භාරත ලක්ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඝාතනයේ සැකකරුවකු වන පාර්ලිමේන්තු මන්ත්‍රී දුමින්ද සිල්වාට සිංගප්පූරුවේ මවුන්ට් එළිසබෙත් රෝහලේ වෛද්‍ය සායනයකට යෑම සඳහා මෝසමක් මගින් කළ ඉල්ලීම කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (28) ඉවත දැමීය.
සායනයකට සහභාගී වෙන්නැයි දුමින්ද සිල්වාට සැත්කම කළ වෛද්‍යවරයා දන්වා ඇති හෙයින් දෙසතියකට ඔහුගේ විදෙස් ගමන් බලපත්‍රය මුදා හරින්නැයි ඔහුගේ නීතීඥවරු අධිකරණයෙන් ඉල්ලා සිටියහ.
මහේස්ත්‍රාත්වරයා පැවසුවේ කරුණු දෙකක් මත එම ඉල්ලීමට ඉඩ දිය නොහැකි බවයි.
මහාධිකරණයෙන් දුමින්ද සිල්වාට ඇප නියම කිරීම එක් හේතුවකි.
සායනයකට සහභාගී වීම සඳහා ඉල්ලීම කළත් ප්‍රමාණවත් වෛද්‍ය සාක්කි ඉදිරිපත් නොකිරීම අනෙක් හේතුව බව මහේස්ත්‍රාත්වරයා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සින්ගපුරු යන්නේ මොකටද? ලංකාවේ දොස්තරලා නැතුවද? මම මේ මඩ ගහන්න කියනවා නෙමෙයි. කවුද මේකට වියදම දරන්නේ? මෙතුමාගේ වත්කම් හොයලා බැලුවොත් නරකද? (නි)
මෙන්න ආශ්චර්යය.(නදී)
මට පිස්සු වගේ මේවා අහලා.(නදී)
හොඳ තීන්දුවක් ... (නි)
ඔච්චර ඒවා දුන්න එකේ ඕකත් දුන්නා නම් හරි කියලයි මම නම් කියන්නේ. (නි)
අනේ පවු (නි)
ඒවා කොහෙද? මමත් බලාගෙන ඉන්නේ මෙයා කොහෙද යන්නේ කියලා. (නි)
අනේ මේ කිසි දෙයක් මතක නැති අහිංසකයට විඳින්න වෙලා තියෙන දුක. ඔන්න ඔහේ නිදහස් කරලම ඇරිය නම්. (නි)
අපේ දුමින්ද මන්ත්‍රී උතුමාණන්ට මඩ ගහන්න එපා. එතුමා 100% නිර්දෝෂයි. කුහක ඉරිසියාකාරයෝ එතුමාගේ පිවිතුරු චරිතය කිළුටු කරන්න හදනවා. එතුමා මඩෙන් උඩට ආපු නෙළුමක් වගේ තාමත් දසත සුවද හමනවා. (නි)
මට මතක නැහැ. අසනීප ඇති පවු මෙයා. (නි)
අයියෝ සල්ලි
මොකද්ද ඒ පාර
දුමින්දට මතක නැතිවෙලා වගේ, නඩුවක් තියෙනවා කියලා. (නි)
දැනටමත් එය සින්ගප්පුරුවේ සායනයේද දන්නෙ නැහැ (නි)
පස්සේ බලමු
මොන ඉල්ලීම්ද මට මතක නැහැනේ
මොකද එහෙ යන්නේ? එයා සනීප වුණේ නවලෝක දේවාලෙන්නේ (නි)
ලොකු ලොකු අය ඉසේ රදයටත් රට යන්නේ බෙහෙත් ගන්න. මෙය ලංකාවේ දේශපාලනයේ එකතරා කොටසක් පමණි (නි)
සිංගප්පුරු යන්නේ ලංකාව එයාට අල්ලන්නේ නැතුව වෙන්න ඇති. (නි)
මට නම් දුකත් හිතෙනවා
එයාට යන්න දෙන්න. නැත්නම් සින්ගප්පුරුවේ වෛද්‍යවරු ලංකාවට ගෙන්වා ගනීවි. (නි)
ගියාට පස්සේ ගමන් බලපත්‍රය අහෝසි කළා නම් තම ගොඩක්ම වටින්නේ (නි)
අනේ ඔන්න ඔහෙ යන දිහාක යන්න කියන්න අපිට වෙන වෑඩ නෑනෙ මේව බල බල ඉන්න.(නදී)
දැන් ගුවන් ගමන් ස්ථිර කරලා ඇති.(නදී)
තවත් නාටකයක්. කාවද මේ අන්දන්න හදන්නේ
පහුගිය දිනවල පාරේ පෙළපාලි ගියා ,මොන සායනද ඔය බොරු කියන්නේ.(නදී)
විනිසුරුතුමාට මගේ ප්‍රණාමය (නි)
විශේෂ දෙයක් නැහැ. තව ටික දවසින් 11 වැනි සැකකරු නිදහස් වේවි. (නි)
මෙයාට යන්න දෙන්න, ආයේ එන්න එපා කියන්න. (නි)
එයා පැනල යනවා නම් ඔතනට ඒවියෑ? (නි)
අධිකරණයේ ගෞරවය රැකෙනවා නිර්භීත අපක්ෂපාතී විනිසුරුතුමන්ලා නිසා. (නි)
ලංකාව හොද නැද්ද? (නි)
මොනවා? මේක හැබෑවක්ද?(නදී)
එහෙම කොහොමද? එයාට යන්න දෙන්න. එයා පව්. (නි)
මතක නැහැ මට
ඔය ඉල්ලීමට ඉඩ දෙන්න වෙනවා. අපි බලමුකෝ (නි)
තව කුඩු ලෝඩ් එකක් අරගෙන එන්න වෙන්නැති. තව ටික දවසකින් යස අගේට අහලවත් එක්ක සිංගප්පූර් යනවා දකින්න ලැබෙයි. ඒක නවත්වන්න උසාවියට බැරි වෙයි. මේවා තමයි හොදම විහිලු?(නදී)
හැම දාම අහනවා වගේ , මේ මෙගාවට තව කෑලි කීයක් තියනවද? (නදී)
ඕක තාවකාලිකයි. මේ නූතන ශ්‍රී ලංකාවයි. (නදී)
දැන් පහුගිය කලේ කතා කල අයට අලුතෙන් කතා හදන්න වේවි වගේ.(නදී)
සුදු හුනු ටිකක ගාගත්තා වගේ. කුනු පැල්ලම් ටික පොඩ්ඩක් වැහිලා ගියා වගේ සංසාරේ හැටි. අනේ තාම මම නොදනිමි.(නදී)
මෙතුමා කුඩු බොන්නෙත් නැහැ, කුඩු බොන්න කිව්වෙත් නැහැ, බලෙන් කුඩු පෙව්වෙත් නැහැ. කුඩු බොනවාට මෙතුමා මොනවා කරන්නද? කුඩු බොන අයට නවත්වන්න කියමු.(නදී)