IMG-LOGO

2024 ඔක්තෝබර් මස 12 වන සෙනසුරාදා


”දුමින්ද මාසේ අන්තිමට උසාවි එනවා”

සිංගප්පුරුවේ මවුන්ට් එලිසැබෙත් රෝහලේ දී මේ මාසය අවසානයේදී තවත් සැත්කමකට මුහුණ දීමෙන් පසුව නඩුවට පෙනී සිටීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ලංකාවට එතියි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කොළඹ වැඩ බලන මහේස්ත‍්‍රාත් උසාවියට දැන්වීය. මහින්ද රාජපක්‍ෂ ජනපතිවරයාගේ වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජනරාල් භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනකු වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ල අදත් කැඳැවිණි. පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා ඇසුවේ සැකකරුවකු ලෙස නම් කළ දුමින්ද සිල්වා අත්අඩංගුවට ගෙන ඇද්ද යන්නයි. රහස් පොලිසිය කීවේ ඔහුගෙන් කටඋත්තරයක් ලියාගත් බවයි. ඒ ගැන නීතිපති උපදෙස් පතා ඇතැයි ද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය. ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ඉන්ටර්පෝල් පොලිසිය මගින් වරෙන්තුවක් නිකුත් කරන්නැයි වලලියද්ද මහතා ඉල්ලා සිටියේය. අධිකරණයෙන් නියෝගයක් නිකුත් නොකැරිණි. සැකකරුවෝ 16 දෙනා ලබන හතර වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ.



අදහස් (0)

”දුමින්ද මාසේ අන්තිමට උසාවි එනවා”

චානක Wednesday, 22 August 2012 09:42 AM

ඔබට මතක නැති උනාට අද වාගේ මතකයි මට...(ස)

:       0       0

නන්දනී Tuesday, 21 August 2012 09:25 PM

අවහම බලමු (දී)

:       0       0

සරත් Tuesday, 21 August 2012 09:35 PM

වරදක් කළා නම් කවුරු මොනාව කීවත් ස්වභාව ධර්මය දඬුවම් දෙනවා එක ඉතින් ශකරයාටවත් නවත්වන්න බෑ (අ)

:       0       0

හරිත් Wednesday, 22 August 2012 10:23 AM

දැන් ලංකාවේද ඉන්නේ? (දී)

:       0       0

ලලිත් Thursday, 23 August 2012 02:47 AM

ලංකාවට එනකල්ද දැන් කට්ටිය මේ බලන් ඉන්නේ? හික් හික් හී.... (නි)

:       0       0

සමන් Wednesday, 22 August 2012 03:58 PM

ගමක සිරිපාල කෙනෙක් හරි අප්පුහාමි කෙනෙක් හරි ඔය දේ කළානම් මෙලහකට වෙන දේවල් හිතා ගන්න බැහැ. අනේ අපේ රටට ගිය කල! (නි)

:       0       0

සුනිල් Tuesday, 21 August 2012 10:42 PM

අනේ ඉතිං ආවත් වැඩක් තියේයැ? මතක නැහැනේ. පවු නේද? (නි)

:       0       0

අනුර Tuesday, 21 August 2012 10:46 PM

වරදක් කළා නම් කළ පවු කවදා හෝ ගෙවන්නට වේවි. (නි)

:       0       0

අසන්ක Thursday, 23 August 2012 05:27 AM

ප්‍රභාකරන් කිවුවනේ සිංහලයන්ට මතක තියන්නේ සතියයි කියලා. (නි)

:       0       0

ප්‍රසන්න Wednesday, 22 August 2012 04:27 PM

කොහොම වුණත් හිරුණිකා පරෙස්සම් වෙන එක හොදයි. (නි)

:       0       0

ලක්මාල් Tuesday, 21 August 2012 11:01 PM

එතකොට දුමින්දට දැන් සිහිය ඇවිල්ලද? (නි)

:       0       0

බිහදු Wednesday, 22 August 2012 11:21 AM

දැන් සනීපද? (දී)

:       0       0

වසන්ති Wednesday, 22 August 2012 11:25 AM

හොද කල්පනාවෙන්ද ?(දී)

:       0       0

ගිහාන් Tuesday, 21 August 2012 11:17 PM

මම නෙවේයි මම.. (නු)

:       0       0

ප්‍රියන්ත Wednesday, 22 August 2012 04:55 PM

මාර වැඩේ දැන් එතකොට දුමින්දට වෙඩි තිබු කෙනාවත් නඩුවෙදි අහයි නේද (අ)

:       0       0

චන්දිම Wednesday, 22 August 2012 05:05 PM

මේ පින්තූර දැක්කහම මට සිංහබාහු නාටකය මතක් වුණා. ඇයි දන්නේ නැහැ. (නි)

:       0       0

මලිත් Wednesday, 22 August 2012 11:59 AM

දැන් හොද සිහියෙන්ද? (දී)

:       0       0

මධු Wednesday, 22 August 2012 12:12 AM

ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුණා. (නි)

:       0       0

රෝල්වා Wednesday, 22 August 2012 12:24 AM

ලංකාවට එන්න නොලැබේවා! යනු මාගේ ප්‍රාර්ථනයයි. (නි)

:       0       0

පුලස්ති රාජපක්ෂ Wednesday, 22 August 2012 12:52 AM

ඔය මොනවා කිව්වත් දුමින්ද නැවත පාර්ලිමේන්තු එන එකනම් අමතක වෙන්නෙ නැහැ.. හැබැයි මිනිස්සුන්ට භරතට උන දේ නම් අමතක වෙනවා.. (නු)

:       0       0

ගයාන් Thursday, 23 August 2012 09:18 PM

කළකම් පල දේ යම්කිසි දවසක (නි)

:       0       0

Niroshana Had Wednesday, 22 August 2012 01:28 AM

අනේ ඒත් ඉතින් මෙයාට මොකවත් මතක නෑනේ...........

:       0       0

අමිල Wednesday, 22 August 2012 12:27 PM

කවුද මේ? මතක නැහැනේ මට. මොකද කාලයත් එක්ක සේරම අපිට අමතක වෙනවනේ. (නි)

:       0       0

කොඩි Wednesday, 22 August 2012 02:21 AM

එනවා කිව්වට එයිමද? (දී)

:       0       0

දුලන්ති Wednesday, 22 August 2012 02:31 AM

හදිස්සියේ ආයෙ සැත්කමකට ගනීද දන්නෙ නැහැ..!(නු)

:       0       0

Cooray Nawalage Jude Yohan Tuesday, 21 August 2012 06:48 PM

උසාවියට විතරද එන්නෙ.. පාර්ලිමේන්තුවට එන්නෙ නැද්ද?(නු)

:       0       0

කෙවින් Tuesday, 21 August 2012 06:54 PM

දුමින්ද සිල්වාට ඉක්මන් සුව ලැබේවා..! මව්බිමට ඉක්මනට ඒමට ලැබේවා..!!(නු)

:       0       0

අමිල කටුනායක Tuesday, 21 August 2012 06:54 PM

මේ නඩුවෙ හැටියට හිරේ යන්නෙ කවුද?(නු)

:       0       0

සිල්වා Wednesday, 22 August 2012 04:38 AM

ඇත්තටම මොනවද මට මතක‍ (ස)

:       0       0

මොහොමඩ් රිස්වාන් සෞදි අරාබිය Tuesday, 21 August 2012 07:02 PM

මෙච්චර සැත්කම් කරන්න ඔළුවෙ ඉඩ තියෙනවාද මන්දා... 16 දෙනෙක්ම ඉන්නෙ..(නු)

:       0       0

රාවණා Tuesday, 21 August 2012 07:04 PM

උසාවිය මොකද්ද කියලා මතක නැතිව ඇති පව්..!!(නු)

:       0       0

අනුර Tuesday, 21 August 2012 07:06 PM

උසාවියට ඇවිල්ල කියයිද දන්නේ නැහැ මට මතක නැහැ කියලා...!!(නු)

:       0       0

නුවන් Wednesday, 22 August 2012 07:15 AM

එනකොට බලමු (දී)

:       0       0

අනු Wednesday, 22 August 2012 07:25 AM

එනවා.............. කිව්වට එනවමද? (දී)

:       0       0

අනුර Wednesday, 22 August 2012 07:39 AM

එයාට අමතක උනාට අනිත් අයට අමතක වෙලා නැහැනේ. එයාටත් මතක් වෙයි නියමිත දඩුවම ලැබුනොත්. (ස)

:       0       0

දිනේෂ් Tuesday, 21 August 2012 07:18 PM

කෙලින්ම කූඩුවට තමයි දාන්න ඕන..!!(නු)

:       0       0

ඉමන්කා Wednesday, 22 August 2012 07:50 AM

දැන් හොදටම හොදද? (දී)

:       0       0

සිරි පණ්ඩිතගේ Tuesday, 21 August 2012 07:19 PM

දෑස රිදෙනවා පාර බලා ඉඳලා (නු)

:       0       0

කමල් Wednesday, 22 August 2012 08:04 AM

කව්ද අප්පා ඒ ? මට මතක නෑනේ!(ස)

:       0       0

දියෝ Wednesday, 22 August 2012 08:18 AM

සුදු වැන් එකක් එනවද? (දී)

:       0       0

කුරුප්පු Tuesday, 21 August 2012 07:33 PM

මේ වැඩේ ප්‍රමාද වෙන්නේ දොස්තරලා හින්දයි. (නි)

:       0       0

ගයා Tuesday, 21 August 2012 07:33 PM

කොහොමද දන්නේ නැහැ කට උත්තරේ දුන්නේ? (නි)

:       0       0

කෙවින් Tuesday, 21 August 2012 07:36 PM

ආවත් මොනවත්ම මතක නැහැනේ...!!(නු)

:       0       0

අමිල Tuesday, 21 August 2012 07:39 PM

සායි බාබා ගේ මල්ලිත් ඇව්ල්ල (දී)

:       0       0

අජිත් Tuesday, 21 August 2012 07:43 PM

අද මෙයාට මේ දේවල් අමතක වුණාට හෙට දිනයකදී හෝ කවදාහරි දවසක අපායේ යම රජු කවුරුන් හෝ විසින් මේ දේවල් මතක්කර දෙයි. (නි)

:       0       0

ප්‍රියන්ත Tuesday, 21 August 2012 07:47 PM

වැඩක් නැහැ. සියල්ල අමතකයි (දී)

:       0       0

නිමාලි Tuesday, 21 August 2012 08:06 PM

අවොත් හොදයි (දී)

:       0       0

නිරෝෂි Wednesday, 22 August 2012 09:11 AM

නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. හිරුණිකා පවු. (නි)

:       0       0

නිපුන් Wednesday, 22 August 2012 09:09 AM

මොනවා අමතක වුණත් පාර්ලිමේන්තුවට යන පාර කාටවත් අමතක වෙන්නේ නැහැ. (නි)

:       0       0

අසේල Tuesday, 21 August 2012 08:07 PM

අන්තිමට නීතිඥයන්ට හිරේට යන්න වෙයිද දන්නේ නැහැ නේද? (නි)

:       0       0

සිසිර Tuesday, 21 August 2012 08:28 PM

මේ සැත්කමෙන් වත් මතක් වෙයිද (අ)

:       0       0

දුලිප් Wednesday, 22 August 2012 10:35 PM

මට මතක නැහැ. කවුද මේ? (නි)

:       0       0

ෂෙහාන් Tuesday, 21 August 2012 08:50 PM

මතක නෑ අප්පා (අ)

:       0       0

මංජු Tuesday, 21 August 2012 08:52 PM

එන්න පුළුවන් තත්වයක් තියෙනවාද? (දී)

:       0       0

රැජි Tuesday, 21 August 2012 08:52 PM

මාර වැඩේනේ දැන් මතකද? (දී)

:       0       0

නිෂාඩ් ප්‍රීනා Wednesday, 22 August 2012 09:32 AM

දැන් කී දෙනෙක් ලැහැස්ති වෙලා ඉන්නවද දන්නෙ නැහැ මල් මාලා දාලා පිළිගන්න? (නි)

:       0       0

හරිත් Wednesday, 22 August 2012 09:32 AM

එනවා................. ෂුවර්ද? (දී)

:       0       0

ජයන්ත - ඉබ්බාගමුව Tuesday, 21 August 2012 09:06 PM

කුමක්ද සිදු වෙන්නේ? කවුද රැවටෙන්නේ? (නි)

:       0       0

ගුණරත්න Tuesday, 21 August 2012 09:16 PM

ඒ වුණාට එයාට අනිත් ඒවා මතකයි නේ (අ)

:       0       0

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

අපේක්ෂකයින්ගේ නම් හෙට ලංකාදීපයේ
2024 ඔක්තෝබර් මස 11 1650 0

2024 ඉදිරි මහ මැතිවරණයට ඉදිරිපත්වන සියලු අපේක්ෂකයන්ගේ නම් හෙට (12) ලංකාදීප පුවත්පතේ පළ කෙරේ .


ගම්පහට මහ ගංවතුර තත්වයක්
2024 ඔක්තෝබර් මස 11 719 0

දින කිහිපයක සිට පවතින අධික වර්ෂාව හේතුවෙන් අත්තනගලු ඔයෙහි ජල මට්ටම මහ ගංවතුර මට්ටමකට පත්ව ඇති බව ගම්පහ දිස්ත්‍රික් ආපදා කළමනාකරණ නියෝජ්‍ය අධ්‍යක්‍ෂ


පුත්තලමට අපේක්ෂයන් 429ක්
2024 ඔක්තෝබර් මස 11 243 0

පුත්තලම දිස්ත්‍රික්කයෙන් මෙවර පිළිගත් දේශපාලන පක්ෂ 24 ක් හා ස්වාධීන කණ්ඩායම් 15 ක අපේක්ෂකයන් 429 දෙනෙක් තරග බිමට එක්ව සිටිති.


මාතලේට 24ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 344 0

මෙවර මහ මැතිවරණය සදහා මාතලේ දිස්ත්‍රික්කයෙන් පිළිගත් දේශපාලන පක්ෂ 17ක් සහ ස්වාධීන කණ්ඩායම් 07ක් සමග නාම යෝජනා පත්‍ර 24ක් ලැබුණූ බවත් ඉන් එක් පිළිගත් දේශප


නුවරඑළියට 308ක් තරඟ බිමට
2024 ඔක්තෝබර් මස 11 154 0

2024 මහ මැතිවරණය සදහා පිලිගත් දේශපාලන පක්ෂ 20 කින් සහ ස්වාධින කණ්ඩායම් 15 කින් නාම යෝජනා පත්‍ර ඉදිරිපත් කළ බව නුවරඑලිය දිස්ත්‍රික් තේරිම්භාර නිලධාරි නන්දන


වන්නියට කණ්ඩායම් 47ක්
2024 ඔක්තෝබර් මස 11 105 0

වන්නි මැතිවරණ කොට්ඨාසය සඳහා පිළිගත් පක්ෂ සහ ස්වාධීන කණ්ඩායම් 47 තරඟ කිරීම සඳහා සුදුසුකම් ලබා අ‍ැතැයි වන්නි මැතිවරණ කොට්ඨාස තේරීම්භාර නිළධාරි පි.ඒ.සරත්


වැඩි දෙනා කියවූ පුවත්

ප්‍රභූන් පිරිසක් රටින් පිටව යති
2024 සැප්තැම්බර් මස 22 40001 23



අලුත් ජනපති හමුවන්න අමුත්තෙක්
2024 සැප්තැම්බර් මස 22 25943 13


මේවාටත් කැමතිවනු ඇති

දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද? 2024 ඔක්තෝබර් මස 10 227 0
දැරිය හැකි මිලක e-Bike මිලදී ගන්න බැරි වෙයිද?

ඔබ භාවිත කරනුයේ කුඩා යතුරු පැදියක් හෝ අධි සුඛෝපභෝගී මෝටර් රියක් හෝ වේවා එහි බැටරියට හිමිවනුයේ ප‍්‍රධාන අංගයකි. වාහනයක් කරදර වලින් තොරව සිත්සේ භාවිත කර

​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක් 2024 සැප්තැම්බර් මස 21 403 0
​​ ජනපතිවරණ උණුසුම අතරේ Munchee Kome වෙතින් ප්‍රතිඵල අනුමාන කර තෑගි දිනා ගැනීමේ අවස්ථාවක්

ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්

ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක් 2024 සැප්තැම්බර් මස 19 1302 4
ශ්‍රී ලංකාව පුනර්ජනනීය බලශක්තියෙන් තිරසර අනාගතයක් කරා රැගෙන යන්නට සූර්ය හා සුළං බලය යොදා ගැනීමේ යෝජනාවක්

ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල

Our Group Site