සිංගප්පුරුවේ මවුන්ට් එලිසැබෙත් රෝහලේ දී මේ මාසය අවසානයේදී තවත් සැත්කමකට මුහුණ දීමෙන් පසුව නඩුවට පෙනී සිටීම සඳහා පාර්ලිමේන්තු මන්ත‍්‍රී දුමින්ද සිල්වා ලංකාවට එතියි ඔහු වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා කොළඹ වැඩ බලන මහේස්ත‍්‍රාත් උසාවියට දැන්වීය.
මහින්ද රාජපක්‍ෂ ජනපතිවරයාගේ වෘත්තීය සමිති අධ්‍යක්‍ෂ ජනරාල් භාරත ලක්‍ෂ්මන් පේ‍්‍රමචන්ද්‍ර මහතා ඇතුළු සිවු දෙනකු වෙඩි තබා මරා දැමීම සම්බන්ධයෙන් වූ පැමිණිල්ල අදත් කැඳැවිණි.
පේ‍්‍රමචන්ද්‍ර මහතාගේ අයිතිවාසිකම් වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ ටිරන්ත වලලියද්ද මහතා ඇසුවේ සැකකරුවකු ලෙස නම් කළ දුමින්ද සිල්වා අත්අඩංගුවට ගෙන ඇද්ද යන්නයි.
රහස් පොලිසිය කීවේ ඔහුගෙන් කටඋත්තරයක් ලියාගත් බවයි. ඒ ගැන නීතිපති උපදෙස් පතා ඇතැයි ද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
ඔහු අත්අඩංගුවට ගන්නා ලෙස ඉන්ටර්පෝල් පොලිසිය මගින් වරෙන්තුවක් නිකුත් කරන්නැයි වලලියද්ද මහතා ඉල්ලා සිටියේය. අධිකරණයෙන් නියෝගයක් නිකුත් නොකැරිණි. සැකකරුවෝ 16 දෙනා ලබන හතර වැනිදා තෙක් රිමාන්ඞ් කරනු ලැබූහ.

1
ඥානසාර හිමියන්ගේ ජනාධිපති සමාව ශ්‍රේෂ්ඨාධිකරණය බලරහිත කළේ ඇයි?

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එනවා................. ෂුවර්ද? (දී)
ඔය මොනවා කිව්වත් දුමින්ද නැවත පාර්ලිමේන්තු එන එකනම් අමතක වෙන්නෙ නැහැ.. හැබැයි මිනිස්සුන්ට භරතට උන දේ නම් අමතක වෙනවා.. (නු)
අනේ ඒත් ඉතින් මෙයාට මොකවත් මතක නෑනේ...........
එනවා කිව්වට එයිමද? (දී)
හදිස්සියේ ආයෙ සැත්කමකට ගනීද දන්නෙ නැහැ..!(නු)
ඇත්තටම මොනවද මට මතක (ස)
එනකොට බලමු (දී)
එනවා.............. කිව්වට එනවමද? (දී)
එයාට අමතක උනාට අනිත් අයට අමතක වෙලා නැහැනේ. එයාටත් මතක් වෙයි නියමිත දඩුවම ලැබුනොත්. (ස)
දැන් හොදටම හොදද? (දී)
කව්ද අප්පා ඒ ? මට මතක නෑනේ!(ස)
සුදු වැන් එකක් එනවද? (දී)
නඩුත් හාමුදුරුවන්ගේ. බඩුත් හාමුදුරුවන්ගේ. හිරුණිකා පවු. (නි)
මොනවා අමතක වුණත් පාර්ලිමේන්තුවට යන පාර කාටවත් අමතක වෙන්නේ නැහැ. (නි)
දැන් කී දෙනෙක් ලැහැස්ති වෙලා ඉන්නවද දන්නෙ නැහැ මල් මාලා දාලා පිළිගන්න? (නි)
ලංකාවට එන්න නොලැබේවා! යනු මාගේ ප්‍රාර්ථනයයි. (නි)
ඔබට මතක නැති උනාට අද වාගේ මතකයි මට...(ස)
දැන් ලංකාවේද ඉන්නේ? (දී)
දැන් සනීපද? (දී)
හොද කල්පනාවෙන්ද ?(දී)
දැන් හොද සිහියෙන්ද? (දී)
කවුද මේ? මතක නැහැනේ මට. මොකද කාලයත් එක්ක සේරම අපිට අමතක වෙනවනේ. (නි)
ගමක සිරිපාල කෙනෙක් හරි අප්පුහාමි කෙනෙක් හරි ඔය දේ කළානම් මෙලහකට වෙන දේවල් හිතා ගන්න බැහැ. අනේ අපේ රටට ගිය කල! (නි)
කොහොම වුණත් හිරුණිකා පරෙස්සම් වෙන එක හොදයි. (නි)
මාර වැඩේ දැන් එතකොට දුමින්දට වෙඩි තිබු කෙනාවත් නඩුවෙදි අහයි නේද (අ)
මේ පින්තූර දැක්කහම මට සිංහබාහු නාටකය මතක් වුණා. ඇයි දන්නේ නැහැ. (නි)
මට මතක නැහැ. කවුද මේ? (නි)
ලංකාවට එනකල්ද දැන් කට්ටිය මේ බලන් ඉන්නේ? හික් හික් හී.... (නි)
ප්‍රභාකරන් කිවුවනේ සිංහලයන්ට මතක තියන්නේ සතියයි කියලා. (නි)
කළකම් පල දේ යම්කිසි දවසක (නි)
අන්තිමට නීතිඥයන්ට හිරේට යන්න වෙයිද දන්නේ නැහැ නේද? (නි)
දුමින්ද සිල්වාට ඉක්මන් සුව ලැබේවා..! මව්බිමට ඉක්මනට ඒමට ලැබේවා..!!(නු)
මේ නඩුවෙ හැටියට හිරේ යන්නෙ කවුද?(නු)
මෙච්චර සැත්කම් කරන්න ඔළුවෙ ඉඩ තියෙනවාද මන්දා... 16 දෙනෙක්ම ඉන්නෙ..(නු)
උසාවිය මොකද්ද කියලා මතක නැතිව ඇති පව්..!!(නු)
උසාවියට ඇවිල්ල කියයිද දන්නේ නැහැ මට මතක නැහැ කියලා...!!(නු)
කෙලින්ම කූඩුවට තමයි දාන්න ඕන..!!(නු)
දෑස රිදෙනවා පාර බලා ඉඳලා (නු)
මේ වැඩේ ප්‍රමාද වෙන්නේ දොස්තරලා හින්දයි. (නි)
කොහොමද දන්නේ නැහැ කට උත්තරේ දුන්නේ? (නි)
ආවත් මොනවත්ම මතක නැහැනේ...!!(නු)
සායි බාබා ගේ මල්ලිත් ඇව්ල්ල (දී)
අද මෙයාට මේ දේවල් අමතක වුණාට හෙට දිනයකදී හෝ කවදාහරි දවසක අපායේ යම රජු කවුරුන් හෝ විසින් මේ දේවල් මතක්කර දෙයි. (නි)
වැඩක් නැහැ. සියල්ල අමතකයි (දී)
අවොත් හොදයි (දී)
උසාවියට විතරද එන්නෙ.. පාර්ලිමේන්තුවට එන්නෙ නැද්ද?(නු)
මේ සැත්කමෙන් වත් මතක් වෙයිද (අ)
මතක නෑ අප්පා (අ)
එන්න පුළුවන් තත්වයක් තියෙනවාද? (දී)
මාර වැඩේනේ දැන් මතකද? (දී)
කුමක්ද සිදු වෙන්නේ? කවුද රැවටෙන්නේ? (නි)
ඒ වුණාට එයාට අනිත් ඒවා මතකයි නේ (අ)
අවහම බලමු (දී)
වරදක් කළා නම් කවුරු මොනාව කීවත් ස්වභාව ධර්මය දඬුවම් දෙනවා එක ඉතින් ශකරයාටවත් නවත්වන්න බෑ (අ)
අනේ ඉතිං ආවත් වැඩක් තියේයැ? මතක නැහැනේ. පවු නේද? (නි)
වරදක් කළා නම් කළ පවු කවදා හෝ ගෙවන්නට වේවි. (නි)
එතකොට දුමින්දට දැන් සිහිය ඇවිල්ලද? (නි)
මම නෙවේයි මම.. (නු)
ඔබ මතක නැති කරන්නට මට මතක නැති වුණා. (නි)