ශ්‍රී ලංකාවේ හා භාරතයේ බෞද්ධ පුනරුදයේ මහා නියමුවකු වූ අනගාරික ධර්මපාල තුමන්ගේ 150 වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් අනගාරික ධර්මපාල භාරය විසින් සංවිධානය කැරුණු සාංඝික දානයක් කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ දී ඊයේ (17) පැවැත්විණි.
එම භාරය ධර්මපාලතුමන් විසින් පිහිටුවන ලද්දේ එතුමන්ගේ ජාතික මෙහෙවර ඉදිරියට ගෙන යෑම සඳහා ය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයය පිහිටවීමට මූලික වූ විද්‍යෝදය පිරිවෙන බෞද්ධාගමික මධ්‍යස්ථානයක් ලෙස පිහිටුවීමට මුල් වූයේ ද ධර්මපාලතුමාය.
කොළඹ නිදහස් මන්දිරයේ මෙන්ම දිවයිනේ බොහෝ ස්ථානවල ධර්මපාල තුමන් අනුස්මරණය කිරීමේ පින්කම් පැවැත්විණි.
නිදහස් මන්දිරයේ උත්සවයට ත්‍රෛිනිකායික මහා සංඝරත්නය වැඩම කර සිටියහ. ප්‍රධාන ආරාධිතයා වූ මහින්ද රාජපක්ෂ ජනපති දම්පල් සමරුව මලින් සැරසීය.
ඡායාරූප සුදත් සිල්වා
ෂෙල්ටන් හෙට්ටිආරච්චි(නුවරඑළිය)
තිලිණි රණසිංහ(නාරම්මල)
අද (29) සිට පෘථිවියට නව සඳක් එසේත් නැතිනම් චන්ද්‍රයෙක් එක්වෙනු ඇති බවට තාරකා විද්‍යාඥයෝ පැහැදිලි කරති. මෙම නව සඳ කුඩා ග්‍රහකයකි.
ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස සනත් ජයසූරිය මහතා වසර කාලයක් සඳහා පත්කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය තීරණය කර තිබේ.
මුහුණු ආවරණය කරගෙන යතුරුපැදි දෙකකින් පැමිණි හතර දෙනකුගෙන් යුත් කඩු කල්ලියක් යාපනය, මනියම්තෝට්ටේ ප්‍රදේශයේදී බස් හිමියකු කඩුවලින් කපා කොටා පලාගොස් ඇ
ජනපතිවරණයේදී රනිල් වික්‍රමසිංහ මහතාට සහාය දුන් සියලු බලවේග ඒකරාශී කර ගනිමින් ඒකාබද්ධ පුළුල් සන්ධානයක් හදා මහ මැතිවරණයේදී ප්‍රබල විපක්ෂයක් ගොඩනඟන බ
ප්‍රභූ ආරක්ෂාව සදහා යොදවා සිටි පොලිස් නිලධාරීන් 1000 කට වැඩි පිරිසක් දිවයිනපුරා පිහිටි පොලිස් ස්ථානවලට තව දින දෙක තුනක් ඇතුළත අනුයුක්ත කරන බව පොලිස් මූල
පෙර පාසල් යාම ප්‍රතික්ෂේප කළ බව කියන පස් හැවිරිදි දැරියකට හැන්දක් රත්කොට ශරීරයේ හතර පොලක් පිලිස්සු බව කියන මවක මහනුවර කොට්ඨාශ ළමා හා කාන්තා කාර්යංශය ම
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
දම්පල් මෙහෙවර සැමරේ
සේනක ද සොයිසා සිරිවර්ධන Thursday, 18 September 2014 09:30 AM
ලංකාවේ අපේ ජනතාවගේ යම් පිරිහීමක් මේ ප්‍රවෘත්තියට ප්‍රතිචාර දැක්වූ විදිහෙන්ම පෙනෙනවා. (නි)
රත්න Wednesday, 17 September 2014 11:31 AM
ශ්‍රීමත් අනගාරික මේ ශ්‍රේෂ්ඨ මහා පින්වතාණන් ලංකාවේ එදා පහළ නොවුනා නම්, අපට අද බුදුන්වහන්සේගේ අභිමානය දැකිය නොහැකියි. ලෝක බෞද්ධ උරුමය අහිමි වෙනවා. (දිල්)
අමා Wednesday, 17 September 2014 12:09 PM
පිදිය යුතු උතුම් අය පිදිය යුතුමය ,ඔබ තුමා මතුවද මේ ලක්දෙරණේ බෞද්ධයෙක්ම වී ඉපදේවා ...........තෙරුවන් සරණ ලැබේවා. (ස)
නිමල්ලාලිත Thursday, 18 September 2014 03:07 AM
මෙයට සහබාගි වූ අයගෙන් කි දෙනෙකු නියම විදිහට මේ රටේ සිංහල බොදු අයිතිය රකිනවාද? ධර්මපාල තුමාගේ ප්‍රති පත්ති හරියට අනුගමනය කළා නම් මේ රටේ සිංහල කමට බොදු අයිතියට මෙසේ විපත්ති සිදු වේවිද ? හොඳින් සිතා බලන්න. (ස)
සාරා Wednesday, 17 September 2014 01:01 PM
ධර්මපාලතුමා කියූ දේවල් අද සනාථ වෙනවා .නිදා සිටිනවුන් අවදිකරවන්නට එතුමා වැඩ කළේ අවුරුදු සියයකටත් කලින්(දිල්)
ගයාන් Thursday, 18 September 2014 03:11 AM
මේ අපේ රොකී මහත්තයා වගේ කට්ටිය එදත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉඳීවි. (නි)
රොකී Wednesday, 17 September 2014 02:59 PM
අනගාරික ධර්මපාලතුමා හරි හැටි හඳුනා ගැනීම සඳහා 1906 වසරේ පලවූ "අනගාරික අර්බුදය - සරසවි සඳරැස ලිපි පෙළ" - සොයාගෙන කියවන්න. එවිට ඔබ වෙනත් ධර්මපාල කෙනෙකු දකිනු ඇත! (අ)
සීලා Wednesday, 17 September 2014 05:50 PM
රොනී, මටත් කුකුසක් තිබෙනවා මේ මතවාද ගැන. කරුණාකරලා කියන්න අර කියූ ලිපිය කොහොමද හොයාගන්නේ කියලා (නි)
සේනක ද සොයිසා සිරිවර්ධන Thursday, 18 September 2014 04:42 AM
ධර්මපාල තුමා පරිසමාප්තර්තයෙන් උතුම් චරිතවත් පාරමී දහම් පිරු බෝසතානෝමයි. උන්වහන්සේ දේශදේශාන්තර හි ලංකා මාතාවගේ ගරු නම්බු නාම්ය ඔපවත් කරනු පිණිස අප්‍රතිහත ධෛර්යයෙන්ම ක්‍රියා කල සේක. (ස)
රොකී Thursday, 18 September 2014 04:32 PM
සේනක ද සොයිසා සිරිවර්ධන, බුද්ධාගම ගැන ප්‍රබෝධයක් එංගලන්තයේ ඇතිවුණේ එඩ්වින් ආර්නෝල්ඩ්ගේ "ලයිට් ඔෆ් ඒෂියා" පළවුණාට පස්සේ. කරුණු නොදැන කතාකරන්න එපා. (නි)
සේනක ද සොයිසා සිරිවර්ධන Thursday, 18 September 2014 06:07 AM
අනගාරික ධර්මපාල මෙතුමාණෝ නොහිටින්න මේ වනවිට ලංකාවේද බුදුදහම දියවී ගොස් හමාර වී ඇතියි යනු මගේ සාධාරණ පෞද්ගලික මතයයි. අපේ සමහර ජනයා එදත් එතමව අමතක කළා. අදත් සමහරුන්ට මතක් වෙන්නේ නැහැ, එතුමා ඉන්දියාවේ බෞද්ධ උරුමය නඟාසිටුවනත්, ඇමරිකාව, එංගලන්තය, යුරෝපයේ සාර්ථකව බුදුදහම ව්‍යාප්ත කළා. (දිල්)