඩුව පෙළඹුන නිසයි. අද රජයේ ඉන්න ඇමතිවරු බොහොමයක් යුද්ධය දිනන්න කොහොමටත් බැහැ කියලා සාම පෙළපාලි ගිය උදවිය. සමහර ඇමතිලා ප්‍රභාකරන් "මහත්තයට" අතට අත දීලා වලිගේ දේපරහන්ද අස්සේ ගහ ගත්තා. අද ඒ ගොල්ලෝ තමයි වීරයෝ. මේ ක්‍රියාවලියට ජෙනරල් ෆොන්සේකාගෙන් ඊට ඉස්සෙල්ලා රනිල්ගෙන් ඉටුවෙච්ච වැඩකොටස , අත්තිවාරම වැටුන හැටි කාටවත් මතක නැහැ. මෙහෙමත් ජාතියක්. (නදී)
මෙතන එක ප්‍රශ්නයයි තියෙන්නේ. ජනාධිපති තුමන් තමයි තවම රටේ ජනප්‍රිය දේශපාලන නායකයා. අනික් අය බය ඒකයි. එයාල කියන්න ඕන නැහැ ජනාධිපති තුමාට නැවත එන්න එපා කියා. නිත්‍යානුකුලව එන්න හැකිනම් ආවම මොකද? මිනිසුන්ට එපා නම් එයාල එ්ක තීරණය කරයි. අනික් අය උඩු බුරලන්න එපා බල්ලන් හදට බුරනවා වගේ. සද තවත් මෝදු වෙනවා, බල්ලොන්ට පිස්සු හැදෙනවා බුරල වැඩි කමට.(නදී)
28 පාරක් මේ රටේ ජනතාව එපා කිව්ව රනිල් මහත්තය තමයි අයින් වෙන්න ඕන. හරිනම් අපේ ව්‍යවස්ථාවට ඇතුල් කරන්න ඕන 2වරක් ප්‍රතික්ෂේප වුන දේශපාලනඥයොන්ට නැවත ඉල්ලන්න බැරි විදිහේ නීතියක්...(අ).
දහ පාරක් වුණත් ඇවිල්ල පරපුර දියුනුවෙන එකට ඊර්ශියා කාරයෝ තමා විරුද්දව ලියන්නේ. ජනාදිපතිවරනයත් ඉවර වෙලා අපි පාර්ලිමේන්තුවටත් මේ ගරු ඇමති වරු ,උප ඇමතිවරු පත් කර ගනිමු, අපිට කිරි උතුරනවා නොඅනුමානයි. එතකොට බඩුමිල බැහැල, රටේ නීතිය සාදාරණත්වය ඇතිවෙලා සංවර්දන සිහිනය සැබෑ වෙනකොට ඔය 3වෙනි පාර බෑ කියපු කට්ටියත් දෑත සවිමත් කරන්ඩ එකතු වුණාම මේක සවර්ග රාජ්‍යක් නේද පුතේ. මට ඡන්දෙ දෙනකන් නින්ද යන්නේ නැ අපේ උත්තමයින්ව රජ කරලා පාරේ හිඟා කෑවත් දුක නෑ.(අ)
හර්ෂණ රාජකරුණා වැදගත් තරුණයෙක්, ඒ වගේම හොඳ තාත්තා කෙන්ක්ගේ පුතෙක්. එතුමා වගේ අය ගම්පහින් මෙදා එලියට බහීවි. අපිට සේවය කිරීමට අපි දෙමු. සේවය කිරීමට ඇති කැමැත්ත මිසක් හම්බ කිරීමේ කිසිම චේතනාවක් ණෑ. බන්දුල මතයත් තව බාර් එකක් දෙකක් ලැබේවා. (අ)
කන්න පුලුවන්නම් තුන්පාරක් හරි බෙදාගෙන කෑවම වරදක්ද.බොරු කතා නැතුව ඉන්න මෙයා.රටේ පසුගිය වකවානුවේ වෙච්ච දේවල් දිහා බලන කොට මහින්ද මහත්තයට වැඩිය නායකයෙක් තවත් අපේ රටේ නැත. දන්නා අය රටට ආදරය කරන මිනිස්සු නායකයා වෙලාවට තොර ගනීවි. (අ)
මේ ඡන්දෙන් පසේ අපි යන්නේ සුපිරි වාහනවල, කන්නේ බ්‍රියානි විතරයි. දානේ 150000 සපත්තු, ලැම්බෝගිනි හැම පවුලකටම 2ක් දෙනවා, ඡන්දෙ දෙන්ඩ මත්වරුනි, නෝනාවරුනි. (අ)
පව් අනේ...අපේ ජනාධිපති තුමාට බයතරම් ....ඔච්චර බය වෙන්න එපා..කව්රු මොනවා කීවත් නියම සිංහල ඡන්ද වලින් තමයි අපේ ජනාධිපති තුමා දිනන්නේ....ඔය කලවම් ජාන තියෙන එවුන් කොහොමත් කැමති නැහැ එතුමා දිනනවට...නමුත් එතුමා දිනනවා..දිනනවා...(අ)
මේවා අහල පන පලයන් ලබන පෙරේදා ! (අ)
බන්දුල පෙරේරා දැන් සඳත් මෝදු වෙලා ඔහේ ගේ පිස්සුවත් මෝදු වෙලා තියෙන්නේ.(අ)
එතකොට මහත්තයෝ දෙපාරක්ම හොදට බෙදාගෙන කාපු කෙනෙක් මේසෙන් ඉවත්වෙලා ගිහින් ආපසු ඇවිත් කෑම රසයි කියල ආපසු බෙදාගන්න බලන එක හරිද? වෙනත් බඩගිනි කාරයකුට බෙදාගන්න දෙනවද? දැනට කමින් සිටින කෙනාට කුස පිරෙන්න කන්න දෙනවද ? මේවා ගැනත් අදහස් පළ කලා නම් කෙතරම් හොදද? මේ දැන් ඇති ප්‍රධාන ප්‍රශ්න තුනය, (අ)
එක්සත් ජාතික පක්ෂය 28 වතාවක් පැරදුනාට අමතක කරන්න එපා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය 1977 සිට 1994 දක්වා 39 වතාවක් පැරදිලා තියනවා.එහෙම තමයි දේශපාලනය. පැරදි පැරදි තිබුණ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය චන්ද්‍රිකා බණ්ඩාර නායක ඇවිදින් තමයි ගොඩ ගත්තේ.ඊට පස්සේ අනිත් අය මුනදා ගත්ත. චන්ද්‍රිරිකා තමයි යාපනයේ සිංහ කොඩිය දැම්මේ ,නමුත් එයාට යුද්දේ ඉවර කරන්න හොද හමුදා පති කෙනෙක් හිටියේ නැහැ. (අ)
මෙතන අදහස් පලකරලා තියන අය බහුතරය ජනාදිපතිතුමා ගැන පැහැදීමකින් ඉන්නේ අනෙක් නායකයන්ට වැඩිය.....ඉතින් මම හිතනවා මේ සැරෙත් රාජපක්ෂ මැතිතුමා වැඩි ප්‍රතිශතයකින් ජයග්‍රහණය ලබා ගනී කියලා..(අ)
කවුරු පිටරටවල් වල ඉදන් උඩු බිරුවත් මේ රටේ කදු පාත් වෙන්නේ නැහැ..ජනාධිපති තුමා තෙවන වතාවටත් ඇති බහුතරයකින් ජනාධිපතිවරණය ජය ගන්නවා.. ඒක ඉර නැගෙනහිරින් පායනවා වගේ විශ්වාසයි..රොකි මහත්තය ඔය බයිලා කියන්න .රනිල මහත්තය කරපු දේ හින්ද තමයි අදටත් ජාත්‍යන්තරය මේ රටට මේ විදියට කුහක කම් කරන්නේ ඇඟිලි ගහන්නේ....රටේ ප්‍රශ්න ලෝකෙට ගෙනිහින් කොටි සංවිධානයට ජාත්‍යන්තර ප්‍රසිද්ධියක් තැනක් රාජ්‍ය තාන්ත්‍රික මට්ටමක් අරන් දුන්නේ එතුමා ....ජනතා ඡන්දයෙන් මේ රටේ ජනතාව තමන්ගේ නායකයින් හැටියට තෝරාගත් අය ප්‍රභාකරන්ගේ දෙපතුලග දණගහල දෙපතුල් ලෙවකාපු ජාතියේ ගෞරවය බල්ලට දාපු ඒ කාලය කාට අමතක වුණත් හමුදාවල ඒ දවස්වල හිටපු අයට අමතක කරන්න බැහැ..අද බඩ ගැන විතරක් හිතන කල ගුණ නොදත් බඩජාරින්ට මරණය දෝතට අරන් ගෙදරින් එලියට බැහැපු එහෙම යුග තිබුණද කියලවත් අමතකයි.කාලගුණ දත් බහුතර ජනතාවක් තාම මේ රටේ ඉන්නවා..ඒක ලබන ජානාධිපතිවරණයේදී මේ පිටරටවල් වලට වෙලා අන්තර්ජාලයෙන් උඩු බුරලන කට්ටියට හොදින්ම පැහැදිලිවේවි. (අ)
දැන් දෙපාරක් ජනාධිපතිවෙලා හිටපු කෙනෙක්ට තුන්වෙනි පාර ජනාධිපතිවරනෙට ඉල්ලන්න බැරිනම් දෙපාරක්ම ඉල්ලලා පැරදිච්ච කෙනෙක්ට තුන්වෙනි පාර ඉල්ලන්න නීතිමය කෙසේවෙතත් සදාචාරාත්මක අයිතියක් තියනවද?(අ)
.රටට හොද කලක් යන්න මිනිස්සුන්ට මොලේ එන්න ඕන. (අ)
ලංකා තිලක් හිතට ආපු පලියට අදහස් දාන්න එපා. කෙනෙක් රට යන්නේ අසාවට නෙවෙයි බොහෝවිට. දුක් මහන්සියෙන් කියක් හරි හම්බ කරන්න. ලංකාවට එවන්නේ ශත 5 ක් වත් ආණ්ඩුවෙන් පිනට නොකා. මේ කාලේ ආණ්ඩුව දුවන්නෙත් ඒ සල්ලිවලින් බව අමතක කරන්න එපා (අ)
මේ රොනී කියන්නේ රොනී ලීච් ද? නැත්නං එම්.එස් . ප්‍රනාන්දු ද?(අ)
කොහොම වුනත් ඔය ජේවීපී ඇරෙන්න අනිත් හැමෝම රට කරපු හැටි අපිට තාම මතකයි. මෙතුමා යුද්ධය නිමා කරපු අපේ දකුණේ වීරයා. (අ)
ඔය කවුරුත් දැනගන්න ඕන මනුෂ පුත්‍රයා කෑමෙන් පමණක් ජීවත් නොවන වග (අ)
මිනිසුන්ට ඕනි විදිහට නෙමේනේ ඡන්දෙ තියෙන්නේ.සාධාරන විදිහිට ඡන්දෙ තිබ්බොත් පුළුවන් බලාගන්න කව්ද දිනන්නේ කියල(අ)
මේක කෑම ගැන තියෙන ගැටලුවක් නෙමේ නේ? මේ වගේ රටට කරපු ජනාධිපති කෙනෙක් තවත් නැ, මම ඉන්නේ කැනඩා වල, මම ලංකාවට සති 2 කට කලින් ඇවිත් ගියා, රටේ දියුණුව දැක්කේ එතකොට තමා. මහින්ද රාජපක්ෂ හැම දාම ජනාධිපති වෙලා ඉන්න ඕන.(අ)
දෙපාරට වැඩිය කෑම බෙදාගන්නේ රහ වැඩි කමට.අනිත් අය කියන්නේ බෙදාගෙන කමු කියලා.(අ)
මහින්ද මහතාට මෙච්චර බයනම් ගොටාභය මැතිතුමා ඡන්දෙ ඉල්ලුවොත් විපක්ෂයට ඇපත් නැතිවේවි.එහෙනං68%ක ප්‍රතිශතයක් නොව 80%ක ප්‍රතිශතයක් නියතයි.(අ)
බය කවුද කියල පේනවා... අවුරුදු දෙකකට කලින්ම පිට්ටනියට බැහැල .(අ)..
කන්න පුලුවන්නම් දෙපාරක් නෙමෙයි දහපාරක් හරි අපි කෑම බෙදල දෙනවා මොකද කියනවනම් ඒ අපේ මිනිහෙක්නේ?(අ)
ජීවන්ත, ඔය දන්නේ නැතිනම් ප්‍රතිචාර දන්නා එපා. සිංගප්පුරුව දියුණු වුනේ කොහොමද? එකම අගමැති අවුරුදු 30 කට වඩා හිටපු නිසා .ඔයාගේ මතය ප්‍රකාශ කරන්න. වැරදි ආදර්ශ දෙන්න එපා.ඔය හැමෝම මහින්දට බය නිසා ඔය කෑ ගහන්නේ. වෙන කෙනෙක් ඉල්ලුවානම් කෑ ගහන්නේ නෑ. චන්දෙ දෙන්නේ මිනිස්සු.ඒ අය කැමතිනම් චන්දෙ දේවී. නැතිනම් පරාද කරාවී. ඕකට බය වෙන්නේ දිනන්න බැරි අය.(අ)
අනේ රොෂාන් තමුසේ දන්නේ මොනවාද? 77 ඉදන් 94 දක්වා තියු මැතිවරණ සාධාරණද, ඡන්ද පොළ නිලධාරින් පන්නල ඡන්ද පැවැත් වුවේ, එජපය පැරදුණ මහර ආසනේ ඡන්ද තුන්සැරයක් ගණන් කළා ඒත් පරදයි අන්තිමට ලයිට් නිවල ඡන්ද ගණන් කළා අන්න එතකකොට ඡන්ද දිනුවා ඒවා දන්නේ නැද්ද. බලෙන් ඡන්ද කාඩ් අරන්ගිය ඒවා මතකද, යූඑන්පී. ඡන්ද ගැන රොෂන් හොඳට අධ්‍යනය කරන්න. දැන් එයාලට පල දීල තියෙන්නේ එදා ඡන්ද තිබ්බ හැටියෙ දිඨ්ඨ ධම්මවේදනීය කර්මයයි (අ)
අපේ රටේ දේශපාලනය බත් දන් සැලක් ගානට ගිහින් , කුණු කෑම වුණත් බත් දන් සැලෙන් කාල පින් දීල යන්නේ නැවත ලබන අවුරුද්දෙත් මෙහෙම කරන්න කියල (අ)
තවමත් බටහිරට කඩේ යන අය අපි සමග ඉන්න එකේ ගැන ලැජ්ජයි,ජනාදිපති - ඒකාදිපති වෙලා දියුණු කල රටවල් කීයක්නම් තියනවද.නමුත් ඒ සියල්ලම වගේ අද දිළිඳුයි..දියුණුවන රටවලට විස එන්නත් කිරීම බටහිර හා ඇමරිකාවේ විනෝදාංශයයි .ආසන්නම රට ලිබියාව එදා සුරපුරක් වන් රට අද අපායක්.බේරුනේ සිංගප්පූරුව පමණයි (ස)
අතුල ඔයා හරියටම හරි. මේ විපක්ෂේ අය හිතන්නේ අපි මැරිලා ඉපදිලා ඉන්නේ කියලා. එයාලගේ කෙරුවාව ලියන්න පොත් ගානක් ඕන වෙයි. දන්නෝ දනිති (ස)
මෙපමණ කල් අපේ පින්වත් ඡන්දදායකයන් කලේ මාරුවෙන් මාරුවට මේ දෙපැත්තට කෑම බෙදා ගැනීමට කටයුතු කිරීමය.වැඩියෙන් බෙදා ගන්න කෙනා වගේම බෙදා ගන්න නැතුව ඉන්න අයත් එකම පෙරේත ගනයේ නොවන්නේද? (ස)
ආණ්ඩුවට කඩේ යන හැමෝටම ආදර්ශයට ගන්න පුළුවන් සිදුවීමක් මෑතකදී උනා. ලංකාවේ ආණ්ඩුව මහා ඉහලින් වර්ණනා කරපු කෙනෙකුට ආණ්ඩුවෙන්ම කනේ පාරක් කන්න උනා. ඉහල පෙලේ කෙනෙකුට එහෙමනම් මෙතන කඩේ යන කට්ටියට කොහොම තියෙයිද? ඔබලා ඇත්තටම රට වෙනුවෙන් කෑගැහුවට කමක් නැහැ. නමුත් රටත් ජනතාවත් අගාධයකට රැගෙන යන කොටස් කරුවන් වෙන්න එපා. (ස)
අර කටු කන බල්ලා බුරන සද්දෙට මට නම් මේ මුකුත් ඇහෙන්නේ නැහැ. කටුවල රහටද මන්ද? බුරන සද්දේ වැඩියිනේ. (ස)
අතුලගේ කතාව සහතික ඇත්ත. (නි)
අතුල කියලා අදහස් දා තිබෙන කෙනා කතාකරන්නවත් දන්නේ නැහැ.තමා පහත් විදිහට ලිව්වට මම එහෙම ලියන්න තරම් පහත් නැහැ. 94 සිට අද දක්වා කොහොමද ඡන්දෙ තිබුණේ කියා ලංකාවේ අපි දන්නවා. බොරු කියන්නේ නැතුව ඉන්න අතුල. ඔයා වගේම තමයි ඔයාගේ අනෙක් අයටත් ඇත්ත කියනකොට තරහ යනවා. (නි)
ලංකා තිලක්, පොඩ්ඩක් සංවරව ප්‍රවේශමෙන් වචන පාවිච්චි කරන්න (නි)
මේකේ සමහර අයගේ අදහස් දැක්කහම හිනායනවා (නි)
ජනතාව කැමති නම් අනෙක් අයට ඒක ප්‍රශ්නයක් වෙන්න බැහැනේ (නි)
කවුරු මොනවා කිවුවත් තීරණය තියෙන්නේ ජනතාව අතේ (නි)
රට රැකගන්න විරුද්ධ පක්ෂයට නායකත්වය දෙන්න ශක්තිමත් කෙනෙක් හොයාගන්න බැරිකොට, රාජපක්ෂ මහත්තයා තුන්වරක් නොවෙයි හතරවරක් ආවත් මොකද? (නි)
ඔන්න ඔහේ නොදන්නා දෙවියන්ට වැඩිය දන්නා යකා හොඳයි කියමු! (නි)
මම නම දෙපාරක් නෙමෙයි, දහපාරක් හරි කනවා බඩගිනි නිවෙනතුරුම (නි)
අපි කාගේ වුණත් හොඳක් තියනවා නම් ඒක දකින්න ඕනෑ. මේ ලිහන්න බැරි ගැට ගහන්න තීක්ෂණ බුද්ධියක් තිබු රනිල් මැතිතුමාටත් යුද්ධය අවසන් කිරීමේ විශාල ගෞරවයක් හිමිවිය යුතුයි නේද? (නි)
රටේ පාලකයා යාවජීව කෙනෙක් වේ නම් වඩා හොඳ බවයි විදේශ වල වෙසෙන ලාංකිකයින්ගේ බහුතර මතය වෙන්නේ! (නි)
හර්ෂණ දන්නේ නැතුව ඇති ඒකාධිපතියෙක් නොවන්නයි විධායක බලයේ දෙපාරකට වඩා ඉන්න නොදී ව්‍යවස්ථාව සකසා තිබෙන්නේ. මොහු මෙවර දිනුවත් ව්‍යවස්ථාව අනුව පෙත්සමක් දැමූ ගමන් බලය අහිමි වෙනවා නොවේද? (නි)
මම නම් මේ කතාවට විරුද්ධයි (නි)
ටෙනිසන්, බටහිර රටවල් වල තිබෙන නීතිය දෙස බලනකොට ඔබ ඔය කියන රට ගැන, දන්නේ නැත්නම්, දැකලා නැත්නම්, දන්නා දැකපු කෙනෙක්ගෙන් අහගන්න (නි)
එහෙම කියමනක් අපි නම් අහලා නැහැ. අපි නම් බඩපිරෙනතුරු කනවා (නි)
අප්පුහාමි මහත්තයෝ, 28 වතාවකට වැඩියෙන් වුණත් පැරදිලා, නැවත නැවතත් තරඟ කරන කෙනාට ගමේ කියන්නේ "උත්සාහවන්තයා" කියලයි. (නි)
මේ ලංකා තිලක් , ලංකාවේ ඉඳගෙන බත් ගිලිනවාට වඩා නරකද මිනිස්සු පිටරට ගිහින්හරි කීයක්හරි හම්බ කරගන්න එක. ඔහේ කඩේ යන තැන මොකක් වුණත් මෙන්න මේ ටික දැන ගන්න. බහුතරයක් ලාංකිකයන් පිටරට රස්සා කරන්නේ ඔහේ වගේ ගැත්තෙක් වෙලා පින්බත් ගිලින්න තරම් අමාරුවක් ඒ අයට නැති නිසා. ඒ නිසා කරුණාකර පිටරට ඉන්න මිනිසුන්ට ඇඟිලි දිගුකරන්න කලින් නියම හොරු වංචාකාරයින් දේශද්‍රෝහීන් කවුද කියලා හරියට දැනගන්න. (නි)
සමන්ජය,දෙකේ පන්තියේ ළමයි වගේ මෝඩ තර්ක ඉදිරිපත් කරන්න එපා. (නි)
ලංකා තිලක් , මෙතන අහවලා කේලම් කිව්ව නිසා මෙහෙම වුණා කියන ඔය පරණ තැටිය දැන් නවත්වන්න . තමන්ගේ අඩුපාඩු අනුන්ගේ පිටින යවන එක තමයි දැන් ඔය කොයි දේශපාලන පක්ෂයේත් සිරිත. ඔහෙලා වගේ ගැත්තන්ට ඕනෑ මෙතන එකම දේශපාලක පක්ෂයක් විතරක් තියාගෙන ඉන්න එක කියලා අපිට හොඳට තේරෙනවා. ඒකට මොකුත් වුණොත් තමන්ගේ තුන්වේලම නැතිවෙනවා. මෙච්චර උඩ පනින්නේ ඒකයි. (නි)
මෙතන ඉන්න කෙනෙක් තමන්ගේ ඇඟේ මැක්කන් වහලා කියලා දන්නේ නැතුව රටට බරක් නොවී පිටරට ගිහින් මහන්සියෙන් වේලක් හම්බ කරගන්න මිනිසුන්ට ගොරවනවා. (නි)
ඔය භුමි පුත්‍ර ලංකා තිලක්ටයි මම මේ කියන්නේ. ලංකාවේ ඉඳගෙන වැසිකිළි හෝදලා හරි වැදගත් විදියට ජීවත්වෙන මිනිස්සු ඉන්නවා. ඒ මිනිස්සුත් දන්නවා කවුරුහරි පිටරට යන්නේ ලංකාවේ රස්සා නැහැ කියා කියා ආණ්ඩුවට බැන බැන ඉන්නවාට වැඩිය තමන්ගේ උගත්කමින් රට ගිහින්හරි යමක් හම්බ කරගන්න කියලා. ඔය කඩේ යන අයට නම් ඒක කවදාවත් තේරෙන්නේ නැහැ. (නි)
ලංකා තිලක්,තමුන්නැහේ කොච්චර වලිකෑවත් මෙතන පිටරට ඉන්න ස්වාධීනව අදහස් ලියන අයගේ කටවල් වහන්න බැහැ. අඩුගානේ තමන්ට සා.පෙළ සමත්වුණ උගත්කමක්වත් තියනවා නම් ලියන දෙයක් ශීලාචාරව ලියන්න. (නි)
මෙතන තියන ලොකුම ප්‍රශ්නය ලංකා තිලක් වගේ අයට තුන් පාරක් නෙමෙයි ජීවිතේටම බෙදාගනිමින් ඉන්න තිබෙන එකම මාර්ගය නැතිවේවි කියන භීතිකාව. ඔතන කවුරු තුන්පාර ඉල්ලුවත් ලංකා තිලක්ලා වගේ අයට එකයි. ඒ හැන්දෙන්ම තමන්ටත් බෙදාගන්න පුළුවන් නම් එච්චරයි. (නි)
දැන් එතකොට ඔය රාජ්‍යතාන්ත්‍රික අවුල් ටික ඇති කළෙත් විපක්ෂයද ? තනතුරු වලට පොර අල්ලනවා ඇරෙන්න තමන්ගේ රාජකාරිය මොකද්ද කියලාවත් සමහරුන්ට මතකද? බන්දුල පෙරේරාට තමන්ගේ ඇහේ පරාල පෙනෙන්නේ නැහැ. අනුන්ගේ රොඩු නම් උඩ පැන පැන බලනවා. (නි)
මම නම් ලංකාවේ ඉන්නේ. හැබැයි ඔය පිටරට ගිහින් යමක්කමක් අනුන්ට බරක්නොවී හම්බ කරගන්න එක නම් වැරැද්දක් හැටියට දකින්නේ නැහැ. ලංකා තිලක්, තමන්ගේ කටේ වචන ටිකක් සංවර කරගන්න. පිටරට ගිය හැම මිනිසාටම ලේබල් ගහන්න ඔබට ඔලුවේ අමාරුවක් තිබෙනවා වගෙයි. (නි)
කඩේ යන කෙනාගේ පන් මල්ලෙන් දැන් බොරු දේශප්‍රේමය වැක්කෙරෙනවා. තුන්පාරක් ආවේ නැත්නම් තමන් කොහොමද තුන් වේල ගැට ගහගන්නේ? (නි)
මෙතන ප්‍රශ්නය තුන්වෙනි වරට පත්වෙන එක නෙමෙයි. එතුමාගේ වටේ ඉඳගෙන තමන්ගේ බඩ වඩාගන්න බලාගෙන ඉන්න අය හතර වටේම ඉන්න මිනිසුන්ට ගොරවලා ලැබෙන්න තිබෙන ඡන්ද ටිකත් නැතිකරන එක. (නි)
ලංකා තිලක් අයියාට පළාත් සභාවටවත් නාම යෝජනා ගන්න බැරිවුණ හිතේ අමාරුව තමයි මේ සභාවේ මිනිස්සු පිටින් අරින්නේ. (නි)
ලංකා තිලක් ගේ කෙළතොළු කටෙයි මරියානා ආඝාදයෙයි කිසිම වෙනසක් නැහැ. කට ඇරියොත් නොහොබිනා වචන. තමන්ගේ අදහසක් ශීලාචාරව ලියන්න දන්නෙම නැති කෙනෙක්. (නදී)
බන්දුල අයියාට ,අප්පුහාමි අයියාට ,ලංකා තිලක් අයියාට සහ නම් කී නොකී බොහෝ අයට ජයවේවා. (නදී)
"කවුරු පිටරටවල් වල ඉදන් උඩු බිරුවත් මේ රටේ කදු පාත් වෙන්නේ නැහැ..ජනාධිපති තුමා තෙවන වතාවටත් අති බහුතරයකින් ජනාධිපතිවරණය ජය ගන්නවා" මෙය ලීවෙත් බඩගෝස්තර වාදියෙක්ද කොහෙද? එ්ක තමයි හලෝ අපිට වැදිලා තිබෙන හෙනේ. එතුමා ආවයි කියල බඩගොස්තර වාදීන් අයින් කොරනවද උනුත් හොඳට ගරනවා. අපි නැතිවෙනවා (නදී)
ලංකාවේ ජීවත් වෙන අපි වියදම් කරන හැම රුපියලකින්ම ශත හැත්තෑවක් ආණ්ඩුවට බදු ගෙවනවා. පිටරටවල ඉඳන් ඒ ආණ්ඩු වලට බදු ගෙවන මිනිස්සු ලංකාවේ ඉන්න අපි පිනට කනවා කියන කතාවට මම සම්පුර්ණයෙන්ම විරුද්ධයි.(නදී)
ලංකා තිලකුත් විදේශ රැකියාවන් කරලා මේ රටට විදේශ විනිමයක් ගෙන ආපු හාදයෙක් තමයි මහත්තුරුනේ. මම කිව්වේ මේ දුක් මහන්සියෙන් රැකියාවක් කරලා මෙහෙ දරු පවුල් නඩත්තු කරන අය ගැන නෙමෙයි. බටහිර රටවලට වෙලා සැප සම්පත් විදින ගමන් මේ රටට වින කරන්නේ කොහොමද කියා කියා හිත හිත නින්දට යන අපේ කළු සුද්දෝ ගැන. අනෙක් කට්ටිය තොප්පි දාගන්න අවශ්‍ය නැහැ. (නදී)
ලංකා තිලකුත් විදෙස් රැකියා දෙකක් කරලා දෙවතාවකදී මේ රටට විදෙස් විනිමය ගෙනා හාදයෙක් තමයි මහත්තුරුනේ.. මම කිව්වේ දුක් මහන්සියෙන් විදෙස්ගතව රැකියා කරලා තම දරු පවුල් නඩත්තු කරවන අය ගැන නෙමෙයි. ඒ මිනිස්සු තමන් උපන් රටට ආදරෙයි. මම කිව්වේ ධනවාදී බටහිර රටවල් වලට වෙලා මේ රටට කොහොම කොයි විදියෙන් විනාශ කරනවද කියල හිත හිත නින්දට යන අපේ මේ කළු සුද්දෝ ගැන. වෙන අය තොප්පි දාගන්න අවශ්‍ය නැහැ. (නදී)
ලංකා තිලක් ඔබට කවදාවත් සුව නොවෙන ලෙඩක් තිබෙනවා. හීනමානය බොහොම භයානකයි. තමන්ට නැති දේ අනුන්ට තිබෙනවා නම් ඒ මිනිහා පිටරට කළු සුද්දෙක්. රටට වින කරන බහුතරයක් ඉන්නේ ඔය භූමිපුත්‍ර වේශයෙන් ලංකාවේ බින්න බැහැගෙන. ඒ මොකද පිටරටවල ඔය සෙල්ලම් දාන්න බැහැ. ඔන්න ඔය ටික ඔබ තුමා තේරුම් ගන්න. (නදී)
නිකම් බොරු කියන්න එපා. ලංකා තිලක්. පිටරට ගිහිල්ල හරි කවුරු හරි හම්බ කරගෙන බඩට කනවා නම් ඔහේට පුදුම ඉරිසියාවක් තියෙන්නේ. ඒක දේශප්‍රේමයේ මුවාවෙන් වෙනත් විදියකට මෙතන ලියනවා. මම නම් ඉන්නේ ලංකාවේ. ඒත් මෙහෙම කුහක කම් නම් මට පේන්න බැහැ. පිටරට උදවිය නෙවෙයි ලංකාවේ කෙනෙක් කාල ඇඳලා හිටියත් ඔහේ වගේ කුහකයෝන්ට හිතට හරි නැහැ. (නදී)
ලංකා තිලක් ගේ පහත් පෙලේ කුහක කම නම් කවදාවත් නැති වෙන්නේ නැහැ. ඕක රටට තියෙන ආදරය නෙවෙයි තිලක්. හෙට අනිද්දට තමන්ගේ කඩේ යන අප්පු තනතුරත් තමන්ට නැති වේය කියන බය නිසා ඇති වුන තත්වයක්. වහාම ගිහින් හිස කුඩිච්චියක් දාගන්න. (නදී)
කියන දෙයක් පැහැදිලිව කෙලින් කියන්න ලංකා තිලක්. නිකන් වටින් පිටින් රබන් ගහන්නේ නැතිව. තිත්ත ඇත්ත තමයි ඔබට පිටරට ඉන්න කිසිම ලාංකිකයෙක් පෙන්නන්න බැහැ. ඔබ ඔය කියන භුමි පුත්‍රයන්ගේ ළමයින් ඔක්කොම මෙන්න මෙහෙ විශ්ව විද්‍යාල වල ඉගෙන ගන්නවා. ඇවිත් බලන්න කළු සුද්දෝ කවුද කියල. (නදී)
එතකොට පාර්ලිමේන්තුව ඇතුලු අනෙකුත් පලාත් පාලන ආයතන වල ඉන්නේ උපරිම දෙපාරක් ඡන්දය ඉල්ලලා පත්වුනු අයද. විපක්ෂ නායකතුමාත් මහ මැතිවරණයට ඉදිරිපත් උනේ දෙපාරද? අපි එ.ජ.පට ඡන්දය නොදෙන්නේ එහි නායකත්වය ඇතුලු බහුතරය ඉදිරිපත් කරන්නා වූ මෝඩ බොළද ඔවැනි අදහස් නිසයි. කියන යමක් තාර්කිකව ඉදිරිපත් කරන්න (නදී)
මමත් ලංකාවේ රැකියාවක් කරලා විශ්‍රාම අරගෙන පිටරට ඉන්න දරුවන් ලඟට වෙලා සතුටින් ඉන්නවා. රජයේ සේවයේ ,අවුරුදු ගානක් තිස්සේ වටිනා වෘත්තියක් කරලයි රටින් පිට වුනේ දරුවන් ගේ සතුට වෙනුවෙන්. පිටරට ජීවත් වෙන ලාංකිකයන් ගැන සමහර අයගේ අර්ථ කථන හරිම පටුයි. (නදී)
ජනිත් මහත්තය කාල ඇදල ඉන්නවා මට පේනවද ඔබතුමාට ඉරිසියා කරන්න. මගේ අදහස මම කිව්වේ. මේ ලංකා තිලක් කන බත්පත් අනුන්ට දීල සතුටින් බඩගින්නේ ඉන්න පුළුවන් එහෙම කරන කෙනෙක්. කාටවත් ඉරිසියා කරන කෙනෙක් නෙමෙයි. ඉරිසියා කරන කට්ටිය තමයි ඔය අනුන්ගේ බත් පිගන් දිහා කි පාරක් බෙදා ගන්නවාද කියල කට ඇරගෙන ඇස් උඩ තියාගෙන බලන් හුල්ලන්නේ. අපිනම් බඩගිනි එකාට බඩ පිරෙන්න තව බෙදනවා මිසක් ඌට කන්න පුළුවන් අනේ එහෙම අපිට කන්න බැහැ කියල හුල්ලන්නේ නැහැ. (නදී)
ජනිත් මල්ලි,කළු මල්ලි, නියම අදහස් දෙක. කියලා වැඩක් නැහැ.(නදී)
ලංකා තිලක් මෝඩයෙක් වගේ හැසිරෙන්ඩත් එපා. පිස්සු බල්ලෙක් වගේ උඩු බුරන්ඩත් එපා. ඔබලා වැනි අය කරන්නේ ජනාදිපතිතුමාට අගතියක්. පිට රට අපි වැඩ කරන්නේ ආසාවට නෙවේ, අපිත් ලංකාවේ පුරවැසියෝ ආණ්ඩු පක්ෂයේ අය පිටරට ඉන්න ලාංකිකකින්ට සලකන්නේ නොහොබිනා ආකාරට නම් අපිට පුළුවන් අපේ ඡන්දත් වෙන කාට හරි දෙන්ඩ කියන්ඩ. එතකොට තේරේවි පිටරට වැඩ කරන මිනිසුන්ගේ වටිනා කම. (නදී)
ලංකාවේ ? (නදී)
තිලක්ගේ කතාවට මමත් විරුද්ධත්වය ප්‍රකාශ කරනවා (නි)
අපිටත් දැනෙන්නේ ලංකා තිලක්ට මෙතන මොන පුවත දැම්මත් පිටරටවල ඉන්න කට්ටිය ඈඳා ගන්නේ නැතුව කිසිම ස්වාධීන අදහසක් ලියන්න බැහැ. කට ඇරියොත් තුන්ලෝකෙම ඉන්න මිනිසුන්ට බැනගත්ත ගමන්. ඒකෙන් වෙන්නේ යම් පුවතක් ගැන තමන්ගේ අදහස් අනිත් මිනිසුන්ට හිතට යනවාට වැඩිය තිලක්ට අනිත් කට්ටිය දොස් කියන එක. දැන් මෙතන වෙලා තියෙන්නෙත් ඒකයි. (නි)
මේ ලංකා තිලක්, මගේ උගත්කමට සුදුසු රැකියාවක්, උසස්වීම් සාධාරණ විදියට ලැබුනා නම්, මගේ පවුලේ අයට යුතුකම් ඉෂ්ට කරන්න හරිහමන් ආදායමක් ලැබුනා නම්, මගේ දරුවාට ආදි ශිෂ්‍යකම සළකළාවත් මගේ පාසල ලැබුනා නම්, මම පිටරට යන්නේ නැහැ. අපි පිටරට ගියේ ඇඟේපතේ අමාරුවට නෙමෙයි. ගියෙත් නීත්‍යානුකුල. අදටත් අපි අවුරුද්දකට වරක් ලංකාවට ඇවිල්ලා නිහඬ සමාජ සේවයක් කරනවා. හැබැයි පන් මලු අරගෙන කඩේ යන එක නම් කරන්නේ නැහැ. කරුණාකර පරිස්සමින් කතා කරන්න. (නි)
රටේ යුද්ධයක් තිබිලා ඒකත් අවසන්වෙලා දැන් රට සංවර්ධනය කරන නිසාද ජනාධිපතිතුමාට බනින්නේ? කොහොමත් අපි දිනනවා. බයවෙන්න එපා (නි)
අනේ මන්දා මේවා! (නි)
ලංකා තිලක්, මිනිස්සු තමන්ගේ මවුරට දාලා රැකියාවකට පිටරට යන්නේ මොකක්හරි වැදගත් හේතුවක් නිසා. එහෙම ගිය අයට කළු සුද්දන්ගෙයි දේශද්‍රෝහින්ගෙයි ලේබලය අලවන්න ගිහින් තමන්ගේ මෝඩකම ප්‍රදර්ශනය කරන්න එපා. (නි)
ලංකා තිලක්තුමා, මට ලංකාවේ දරු පවුල නඩත්තු කරගෙන, මව්පියන්ට සළකාගෙන, අවිවාහක නංගිට දෑවැද්දක් එකතු කරගන්න සෑහෙන රස්සවක් සොයා දෙන්නකෝ. එතකොට මම ඔබේ ඔය පක්ෂයට එකතුවෙන්න ලංකාවට එන්නම්. (නි)
රුවන් කියන්නෙත් වෙනත් නමකින් අදහස් දමන කඩේ යන බන්දුලම වෙන්න ඕනෑ. තුන්වැනි වර එන්න බැහැ කිව්වේ බයට නොව, ඒක නීතිවිරෝධී නිසයි. (නි)
පිටරට ඉන්න ලාංකිකයන්ට දෙහි කපමින් තමන්ගේ අඩුපාඩු වහගන්න බැහැ. ලංකාවේ බොහෝ පවුල් වල කවුරුන් හෝ පිටරට. ඒ මිනිසුන්ට කළු සුද්දන් කියලා කාඩ් ගහලා මෙතන නටන්නේ ලැබෙන්න තිබෙනදේත් නැති කරගන්නම තමයි. (නි)
ආශාවෙන් පැතූ සියල්ල වේදනාවෙන් නිමා වේ (නි)
ජනිත් හරි. මෙතන තියෙන්නේ දේශපාලන ආකල්ප වලින් ඔබ්බට ගිය, යම් මිනිසුන් කොට්ඨාශයක් කෙරෙහි ඇති වෙනත් පුද්ගලික අප්‍රසන්නතාවයක්. (නි)
මට පේන්නෙත් ජනිත්ගේ කතාව හරි. (නි)
මේ කතාව සාධාරණයි කියලා මට හිතෙනවා (නි)
මට පෙනෙන්නේ හොඳ නෑමක් බන්දුල අද මෙතන නානවා. (නි)
අපි මේවා ගැන කලබල වෙන්න අවශ්‍ය නැහැ (නි)
අනේ මෙහෙමත් ලැජ්ජා නැතිකමක්! (නි)
දැන් අර කතාව තමයි. කෙටියෙන් කියන්න වෙන්නේ. දවසක් අඹුසැමි යුවලක් ගඟකින් එතෙරවෙන විට, අඹුව ගසාගෙන යනවලු. මේක දැකපු කපටි ස්ත්‍රී ලෝලියෙක්, ගඟට පැනල සැමියාගේත් උදව්වෙන් අඹුව බෙරගන්නවලු. ඊට පස්සේ මේ කපටි මිනිසා මම තනියමයි අඹුව බේරාගත්තේ කියාලා, කාන්තාව ඔහුගේ අඹු කමට ඉල්ලනවලු. දැන් මේ සැමියා ගන්න තීරණේ ? (නදී)
මොකද? ඇත්ත තිත්තද? ලැජ්ජද? බයද? නිවටකමද? පින්ගුත්තරයෝ ඔහොම තමයි. ඔබලාට ගොඩක් පින්. අර බල්ලවත් මතක් කලා කියන්න. (නදී)
ලංකා තිලක් (බන්දුල පෙරේරා) ඔයා ඔය පිටරට ගියා කියලා කිව්වට ඔයා පිටරට ගියෙත් එවකට හිටපු විදෙස් නිලදාරීන්ට පින්සිද්ද වෙන්න යූ එන් එකට අපේ හමුදාවෙන් කට්ටිය ගන්න හදලා දුන්නු නිසා මිසක් ඔයාගේ ඇති දැන උගත් කමකට නෙවෙයි. කන්ඩ දීපු අත හපන්නේ කව්ද කියලා ඔබතුමා දන්නවානේ. (නදී)
හිටපු අග විනිසුරුගේ සමාවෙන්න සමාවෙන්න කතාවෙන්ම පේනවා දෙවරකට වඩා කන්න හදන එකේ තේරුම. දැන ගත්තොත් ඔබ මා. (නදී)
කළු සුද්දෝ ටික වයින් වෙලා සටනට බැහැලා. මෙයාලගේ හැම සටනක්ම ඔහොම තමයි. අන්තර්ජාලයෙන් පමණයි. අඩුම ගානේ මේ රටේ ඡන්ද හිමිකමවත් නැති, තිබුනත් එ්ක පාවිච්චිකරන්නෙත් නැති කට්ටිය තමයි ඉන්ටෙර්නෙට් එකෙන් ආණ්ඩු පෙරලන්න හදන්නේ (නදී)
කරුණාකර ස්වාදීනව හිතන්ඩ පුරුදු වෙන්න. අපි සැම ලාංකිකයෝ. ඒ ඇරත් වැඩි දෙනෙකුට අවශ්‍ය සාදාරන හොර මැරකම් අඩු සමාජයක්. අපි ගරු ජනාදිපති තුමාට කැමතායි එහෙත් හොරුන්ට ,බොරුවට , වංචාවට ඉඩ දෙන්ඩ බෑ. විදේශ රටවල සේවය කරන අයටත් වාහන පර්මිට් එකක්වත් දෙන්ඩ. ඔයාලත් බෙදාගෙන කන්ඩ, අපිටත් සොච්චමක් දෙන්ඩ. (නදී)
කාට කාටත් සොබාදහමට පිටින් යන්න බැහැ. අපි නිහඩව බල ඉදිමු මේ නොමැරෙන මිනිස්සු දිහා (නදී)
ලංකා තිලක් මහත්මයා කලබලවෙන්න එපා. සමහරු ඔබේ අදහස වැරදියට තේරුම් අරන් වගේ. මම හිතන්නේ ඔබ කියන්නේ පිටරටවල් වලට වෙලා අපේ මව් බිමට වින කරන්න බලාගෙන ඉන්න, රටට ආදරේ නැති උදවිය ගැන වෙන්න ඇති. මමත් ඉන්නේ රට. අපිට ඕනේ රටට ආදරය කරන ජනතාව ගැන හිතන නායකයෙක්. පුවත්පත් රුපවාහිනී හැමදාම නැරඹුවොත් අපිට හොඳින් තේරෙනවා ජනතාව සමග ඉන්න, රට සංවර්දනය කරන්න ඕනෑකම තියන නායකයා කව්ද කියලා. මම කියන්නේ පහුගිය කාලය මුළුල්ලේම. (නදී)
ඔය කවුරු කවුරුත් කෑගහන්නේ අනිත් පැත්තේ අය කනවා දැකල ඉරිසියාවට. එයාලට කන්න හම්බ වුනදාට එයාලත් ඔය විදිහ තමයි. කරුණාකරලා රණ්ඩු නොවී සමගියෙන් "රට" කන්න (නදී)
ජනපතිවරණයක් තියල මිනිස්සු දිනුවා කියන්නේ පොට්ටයෝ විතරයි. රටේ අවාසනාවට ඇත්ත පේන්නේ බොරු විදියට. කෑගහන කට්ටිය හෙට කන්න තියෙන්නේ මොනවද කියල දන්නවද (නදී)
රෝහණ මහතා වෙත, මම බන්දුල නොව රුවන්ම තමා. මම මෙහි අදහස් ලියන්න අරගෙන අදට වසර තුනක් වෙනවා. නමුත් පළමු කොමෙන්ට් එක පළවුණේ නැහැ. ලංකාවේ ඕනෑම වියවස්තාවක් වෙනස්කරන්න පුළුවන් පාර්ලිමේන්තුවේ 2/3ක බලයක් තියනවා නම්. එම බලය යොදවල විධායක ජනපතිට ඕනෑම අවස්තාවක ජනපතිවෙන්න පුළුවන් විදිහට වියවස්ථාව වෙනස්කළා. එහි කිසිම ප්‍රශ්නයක් නැහැ තිබෙන්නේ විපක්ෂයට බය විතරයි. මම උසස් පෙළට කෙරුවෙත් පොලිටිකල් ඔබතුමා නොදන්නා දේවල් කතාකරන්න එපා. (නදී)
රටක දියුණුවට දීර්ග කාලින සැලසුම්, මාධ්‍ය කාලින සැලසුම් සහ කෙටි කාලින සැලසුම් කියල තුන් වර්ගයක සංවර්ධන සැලසුම් තිබිය යුතුය. බොහෝවිට සංවර්ධිත රටවල පාලකයන්, පක්ෂ මාරුවුවත් ඔවුන්ගේ ප්‍රධාන සැලසුම් වල වෙනසක් නැහැ. එ්ක නිසා එම රටවලට පාලකයන්ගේ පාලන කාල සීමාකළ හැකි නමුත් ලංකාව වැනි තුන්වන ලෝකයේ රටවල පාලකයන් මාරු වූ විට ඔවුන්ගේ සියලු සැලසුම් වෙනස් වේ. එවිට සමහර මාධ්‍ය කාලින සැලසුම් සහ සියලු දීර්ග කාලින සැලසුම් මුළුමනින්ම අඩපන වේ. එබැවින් අප වැනි රටක දියුණුවට දීර්ඝ කාලින පාලනයක් අවශ්‍ය වේ. මෙයට හොඳම උදාහරණ ලෙස සිංගප්පුරුව සහ තායිලන්තය ගත හැක. (නදී)
පිටරට ඉන්න මිනිස්සු ගැන කතා කරන්න කලින් ලංකාවේ ඉන්න කට්ටිය මොකද කරන්නේ කියල හොයල බලන්න ලංකා තිලක්. හරියට ලංකාවේ කිසිම දේශ ද්‍රෝහී කමක් කෙරෙන්නේ නැහැ වගේ. ඔයා කඩේ යන තැනත් හොඳට බලන්න. අනුන් ගෙවල් වලට එබෙන්නේ නැතිව. (නදී)
ජෝන්ගේ වලිගෙ පෑගිලා. ඕක කැඩුනොත් විනාශයි. ඔබ තුමාගේ අනන්‍යතාව අහිමි වෙනවා. අන්තිමට ඒකටත් මම වැරදිකාරයෙක් වේවි. (නදී)
මනෝජ් මෙතන වරදවා තේරුම් ගන්න දෙයක් නැහැ. මුල සිටම ලංකා තිලක් හෙවත් බන්දුල පෙරේරා ගේ ප්‍රතිචාර කියෙව්වා නම් තේරේවි. මෙතන තියෙන්නේ පිටරට ඉන්න ලාංකිකයන් එක්ක පොදුවේ තරහක්. පසු ගිය කාලයේ මුළු තුන් ලෝකයේම බවලතුන් එක්කත් ඔය වගේ තරහක් පිට කළා. දැන් බලන්න මෙතන වෙනදා ලියපු කාන්තාවන් ගෙන් කී දෙනෙක්ද තවමත් ලියන්නේ. මේ මනුස්සයාගේ නොහොබිනා කතා නිසා බහුතරයක් පැත්තකට වෙලා. ලියපු ගමන් නැහැදිච්ච වචනයක් කියල පහර දෙනවා. මේවා මනෝජ්ට තේරුනේ නැති වුනා ට මෙතන කාලයක් තිස්සේ හිටිය පාඨකයන්ට තේරෙනවා. (නදී)
මෙතන තර්ජන කරන අයත් ඉන්නවා වගේ. මොකද මෙච්චර මේ පිටරට ඉඳන් මෙතන ලියන අයට ලංකා තිලක් බුරන්නේ. මම නම් ඉන්නේ ලංකාවේ. ඒත් සාධාරණ හේතුවක් නැතිව ඒ මිනිස්සුන්ට මෙතන තමන්ගේ අදහසක් ලියන්න අවහිර කරමින් නොයෙකුත් නම් වලින් අපහාස කිරීම ලංකා තිලක්ගේ නුගත් කම ප්‍රදර්ශනය කිරීමක්. අනුන්ට වයින් බොන කළු සුද්දා කියමින් තමන් අමුඩ කෙටියත් ගලවාගෙන පිස්සු නටන්න එපා. (නදී)
අපිට තේරෙනවා සමහර පින්ගුත්තරයන්ට තමන් කඩේ යන තැනට කඩේ යන්නේ නැති ඕනෑම කෙනෙක් අන්තර් ජාලයේ ආණ්ඩු පෙරලන්නෙක් තමයි. (නදී)
මේ ලංකා තිලක් , දැන් මෙතන උදේ පාන්දර එක මැටිමෝල් කතාවක් කියල පිටරටවල ඉන්න දේශපාලන අදහස් මෙතන නොලියන මධ්‍යස්ත මිනිස්සු ටිකත් අවුස්සා ගත්තා. දැන් ඔන්න තව මොන්ගල් කතාවක්. අන්තර් ජාලයෙන් ආණ්ඩු පෙරලනවා. ඇත්තට ඔබේ මොලේ හොඳ නැද්ද ? මොන්ටිසෝරි පන්තියේ . ළමයෙක් මට ගහන්න එනවා කියල පැමිණිලි කරනවා වගේ මෙතන හැසිරෙන්නේ. දැන් වයස හැටත් පැනලා නේද , වයසේ හැටියටවත් මෙතන විහිළුවක් නොවී ඉන්නවාකෝ. (නදී)
ළදරු පාසල්වලත් මේ වගේ සුරංගනා කතා කොතෙකුත් ඇහෙනවා. අනේ මන්දා මටනම් මේවා දකිද්දී දුක හිතෙනවා මා ගැනම. (නදී)
අනේ මන්දා, මම නම් දන්නා සරල ගමේ යථාර්තය ලජ්ජා නොවී තුන් හතර පාරක් හරි බෙදාගෙන බඩට ඇති වෙන්න කන එක. හැබැයි ඉතින් එහෙම වෙන්න බෙදාගන්න තියෙන තැනකුත් වෙන්න ඕනා. නැත්නම් ඉතින් බෙදා ගනිල්ල කොහොම වෙතත් ලෙවකාල පිගාන බදාගෙන හුල්ලන්න තමයි වෙන්නේ. (නදී)
ලංකා තිලක් මහත්තයෝ, මම කාගෙවත් අනන්‍යතාවය හෙළිකරෙත් නැහැ එහෙම කරන්න මම හැකරයෙකුත් නෙවෙයි. ඔබතුමාම මේ තීරයට දාපු කරුණුව ලින් මම කියන්නේ. (සමහරුන්ට පම්පෝරි ගහන්න ගියාම උතුර දකුණ අමතක වෙන එකට අපි මොනවා කරන්නද?) (නදී)
විධායක ජනාධිපති දුරය අහෝසි කරනවා කියා එමගින් බලයට පත්ව පසුව ව්‍යවස්ථාවත් වෙනස් කර දිගටම බලයේ ඉන්න එක මගේ අදහසේ හැටියට නඩු දමන්න පුළුවන් වරදක්. ලජ්ජා වෙන්න ඕනා. (නදී)
මේ, අර ව්‍යවස්ථාව කියල මහ ලොකුවට කියල පොත් අච්චු ගහන්න වියදම් කල මුදල් අපරාදෙනේ. කඩල කාරයින්ට ගොටු හදන්න විකුණුව නම් එකෙන් ගානක් හොයාගන්න තිබුනා. බන්දුල පෙරේරලා වගේ අය නම් කාලා ගොට්ටත් ලෙවකන ජාතිය. (නදී)
මෙරිල් මහත්තයට 60 පැනල ඔය මුලග්ගාය හැදුනට මට කරන්න දෙයක් නැහැ. මම තාම 40 දශකේ තරුණ කොල්ලෙක්. මේ තීරුව දිහා බැලුවම අන්තර්ජාලෙන් ආණ්ඩු පෙරලන අය විතරක් නෙමෙයි ආණ්ඩුවෙන් අන්තර්ජාලය පෙරලන කට්ටියත් ඉන්නවා. ඔය අමාරුවට බේතක් ගන්න. ඕවා ඔය වයසට හැදෙන ලෙඩ. (නදී)
නෙරන්ජ තිරාණගම, ඔයා ලංකාවට එනකොට පාරවල් හොඳට තියෙනවා නම් තව මොනවද නේද? වකුගඩු ලෙඩ, කුඩු උවදුරු , නීතියක් නැති කම ඕවා මොනවද ලංකාවේ ඉන්නේ ඔයාට වඩා පහල ලෙවෙල් එකක මිනිස්සුනේ. අනේද කියන්නේ? (නදී)
අනේ ඉසුරන්දි ඔයාට ගොඩක් දුකද?අනේ පව් ඔයාට? (නදී)
පෙරැත්ත කර කර තව තව බෙදාගන්න කියන මෝඩයෝ දැන් ලංකාවේ නැහැ. අපි ඉන්නෙත් බෙදා ගන්න එනකම් තමයි සලකන්න. වැදගත් විදිහට අර නෝනා ගෙදර ගියා වගේ නම් ගෙදර යන්න ලැබෙන්නේ නැහැ. බන්දුල පෙරේරා මම කිව්වා කියල ලියල තියා ගන්න දිනයත් එක්කම. මේක ලංකාව. (නදී)
ඉතින් මෙරිල් හරිනේ. ලංකා තිලක් 40 දශකයේ නම් අර කඩවුන පොරොන්දුවේ මනප්පුවාගේ වයසේ . අපොයි දැන් එතකොට 70 ත් පැනලා. (නදී)
රුවන් මහතාගේ තමා පිළිබඳව උදම් ඇනීම ගැන පුදුම නොවෙමි. එසේ නම් අපි බලා ඉඳිමු මොකද වෙන්නේ කියලා (නදී)
නන්ද මහත්තයා ලන්කාවට ලගකදී ඇවිත් තියෙනවද? පොඩි පොඩි අඩුපාඩු තිබුනට ඔය මහත්තයා කියන විදියේ රටක් නම් මෙහෙ නැහැ.. මොකද අපි මේ රටේ ඉන්න අය නිසා කියන්නේ. ඔබ තුමා ඇවිත් බලන්න. බලල කතා කරන්න. නීතියක් කඩ කරලා බලන්න. නීතියක් නැද්ද කියලා. ඔයා නම් නියම කළු සුද්දෙක්. (නදී)
බන්දුල පෙරේරා කවුද කියන්නේ මේ රටේ නීතියක් නැහැ කියල. නිතිය තියනවා නිසි ලෙස ක්‍රියාත්මක වෙන්නේ නැහැ. අර ඔර්ජිනල් පිස්තෝල සෙල්ලම් පිස්තෝල වෙනවා වගේ තේරුනාද? ව්‍යවස්ථාව තියනවා, ක්‍රියාත්මක වෙන්නේ කණපිටට. ඔබගේ මොලේ හැටියට මේවා හරි වගේ දැනෙනවා ඇති. අපිට නම් පේන්නේ මේවා වැරදි විදිහට. සමහර විට ඔබ තුමා හා අපි කන කෑම වර්ගයේ වෙනසට වෙන්න ඇති ඒ විදිහට දැනෙන්නේ. (නදී)
මට නම් හිතෙන්නේ ඔය කියන නීතිය වෙනස් වෙන්න ඔනේ ජනතාව දෙපාරක් පරද්දපු කෙනෙකුට නැවත ඉල්ලන්න අයිතියක් නෑ කියලයි. (නදී)
ප්‍රියනාත් මහත්තයෝ, ඔයා කියන විදියට එහෙනම් මේ රටේ උසාවි වහල කලුකෝට් කාරයින් රස්සාවල් නැතුව පාරක් පාරක් ගානේ හිගාකන්න ඕනා. ඕන එකෙකුට ඕන දෙයක් කරගන්න දීල පොලිසි වහල පොලිස්කාරයෝ පැන්ෂන් දීල ගෙවල් වලට යවල තියෙන්න ඕනා. අනේ අපිට නම් එහෙම මොකුත් පේන්නේ නැහැ. හෙල්මට් එකක් නැතුව ගියත් අපිනම් උසාවියේ තමයි නතර වෙන්නේ. ඔයා ඇත්තටම ලංකාවේද ඉන්නේ. (නදී)
ටිකිරි බණ්ඩා කියන මුසාවාද..මේක ලංකාවලු..මන්හිතන්නේ මේ ඉන්දියන් සාගරෙන් පිට තවත් ලංකාවක් තියෙනවා ටිකිරි බණ්ඩා ඉන්න.. හරි හරි ඔබ තුමාට ඕන කෙනා ඔහේ බලේට පත් කරවා ගන්න බැරිනම් ඕන දෙයක් කරගන්න.. අපි මෙහේ බලාගන්නම්. (නදී)
කොහොමත් හැම් බේකන් කන කට්ටියට ඔහොම දේවල් හිතෙනවා. ඕක කෑමේ වැරැද්ද තමයි. අපේ ජිවිත කාලේ නම් අපි දැකපු හොදින්ම නිතිය ක්‍රියාත්මක වන යුගය තමයි මේ. අපි කැලෑ නිතිය දැකපු අය. ඒ හින්ද අපි වෙනස දන්නවා. ඔබ තුමා ඒ දවස් වල මව් කුසේ වෙන්න ඇති. ඒකයි වෙනස නොපෙනෙන්නේ (නදී)
කියමනක් තියෙනවා සිතින් දිළින්දෝ භාග්‍යවන්තයෝය කියලා. ඒක ගැලපෙන කීප දෙනෙක් දිගට දිගට ලියනවා. අපිටත් එහෙම වාසනාවක් තිබුන නම්... දැක්ක නොදැක්ක වගේ ඉන්ට. (නදී)
ඇර සුමනෝ කිව්වලු, වැඩේ නැගලම යනවා. මම ටිකක් ප්‍රමාද උනා. දැන් මෙහෙමනේ, මිනිස්සු බලෙන් කෑම බෙදනවා නම් මොනවා කරන්නද. මේ අවස්ථාවේ ප්‍රතික්ෂේප කරන්න බැහැ. කොහොම හරි කන්න ඕනේ බෙදපු ටික. 77 පොල් පිත්තක් තිබ්බත් ආවට අනේ දැන් නම් ඒ මෝඩයෝ නැහැ. (නදී)
බන්දුල පෙරේරා "ආණ්‌ඩුවේ රෙදි ගලවන මීගමුවේ පිනුම් ගහන දේශපාලන ගෝඩ් ෆාදර්ලා..... කියන" අද පුවත් පතක පල වෙලා තිබෙන ලිපිය කියවන්න. ලංකාවේ නීතියක් කියල දෙයක් තියෙනවද? ඒ කව්රුන් ආරක්ෂා කිරීම වෙනුවෙන්ද කියල පැහැදිලි චිත්‍රයක් මැවිලා පෙනේවි. (නදී)
"කම්හලේ ජීවත් වෙන බල්ලට "හෙන" නෙමෙයි "හෙන හතක්" එක පිට ගැහැව්වත් දන්නේ, දැනෙන්නේ නැතිලු. ඒ වගේ තමයි ලංකාවේ ජීවත් වෙන බන්දුල පෙරේරා කියන මනුස්සයත්. මොන නැකතක ඉපදුන මනුස්සයෙක්ද මන්ද සත්තකින්ම. (නදී)
ටිකිරි බණ්ඩාර, මම ඒ ලිපිය බැලුවා. ඒ පුද්ගලයා ගැන මම කලිනුත් මේ තීරුවේ අදහස් දාලා තියෙනවා.අපි කාට චෝදනා කළත් වැඩක් නැහැ ඒවා ඔප්පු කරන්න ඕනෑ. (නි)
මම නම් මේ කතාවට විරුද්ධයි (නි)
මට තේරෙන එක දෙයක් තියෙනවා. විදේශ වල ඉන්න අපි සියල්ල අන්තර් ජාලය හරහා එකමුතු වෙමු. අපේ ඉල්ලීම් ඉදිරිපත් කරමු අද සිට, ඉල්ලීම් වලට ප්‍රතිචාර දක්වන ආකාරයට අපේ ගෙවල් වල අයට කියමු ඡන්දෙ පාවිච්චි කරන ආකාරය. 1 රටේ නීතිය සහ සහ සාදාරණත්වය ගොඩ නගන්ඩ. විදේශ සේවයේ නියුතු අයට වාහනයක් ගෙන්වීම සඳහා බදු රහිත බලපත්‍රයක් නිකුත් කරන්ඩ. මේක ඉටුවෙනවා නම් පාරක් ඉල්ලුවට කමක් නැහැ. අපේ ඡන්දෙ ගරු ඔබ තුමාට නැත්නම් වෙන කෙනෙකුට. රනිල් මහත්තයාගෙන් පිළිතුරක් බලාපොරොත්තු වෙමු. (නදී)
බොහෝ දෙනෙකුගේ ප්‍රතිචර දුටුවිට දුකක් ඇතිවෙනවා (නි)
චානක මහත්තයෝ, ඔබ මොන රට ගැන කතා කරනවද මම දන්නේ නැහැ. නමුත් මම ලියපු රටවල් දෙකේම මම කරක් ගහලා තිබෙනවා. ලී කුවන් යු ජනාධිපතිතුමාට මිනිස්සු තවමත් ආදරෙයි.වරක් ඇමෙරිකානු ජනාධිපතිවරයෙක් සමච්චලයට නැඟූ ප්‍රශ්නයකට,එතුමා පිළිතුරු දුන්නේ කන්දෙකේ ඇඟිලි ගහගන්න. (නි)
දැන් ගම දියුණුයි.උත්සවයක් තියනකොට හෝ විශේෂ දෙයක් තියනකොට කට්ටියට කෑම කන්න දැන් මේස වටේ ඉඳගන්නේ නැහැ දැන්. එහෙම තැන්වලත් බුෆේ එකක් තමයි සූදානම් කරන්නේ.ඒකෙන් ටිකටික බෙදාගෙන කනවා.ඇතිනම් නතරකරනවා. (නි)
බලමුකෝ එහෙනම් මේ කියන විදියටවත් කරලා (නි)
අනේ අනිච්චන්! මේ රටේ කොන්ද පන ඇති විපක්ෂයක් නැති හැටි. ලැජ්ජයි (නි)
"අපේ ජිවිත කාලේ නම් අපි දැකපු හොදින්ම නිතිය ක්‍රියාත්මක වන යුගය තමයි මේ." ඔව් ඔව් ඊයේ ඉපදුන අයට හොදින්ම නීතිය ක්‍රියාත්මත වන බව පෙනෙනවා. (නදී)
ටිකිරි බණ්ඩා ඔය බන්දුල ලත් අර අපි කියන බඩ ගොස්තර වාදියෝ. මේ ගොල්ල කියවන්නේ මේ රජයට ජයවේවා කියන පත්තර විතරයි (නදී)
"බන්දුල පෙරේරා කියන මනුස්සයත්. මොන නැකතක ඉපදුන මනුස්සයෙක්ද මන්ද" (නදී)
ටිකිරි බන්ඩෝ.. ඔබ තුමා කියන ලිපිය ඔබතුමාටත් කලින් බැලුව.මේ වගේ ගැටළු වලට විසදුම් ගන්න තමයි රටක විපක්ෂයක් ඉන්නේ,, පොලිසිය නිතිය ක්‍රියාත්මක කරන ආයතන නිදිනම් ඔවුන් අවදි කරවල සාක්ෂි ඇතුව චෝදනා ඉදිරිපත් කරවල ඔප්පු කරවල දුෂිතයන් සමාජය ඉදිරියේ නිරුවත් කරවීම විපක්ෂය සතු කාර්ය භාරයක්.. එක අපිට කරන්න බැහැ.අපේ විපක්ෂය ඒ වෙනුවට කාරන්නේ රත්තරන් සාප්පු මංකොල්ල කාපු ලෝක හොරුන්ව ආරක්ෂා කරන එකනේ.ඉතින් කොහොමද වෙන කෙනෙකුට ඇගිල්ල දික්කරන්නේ....ඔය පුද්ගලයා ගැන මම මේ තිරුවේම විවේචන එල්ල කරලා තියෙනවා එස් ටි එෆ් සිද්ධියේදී.. (ස)
දේශපාලනය කියන්නේ රජකම නොවෙයි. (ස)
මැලේසියාව සිංගප්පූරුව ආදී රටවල් දියුණුවුණේ එකම රාජ්‍ය නායකයෙක් අවුරුදු ගණනක් රට කරවූ නිසා . (ස)
.ඔය පුද්ගලයා ගැන මම මේ තිරුවේම විවේචන එල්ල කරලා තියෙනවා එස් ටි එෆ් සිද්ධියේදී..බන්දුල පෙරේරා . "මල්ලි කිසිදේකට බය වෙන්න එපා"... කියල හවස වෙනකොට එස් ටි එෆ් 150 දෙනාම මාරු කරලා දැම්ම.එකද රටේ නීතිය කියල කියන්නේ?අපි කාට අයිති රටකද අපේ දරුවන් සමග ජීවත් වෙන්න සිද්ද වෙලා තියෙන්නේ.අපේ කරුමෙද?රටේ කරුමෙද?(අ)
"දුෂිතයන් සමාජය ඉදිරියේ නිරුවත් කරවීම".... කතා කරන්න එපා.මතකනේ මන්දනා නෝනට සිද්ද වුන දේ.දුෂිතයන්ගේ ලිපි ගොනු,ලැප්ටොප් හොයන්න ඇවිත් දුරකතනයෙන් සම්බන්ද වෙමින් පැය ගානක් හෙව්වා.ඒ හොරුන් අතටම අල්ලලත් දුන්න.අන්තිමට මන්දනා නෝනත් නැහැ.හොරුත් නැහැ. (ස)
කරුණාජීව, කෑම බෙදාගන්න බැරුව 28 පාරක් කෑම මේසේ වටේ යනවා කියන්නෙත් ලජ්ජා නැති වැඩක් තමයි...තමුන්ට බෙදා ගන්න බැරිනම් පුළුවන් මනුස්සයෙකුට ඉඩදීලා අයින් වෙන්න ඕන. (ස)
ඔයාගේ තාත්තත් ගමට පේන්න බුලත්විට කාල හම්බකරපු හම්බකෙරිල්ල දොම්පේ අපි දන්නවා පුතේ.. තාත්ත කිව්වේ ගමේ තරුණයකුට තැන දෙනවා කියලා. (ස)
ඩයස්.දවල් හීන දකින්න එපා.ලංකාවට ඇවිත් කුඩු විකුනන්න වාහන තුන හතරක් නිකන්ම ගන්න ලැබේවි. (ස)
මැලේසියාව සිංගප්පුරුව ආදී රටවල හිටපු නායකන්ට රට දියුණු කිරීමේ සැබෑ අවශ්‍ය තාවයක් තිබුනා ඒ සදහා නියමිත සැලසුම් තිබුනා.(හේ)
මුතූ.ඉස්සර දැන් තරම් තාක්ශනය දියුණු නැති නිසාත් අන්තර්ජාල පහසුකම් නැති නිසාත් රටේ ධනස්කන්දය කොහොම ගසා කෑවද කියල දන්නේ නැහැ.මොනවද ඉතින් අහන්න දෙයක් නැහැ...(අ).
මැලේසියාව ,සිංගප්පුරුව කියන රටවල් අද වෙනකොට දියුණු වේලා ඉහලටම ඇවිත්.ඒ අවංක නායකයන් නිසා.(හේ)
නමුත් ඒ පැත්තේ ඒ වැටලීමට සම්බන්ධ කිසි කෙනෙකුට වුණු අසාධාරණයක් නම් නැහැ.විකුණන එක හරි විදියට සාධාරණව විකුනන්න.. ඒකට හොර කෑලි දාලා වැඩි ලාභයක් ගන්න හදන්නේ නැතුව..(හේ)
ටිකිරි බණ්ඩා කිව්වොත් කියන්නේ අමුලික බොරු..කොහෙද මහත්තයෝ එස් ටි එෆ් එක මාරු කලේ..බොරු කියන කොට ඔය සිදුවීම ගැන දන්නා කට්ටිය මේ තීරුවේ ඉන්නවා කියල අමතක කරන්න එපා. ඒ සිදුවීමේ අපි අනුමත නොකරන පැත්තක් තියෙනවා..නමුත් ඒ පැත්තේ ඒ වැටලීමට සම්බන්ධ කිසි කෙනෙකුට වුනු අසාධාරණයක් නම් නැහැ..විකුණන එක හරි විදියට සාධාරණව විකුනන්න.. ඒකට හොර කැලි දාල වැඩි ලාභයක් ගන්න හදන්නේ නැතුව.(අ).
දනු මහත්තයා අදද සාකච්ඡා මණ්ඩපයට එකතු වුනේ. අයියෝ ඔය කතාව මම දවස් දෙහෙකට කලින් කියපු එකක්නේ. මට පහලින් රස කතා දෙසිය ගානක් ලියලා තියෙනවානේ. ඒවා කියෙව්වේ නැද්ද ? මීට පස්සේ වත් පිළුණු වෙච්ච කොමෙන්ට් වලට උත්තර දෙන්න යන්න එපා. අලුත්, නැවුම් ඒවාට උත්තර දෙන්න. ඔයා මේ සභාවට අලුත් කෙනෙක් වගෙයි. ගානක් නැහැ ටික කලක් යනකොට මෙතන ක්‍රමේ පුරුදු වෙයි. (නදී)
"මැලේසියාව ,සිංගප්පුරුව කියන රටවල් අද වෙනකොට දියුණු වේලා ඉහළටම ඇවිල්ලා.ඒ අවංක නායකයන් නිසා" ඇයි එහෙම කියන්නේ? අපේ අයත් දියුණුකළා එක්තරා ආකාරයකට. බන්දුලලාත් දියුණුවුණා (නි)
මහින්ද අයියා ඒ කලේ ඉදලම පෙරේතයෙක්.