ශ්‍රී ලංකාවේ හා භාරතයේ බෞද්ධ පුනරුදයේ මහා නියමුවකු වූ අනගාරික ධර්මපාල තුමන්ගේ 150 වැනි ජන්ම සංවත්සරය නිමිත්තෙන් අනගාරික ධර්මපාල භාරය විසින් සංවිධානය කැරුණු සාංඝික දානයක් කොළඹ මාලිගාකන්ද විද්‍යෝදය පිරිවෙනේ දී ඊයේ (17) පැවැත්විණි.
එම භාරය ධර්මපාලතුමන් විසින් පිහිටුවන ලද්දේ එතුමන්ගේ ජාතික මෙහෙවර ඉදිරියට ගෙන යෑම සඳහා ය.
ශ්‍රී ජයවර්ධනපුර විශ්ව විද්‍යාලයය පිහිටවීමට මූලික වූ විද්‍යෝදය පිරිවෙන බෞද්ධාගමික මධ්‍යස්ථානයක් ලෙස පිහිටුවීමට මුල් වූයේ ද ධර්මපාලතුමාය.
කොළඹ නිදහස් මන්දිරයේ මෙන්ම දිවයිනේ බොහෝ ස්ථානවල ධර්මපාල තුමන් අනුස්මරණය කිරීමේ පින්කම් පැවැත්විණි.
නිදහස් මන්දිරයේ උත්සවයට ත්‍රෛිනිකායික මහා සංඝරත්නය වැඩම කර සිටියහ. ප්‍රධාන ආරාධිතයා වූ මහින්ද රාජපක්ෂ ජනපති දම්පල් සමරුව මලින් සැරසීය.
ඡායාරූප සුදත් සිල්වා
ෂෙල්ටන් හෙට්ටිආරච්චි(නුවරඑළිය)
තිලිණි රණසිංහ(නාරම්මල)













COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ශ්‍රීමත් අනගාරික මේ ශ්‍රේෂ්ඨ මහා පින්වතාණන් ලංකාවේ එදා පහළ නොවුනා නම්, අපට අද බුදුන්වහන්සේගේ අභිමානය දැකිය නොහැකියි. ලෝක බෞද්ධ උරුමය අහිමි වෙනවා. (දිල්)
පිදිය යුතු උතුම් අය පිදිය යුතුමය ,ඔබ තුමා මතුවද මේ ලක්දෙරණේ බෞද්ධයෙක්ම වී ඉපදේවා ...........තෙරුවන් සරණ ලැබේවා. (ස)
ධර්මපාලතුමා කියූ දේවල් අද සනාථ වෙනවා .නිදා සිටිනවුන් අවදිකරවන්නට එතුමා වැඩ කළේ අවුරුදු සියයකටත් කලින්(දිල්)
අනගාරික ධර්මපාලතුමා හරි හැටි හඳුනා ගැනීම සඳහා 1906 වසරේ පලවූ "අනගාරික අර්බුදය - සරසවි සඳරැස ලිපි පෙළ" - සොයාගෙන කියවන්න. එවිට ඔබ වෙනත් ධර්මපාල කෙනෙකු දකිනු ඇත! (අ)
රොනී, මටත් කුකුසක් තිබෙනවා මේ මතවාද ගැන. කරුණාකරලා කියන්න අර කියූ ලිපිය කොහොමද හොයාගන්නේ කියලා (නි)
මෙයට සහබාගි වූ අයගෙන් කි දෙනෙකු නියම විදිහට මේ රටේ සිංහල බොදු අයිතිය රකිනවාද? ධර්මපාල තුමාගේ ප්‍රති පත්ති හරියට අනුගමනය කළා නම් මේ රටේ සිංහල කමට බොදු අයිතියට මෙසේ විපත්ති සිදු වේවිද ? හොඳින් සිතා බලන්න. (ස)
මේ අපේ රොකී මහත්තයා වගේ කට්ටිය එදත් හිටියා, අදත් ඉන්නවා, හෙටත් ඉඳීවි. (නි)
ධර්මපාල තුමා පරිසමාප්තර්තයෙන් උතුම් චරිතවත් පාරමී දහම් පිරු බෝසතානෝමයි. උන්වහන්සේ දේශදේශාන්තර හි ලංකා මාතාවගේ ගරු නම්බු නාම්ය ඔපවත් කරනු පිණිස අප්‍රතිහත ධෛර්යයෙන්ම ක්‍රියා කල සේක. (ස)
අනගාරික ධර්මපාල මෙතුමාණෝ නොහිටින්න මේ වනවිට ලංකාවේද බුදුදහම දියවී ගොස් හමාර වී ඇතියි යනු මගේ සාධාරණ පෞද්ගලික මතයයි. අපේ සමහර ජනයා එදත් එතමව අමතක කළා. අදත් සමහරුන්ට මතක් වෙන්නේ නැහැ, එතුමා ඉන්දියාවේ බෞද්ධ උරුමය නඟාසිටුවනත්, ඇමරිකාව, එංගලන්තය, යුරෝපයේ සාර්ථකව බුදුදහම ව්‍යාප්ත කළා. (දිල්)
ලංකාවේ අපේ ජනතාවගේ යම් පිරිහීමක් මේ ප්‍රවෘත්තියට ප්‍රතිචාර දැක්වූ විදිහෙන්ම පෙනෙනවා. (නි)
සේනක ද සොයිසා සිරිවර්ධන, බුද්ධාගම ගැන ප්‍රබෝධයක් එංගලන්තයේ ඇතිවුණේ එඩ්වින් ආර්නෝල්ඩ්ගේ "ලයිට් ඔෆ් ඒෂියා" පළවුණාට පස්සේ. කරුණු නොදැන කතාකරන්න එපා. (නි)