මාසයකුත් දින හතරක් වයසැති දෙබිඩිදරුවන් ඇති දැඩි කිරීමට මොනරාගල තඹානේ මවුපියෝ අපමණ දුකක් විඳිති.මෙනරාගල සිට තඹානට කිලෝමීටර් 32කි. මේ දරුවන්ගේ පියා සී.එම්. ගුණසේකර මහතා (46) ගොවියෙකි. ඒත් හරි ආදායමක් නැත. අගහිඟකම් බොහෝය. පදිංචිව සිටිනුයේ කටුමැටි ගැසූ ගෙයකය. එළිය කුප්පිලාම්පුවෙනි. මව ආර්.එම්.සුමනාවතී (34) මහත්මිය කියනුයේ දරුදෙදෙනාගේ හිස් දෙක පැවැති ආකාර අනුව මව් කිරි දීමට අපහසු බවයි. ඉපැදුනේ කොළඹ ද සොයිසා රෝහලේදීය. දරුවන් වෙන් කළ හැකි දැයි වෛද්‍යවරුන් මෙතෙක් උපදෙස් දී නැත. මේ දෙදෙනාට තවත් දරු දෙදෙනෙක් සිටිති. දෙබිඩිදරුවට තන කිරීදීම අමාරුය. වෛද්‍යවරු ඔවුනට නියමකළ කිරිපිටි වර්ගයේ මිල ද අධිකය. ඔවුන්ගේ ලිපිනය සී.එම්. ගුණසේකර මල්ගස්තලාව, තඹාන,රුවන්වෙල මොනරාගල.
1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අයට උදව් කරනවානම් මෙන්න හොඳ වෙලාව.. (ස)
ගිණුම් අංකය දන්වන්න.. (ස)
ඇයි ඔයාලා මේ වගේ දේවල්වලට සද්දේ නැත්තේ ??? (ස)
කරුණාකර දෙමාපියන්ගේ දුරකතන අංකයක් පළ කරන්න. (නි)
හැකි අයුරින් උදවු කිරීමට ගිණුම් අංකයක් පළ කරන්න. (නි)
කරුණාකරල මේ අයගේ බැංකු ගිණුම් අංකයක් දන්වන්න.. (ස)
කරුණාකර ඔවුන්ගේ ගිනුම් අංක ප්‍රසිද්ද කරන්න.(නදී)
ජනපතිතුමාගේ අවධානය යොමුවේවා (ස).
ලංකාදීපයට හැකිනම් ඒ මහතාගේ ගිණුම් අංකය සහ දුරකථන අංකය නැවත පත්තරේ පල කරන්න (දී)
මේ අයට දුරකතන අංක, බැංකු ගිණුම් අංක නෑ...මේ දුප්පත් අසරණ මිනිස්සුනේ.. ලංකාදීපෙට කතා කරලා එයාලගේ ගෙදර යන්න.. (ස)
මේ දරුවන්ට පිහිට වෙන්න බැරිද අපිට
කනගාටුයි මට
පෙර කල කරුම
කනගාටුයි